08/07/2020
බොහෝ වෙලාවට ඔබ රැවටෙන එකම වර්ගයට අයත් නොවන සතුන් යුගල 30ක් සත්ව ලෝකය පුදුමාකාරයි වගේම විවිධාකාරයි. සතුන්ගේ පුදුමාකාර වෙනස්කම් තියෙන්නේ. සමහර...
Sri Lanka is privileged to have a wealth of bio-diversity, with many plants and animals endemic to i see the beauty of Sri Lanka.
Sri Lanka is privileged to have a wealth of bio-diversity, with many plants and animals endemic to it that are rarely found elsewhere in the world.
08/07/2020
බොහෝ වෙලාවට ඔබ රැවටෙන එකම වර්ගයට අයත් නොවන සතුන් යුගල 30ක් සත්ව ලෝකය පුදුමාකාරයි වගේම විවිධාකාරයි. සතුන්ගේ පුදුමාකාර වෙනස්කම් තියෙන්නේ. සමහර...
26/06/2020
2019 වර්ෂයේ විනෝදජනකම වනජීවී ඡායාරූප 40 මෙන්න වානන්තරය කියන්නේ මිනිසාගේ මෙන්ම සත්වයින්ගේ ද හදවත ලෙස හදින් වුවහොත් වරදක් නැ. ඒ වගේම වනාන්තරයේ ජීවත් වෙන සතා සිව.....
27/04/2020
🐍 සුළු විෂ මාපිල් වර්ග ගැන දැන ගනිමුද?
මාපිලන් ගැන කතාකරන විට ඔබ දන්නවා අද සමාජය තුළ තියෙන්නේ ඔවුන් වටා මිත්‍යාමත බොහොමයකින් පිරුණු කතා රැසක් බව.ඒ නිසාම මිනිසුන් මාපිලන් උග්‍ර විෂ සර්පයන් ලෙස සලකා දැඩි ලෙස මරණයට පත් කරන සත්ව කොට්ඨාසයක් වෙලා තිබෙනවා.
තවද සර්පයන් ගැන හරිහැටි නොදන්නා ඕනෑම පුද්ගලයෙක් නොදන්න සර්පයෙක් දුටුවිට ඒ සියලුම සර්පයන් මාපිලා යැයි වරදවා වටහා ගෙන මරණයට පත් කරන්න අද සමාජය තුල පෙළඹිලා තියනවා
නමුත් අද මම මාපිලන් වටා ගෙතුන මිත්‍යා මත ගැන කතා කරන්න යන්නෙ නෑ. ඒ පිළිබඳව මම මෙම සමූහයට මීට කලින් ලියන ලද ලිපියක ලින්ක් එක මෙහි දමා ඇත. එය කියවීමෙන් ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගත හැකිය.
ශ්‍රී ලංකාව තුළ අපට මාපිලන් වර්ග පහක් දැකගත හැක.එම පස් දෙනා ගෙන් එක් විශේෂයක් පමණක් ශ්‍රී ලංකාවට ආවේණික වූ විශේෂයකි. එම නිසා මේ සතුන් සියලුදෙනාගේ ජායාරූප සහ ඔවුන් සියල්ල සම්බන්ධව කෙටියෙන් හැඳින්වීමක් කරන්නම් දැන ගැනීමේ පහසුව සඳහා,
🛑 මාපිල් විශේෂ පහයි 🐍
⭕පඳුරු මාපිලා
Boiga barnesii
Barnes' cat snake
( 1, රූපය )
⭕කහ මාපිලා
Boiga beddomei
Beddome's cat snake
( 2,රූපය )
⭕නිදි මාපිලා
Boiga ceylonensis
Sri lankan cat snake
( 3, රූපය )
⭕ලේ මාපිලා/නාග මාපිලා
Boiga forsteni
Forsten's cat snake
( 4, රූපය )
⭕රෑන් මාපිලා/ගැරඬි මාපිලා
Boiga trigonata
Common cat snake
( 5, රූපය )
මේ පස් දෙනා අතරින් පඳුරු මාපිලා විතරක් ලංකාවට ආවේණිකයි. එයා තමයි ලංකාවේ හමුවන කුඩාම මාපිල් විශේෂය වන්නේ.ඒ වගේම මේ මාපිල් විශේෂ පහ අතුරින් විශාලවම වැඩෙන්නේ නාග මාපිලා නොහොත් ලේ මාපිලයි. එය සාමාන්‍යයෙන් අඩි 5ට වඩා වැඩි වේ.මෙහිදි මොවුන් අතරින් නිදි මාපිලන් විශේෂය ගෘහාශ්‍රිතව බහුලවම හම්බෙන සර්පයෙක් වීම හා ඒ තුලින් වැඩි වශයෙන් මරණයට පත් වෙන විශේෂය වේ.
