Sri Lanka Arm Wrestling Federation

Sri Lanka Arm Wrestling Federation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Arm Wrestling Federation, Sports & Fitness Instruction, Colombo.

22/05/2026
How much do armwrestlers earn? 21/05/2026

ශ්‍රි ලංකාවෙ අත් පොර ක්‍රිඩාව. ARM WRESTLING & HAND FIGHT SRI LANKA
2026 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ආම් රෙස්ලින් (අත්පොර) තරගාවලි අතරට03 වන සමස්ථ ලංකා තරගාවලිය මෙන්ම කාන්තා අංශයේ නවක තරඟාවලිය, පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමේ තරග රැසක් ඇතුළත් වේ. මෙම තරගාවලි වලට අමතරව ලෝක, ආසියානු මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර තරඟාවලි සහ පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩකාවන් මෙන්ම පුහුණු කරුවන් තීරක විණිසුරුවන් තෝරා ගැනීමටද ඉදිරියෙහිදි කටයුතු සිදුකෙරේ.

පහත දැක්වෙන්නේ 2026 වසරේ ආම් රෙස්ලින් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධාන කරුණු වේ:
ශ්‍රී ලංකාවේ තරගාවලි සහ ක්‍රියාකාරකම්
කාන්තා නවක අත්පොර ශූරතාවලිය (Women's Novices Arm Wrestling Championship) සහ 3වන සමස්ථ ලංකා ආම් රෙස්ලින් තරගාවලිය 2026 ශ්‍රී ලංකා ආම් රෙස්ලින් සම්මේලනය විසින් වයස් කාණ්ඩ සහ බර පන්ති කිහිපයක් යටතේ සංවිධානය කරනු ලබයි.

වයස් කාණ්ඩ: මෙහිදී කනිෂ්ඨ (+13-15 +15-18), ජ්‍යෙෂ්ඨ (18-40) සහ මාස්ටර්ස් (අවු. 40ට වැඩි) ලෙස කාණ්ඩ වෙන්කර ඇත.
සම්බන්ධ වීමට: මෙම තරගාවලි සඳහා අයදුම්පත් යොමු කිරීමට සහ ක්‍රීඩාවට අදාළ නීති රීති පිළිබඳ දැනුවත් වීමට, ශ්‍රී ලංකා ආම් රෙස්ලින් සම්මේලනයේ නිල ෆේස්බුක් පිටුව හරහා ඔවුන්ගේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක.
ජාත්‍යන්තර ආම් රෙස්ලින් තරගාවලි 2026
ලෝක ආම් රෙස්ලින් සම්මේලනය (WAF) සහ ජාත්‍යන්තර ආම් රෙස්ලින් සම්මේලනය (IFA) විසින් 2026 වසර සඳහා ලෝක සහ යුරෝපීය ශූරතා රැසක් ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රි ලංකාවටද ඇරයුම් කර ඇත.
ආම් රෙස්ලින් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයින්ට තම ශක්තිය සහ ශිල්පීය ක්‍රම දියුණුකර
ආම් රෙස්ලින් ක්‍රීඩාවේ යෙදෙන ආකාරය සහ ජයග්‍රහනයකරා යාමට අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න.

How much do armwrestlers earn?

How much do armwrestlers earn? 18/05/2026

ශ්‍රී ලංකාවේ ආම් රෙස්ලින් (අත් පොර) ක්‍රීඩාව සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා ආම් රෙස්ලින් සම්මේලනය Sri Lanka Arm Wrestling Federation විසින් වේ. ජාතික ශූරතාවලීන් සහ කාන්තා, පිරිමි අංශවල නවක තරඟාවලි (Novices Tournaments) විවෘත තරඟ Open event වරින් වර ක්‍රියාත්මක වන අතර, මෙහි ජයග්‍රාහකයින්ට ජාත්‍යන්තර හා ආසියානු ශූරතාවලියන් සඳහා අවස්ථා හිමිවේ.

