සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් පවත්වන ලද මාධ්‍යය හමුව............!
Jayasuriya
Station Masters' Model Training School-SMMTS
This page will help you to study, find special railway technical pics, study about SLR signaling system, system of working in SLR & much more
01/05/2026
අනුරට අසනීපයි කියල කතාවක් යනවා, ඒ නිසා රැස්වීම වලට යන්නේ නැ.
මම හිතන්නේ එතන තියෙන්නේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක්. මේ වෙලාවේ පුළුවන් තරම් ආරක්ෂා වෙන එක තමයි හොඳ. බලේ ගන්න පල්ලි ගිය අහිංසක මිනිස්සු මරපු රටක් මේක. තමන්ගේ අතින් වෙන තැනකට බලය යනවට තියන බයට ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
අනුර ගේම් එකෙන් අයින් කරොත් විතරයි දැන් වෙන කෙනෙක්ට දිනන්න පුළුවන්. ඒ නිසා අනුර ආවේ නැ කියල ඡන්දය නොදී ඉන්න එපා.
මගේ නවතම හඹා යන්නන්ට ප්‍රීතියෙන් කථා කරන්න! ඔබ බඳවා ගැනීම ගැන සතුටුයි! Madusha Randika, Chethana Manodya
16/05/2023
කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න.
බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය විදින්න දෙන්න.
සුළඟට වෙසක් කූඩුව ලෙලදෙන විට ඉටිපන්දම් දැල්ලට කූඩුව ගිනිගෙන දැවී අළු වී යන්න දෙන්න.
තමන් ආශාවෙන් ගොඬනගා ගන්නා සියල්ල ඕනෑම මොහොතක එලෙස විනාශ වන්නට හැකි බව කුඩාකල සිටම දරුවාට ඒ තුළින් වටහා දෙන්න .
එවිට සුළු කම්පනයක් හෝ දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා මිනිසුන් මෙලොවට බිහි නොවනු ඇත!
තෙරුවන් සරණයි! 🙏🏼🖤
24/02/2023
SM AGM 2020 Final Export 1 The station master is responsible for the management of other station employees and holds responsibility for safety and the efficient running of the station....
12/02/2023
Pathirage
24/01/2023
https://www.youtube.com/watch?v=-mUYKDgDbFU
House of Fashion Staff Attacked a Customer @Bambalapitiya Parking Srilanka.
ආදායම් වැඩි කිරීම සඳහා නිර්මාණශීලී අදහස් බොහෝවිට පැනනගින්නේ දුම්රියේ සේවකයින් තුලින්ම ය. ඒවා ඒකරාශි කිරීමට යාන්ත්ර ණයක් සැකසිය යුතු ය. කෙසේ වෙතත් මා සිතට නැගුන අදහස් කිහිපයක් මෙහි දක්වමි.
1. භාන්ඩ ප්රකවාහනය දෙගුණයකින් වැඩි කිරීම. මෙය සිදුකලයුත්තේ නව දුම්රිය ආනයනය කර නොවේ. පවතින දුම්රිය හොඳ තත්ත්වයට අළුත්වැඩියා කිරීමෙන් හා චක්රීය කාලය (Turn Round Time) අඩු කිරීමෙනි. මෙම අංශයෙන් 2010 දී අප අත් කරගත් ප්රාගතිය පහතින් පෙන්වා ඇත. (සංඛ්යාව ලේඛන මූලාශ්ර ය ශ්රී ලංකා මහ බැංකුව) ඒ අනුව භාන්ඩ ප්රිවාහනය දෙගුණයකින් වැඩි කිරීම නොහැක්කක් නොවේ.
2. මගීන් ආකර්ශණය කරගතහැකි වැඩි දියුණු කල සේවාවන් ඇති කිරීම සහ ඒ ගැන ප්ර්චාරනය කිරීම. නිර්මාණශීලිත්වයට බොහෝ ඉඩක් මෙහි ඇත.
3. දැනට ඇති ඒකාකාරී ගාස්තු ක්ර මය වෙනුවට ඉල්ලුම අනුව වෙනස්වන ගාස්තු ක්ර මයක් හඳුන්වාදීම.
