09/06/2026
🔍💎 කෘතිම බුද්ධිය (AI) සහ මැණික් විද්‍යාව ගැන ඔබ දැනුවත්ද?
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ලොකු කතාබහකට ලක් වූ මාතෘකාවක් තමයි AI භාවිතයෙන් මැණික් හඳුනාගැනීමේ උපකරණයක් නිර්මාණය කර ඇති බවට පළ වූ තොරතුරු.
ඇත්තටම අද වන විට තාක්ෂණය එතරම් දියුණු වී තිබෙනවාද? AI එකකට මැණික් ගලක වර්ගය, ගුණාත්මකභාවය හෝ වටිනාකම නිවැරදිව හඳුනාගන්න පුළුවන්ද? නැත්නම් මේවා අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන ලද ප්‍රකාශ ද?
මෙම වීඩියෝවෙන් අපි ඒ ගැන විමසා බලනවා. AI සහ Gemmology (මැණික් විද්‍යාව) එකට සම්බන්ධ වන ආකාරය, ලෝකයේ ප්‍රමුඛ පර්යේෂණ මේ වන විට තිබෙන මට්ටම, සහ ඇත්තටම AI මැණික් හඳුනාගැනීමේ ක්ෂේත්‍රයේ කොතැනද සිටින්නේ කියන කාරණා පිළිබඳව සරලව හා විද්‍යාත්මකව සාකච්ඡා කරනවා.
🎥 වීඩියෝව නරඹලා ඔබගේ අදහසත් comment එකකින් අපට කියන්න.
https://youtu.be/3oaOTttMIpc
කෘතීම බුද්ධියෙන් (AI) මැණික් හොයන්න පුලුවන්ද , AI related gem testing machineries
කෘතීම බුද්ධියෙන් (AI) මැණික් හොයන්න පුලුවන්ද , AI related gem testi...
22/05/2026
The Geo Pulse Society of the Department of Applied Earth Sciences, Uva Wellassa University of Sri Lanka, warmly invites students, gem enthusiasts, researchers, and industry professionals to participate in the workshop on:
✨ GEMS, INSTRUMENTS AND AI ✨
📅 Date: 24 May 2026
⏰ Time: 9.00 a.m. onwards
📍 Venue: Main Lecture Theatre, Uva Wellassa University of Sri Lanka
🎟️ Entry: FREE
🔹 Sessions Include:
▪️ History of Gemology
▪️ Gem Identification: Past and Present
▪️ Usage of AI in the Gem Industry
▪️ Applications of AI in the Gem Industry
🎤 Resource Persons:
▪️ Mr. Saman Amarasena
▪️ Eng. Chamal Jaliya
▪️ Mrs. Poornima Jayathunga
▪️ Ms. Bhagya Wimalasiri
This workshop will provide practical and modern knowledge on gemstone studies, gem identification technologies, and the growing role of Artificial Intelligence in the gem and jewellery sector.
📌 All interested participants are welcome.
Organised by
Geo Pulse Society
Department of Applied Earth Sciences
Uva Wellassa University of Sri Lanka
09/04/2026
මැණික් පතල් කර්මාන්තය ආශ්‍රිත දේව ඇදහීම් හා විශ්වාස
1. හැදින්වීම
ශ්‍රී ලංකාවේ මැණික් පතල් කර්මාන්තය ආර්ථික ක්ෂේත්‍රයක් පමණක් නොව සංස්කෘතික හා ආගමික අර්ථකථන සමඟ සම්බන්ධ වූ ක්ෂේත්‍රයකි. විශේෂයෙන් ම පතල් කටයුතු ආරම්භ කිරීම, පවත්වාගෙන යාම සහ මැණික් ලැබීම වැනි අවස්ථා සම්බන්ධයෙන් දේව විශ්වාස සහ චාරිත්‍රාංග ප්‍රබල ලෙස පවතී. මෙම ලිපියෙහි අරමුණ වන්නේ මැණික් කර්මාන්තය ආශ්‍රිත දේව ඇදහීම් සංවිධානගත ආකාරයෙන් විග්‍රහ කිරීමයි.
2. දේව සංකල්පයේ මූලික ස්වභාවය
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සම්බන්ධ දේව ඇදහීම් ප්‍රාග් බෞද්ධ යුගයට සම්බන්ධ වේ. මෙහි දක්නට ලැබෙන්නේ දේශීය දේව සංකල්පයකි. හින්දු ආගමික බලපෑම සෘජුව පවතින බවට ප්‍රබල සාක්ෂි නොමැත.
මෙම සන්දර්භයේ දී ප්‍රධාන වශයෙන් ගෞරවයට පාත්‍ර වන දෙවිවරුන් ලෙස
• සුමන සමන් දෙවියන්
• කතරගම දෙවියන්
• බහිරව දෙවියන්
• ගම්බාර දෙවියන්
හඳුනාගත හැක. මෙම දෙවිවරු පුරාතන යුගයේ සිට වර්තමානය දක්වා මැණික් කර්මාන්තය සමඟ සෘජුව සම්බන්ධ වේ.