මෙම ක්‍රීඩාව හුදෙක් ශක්තිය මතම පමණක් රඳා නොපවතින අතර, එයට නිවැරදි අත් පොර දැමීමේ ශිල්පීය ක්‍රම (Techniques) සහ මැණික් කටුව, නළල ආශ්‍රිත මාංශපේශී ශක්තිය (Grip Strength) අත්‍යවශ්‍ය වේ.

Gripzilla
ආම් රෙස්ලින් ක්‍රීඩාවේදී වැඩි අවධානයක් යොමු කරන ක්‍රම කිහිපයක් මෙන්න:
Toproll (ටොප් රෝල්): ප්‍රතිවාදියාගේ මැණික් කටුව පහතට නැවීම මගින් ඔවුන්ගේ පාලනය බිඳ දැමීම.
Hook (හුක්): ප්‍රතිවාදියා සමඟ අත්වැල් බැඳගෙන තමන්ගේ මැණික් කටුව කුහරයකට මෙන් නවාගෙන බලය යෙදීම.
Press (ප්‍රෙස්): ප්‍රතිවාදියාට ඉහළින් සිට ශරීරයේ බර යොදාගෙන සෘජුවම පහළට තෙරපීම.

ආරම්භකයින් සඳහා උපදෙස්
ආම් රෙස්ලින් ක්‍රීඩාවේදී වැලමිට ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගනිමින් ඔබේ ක්‍රීඩා හැකියාවන් දියුණු කරගන්නේ කෙසේදැයි දැන ගැනීමට පහත වීඩියොව නරඹන්න.

How much do armwrestlers earn?

18/05/2026

ශ්‍රි ලංකා ආම් රෙස්ලින් සම්මේලනය

ශ්‍රී ලංකා අත් පොර සම්මේලනය (Sri Lanka Arm Wrestling Federation) යනු මෙරට ආම් රෙස්ලින් (Arm Wrestling) ක්‍රීඩාව නගා සිටුවීමට, අත්පොර ප්‍රචලිත කිරීමට, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සඳහා යොමු කිරීමට සහ තරගාවලි සංවිධානය කිරීමට පිහිටුවා ඇති ක්‍රීඩා සංවිධානයයි. මෙම ආයතනය සම්බන්ධ මූලික තොරතුරු පහතින් දැක්වේ.

ක්‍රියාකාරකම් සහ තරගාවලි
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව: මෙම සම්මේලනය විසින් පිරිමි මෙන්ම කාන්තා දෙපාර්ශ්වය සඳහාම බර පන්ති සහ වයස් කාණ්ඩ අනුව (Junior, Senior, Masters) තරගාවලි සංවිධානය කරනු ලබයි.

ජාත්‍යන්තර අවඛාන්ඩ
ශ්‍රී ලංකාවේ ජයග්‍රාහකයන්ට දකුණු ආසියානු ශුරතාවලිය, ආසියානු ශුරතා, ලෝක ශුරතා, ලෝක සටන් කලා ක්‍රිඩා උළෙල, ජාත්‍යන්තර ශුරතාවලි සහ ඩුබායි ඉන්දියා මැලේසියාවැනි රටවල පැවැත්වෙන ආරාධිත ශූරතා (Arm Wrestling Cup) සඳහා සහභාගී වීමට අවස්ථාව උදාකර දේ.

සම්බන්ධීකරණය
සම්මේලනය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනි.
අපගෙ නවතම නිවේදන, තරගාවලි දැනුම්දීම් සහ පුහුණු සැසි සඳහා Sri Lanka Arm Wrestling Federation - Facebook නිල ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධ විය හැක.
පුහුණුව හා ආධුනිකයන් සඳහා
ආම් රෙස්ලින් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන නවකයන් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
ආම් රෙස්ලින් ක්‍රීඩාවේ ආරම්භක පියවර සහ ශිල්පීය ක්‍රම පිළිබඳව පුහුණුව පානදුර පිහිටි පුහුණු මධ්යස්ථානයෙන් නොමිලෙ ලබාගතහැක.

