NO PMC - For Free Education

NO PMC - For Free Education නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අපසතු යුතු කමක් නොව අප උර මත පැටවූ වගකීමකි!

දැවැන්ත සිසු ජන ව්‍යාපාරයක කැපකිරීම් මත ශ්‍රීලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට, නිදහස් අධ්‍යාපනයට සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයට මරු පහරක් වූ සයිටම් ආයතනය වසා දමා වැඩි කාලයක් ගත වන්නටත් මත්තෙන් නැවත වතාවක් වෛද්‍ය උපාධි කඩ පොකුරක් ආරම්භ කිරීමේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය විකිණීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට එරෙහි සටන යනු අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය රැකගැනීමේ සටනකි. අප නිදහස් අධ්‍යාපනයෙන් සහ න

ිදහස් සෞඛ්‍යයෙන් ප්‍රතිලාභ ලත් ශ්‍රී ලාංකිකයන් ලෙස එය අනාගත උපනූපන් දරු පරම්පරාවට උරුම කර දීම හෘද සාක්ෂියට අවංකව ජීවත් වන අප සැමගේ යුතුකමකි. ඒ සදහා අවංකව උත්සුක වන සියලුම ශ්‍රීලාංකිකයන් වෙත සහය පලකිරීම මෙහි අරමුණ වේ. එන්න අප සමග එක්වන්න

19/08/2026

මෙරට තුළ අවසන් වරට ERPM විභාගය පසුගිය මාර්තු අප්‍රේල් මාසයන්ට අදාළව පැවති අතර, එහි ප්‍රතිඵල පසුගිය ජුනි මසදී නිකුත්විය.


වර්තමානයේදී මෙම ERPM හා MBBS සම්පූර්ණ කොට සීමාවාසික පුහුණුව සඳහා ඇතුල්වීමට පවතින නීතිය වන්නේ,
"Commencement of internship appointment for candidates with foreign qualification should coincide with the commencement of appointment of the interns from the faculties of medicine in Sri Lanka."
"විදේශීය සුදුසුකම් ඇති අපේක්ෂකයින් සඳහා සීමාවාසික පත්වීම් ආරම්භ කිරීම, මෙරට වෛද්‍ය පීඨවලින් සීමාවාසිකයින් පත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සමපාත විය යුතුය." යන්නයි.

ඒ වනවිටත් MBBS උපාධිය සම්පූර්ණ කර, Intern නොහොත් සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් 2017 repeat,2018 Proper සහ 2018 repeat batches රැඳී සිටි අතර,මෙරට තුළ පවතින නීතියට අනුකූලව ERPM කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා බඳවාගත යුත්තේ ඔවුන්ට වඩාත් ආසන්නතම ලෙස MBBS සම්පූර්ණ කළ කණ්ඩායම සමඟයි.එනම් සීමාවාසික පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින කාලසීමාවෙහි අනුපිළිවල අනුවය.

ඒ අනුව 2026 මාර්තු මාසයෙදි ERPM සඳහා පෙනී සිටි අපේක්ෂකයින් Intern සඳහා සුදුසුකම් ලබනුයේ 2018 repeat කණ්ඩායම සමඟයි.

නමුත් මෙවර 2019 Final MBBS විභාගයේ commom mcq පත්‍රය 2026 අගෝස්තු 31 වන දිනට අදාළව ආරම්භ වීමට නියමිතය.

එවන් පසුබිමක 2026 වර්ෂයට අදාළව දෙවන වරට අදාළ ERPM විභාගය 2026 අගෝස්තු මස 24 දිනට අදාලව පැවැත්වීමට සූදානම් බවට SLMC ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වසරකට දෙවරක් පවත්වනු ලබන ERPM විභාගය අගෝස්තු 24 පැවත්වීමෙන් මෙරට MBBS සම්පූර්ණ කිරීමට සිටින 2019 proper කණ්ඩායමට පෙර ඔවුන් ERPM සඳහා මුහුණ දෙන පසුබිමක ඔවුන් 2019 MBBS කණ්ඩායමට පෙර සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් සැපිරීම සැලකිය යුතු තරමේ බරපතළ ගැටළුවකි.