3. සුමන සමන් දෙවියන් හා මැණික් කර්මාන්තය
3.1 ආගමික වැදගත්කම
සුමන සමන් දෙවියන් සබරගමුව කලාපයේ අධිපති දෙවියන් ලෙස සැලකේ. රත්නපුර ප්‍රදේශය මැණික් නිෂ්පාදනයේ මූලික කේන්ද්‍රයක් වන බැවින්, මෙම දෙවියන්ගේ වන්දනාමය වැදගත්කම ඉතා ඉහළය.
3.2 චාරිත්‍රාංග සහ වත්පිළිවෙත්
මැණික් කර්මාන්තකරුවන් විසින් අනුගමනය කරන ප්‍රධාන ක්‍රියා පහත පරිදි වේ:
• පතල් ආරම්භයට පෙර දේවාලය වෙත ගොස් බාර හාර වීම
• මැණික් ලැබීමෙන් පසුව බාරය ඔප්පු කිරීම
• පූජා වට්ටි තැබීම, පහන් පිදීම
• ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම
මෙම ක්‍රියා මගින් මැණික් වාසනාව ලබා ගත හැකි බවට විශ්වාසයක් පවතී.
3.3 ඓතිහාසික සාක්ෂි
දඹදෙණි යුගයේ දී ආර්යකාමදේව ඇමතිවරයා විසින් මැණික් ලැබීමේ අරමුණින් සමන් දෙවියන් උදෙසා ප්‍රසාදයක් ඉදි කිරීමට පොරොන්දු වූ බව සටහන් වේ. මෙය මෙම දේව ඇදහීමේ පුරාතනත්වය පෙන්වයි.
4. කතරගම දෙවියන් හා මැණික් කර්මාන්තය
4.1 විශ්වාස පදනම
භූමිය තුළ මැණික් පිහිටීම කතරගම දෙවියන්ගේ බලය මත සිදුවන බවට විශ්වාසයක් පවතී. තවත් මතයක් අනුව කතරගම දෙවියන් යම දෙවියන් සමඟ සම්බන්ධ කරමින් භූගත වස්තුන්ගේ ආරක්ෂකයා ලෙස සලකයි.
4.2 චාරිත්‍රාංග
• පතල් කැණීමට පෙර බාරහාර වීම
• පූජා වට්ටි තැබීම සහ පඬුරු ගැට ගැසීම
• මැණික් ලැබීමෙන් පසුව බාරය ඔප්පු කිරීම
මෙම ක්‍රියා මගින් පතල් කටයුතු සඳහා සුබදායී තත්ත්වයක් ඇති කරගැනීමට උත්සාහ කරයි.
5. බහිරව දෙවියන් හා භූමිය සම්බන්ධ විශ්වාස
5.1 දේව සංකල්පය
බහිරව දෙවියන් භූමියට හා එහි අභ්‍යන්තර වස්තුන්ට අධිපති ලෙස සැලකේ. එබැවින් මැණික් පතල් කර්මාන්තය තුළ මෙම දේව ඇදහීම විශේෂ ස්ථානයක් ගනී.
5.2 බහිරව කන්නලව්ව
පතල් ආරම්භයට පෙර බහිරව දෙවියන් වෙත කන්නලව් කිරීම සම්ප්‍රදායකි. එහිදී බහිරව දෙවියන්ගේ විවිධ ආකාර කිහිපයක් වෙත ආශිර්වාද ඉල්ලා සිටී.
5.3 චාරිත්‍රාංග
• පතලේ සිව් කොනේ පහන් දැල්වීම
• දිනපතා පහන් පූජාව පවත්වා ගෙන යාම
මෙම ක්‍රියා භූමියේ “දෝෂ” ඉවත් කිරීම සහ මැණික් වාසනාව වැඩි කිරීම සඳහා සිදු කරයි.
6. ගම්බාර දෙවියන්ගේ භූමිකාව
ගම්බාර දෙවියන් ප්‍රාදේශීය නායකයකු ලෙස පසුව දේවත්වයට පත් වූවෙකු ලෙස සලකයි. මැණික් කර්මාන්තය ආශ්‍රිතව මෙම දෙවියන්ට ද ගෞරවය පිරිනැමේ. මෙය දේශීය සමාජ-සංස්කෘතික පරිණාමය පෙන්වන උදාහරණයකි.
R.G Chamal Jaliya
Senior Lecturer in Gemmology
Consultant Gemmologist
#මැණික් #ඇදහිලි #දෙවියන් #පතල් #රත්නපුර #සමන්දෙවියන් #කතරගමදෙවියන් #බහිරවපූජා #ලංකාව
24/03/2026
Yesterday’s “ජනහඩ” programme can be viewed in full using the link below.
https://youtu.be/lP0FhgrPbq4?si=baiTk3y_QKGJ5K--
23/03/2026
ශ්‍රී ලංකාවේ මැණික් පතල් කර්මාන්තය, අභියෝග හා තිරසාර සංවර්ධනය.
පරිසරය ට සිදුවන හානිය සලකා බැලීමෙන් රත්නපුර යාන්ත්‍රික පතල් නැවැත්වීමේ තීරණයක් තිබේද සහ ලංකවේ මැණික් කර්මාන්තය සම්බන්ධ අභියෝග හා විසදුම් පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාව.
අද දින් රාත්‍රි 10.00 ට TNL ජනහඩ වැඩ සටහන මගින්.
#මැණික්
16/03/2026
https://youtu.be/SxaWr0sk7bw
ගොඩක් ය මගෙන් අහල තිබුන මේ opalescent sapphire කියන්නේ මොකක්ද කියලා. ලංකාවෙත් හමුවෙන මේ මැණික් වර්ගය ගෙවුඩ වලින් වෙන්ද කරලා හදුනාගන්නේ කොහොමද , මේකට මිලක් තියේද කියල මේ video clip එකෙන් කතා කරනවා .
Opalescent Sapphire - Sapphire පවුලේ අලුත්ම සාමාජිකයා ?
19/01/2026
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ගලහ, දෙල්තොටවත්ත, ගල්ලන්තැන්න ප්‍රදේශයේ ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසලින් මැණික් ගලක් ඇති බවට සැක කෙරෙන පාෂාණයක් හමුවීමේ සිද්ධියක් මෑතකදී මාධ්‍ය වාර්තා වලින් දැකගත හැකි වුණා.
පින්තූර සහ වීඩියෝ නිරීක්ෂණයෙන් බැලූ විට, මේ පාෂාණය මිලෙන් වැඩි blue sapphire මැණික් ගලක් නොව, Feldspar කුලකයට අයත් Labradorite නම් ඛනිජයක් වීමට වැඩි ඉඩක් පවතිනවා. Feldspar කියන්නේ පෘථිවියේ වැඩිම ප්‍රමාණයෙන් හමුවෙන ඛනිජ කුලක වලින් එකක්. ලංකාවේ බහුතර පාෂාණ වර්ග තුළත් Feldspar ඛනිජ අඩංගු වෙනවා.
Labradorite විශේෂයෙන් හඳුනාගන්න පුළුවන් එහි දිලිසෙන වර්ණ විලාසය නිසා. නිල්, කොළ, කහ හෝ දම් පැහැති ආලෝක දිලිසීමක් පෘෂ්ඨයේ දිස්වීම මේ ඛනිජයට විශේෂ ලක්ෂණයක්. මේ හේතුව නිසා සාමාන්‍ය ජනතාවට මෙවැනි mineral මැණික් ගල් ලෙස වැරදි ලෙස හඳුනාගැනීම සාමාන්‍ය දෙයක්.
වැදගත් කරුණක් නම්, Feldspar කුලකයට අයත් ඛනිජවලට මැණික් වටිනාකමක් සාමාන්‍යයෙන් නොතිබීම. ඒවා සමහර අවස්ථාවල අලංකාර පාෂාණ ලෙස හෝ අධ්‍යයන අරමුණු සඳහා භාවිත වුවත්, රත්න විද්‍යාත්මක වශයෙන් උසස් මැණික් ලෙස වර්ගීකරණය කරන්නේ නැහැ.
තවත් රසවත් කරුණක් නම්, අපි හොඳින් දන්න “චන්ද්‍ර පාෂාණ” ලෙස හඳුන්වන Moonstone ඛනිජයත් Feldspar කුලකයටම අයත් වීම. ඒ නිසා Feldspar කුලකය කියන්නේ අපට දිනපතා හමුවෙන සාමාන්‍ය පාෂාණ වල සිට, මැණික් ලෙස හඳුනාගන්නා විශේෂ ඛනිජ දක්වා විශාල පරාසයක් ආවරණය කරන ඛනිජ කණ්ඩායමක්.
සුළි කුණාටු, නායයෑම් සහ දැඩි වර්ෂාපතනය වැනි ස්වභාවික විපත් නිසා බිම් මතුපිටින් නොපෙනුණු පාෂාණ සහ ඛනිජ මතුපිටට එළියට එන අවස්ථා බොහෝ වෙලාවට සිදු වෙනවා. ඒවා දැක මැණික් හමුවුණා කියලා සිතීම ස්වභාවිකයි. නමුත් අවසන් තීරණයක් ගැනීමට පෙර, එවැනි පාෂාණ නිවැරදිව පරීක්ෂා කර විද්‍යාත්මකව හඳුනාගැනීම අත්‍යවශ්‍යයි.
මේ වගේ සිද්ධීන් අපට මතක් කරන්නේ, රත්න විද්‍යාව කියන්නේ පෙනුමට වඩා විද්‍යාත්මක දැනුම මත පදනම් වූ විෂයයක් කියන එකයි. නිවැරදි දැනුමත්, නිවැරදි පරීක්ෂණත් තිබුණොත්ම සැබෑ මැණික් සහ සාමාන්‍ය පාෂාණ අතර වෙනස හඳුනාගන්න පුළුවන්.
#දිට්වා #දෙල්තොටවත්ත #මැනික්