04/05/2026
Random suggest උන post එකක් හොදින් කියවල බලන්න,ඇත්තටම මේ පීඩනයෙන් චීනෙට එන student ල හුගක් නිදහස්.ඔයාට හම්බෙන අවස්තාවෙන් හොදට ප්‍රයෝජන ගන්න 😊🇨🇳
Student visa වල අදුරු පැතිකඩ
Agency වලින් නොකියන අදුරු වටපිටාව මොනවගේද කියන එක මම ඔයාලත් එක්ක මේ වෙලාවේ බෙදාගන්න කැමති
මුලින්ම මම කියන්නම් මෙහෙට එන්න ඔබට යන වියදම ගැන
සාමාන්‍යයෙන් ලක්ෂ 25 ක් වගේ මුදලක් ඔබට වැය වෙන්න පුලුවන්
එය ඔබ තෝරාගන්න ඒජන්සි එක මත වෙනස්වන දෙයක්
ඒ වගේම ඔයා තොරාගන්න උපාධි පාඨමාලාව අනුව මෙය වෙනස්කම් වලට ලක්වෙන්න පුලුවන්
සාමාන්‍යයෙන් ඔබගේ තෝරාගැනීම මත ඔබගේ පාඨමාලා ගාස්තුවද ඇතුලත්ව ඒජන්සියට ගෙවිය යුතු මුදල ලක්ශ .15-25 සීමාව වගේ වෙනවා
නමුත් ඔබ එය තනිව සිදුකරනවා නම් එය ලක්ශ 8ක් වගේ මුදලකට කරගන්න පුලුවන්
මේ මුදලට අමතරව ඔබට
ගුවන් ටිකට්පත්
ඔබගේ ගමන්මලු
ඔබගේ රැගෙන එන දේවල් වලට තවත් ලක්ශ 3 ක වගේ මුදලක් වියදම් වෙනවා
ඒ වගේම තමයි විශ්ව විද්‍යාල නේවාසිකාගාර නොලැබෙනවා නම් ඒ සදහා ඔබට තනි කාමරයක් වෙන්කරගැනීම සදහා ගෙවිය යුතු තැන්පතු මුදල මාන් 50-100 අතර වෙනවා.මේ අවම ගාස්තුව.බොහො තැන්වල දැන් 50ට ගන්න බැරි තරම්.අවමය මාන් 100 මේ දිනවල වොන් අගයට අනුව එක්ලක්ශ පහලොස්දහසක මුදලක් තැන්පතු මුදල තැබිය යුතුයි.
එමෙන්ම ඔබ වෙන්කර ගන්න දිනයේදිම මුල් මාසයේ ගාස්තුව ගෙවිය යුතුයි.අවමය මාන් 25ක් වගේ මාසයට ගෙවන්න ඕනි.එය ලංකාවේ මුදලින් රුපියල් 52000 ක වගේ මුදලක්.මෙය සමහර විට මාන් 35ක් වුවහොත් ලංකාවේ මුදලින් රුපියල් 72000ක් වගේ මුදලක් ගෙවන්න ඕනි.
සෑම මසකම නියමිත දිනට මෙම ගාස්තුව ගෙවිය යුතුමයි
මීට අමතරම
ගෑස් බිල
විදුලි බිල
රූපවාහිනි බිල
නඩත්තු බිල (ක්වල්ලිපිය)
රක්ෂණ ආවරණය ගෙවන්න සිදු වෙනවා
ශීත කාලයේදි මගේ ගෑස් බිල සෑම මසකම
මාන් 10-15 ක් අතර ආවා.එය ලංකාවේ මුදලින් රුපියල් 32000ක් පමණ
විදුලි බිල මාන් 1.5ත් 2 ත් අතර ලංකාවේ මුදලින් රුපියල් 3500-4000
රූපවාහිනි බිල චොනම් 5 ක් ලංකාවේ
මුදලින් රුපියල් 1100 ක් විතර
නඩත්තු බිල මාන් 3ක් සහ චොනම් 8ක් ලංකාවේ මුදලින් රුපියල් 8000ක් විතර
රක්ශණ ආවරණය මාන් 8ක් ලංකාවේ මුදලින් රුපියල් 17000 ක් පමණ