එමෙන්ම "හබරලා" / "හබරලියා"යනුවෙන් නිශ්චිත සර්ප විශේෂයක් නොමැති වූවත් බොහෝ ප්‍රදේශවල මෙම සර්පයන් අතුරින් නාගමාපිලාටද "හබරලා" / "හබරලියා" යන නාමය භාවිතා කරනවා. නමුත් අපි එම සතුන්ගේ නිවැරදිම නාමකරණය උච්චාරණය කිරීමට පෙළඹෙනවා නම් එවැනි ඉහත සඳහන් ගැටලු ඇතිවන්නේ නෑ.
මොවුන් ප්‍රධාන ලෙස හඳුනා ගැනීමේ දී සිහින් දිගැටි ශරීරයත් පැහැදිලි හිසක් දැකිය හැක.ඒ වගේම පූසෙකුගේ මෙන් විශාල ඇස් සහ ඇසේ මැද සිරස් කණිකාවක් පිහිටා ඇත. එය මොවුනට ඉංග්‍රීසි බසින් " Cat Snake " යන නාමය ලැබීමටද හේතු වී ඇත.මොවුන්ගේ විශේෂත්වය වන්නේ අනෙකුත් සර්පයන්ට නොමැති ග්‍රාහක වලිගයක් පිහිටා තිබීමයි.
🐍හැසිරීම් රටාව :-
නිශාචර හැසිරීම් රටාවක් පෙන්වන මොවුන් සියලුම දෙනා රුක්වාසි සර්පයන් කොටසක් වන අතර භෞමිකව ද ජීවත් වෙන දහවල් කාලයේ ඉතා අලස සර්ප විශේෂයන් වේ. අනතුරක් හැඟවුනු පසු වලිගය සොලවමින් ශරීරයේ ඉදිරිපස කොටස දඟර ගසා මඳක් ඔසවමින් පිම්බී සතුරා බියට පත් කීරීමට උත්සහ දරයී.
🐍ආහාර රටාව :-
ප්‍රධාන වශයෙන් මීයන්, ලේනුන්, ගෙම්බන් සහ හිකනළුන් ,කුඩා ප්‍රමාණයේ කුරුල්ලන් හා කුරුලු බිත්තර ආහරය ලෙස ගනී.විශේෂයෙන් මොවුන්ගේ ග්‍රාහක වලිගයද ගොදුරු ඩැහැ ගැනීමේදී උපකාරී වෙනවා සේම ගොදුරු සංකූචනය ( Contraction ) කර සතුන් අඩපණ කරයි.
🐍විෂ තත්ත්වය සහ එහී බලපෑම :-
මෙම මාපිලන් පස්දෙනාම සුළු විෂ සර්පයන් කොටසක් වන අතර, මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල විෂක් නොමැත. Ophisthoglyphous ආකාරයේ දළ ඇත (Opisthoglyphous) යනු නොදියුණු එහෙමත් නැත්නම් ප්‍රාථමික මට්ටමේ පවතින විෂ පද්ධතියකි. උගුර ආසන්නයේ විකිරණය වූ දළ වලින් සහ ඩුවනෝයි ග්‍රන්ථියකින් සමන්විත වෙනවා. විෂ ගලා ඒමට දළ වල කාණුවක් පිහිටයි.එම නිසා දෂ්ඨනයක් සිදු වූ ස්ථානය ඉදිමීම, දින කීපයක් යනතුරු වේදනාව ඇතිවීම වගේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්.එම නිසා මිනිසාට හානියක් කිරීමට මොවුන්ගෙන් හැකියාවක් නොතිබුනත් දශ්ඨනයක් වූවා නම් රෝහල් ගතවී ප්‍රතිකාර ගන්නවා නම් සුදුසුයි.එයට හේතුව දත්වල තියන බැක්ටීරියාවන් අපේ ශරීරයට දශ්ඨනය වූ ස්ථානයෙන් ඇතුල් වී පිටගැස්ම සෑදීමට හැකියාවක් පවතින නිසා.