ඉතා තරඟකාරීව උසස් පෙළට මුහුණ දී ඉන් ඉහළම ප්‍රතිඵල සමග මෙරට වෛද්‍ය පීඨ වලට තේරි පත්වී, මේ රටේම අහිංසක ජනතාවගේ බදු මුදලින් වසර 6කට ආසන්නව ඉගෙනුම ලබා, ඉහලම සුදුසුකම් සපුරාලන MBBS උපාධිදාරියා මගහරිමින්, අඩු සාමාර්ථ සහිතව පිටරට වෛද්‍ය අධ්‍යාපනය නිම කළ අඩු සුදුසුකම් සහිත ERPM සිසුන්ට මුල් තැන දෙමින් SLMC ආයතනය ගෙනයන මේ ක්‍රියාමාර්ගය අතිශය ගැටලුකාරී සහ ඔවුන්ගේ විනිවිද භාවය පිළිබඳව ඇති කරන්නේ කණගාටුදායක තත්වයකි.

Follow the වෙද ජය නද - Weda Jaya Nada channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb70QFf65yD2kmpPVR0n

18/08/2026

ඇත්තටම වෙන්නේ මේකයි.

හැම අවුරුද්දකම bio stream එකෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට medicine වලට ඇතුලත් කරගන්න සිසුගණන 2000 කට අධිකයි.

ඒ වගේම දැනට සේවය නියුතු වෛද්‍ය නිලධාරින් ගණන 23000 කට අධිකයි.

ඒත් ඉදිරි වසර පහක කාලයක් ගත්තත් ඒ ඇතුලත විශ්‍රාම යාම නිසා පද්ධතියෙන් ඉවත් වෙන්නේ 2100 වගේ ඉතාම සුළු ප්‍රමාණයක්.

එවන් තත්වයක් මත වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් අතිරික්තයක් නුදුරු අනාගතයෙම නිර්මාණය වෙනවා.

එතකොට මේ වගේ Medical Faculty ඉන්න හැමෝමත් රාජ්‍ය සේවයට බදවා ගන්න අපොහොසත් වෙලා ඉන්න කාලෙක කරලියට ඇවිත් ඉන්න චරිතේ තමයි KDU වෙද උපාධි කඩේ.

KDU හරහා වෙද උපාධිය විකුණන එක දැන් යම් කාලෙක ඉදල සිද්ධ වෙනවා. ප්‍රශ්නය එතනින් නවතින්නෙ නැහැ. මේක ආරම්භයක් පමණයි.

🛑 මොකද්ද මේ KDU?

KDU විශ්ව විද්‍යාල කියන්නේ පූර්ව නිලධාරි කැඩෙට් පුහුණුව හා මුලික සේනා පුහුණුවට අධ්‍යන පහසුකම් සපයන්න පිහිටවපු විශ්ව විද්‍යාලයක්.
සරලම වචනයෙන් ගත්තොත් හමුදාවට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන එක තමයි KDU හි පරමාර්ථය වෙන්නේ සහ පරමාර්ථය විය යුත්තේ.

මෑතක් වෙනකන් KDU වෛද්‍ය පීඨයට ඇතුල් කරගත්ත බහුතරය කැඩෙට් නිලධාරීන් උනත් 2025/2026 ආසන්නතම බදවා ගැනීමේ ගත්තත් කැඩෙට් නිලධාරීන් ඉන්නේ 3 දෙනෙක් විතරයි. ඉතිරි අතිමහත් බහුතරයම රුපියල් ලක්ෂ 175 ක්‌ වගේ මුදලක්‌ ගෙවලා ඇතුලත් කරගත්ත සිවිල් සිසුවන්.

අපි මේකෙ ප්‍රශ්න කතා කරමු.

📌 ඇයි කොතලාවල වෛද්‍ය පීඨය හරහා මේ ලබා දෙන උපාධිය ප්‍රශ්න කරන්නේ?