ARM WRESTLING COMMITTEE OF SRI LANKA 18/05/2026

ශ්‍රී ලංකාවේ අත් පොර (Arm Wrestling) ක්‍රීඩාව ක්‍රමානුකූලව සංවිධානය වීම මේ වන විට ශ්‍රී ලංකා අත් පොර සම්මේලනය (Sri Lanka Arm Wrestling Federation) මගින් සිදුවන අතර, වයස් කාණ්ඩ (ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, මාස්ටර්) රැසක් යටතේ ජාතික සහ ආධුනික ශූරතා තරඟාවලි (Novices Championship) මෙරට ක්‍රියාත්මක වේ.

·Sri Lanka Arm Wrestling Federation
ජාත්‍යන්තරව, ලෝක අත් පොර සම්මේලනය (WAF) සහ ජාත්‍යන්තර අත් පොර සම්මේලනය (IFA) මඟින් සෑම වසරකම ලෝක හා මහද්වීපික ශූරතා සංවිධානය කරනු ලබයි. Levan Saginashvili වැනි ක්‍රීඩකයින් ලෝකයේ ප්‍රබලතම ශූරයන් ලෙස සැලකේ.

ඔබට මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමට හෝ ඉදිරි තරඟාවලි පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා අත් පොර සම්මේලනයේ නිල Facebook පිටුව වෙත පිවිසීමෙන් හෝ ඔවුන්ගේ නිල WhatsApp සමූහය ශ්‍රී ලංකාවේ අත් පොර (Arm Wrestling) ක්‍රීඩාව ක්‍රමානුකූලව සංවිධානය වීම මේ වන විට ශ්‍රී ලංකා අත් පොර සම්මේලනය (Sri Lanka Arm Wrestling Federation) මගින් සිදුවන අතර, වයස් කාණ්ඩ (ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, මාස්ටර්) රැසක් යටතේ ජාතික සහ ආධුනික ශූරතා තරඟාවලි (Novices Championship) මෙරට ක්‍රියාත්මක වේ.

·Sri Lanka Arm Wrestling Federation
ජාත්‍යන්තරව, ලෝක අත් පොර සම්මේලනය (WAF) සහ ජාත්‍යන්තර අත් පොර සම්මේලනය (IFA) මඟින් සෑම වසරකම ලෝක හා මහද්වීපික ශූරතා සංවිධානය කරනු ලබයි. Levan Saginashvili වැනි ක්‍රීඩකයින් ලෝකයේ ප්‍රබලතම ශූරයන් ලෙස සැලකේ.

ඔබට මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමට හෝ ඉදිරි තරඟාවලි පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා අත් පොර සම්මේලනයේ නිල Facebook පිටුව වෙත පිවිසීමෙන් හෝ ඔවුන්ගේ නිල WhatsApp සමූහය හා සම්බන්ධ වීමෙන් අවශ්‍ය පහසුකම් සලසාගත හැකිය.
https://chat.whatsapp.com/E8UMkD9kYUOHEO0iwVQeC0

Toproll ක්‍රමවේදය යොදාගෙන අත් පොර තරඟයකදී පහසුවෙන් ජයග්‍රහණය කරන ආකාරය මෙම වීඩියො මගින් දැකගත හැක.
https://youtu.be/7Yh5fOGH1_8?si=oTI_mB58BPUy6bOE:

ARM WRESTLING COMMITTEE OF SRI LANKA WhatsApp Group Invite

18/05/2026

National Arm Wrestling Championship 2026

ඔබගෙ අයදුම් පත පහත ලිපිනයට අදම යොමුකරන්න. Entry is Free

ආම්රෙස්ලින් ජාතික ශුරතාවලිය 2026,
අංක 91, "ජන නැගුම"
මොරෙන්තුඩුව, වාද්දුව.