4. දුම්රිය ඉඩකඩම් වල ආයෝජනය කිරීම හා පවතින බදු හා කුලී ගිවිසුම් යාවත්කාලීන කිරීම.
5. දුම්රියේ ජනිතවෙන අබලි ද්රකව්ය ඵලදායී ආකාරයට විකිනීමෙන් සාමාන්යම අබලි යකඩ සඳහා ලබාගන්නා මිලට වැඩි මිලක් ලබා ගැනීම.
6. දුම්රිය සතු නවාතැන් කාමර හා බංගලා ද ගුදම් ආදී අනෙකුත් අවශේෂ ගොඩනැගිලි ද ආදායම් ඉපයෙන කටයුතු වල යොදා ගැනීම.
7. දුම්රිය ස්ථාන ආදායම් ඒකක (Revenue Centers) බවට පත්තර තරඟකාරිත්වයක් ඇති කිරීම.
8. ප්රකවේශ පත්රඒ නොමැතිව ගමන් කරන්නන් අවම කිරීමට අවශ්යන කටයුතු කිරීම.
වියදම අඩු කිරීම
මේ සඳහා ද නිර්මාණශීලී අදහස් බොහෝවිට පැනනගින්නේ දුම්රියේ සේවකයින් තුලින්ම ය. ඒවා ඒකරාශි කිරීමට යාන්ත්රේණයක් සැකසිය යුතු ය. කෙසේ වෙතත් මා සිතට නැගුන අදහස් කිහිපයක් මෙහි දක්වමි.
1. ආනයනය කරන අමතර කොටස් වෙනුවට දේශීය හා මිල අඩු එහෙත් ප්රිමිතිය අඩු නැති අමතර කොටස් යොදා ගැනීම.
2. අළුත් උපාංග යොදා ගන්නවා වෙනුවට හැකි හැම අවස්ථාවකම අක්රිරයවූ උපාංග අළුත්වැඩියා කර නැවත පාවිච්චි කිරීම.
3. හැකි හැම අවස්ථාවකම ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ඉහල Push – Pull වර්ගයේ දුම්රිය යොදා ගැනීම.
4. ඵලදායී නොවන ගමන්වාර හා නැවතුම් අවලංගු කිරීම හෝ එසේ කිරීම අපහසු නම් අවශ්යව පරිදි රේල් බස් රථ යොදා ගැනීම.
5. අළුත් ඇන්ජින් ආනයනය කිරීමට ප්රසථම සේවයෙන් ඉවත්කල ඇන්ජින් පුනරුත්ථාපනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම. මෙය හිතලුවක් නොවේ.
අබලි යකඩ සමග රත්මලාන අංගනයේ ගාල්කර තිබූ M5 769 ඇන්ජිම M5A 769 ලෙස මෙසේ පුනරුත්ථාපනය කිරීමට දුම්රිය කාර්ය මංඩලය සමත්වූයේ 1990 දශකයේ මුල් භාගයේ දී ය. ඒ හේතුවෙන් එවක ලැබූ ආර්ථිත ලාභය රු මිලියන 100කි.
ඉහත අංක 5 යෝජනාව හිතලුවක් නොවන බව ඔබ පිලිගන්නවා ඇත.
6. දුම්රිය ස්ථාන වලට අවශ්යො විදුලි බලය ජනනය කිරීමට සඳහා සූර්ය බලය යොදා ගැනීම
7. අමතර කොටස් ඇනවුම් කිරීමේදී හැකිතාත් දුරට මුල් සැපයුම්කරුගේ කොටස් අංකය යොදා ගන්නවා වෙනුවට අප විසින් සකස්කරගත් පිරිවිතරයක් යොදා ගැනීම.
8. දුම්රිය යටිතල පහසුකම් ගොඩ නැගීමට, උපාංග අළුත්වැඩියාවට හා නිශ්පාදනයට හැකියාව ඇති දේශීය දුම්රිය කර්මාන්තයක් ගොඩනැගීම.