1. පැහැදිලිවම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය, එය පිහිටවපු මූලික "පරමාර්ථයෙන්" බැහැර වෙලා තියෙනවා. ඒකට කිසිදු ප්‍රතිතර්කයක් නැහැ. හමුදාවට අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් බිහිකිරීම තවදුරටත් අරමුණක් විදියට දකින්න ලැබෙන්නේ නැහැ සහ මේ ආකාරයට ඉදිරියට ගියොත්, කැඩෙටින් ශිෂ්‍යයන් දකින්නම නොලැබෙන තත්ත්වයක් ඒවිද කියලත් සැක පහළ කරන එක සාධාරණයි! KDU එක පිහිටවන්නෙත් රජයේ මුදල් - ඒ කියන්නේ අවසාන වශයෙන් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් බව අමතක කරන්න හොඳ නැහැ. රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, KDU එකට වඩා වැඩි හමුදා කැඩෙට් නිලධාරීන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා! එතකොටම තේරෙනවා මේ යන්නේ මොන අරමුණකටද කියල
2. කෙනෙක්ට අහන්න පුළුවන් ඇයි KDUම ප්‍රශ්න කරන්න කියලා - මේ මොහොතේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මූලික වෑයම තමයි ඔය විදියට දකින්නේ. මේ දේ වෙනස් වුණේ නැත්නම් මේක හොඳ උදාහරණයක් සහ උත්පේරණයක් බවට පත්වනවා. ඒ තුළින් ඇතිවන effect එකෙන් වෛද්‍ය අධ්‍යාපනය බරපතල ලෙස වෙළඳ මහතුන්ගේ දෑත් වලට තල්ලු කරන්න ආරම්භයක් ගන්න හැකිවනවා. මේක ආරම්භයක් පමණක් වන බව අමතක කරන්න හොඳ නැහැ.

🛑ඇයි private Medical College එපා කියන්නේ?

ප්‍රශ්නය දිහා මතුපිටින් බලපු හැබැයි ටිකක් හිතන කෙනෙක්ට එන්න පුළුවන් තාර්කිකයි කියල හිතෙන ප්‍රශ්න කිහිපයක් තියෙන්න පුළුවන්.

1.ඇයි ලංකාවේ විතරක් රජයේ වෛද්‍ය අධ්‍යාපනයයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි එක හා සමානව ගෙනියන්න බැරි?
2.ඇයි වෙනත් රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කිසි ගැටළුවක් නැතුව තියෙන්නේ?

1. පළවෙනියට තේරුම් ගන්න ඕනි දේ තමයි, ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ හදවත වෙන්නේ එහෙමත් නැත්නම් මූලික අඩිතාලම වෙන්නේ, නිදහස් සෞඛ්‍ය සේවය.

ලංකාවේ පෞද්ගලික රෝහල් තිබුනත්. රටේ සාතිශය බහුතරයක් වූ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ, රජයේ රෝහල් පද්ධතිය මගින්. ඒ පද්ධතියට අවශ්‍ය වෘත්තිකයන් සපයන ප්‍රධානතම සහ ශක්‍යතාවය අතින් ඉහළම ක්‍රමය වෙන්නේ නිදහස් අධ්‍යාපනය හරහා රජයේ වෛද්‍ය පීඨ තුළින් ලබා දෙන නිදහස් වෛද්‍ය අධ්‍යාපනය.
වෛද්‍ය අධ්‍යාපනයේ මූලිකම දේ සායනික පුහුණුවනේ.

ඔය සායනික පුහුණුව හරියට ගන්න පුළුවන් රජය රෝහල් තුළින් පමණමයි. අවශ්‍ය රෝගීන් ප්‍රමාණයත්, විවිධත්වයත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණවත් බවත් තියෙන්නේ රජය රෝහල්වල පමණයි.

එතනත් සීමිත වූ රෝහල් ප්‍රමාණයක පමණමයි!

සරලම කතාව පෞද්ගලික රෝහලකින් හරිහැටි සායනික පුහුණුවක් ලබා දෙන්න බැහැ.