🇱🇰ජයග්‍රහකයින් 2026 පුහුණු සංචිතයට සහ ඉදිරි ජාත්‍යන්තර තරඟ සදහා සුදුසුකම් ලබයි🇱🇰

ජේෂ්ඨ තරඟ අවු 18 වැඩි
කාන්තා 40kg -45kg -50kg -55kg -60kg -65kg -70kg +70kg +80kg -90kg +90kg

පිරිමි -55kg -60kg -70kg -75kg -80kg -85kg -90kg -100kg -110kg +110kg

කණිෂ්ඨ තරඟ අවු 15-18 අඩු

කාන්තා -40kg -45kg -50kg -55kg- 60kg -70kg +70kg
පිරිමි -45kg -50kg -55kg - 60kg -65kg -70kg -75kg -80kh -90kg +90kg

ප්‍රවීණ අවු 40- 49 50-60

1 -2 සහ 3 -3 ජයග්‍රහකයින්ට පදක්කම් සහතික පත් මුදල් ත්‍යාග සහ ටී ෂර්ටයක්
සහභාගි වන සැමට සහතික පතක්.
කිසිදු ගාස්තු අයකිරීමක් නැත.

#අත්පොර

15/05/2026

🇱🇰 National Arm Wrestling Championship 2026 🇱🇰

අත් පොර, හෑන් ෆයිට් හෙවත් ආම් රෙස්ලින්යනු ARM WRESTLING දෙදෙනෙකු අතර බාහු ශක්තිය උරගා බැලෙන ඉතා ආකර්ශණීය ක්‍රිඩාවකි. පාසල් සමයෙ හෑන් ෆයිට් ලෙස සැවොම අතර ජනප්‍රිය මෙය නොදන්නා කෙනෙක් නොමැත.ලොකු කුඩා සැමට මෙන්ම ආබාධිත උවද තම බාහු ශක්තිය උරගා බැලිය හැකි ඉතා සරල ක්‍රිඩාවකි. ලෝකයෙ පැරණිතම මල්ලව ක්‍රිඩාවක් වන මෙය දකුණු ආසියානු, ආසියානු, ලෝක ශුරතාවලිය ,ලෝක සටන් කලා ක්‍රිඩා උළෙල (Combat games) ලෝක විශ්වවිද්‍යාලීීය ක්‍රිඩා උළෙල, පැරා ඔලිම්පික් ඇතුලුව බොහෝ තරඟ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වේ. ජාත්‍යන්තරව ඉතා ජනප්‍රියමුත් දේශියව මෙය තරඟකාරී ක්‍රිඩාවක්ලෙස ප්‍රචලිතව නැත.අනෙකුත් ක්‍රිඩාවන්ගෙන් මෙන්ම ⁣ආම් රෙස්ලින් ක්‍රිඩාවෙන්ද ලංකාවට කීර්තියක් අභිමානයක් අත්කරදීමේ හැකියාව ඔබ සතුය.
ජාත්‍යන්තර වශ⁣යෙන් පළමුවරට ආම් රෙස්ලින් සදහා ශ්‍රි ලාංකීය කණ්ඩායමක් ක්‍රිඩා අමත්‍යංශ අනුමැතිය මත 2019 වර්ශයේ සව්දි අරාබියේ පැවති එත්නො යුනිවර්ස් ක්‍රිඩා උළෙල උදිත පීරිස් මහතාගෙ මුලිකත්වයෙන් එවකට යුද හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂතුමා වන මේජර් ජනරාල් අනුර සුදසිංහගෙ කළමනාකාරීත්වයෙන් සහභාගිවිය.