නිගමනය
දුම්රිය සේවය වඩා ඵලදායි ලෙස ගොඩනැංවිය හැක්කේ කෙසේදැයි අප සාකච්චා කලෙමු. මගීන් හා පාරිභෝගිකයින් වෙනුවෙන් කරුනු 12 ක් ද, සේවකයින් වෙනුවෙන් කරුණු 6ක් ද අප සාකච්චා කලෙමු. මේ කරුණු 18 ටම වඩා බැරෑරුම් කරුණු 2ක් ලෙස දුම්රිය රථ ඇනිය සහ මාර්ග ජාලය ඇතුළු යටිතල පහසුකම් නඩත්තුව ගැන අප සාකච්චා කලෙමු. මෙම බැරෑරුම් තත්ත්වයට හේතුව ආදායම ඉක්මවා ඉහල ගිය වියදම බව අප දුටිමු. අනතුරුව 21 වන කරුණ නොහොත් මහා පොදු සාධකය ලෙස මුදල් ප්රඅශ්ණය සාකච්ඡා කලෙමු.
මහා භාණ්ඩාගාරයට දරන්න සිදුවන බර අවම කිරීම සඳහා ආදායම වැඩි කර ගැනීමට යෝජනා 8ක් ද, වියදම් අඩු කර ගැනීමට යෝජනා 8ක් ද සාකච්ඡා කලෙමු. ඒ සමග සාකච්ඡාවූ සමස්ථ යෝජනා සංඛ්යා ව 47කි.
මේ යෝජනා හුදු සෛද්ධාන්තික හිතලු නොවන බවත්, 2010 වසරේදී ඉන් සමහරක් ක්රිෝයාත්මක කර දුම්රියේ මෙහෙයුම් අලාභය 33% කින් අඩු කල බවත් මහ බැංකු සංඛ්යාන ලේඛණ උපයෝගී කර ගනිමින් සාකච්ඡා කලෙමු.
අවසන් වශයෙන් “දුම්රිය සේවය වඩා ඵලදායි ලෙස ගොඩනැංවිය හැක්කේ කෙසේද? ”
යන පැණයට ඉහතින් දැක්වූ කරුණු හා යෝජනා 47 හරහා පිළිතුරු ලැබෙන්නට ඇති බව විශ්වාස කරරමි.
දුම්රිය සේවය මගීන්ට, පාරිභෝගිකයින්ට හා සේවකයින්ට ඵලදායී වෙන අතරතුර එය රටට ද ඵලදායී විය යුතු ය. රටට බරක් නොවිය යුතු ය.
ස්තුතියි
පී.පී.විජේසේකර- හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී.
[email protected]
0777482069
15/01/2023
❤️ Seethawaka Odyssey ❤️
🌞 කැළණිවැලියට පෑයු නවතම තරුව 🌟
▪️මංගල චාරිකාව 🔰
▪️With Class S12 👑
කොළඹ කොටුව සිට සීතාවකපුරවර දක්වා සති අන්තයේ වෙනස්ම ඇත්දැකීමක් ගන්න ඔබත් වරක් හෝ පැමිණෙන්න
පළමු පන්තියේ හා දෙවන පන්තියේ සුඛෝපභෝගී ආසන වලින් සමන්විත මෙම දුම්රියේ පැමිණෙන ඔබට
රන්මුදු ඇල්ල, ගොරකා ඇල්ල, කුමාරි ඇල්ල, ලබුගම කලටුවාව ජලාශය ආශ්‍රිත ප්‍රදේශය, සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය නැරඹීමට පහසුකම් සලසා ඇත. සෑම ඉරිදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15 ට ගමන් ආරම්භ කරන දුම්රිය වග දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන අතර එතැන් පටන් ඒකාබද්ධ බස් සේවාවක් මගින් සංචාරක ස්ථාන කරා රැගෙන යනු ඇත. නැවතත් පස්වරු 05.42ට පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාත්‍රි 8ට පමණ කොළඹ කොටුවට ළඟා වීමට නියමිතය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Railway Model Training School, Maradana, Colombo 10
Colombo