බස් වියදම- දිනපතා මට චොනම් 4ක් වියදම් වෙනවා.ලංකාවේ මුදලින් රුපියල් 800ක මුදලක්.මාසිකම දිනපතා මම රැකියාවට යනවා නම් සහ විශ්ව විද්‍යාල වැඩකටයුතු වලට යනවා නම් රුපියල් 24000 ක් මාසික බස් ගාස්තුව
ඒ වගේම කෑමවලට අවම වශයෙන් වියදම් කරනවා නම් මන් 15 ක් වගේ ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 30000 ක් පමණ
මේ සියලුම වියදම් එකතු උනාම මම මාසිකව කොරියාවේ ජිවත් වෙන්න සම්පූර්ණ වශයෙන් එක්ලක්ශ හැත්තෑදහසක මුදලක් වියදම් වෙනවා
සීත කාලය අවසන් වීමෙන් පසුව ගෑස් බිල මාන් 3 ක් වගේ එන්නේ.ඒ කාලයේදි නම් මේ මුදලින් රුපියල් 24000 ක් විතර අඩු වෙනවා.මොකද හීටර්ස් වැඩිපුර භාවිත නොකරන නිසා.ඒත් මාසික වියදම දල වශයෙන් එක්ලක්ශ පනස්දහසක්
🥰මෙය ඔබ කරන රැකියාව අනුව වෙනස් වෙන්න් පුලුවන්
ඔබ ඉන්නේ රැකියාව කරන තැන නම් බස් වියදම අදාලා නෑ.ඒ වගේම ඔබගේ ගෑස් බිල ගොඩාක් අඩු වෙනවා.නමුත් ඔබ රැකියාව කරන තැන සිටියත් අනිකුත් සියලුම බිල් ගෙවිය යුතුයි ඔබට රැකියා ස්ථානයේ ලිපිනය immigration එකට දෙන්න බෑ.ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක් නිසා.කුමන තත්වයක් උවත් ඔබට ලක්ශයක් ලක්ශ එකහාමරාක් අතර වියදමක් මාසිකව දැරීමට සිදු වෙනවා
🥰හොදින් මතක තබාගන්න මේ ඔබගේ සරලම මූලික අවශ්‍යතා සදහා පමණයි.
🥰ඔබ ඇදුම්වලට ඔබගේ අනෙකුත් දේවල් වලට උදාහරණයක් විදියට ඔබ විනෝදාස්වාදය සදහා යන ගමන් බිමන් ගැහැණු ලමයෙක් නම් මේකප් බඩු ඒ වගේම සනීපාරක්ෂක භාණ්ඩ.විශේශයෙන්ම පිරිමි
ළමයි ඔවුන්ගේ මත්පැන් සහ සිගරැට්වලට විශාල ලෙස මෙහෙදි වියද කරනවා
🥰ඒ වගේම ඔබ වාහනයක් අරගන්නවා නම් ඒවාගේ රක්ශණ නඩත්තු වියදම තෙල් වියදම මේ දේවල් වෙන වෙනම ගෙවන්න ඕනි
🥰මේ සියලුම දේවල් එකතු උනාම ලක්ශ 2 ක්
කිට්ටු වෙන්න යනවා අපි
හොදින් ජීවත් වෙනවා නම්.හොදින් කිව්වේ luxurious life එකක් නෙමේ.
🥰සැප විදින්න බලාගෙන දුක් විදින්න බැරි කිසිම කෙනෙක් මෙහේ එන්න එපා
අනිත් දේ තමයි මෙහේ ශිෂ්‍ය වීසාවලට රැකියා ඉතාමත් අඩුයි.නීතිමය විදියට මාසටර්ස් කරන කෙනෙක්ට සතියට පැය 30ක් වගේ තමයි වැඩ කරන්න අවසර තියෙන්නේ.මේ වැඩ කරන්න පුලුවන් සීමිත තැන්වල
විතරයි.උදාහරණයක් විදියට ආපනශාලා ,මූල්‍ය ආයතන,සේවා අංශයේ පමණයි.කර්මාන්ත ශාලා සහ වගාවන්වල වැඩ කරන එක 100%. නීති විරෝධි.
🥰නමුත් හොරෙන් වැඩ කරනවා.අහු උනොත් පළවෙනි වතාවෙම
මාන් 200කට ආසන්න මුදලක දඩයකයට යටත් වෙනවා.දෙවෙනි වතාවේ පිටුවහල් කරනවා
🥰කොයිම විදියට වැඩ කරත් මාසේ ආදායම ගන්න පුලුවන් මාන් 250ක් වගේ.උපරිමම උනොත් 280 ක්
🥰හැබැයි බොහෝ අය ගන්නේ මාන් 200ක් හො ඊට අඩු මුදලක් අවමය
🥰මේ මුදල්වලින් ගන්නවා නම් ලක්ශ 4ත් ලක්ෂ 5හ මාරක් වගේ මුදලක් තමයි ගන්න පුලුවන්
🥰මම මාසෙට ලක්ශ 4ක් රුපියල් 20000ක් ගන්නවා
🥰ඔක්කොම වියදම ඇරුනම මට ලක්ෂ 2හා මාරක් වගේ ඉතුරු වෙනවා
🥰මාස6කට වරක් කැම්පස් එකට ලක්ශ 6ක් ගෙවන්න ඕනි
🥰සමහර මාසවල රැකියාව නැතුව ගෙදර ඉන්නවා එතකොට හම්බ කරන එක මෙහෙටම දිලා
ලංකවේ තව ණයත් වෙනවා
🥰මෙහේ ඇවිල්ලා අවුරුද්ද පහු වෙලත් ජොබ් නැතුව ඉදලා
හිටලා පාර්ට් ටයිම්
කරන අය ඉන්නේ
🥰බොහෝ දෙනාගේ ඉරණම මේක.මේ අතර එක දිගටම රැකියාව කරන ගේමක් ගහන කෙනෙක් ඉන්න පුලුවන් .ඒක ඒ කෙනාගේ දක්ශතාවය හෝ වාසනාව ලැබීම
🥰මේ මන් කියන දේ නිසා මෙහේ ගොඩ දෙනෙක් අසරණ වෙලා
ඉන්නේ
D4 කොරියන් බාශාව හදාරන අයගේ තත්වය මීට වඩා ද.රු.නුයි.එයාලා සතියේ දින .5ම විශ්ව විද්‍යාලවලට යන්න ඕනි.රැකියා නැතුව අසීමාන්තික විදියට දුක් විදිනවා.
🥰මෙහෙට එනවා නම් හිතලා බලලා එන්න.මගේ මතය අනුවා නම් ඔයා ලංකාවේ දෙයක් කරන්න මේ වියදම්
කරන සල්ලින්වලින්.ලක්ශ 2ක් ආදායම ගන්න ඕනි තරම්
ක්‍රම තියෙනවා.ඔයා රැකියාවක් තියෙන කෙමෙක් නම් ඒවා දාලා එන්න එපා.පස්සේ විදවන්න වෙනවා.
🥰හැරෙන්න සහ මැරෙන්න බැරිකමට මෙහේ ඉන්නවා
🥰skill එක්ක හදන් වෙන රටකට යන්න බලන්න
මෙහේ තියෙන වැඩ ධාරිතාව එක්ක් මනස සහ ශරිරය ලෙඩ වෙනවා
🥰English වලට තැන මෙහේ නෑ.භාෂාව තියෙනවා නම්
පොඩි හරි දෙයක් කරගන්න පුලුවන් .අඩුපාඩුවක් නැත්තම් student වීසා මෙහේ එන් එපා.මේ රට එහෙම ජීවත් වෙන්න සුවපහසු රටක් නෙමේ
🥰අනිත් එක දරුවෝ ලැබුනම
එයාලට කොරියන් ඉගෙන ගන්න වෙන්නේ.දරුවගේ අනාගතයක් ගැන කවදම හරි හිතන්නම්
ඕනි
🥰මම හොදටම ගට්ස් අරන් වැඩ කරන කෙනෙක් .ඒත් මෙහේ අමාරුයි.ඔප්ශන් එකක් තියෙනවා නම් මෙහේ එන්නම
එපා.මම ඉන්නේ හැරෙන්න බැරි සීමාවක.ඒ නිසා අදටත් විදවගෙන ඉන්නවා.හොදට හිතලා එන්න තීරණය කරන්න
කොරියාව කියන්නේ දුකක්.කීපදෙනෙක්ට ඇරෙන්න.
🥰හස්බන් හිටියත් එයා හම්බ කරන එකත් විනාස වෙනවා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයා ඇවිත් ඉන්නවා නම් බොහෝ වෙලාවට
🥰තනියම ඉන්න එක මොන තරම් අපහසුද කියලා හිතලා බලන්න
මගේ රටේ අහිංසක හීන තියෙන උන් වෙනුවෙන් හරිම ආදරයෙන් දාන post එකක් මේක
මේකේ කට්ට ඇවිල්ලම
බලන්න ඕනි කියලා කියයි.එතකොට අපි
පරක්කු වැඩි.සිහින දේශය කියන් එනවා.ඔව් හිම
වැටෙනවා.සකුරා පිපෙනවා.ඒ සීතල
හිම මැදම අමු අමුවෙන් පපුව
පිච්චෙනවා.සකුරා මැද හිනාවෙන ලස්සන මල් හැමදාම රෑට හීනෙනුත් පරවෙනවා.
හීන දකින්න.හැබැයි රැවටෙන්න
එපා.තෙරුවන් සරණයි
උපුටාගැනීමකි.