ආම් රෙස්ලින් ක්‍රිඩාව ශ්‍රි ලංකාව තුල ප්‍රචලිත කිරිම අරඹයා ශ්‍රි ලංකා ආම් රෙස්ලින් සම්මේලනය සංවිධානය කරන 3 වන සමස්ථ ලංකා ආම් රෙස්ලින් ශුරතාවලිය 2026 ජුනි මස අවසානයෙ පැවත්විමට නියමිතයි. සියලු ජයග්‍රහකයින් සදහා පදක්කම් සහතික පත් සහ මුදල් ත්‍යාග ප්‍රධාන කෙරෙනු ඇත.
මේ සදහා අනුග්‍රහයකත්වය ජන නැඟුම (පීවීටි) එල්ටීඩි ආයතනය සපයයි.
ශ්‍රි ලාංකීය තීරක විණිසුරු පුහුණු කරුවන් සහ ක්‍රිඩකයින් සදහා නවීන තාක්ෂණික දැණුම ලබාදීම සදහා ජාත්‍යන්තර පුහුණු කරූවෙකුගෙ සේවය ලබාදීමට ලෝක ආම් රෙස්ලින් සම්මේලනය (WAF) සහ දකුණු ආසියානු ආම් රෙස්ලින් කමිටුව කටයුතු යොදා ඇත. මේ සදහා ලෝත ආම් රෙස්ලින් සම්මේලනයෙ මහ ලේකම් Mircea SIMIONESCU-SIMICEL මහතා, ඉන්දීය ආම් රෙස්ලින් ලේකම් ප්‍රවීන්බාස් සහ ඉන්දීය පුහුණුකරුවෙකු ලංකාවට පැමිණිමට නියමිතයි.

පුහුණුකරු, තීරක විණිසුරු සහ ජාතික ශුරතාවලිය සදහා සහභාගි විමට ඔබගෙ අයදුම් පත ජුනි මස 15 දිනට පෙර පහත ලිපිනයට යොමුකරන්න.

🛑තීරක විණිසුරු, පුහුණුකරු පාථමලාව 2026
🛑ආම් රෙස්ලින් ජාතික ශුරතාවලිය 2026
සදහන් කර

අංක 91, "ජන නැගුම"
මොරොන්තුඩුව, වාද්දුව.

🇱🇰ජයග්‍රහකයින් 2026 -27 පුහුණු සංචිතයට සහ ඉදිරි ජාත්‍යන්තර තරඟ සදහා සහභාගිවිමට සුදුසුකම් ලබයි.
තීරක විණිසුරු සහ පුහුණුකරු පාථමලාව සාර්ථකව නිමකරන්නන්හට ජාත්‍යන්තර ශ්‍රෙණි පරීක්ෂණ තරඟ වැඩ සටහන් සදහා සම්බන්දවීමේ හැකියාව ඇත. 🇱🇰

අත් පොර ජාතික ශුරතාවලිය 2026
🛑Entry is Free🛑

💎ජේෂ්ඨ අවු 18 වැඩි

🙋‍♀️කාන්තා 40kg -45kg -50kg -55kg -60kg -65kg -70kg +70kg +80kg -90kg +90kg

🙋‍♂️පිරිමි -55kg -60kg -70kg -75kg -80kg -85kg -90kg -100kg -110kg +110kg

💎කණිෂ්ඨ අවු 15-18 අඩු

🧏‍♀️කාන්තා -40kg -45kg -50kg -55kg- 60kg -70kg +70kg

💁පිරිමි -45kg -50kg -55kg - 60kg -65kg -70kg -75kg -80kh -90kg +90kg

🎅ප්‍රවීණ අවු 40- 49 50-60

🥇1 🥈2 සහ 🥉3🥉3 ජයග්‍රහකයින්ට පදක්කම්🥇🥈🥉 සහතික පත් මුදල් ත්‍යාග සහ ටී ෂර්ටයක්
සහභාගි වන සැමට සහතික පතක්.
🛑🛑🛑කිසිදු ගාස්තු අයකිරීමක් නැත.
සියලු අයදුම්කරුවන් ශාරීරිකව යෝග්‍ය බවට වෛද්‍ය නිර්දේශය සහ අන්‍යතාව සනාථ කිරිම සදහා හැඳුනුම් පත ඉදිරිපත් කල යුතුය.


#අත්පොර

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo