හන්තාන සිහිනය"

හන්තාන සිහිනය" Literature determines the existence of man.✍️

10/09/2023

#සනූ ✍️🌼
🧑‍🎓🧑‍⚕️🧑‍🏫🧑‍🔧🧑‍🏭🧑‍💼🧑‍🚀🧑‍💻

#සනූ ✍️🌼🥰

30/08/2023

හිනාවෙලා ඉන්න ළමයෝ
අපි හැමදාම ජීවත් වෙලා ඉන්න ආව අය නෙමෙයිනෙ ✍️😊



#සනූ ✍️😊

හෙන්දිරික්කා       ✍️🌸දිගු උදෑසනක අවසානයත් සමග මළ හිරු බැස යාමට ආසන්න වී තිබුණි. මා ගෙතුළින් එළියට බසින්නේ හෙන්දිරික්කා ...
29/03/2023

හෙන්දිරික්කා ✍️🌸

දිගු උදෑසනක අවසානයත් සමග මළ හිරු බැස යාමට ආසන්න වී තිබුණි. මා ගෙතුළින් එළියට බසින්නේ හෙන්දිරික්කා මල්වල සුවදට ආසා නිසා ය. උදෑසනට පිපෙන රෝස මල්වලට වඩා මා හවස පිපෙන හෙන්දිරික්කා මල්වලට ආසා කලෙමි. යන්තම් අදුර වැටීගෙන එද්දී මිදුලට බැසීම වෙනදා නම් මට තහනම් ය . නමුත් අද මට සීමා දැමීමට කිසිවෙක් මේ නිවසේ නොමැත. එක් අතකින් එය නිදහසක් වුවද වෙලාවකට දැනුනු පාලුව කාන්සිය හිත රිද්දූ වාර අනන්ත ය.
හෙන්දිරික්කා මල්වල සුවද දිගේ මා අතීතයට ගමන් කලෙමි.

"සුද්දී , මං කී දවසක් උඹට කියල තියෙනවද හවස් වෙද්දි ලමිස්සියො මිදුලෙ සක්මන් කරන්න හොද නෑ කියල . මෙහෙ වරෙන් ගෙට " ඒ අම්මාගේ කටහඩයි . හැමදාමත් එකම කතාව කීමට පුරුදු වී සිටියද ඇය කිසිදා ඊට හේතුව මට නොකීවාය . මා එයට හේතුව අසන වාරයක් පාසා ඇය මට රැව්වා ය . ඇය ද ඊට හේතුවක් නොදන්නවා ඇතැයි මා විසින් ම නිගමනය කර ගත්තෙමි .
දිනක් එක් හවසක පුවත්පතක ලිපියක් කියවූ මා දැඩි ලෙස බියට පත් වූයෙමි. අම්මා කිසිදා මට නොකී රහස එහි බෝල අකුරින් ලියැවී තිබුණි.

එදින සසල වූ මාගේ හදවත කිසිදා හෙන්දිරික්කා සිහිනය යළි දකීවි යැයි මා නොසිතුවෙමි. එය කියැවූ මොහොතේ පටන් මා රාත්‍රියට බිය වූයෙමි . නැත .එතැන් පටන් මා රාත්‍රියට වෛර බදිමි .නමුත් මා සදෙහි සිසිලස විද ගැනීමට ආසා කලෙමි.කිසිදු සිතුවිල්ලකින් පලක් නැත.එදයින් පසු හෙන්දිරික්කා මල් බුදු පුදට හෝ නොපැමිණ පිපි වතින් පර වී යන්නට ඇත.ඉන් පසු වසර ගණනාවක් යන තුරු බැස යන මළ හිරු දැකීමට මා නොගියෙමි . හෙන්දිරික්කා මල්වල සුවදත් මට අමතක කිරීමට සිදුවිය.

අම්මාත් තාත්තාත් මිය ගොස් වසර ගණනක් ගත වී ගොස් හමාර ය. මා හවසට හෙන්දිරික්කා මල් බැලීමට යාමේ පුරුද්ද අතහැර තිබූ නිසා අම්මා සැනසීමෙන් ඇස් පියා ගන්නට ඇත . නමුත් අනාගතයේ දිනයක මේ කුඩා නිවස වටා විශාල තාප්පයක් දමා ඊටම සරිලන විසල් ගේට්ටුවක් සවි කොට අලුතින් නිමවන ලද අලංකාර මල් බදුන්වල මා හෙන්දිරික්කා මල් සිටුවනු ඇතැයි ඈ කිසිදා නොසිතන්නට ඇත .


#හෙන්දිරික්කා
#සනූ ✍️🌸

23/03/2023

#ඔබ #අංගසම්පූර්ණ ද?






21/02/2023







18/02/2023






18/02/2023

'SDAIRY




Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when හන්තාන සිහිනය" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share