පරිසරයේ සමතුළිතාවය ස්වාභාවිකවම තුළනය වීමට මෙම සර්පයින්ගෙන් සිදුවන නිහඬ මෙහෙය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. සර්පයන් කෙරෙහි මිනිසා තුළ තිබෙන භියකරු හැඟීම, කුතුහලය මෙන්ම අප්‍රසන්න හැඟීම තුරන් කිරිමටත්, සර්පයන් පිළිබඳ දැනුවත්වීම මගින් නිකරුනේ මරා දමන සර්පයින් ආරක්ෂා කර ගැනීමට මෙම ලිපිය ඔබට වැදගත් යැයි මා විස්වාස කරනවා.
තවද පැහැදිලවම කිව යුතු දෙයක් නම් සර්ප දශ්ඨනයකට ලක්වීමට මූලිකම හේතුව වනුයේ අපගේම අපරික්ෂාකාරී බවය. කෙසේ වුවද සර්ප දෂ්ඨනයකට ලක් වුවහොත් නොපමාව නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් සම්පූර්ණය සුවය ලබාගත හැකිබව මතක් කිරීම වැදගත් යැයි සිතමි.
සටහන :- Suraj Saliya සර්පයන් සුරැකීමේ සමූහයන් වෙනුවෙන්.
ජායාරූප උපුටා ගැනීම :- රමේෂ් කරුණානායක , සන්ජය කණිෂ්ක, snakeofsrilanka වෙබ් අඩවිය තුලින්.
ස්තූතිය :- Chamal , Niwahal , Kushan සහෝදරයන් හට
27/04/2020
වානර පවුලේ නිශාචරයා උණහපුළුවා.
'උණහපුළුවට උගේ දරුවා මැණිකක් ලු ' යන්න අපේ ජනවහරෙහි එන සුප්‍රකට කියමනකි. උණහපුළුවාගේ දරු සෙනෙහස ගැන කියැවෙන මේ වැකිය අප කවුරුත් අසා ඇතිමුත් උණහපුළුවෙකු දුටු අය ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි.
උණහපුළුවා වානර වර්ගයේ උප කොට්ටාශයක් වන ප්‍රොසිමි (Prosimii) ගණයට ලොරිසිඩේ ( Lorisidae) පවුලේ සමාජිකයෙකි. අප රටේ උණහපුළු වර්ග එකක් දක්නට ලැබෙන අතර ප්‍රධාන දේශගුණික කලාපවලට විශේෂිත උප විශේෂ 4 කට ඔවුන් වෙන්කළ හැකිය.
මෙම සත්වයාගේ සිරුර කුඩාය, දිගටිය, සිහිනය, හිස රවුම් වන අතර විශාල වේ. වලිගයක් දක්නට නැත. අවයව දිගුද සිහිනද වේ . දබරැඟිල්ල කෙටිය.මහපටැඟිලි දිගුය. මුඛයේ තාවකාලිකව අහාර රඳවා ගනු ලබන කොපු (Cheek Pauches) නැත. නාසය ආසන්නයේ දිවෙන සුදු ඉරකින් පමණක් ඇස් පෙදෙස් ඉස්මතුව පෙනේ .
අප රටේ පහතරට තෙත් කලාපයේ දක්නට ලැබෙන්නේ The Western Ceylon Slender Loris යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන උප විශේෂයයි . මෙහි දක්නට ලැබෙන කුඩාම උණහපුළු වර්ගය මේ. මෙරටට ආවේනික සත්වයෙකු වන උගේ විද්‍යාත්මක නාමය 'Loris tardigradus tardigradus' වේ.
ද්‍රවිඩ නාමය වන්නේ 'තේවන්ගු' ය. මේ උණහපුළුවා සිරුරේ මුළු දිග 200cm කට නොවැඩි වේ . ඌට කෙටි ලෝම සහිත සමක් ඇත.පාද සහ අත් කෙටි රෝම වලින්
යන්තමින් ආවරණය වී තිබේ. මේ උණහපුළුවා ගේ හිස මුදුනේ සහ පිටේ වර්ණය රතට හුරු දුඹුරුය. රෝම අග අඳුරු පැහැය ඇත.අඳුරු පැහැති රේඛාවක් පිට මැදින් දිවෙනු දක්නට ලැබේ .සිරුරේ යටි පැත්ත කහ පැහැයට හුරුවන අතර එහි රෝම අග තද අළු පැහැය ඇත .පාදවල සහ අත්ල වල ඇති කෙටි රෝම සුදු පැහැතිය . හොම්බ සහ මුහුණ වටා
විරලව පැතිරුණු සුදු රෝම මුහුණට කැපි පෙනෙන සුළු පෙනුමක් ගෙන දේ .ඇස් ප්‍රදේශය තද දුඹුරු වන අතර ඇසිපිය ආසන්නයට එත්ම මේ වර්ණය ලා පැහැයක් ගනී . කම්මුල් තද පඬු පැහැති වේ .
මේ සත්වයා දක්නට ලැබෙන්නේ, පහතරට තෙත් කලාපයේ තුරු වදුලු සහිත ප්‍රදේශයන් හී දීය . ගම්පහ, කැස්බෑව, බණ්ඩාරගම , රයිගම් කෝරළය , මතුගම සහ කිතුල්ගල යන ප්‍රදේශවල දී දක්නට ලැබුණු බව වාර්තා වී තිබේ . තුරු වදුලු අතරේ සැරිසරණ විට හමුවන ඕනෑම දෙයක් බුදීමට මේ උණහපුළුවා සැදී පැහැදී සිටි.කෘමි සතුන් සහ කුඩා කුරුල්ලන් ගෙම්බන් හුනන් වැනි කුඩා කොඳු ඇට සහිත සතුන් (පෘෂ්ඨ වංශිකයීන්) ගිල දැමීමට ඌ ලැදියාවක් දක්වයි .
උණහපුළුවන් පැටවුන් බෝ කිරීමේ නියැලෙන ආකාරය පිලිබඳ තොරතුරු අප්‍රකටය .ගැහැණු සතුන් මාස තුනක් හෝ ඊටත් වැඩි කාලයක් ගැබ් බරින් සිටින්නේ යයි විශ්වාස කෙරේ .
සාමාන්‍යයෙන් වරකට බිහිකෙරෙන්නේ එක පැටවෙකි. කුඩා පැටවූ මවගේ බඩෙහි එල්ලී ගෙන ගමන් කරති . තමාම අහාර සොයා ගන්නා වියට පත්වූ පසු පවා මවගේ බඩේ එල්ලී ගෙන ගමන් ගන්නා පැටවුන් දැකිය හැකිය.
දිවා කාලයේදී නිදි සුව විඳින උණහපුළුවා, රාත්‍රිය එළඹෙත්ම ක්‍රියාකාරී වෙයි . උගේ ලැගුම්පොළ වන්නේ ගස් බෙනයක් හෝ පඳුරක අතු දෙබලකි. බෝලයක් මෙන් වකුටු වී ගෙන අතු රිකිලි කිහිපයක් අත් හා පද වලින් අල්ලා ගෙන අත් හිස පහතට නමා රඳවා ගෙන ඌ සිටින අන්දම ඉතා අපූරුය. තනි තනිව සහ යුගල වශයෙන් හැසිරෙන උන්ව දැක ගැනීම ඉතා අපහසු කාරයක් වේ .
රාත්‍රිය එළඹෙත්ම අතු ඉති අතරින් හිමින් සීරුවේ චලනය වන උණහපුළුවා කුඩා සතුන් අල්ලා ගනී . ගොදුර වෙත පැන ඌව අඩපණ කර හිසේ සිට ගිල දැමීම උණහපුළුවා ගේ සිරිතය.
#උපුටාගැනීමකි.
18/04/2020
Selfie Time.. 😯🐘
18/04/2020
Buttala, Sri Lanka 🇱🇰 🐘
17/04/2020
Leopard 🐆 Yala National Park
P.C @ Sujeewa Amarasooriya
17/04/2020
Yala National Park, Sri Lanka 🇱🇰
12/04/2020
The black-rumped flameback, also known as the lesser golden-backed woodpecker or lesser goldenback, is a woodpecker found widely distributed in the Indian subcontinent. It is one of the few woodpeckers that are seen in urban areas. It has a characteristic rattling-whinnying call and an undulating flight.
📸 .shanthamenan
11/04/2020
😋
11/04/2020
10/04/2020
Stop Hunting, Start Exploring.. 🐆