එතකොට තියෙන ප්‍රශ්නය තමයි, පෞද්ගලික වෛද්‍ය පීඨයක් පිහිටෙව්වොත්, එක්කෝ ප්‍රමිතියෙන් අඩු මට්ටමේ පුහුණුවක් පෞද්ගලික රෝහලක් තුළින් ලබා දෙන්න සිද්ධ වෙනවා. නැත්තම් දැනට රජයේ වෛද්‍ය පීඨ වලට වෙන්කරලා තියෙන රෝහල් බෙදලා වෙන් කරලා ඒවට දෙන්න වෙනවා. කොටින්ම කිව්වොත් එතකොට රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට තියා එහෙම එන පෞද්ගලික ශිෂ්‍යයන්ටවත් හරිහැටි පුහුණුවක් ලබාගන්න සිද්ධ වෙන්නේ නැහැ!

සරලවම කිව්වොත් නිදහස් සෞඛ්‍යයි නිදහස් වෛද්‍ය අධ්‍යාපනයයි කියන්නේ. එකම කාසිය දෙපැත්ත වගේ.

2.ඕක අනිත් රටවල් වල ඒ විදිහට නෙමෙයි තියෙන්නේ. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය වගේ රටවල්වල සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශය සතුවයි තියෙන්නේ. ඉතින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඊට අදාලව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් නැහැ!

කතාව ගොඩක්ම සරල කළොත්

ලංකාව වගේ රටක PMC සහ Government Medical Faculty වලට එකට survive වෙන්න බෑ. මොකද!
සම්පත් සීමිතයි.
සායනික පුහුණුව දෙන teaching hospital සීමිතයි.
ආචර්යවරු සීමිතයි.

රජයේ වෙද්‍ය පීඨ 12ටවත් හරියට මේ සම්පත් බෙදල දීල නැ. හරියට මහාචර්ය ඒකක, Acedmic staff එකක් නැති faculty තවම තියෙනව.
PMC පටන් ගත්තොත් ඒ සම්පත් මුදලට යට වෙලා Government medical Faculties වලට අහිමි වෙන එක නවත්තන්න බෑ. එහෙම වෙලා Government Medical Faculty ටික වැහිලා ගියහම මේ රටේ doctor කෙනෙක් වෙන්න පුලුවන් කෝටිපතියෙක්ගේ ලමයෙක්ට විතරයි.

නිදහස් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් රටේ මිනිස්සු තමන්ගේ බදු මුදල් වියදම් කරනවා.

ඒ නිසා ඒ මිනිස්සුන්ට අයිතිවාසිකමක් තියෙනවා "උගත්ම ප්‍රවීණතම දක්ෂතම හැකියාවෙන් උසස්ම" වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීමට. සරලම කතාව දක්ෂයාට මුල් තැන ලැබෙන්න ඕනේ. ඒක සල්ලි වලට යට විය යුතු නැහැ.
රටේ මිනිස්සු ඒක තමන්ගේ අයිතිවාසිකමක් බව දකින්න ඕනේ.


වෛද්‍ය අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනයට වෙන දැවැන්ත අනතුර පිළිබද පොදු මහ ජනතාවගේ දෑස් විවර වියයුතු කාලයක් මේක.
මොකද මේක මිනිස්සුන්ගේ අයිතියක්! මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධ සියුම් ප්‍රශ්නයක්!

_" දොන් නම් දොන් සිමොන් නම් සිමොන් දොන් සිමොන් දෙකක් බෑ "_ කියලා තමන් බලයට එන්න කලින් එක්තරා කලෙක මාධ්‍ය සාකච්ඡා වල නිදහස් අධ්‍යාපනයට තටු දෙන්න කතා කරපු වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ පුටුවල ඉන්න පිරිස් මේ ගැටළු දෙස ඇස් කන් නොවිමසා බලා සිටීම සත්‍ය වශයෙන්ම කණගාටුවට කරුණක්!!!

ඒ නිසා පෞද්ගලික සහ දේශපාලනික ලාභ ප්‍රයෝජන තකන එවන් පිරිස්වලට මේ ආකාරයෙන් තීන්දු තීරණ ගන්න ඉඩදී බලා සිටි කාලය නිම වී ඇති බව සිහිපත් කළ යුතුම වෙනවා.



Follow the වෙද ජය නද - Weda Jaya Nada channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb70QFf65yD2kmpPVR0n

18/08/2026

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය: දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ සාධාරණත්වය පිළිබඳ විමර්ශනයක් 🧠

දිස්ත්‍රික් කෝටා ක්‍රමය මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිස්ත්‍රික්කවලට ලැබී ඇති වාසි පිළිබඳව මත භේදයක් නොමැත. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් මෙවැ ක්‍රමයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් විරුද්ධ විය නොහැකි වුවද, එවැනි යාන්ත්‍රණයන් සාධාරණ, යථාර්ථවාදී හා කාලානුරූපීව සංශෝධනය විය යුතු බවද අවිවාදිතය. මේ මොහොතේ අප සිටින්නේ එවැනි තීරණාත්මක අවස්ථාවක බව, මෙම ක්‍රමය මඟින් ඇතිවී ඇති ප්‍රතිඵල විමසන විට පැහැදිලි වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් වරෙක පෙන්වා දී ඇති පරිදි, වාර්ෂිකව ශිෂ්‍යයන් දහසක් පමණ වෛද්‍ය විද්‍යා පීඨයට ඇතුළත් වන විට, ඒ අතර සිටින අවම ලකුණු ලැබූ ශිෂ්‍යයාට වඩා ඉහළ ලකුණු ලබා තිබියදීත් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට නොහැකි වන සිසුන් සංඛ්‍යාව දෙදහසකට ආසන්න වේ. එමඟින් දිස්ත්‍රික් කෝටා ක්‍රමය හරහා අප ලබා ගන්නා ප්‍රතිලාභය සඳහා ගෙවනු ලබන සමාජීය "මිල" සාධාරණද යන්න ගැටළුවක් මතු වේ. එමෙන්ම මෙම ක්‍රමයෙන් අපේක්ෂිත මූලික අරමුණු සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වේද යන්නද විමසිය යුතුය. මෙම ක්‍රමයේ මූලික අරමුණ වන්නේ අඩු අධ්‍යාපන පහසුකම් ඇති ප්‍රදේශවල සිසුන්ට අසාධාරණයක් වීම වැළැක්වීමය. නමුත් ප්‍රායෝගිකව, මෙහිදී ප්‍රතිලාභ ලැබෙන ඒකකය ලෙස සැලකෙන්නේ පුද්ගල සිසුවා හෝ ඔහුගේ පාසල නොව, ඔහු අයත් දිස්ත්‍රික්කයයි. එහෙත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක යනු අධ්‍යාපන පහසුකම් මට්ටම මැනීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද ඒකක නොව, පරිපාලන පහසුව සඳහා නිර්මාණය කරන ලද ඒකක බව පැහැදිලිය. ඒ අනුව, දිස්ත්‍රික්කයක් යනු සමාන අධ්‍යාපන පහසුකම් පවතින ඒකකයක් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස, පැලියගොඩ සිට කොළඹ නගරයට ගමන් කිරීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. එහෙත් එය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන බැවින්, කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව වෙනස් කඩ ඉම් ලකුණු ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කොළඹ නගරයේ පහසුකම් භුක්ති විඳින පැලියගොඩ සිසුන්ටත්, අවට ප්‍රදේශ වල සිසුන්ටත් විවිධ ප්‍රවේශ අවස්ථා හිමිවී ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශය සැලකූ විට මෙම අසමතුලිතතාව තවදුරටත් පැහැදිලි වේ. එය කොළඹ නගරයෙන් පැය දෙක හමාරක පමණ දුරකින් පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් වුවද, එහි සිසුන්ට තරග කිරීමට සිදුවන්නේ නාගරික ප්‍රමුඛ පාසල්වල සිසුන් සමඟය. එබැවින්, ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වේ.

වෙන්නප්පුව ප්‍රදේශය තවත් විශේෂ උදාහරණයකි. එය නාගරික මට්ටමට ආසන්න ලෙස සංවර්ධිත ප්‍රදේශයක් වුවද, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වීම හේතුවෙන් "දුෂ්කර දිස්ත්‍රික්" කෝටා ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ඇත. මෙවැනි තත්ත්වයන් දිවයින පුරා විවිධ ආකාරයෙන් දැකිය හැක. ඒ අනුව, අධ්‍යාපන පහසුකම් මට්ටම දිස්ත්‍රික්කය මත පදනම්ව නිර්ණය කිරීම තාර්කික නොවේ. "අධ්‍යාපන පහසුකම්" යන්නෙන් අදහස් වන්නේ හොඳ පාසල්, ගුරු සම්පත් සහ අවස්ථා යනාදියයි. එහෙත් කොළඹ දිස්ත්‍රික්කය තුළම ඉතා ප්‍රසිද්ධ පාසල්වලට ආසන්නවම දුර්වල පාසල්ද පවතී. එසේම බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරවල කොළඹ ප්‍රධාන පාසල් සමඟ තරග කළ හැකි පාසල්ද පවතී.

ඒ අනුව දිස්ත්‍රික්කය යනු අධ්‍යාපන ගුණාත්මකභාවය හෝ සංවර්ධන මට්ටම මැනීමට සුදුසු ඒකකයක් නොවේ. එබැවින් මෙම ක්‍රමය මඟින් සාධාරණත්වය සම්පූර්ණයෙන්ම ලබාදෙන බව ප්‍රකාශ කළ නොහැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස, අධ්‍යාපනයට තම ජීවිතයම කැප කරන නාගරික සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව පෙනේ. ඇතැමුන් මෙම ගැටලුව දෙස බලන්නේ “දුප්පත් සිසුන්ට අවස්ථාව ලබාදීම සඳහා යම් අසාධාරණයක් සිදුවීම පිළිගත හැක" යන අදහසින් වුවද, යථාර්ථයේදී මෙයින් වැඩි පුරම පීඩාවට පත්වන්නේ ධනවත් පන්තිය නොව නාගරික මධ්‍යම පන්තියේ සාමාන්‍ය සිසුන්ය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම පිළිබඳ යෝජනාවන් අලුත් ඒවා නොවේ. 1987 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පත් කළ කමිටුවක්ද මෙය අහෝසි කිරීම යෝජනා කර තිබේ. එසේම 1991 සහ 1995 වසරවලදීද සංශෝධන යෝජනා ඉදිරිපත් විය. එහෙත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවූ අතර, සීමිත වෙනස්කම් පමණක් සිදුවිය. ඒ අනුව, වසර ගණනාවක් පුරා මෙම ක්‍රමය නොවෙනස්ව පැවතීම සැබෑ ලෙසම දක්ෂ සිසුන්ට අසාධාරණයක් බව පැහැදිලිය. එබැවින් මෙම ක්‍රමය දැන්වත් සංශෝධනය කිරීම අවශ්‍ය වේ.

මෙය යම් මට්ටමකින් සංශෝධනය කළහොත්, වෛද්‍ය හා ඉංජිනේරු වැනි පීඨවලට ඇතුළත් වීමේ දැඩි තරගය යම් තරමකින් ලිහිල් විය හැකි අතර, නාගරික සිසුන්ගේ අපේක්ෂාභංගත්වයද අඩු විය හැක. අවශ්‍ය නම්, මෙය සම්පූර්ණයෙන් අහෝසි කළ නොහැකි තත්ත්වයකදී වුවද, කුසලතා පදනම 70% ක් සහ දිස්ත්‍රික් කෝටාව 30% ක් ලෙසවත් සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

Follow the වෙද ජය නද - Weda Jaya Nada channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb70QFf65yD2kmpPVR0n

15/08/2026

What happens to a medical graduate after completing internship in S...

15/08/2026

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා, Internship එක අවසන් කළාට පස්සේ මොකද වෙ...

09/08/2026
The Bitter Truth About the Foreign Medical Degree Industry That Most Sri Lankans Don’t KnowNot everyone who returns to S...
28/07/2026

The Bitter Truth About the Foreign Medical Degree Industry That Most Sri Lankans Don’t Know

Not everyone who returns to Sri Lanka as a foreign medical graduate comes from the same university. Nor do they all graduate from the world’s top-ranked medical schools, as many people assume.

In many countries, offering medical degrees to international students has become a profitable source of foreign exchange. To cater to this market, universities have established separate English medium medical degree programs specifically for international students. However, in many cases, the clinical training, examination standards, and overall academic requirements of these programs are considerably lower than those of the medical degrees offered to domestic students.

Because failure and repetition rates are often very low, students can complete their degrees relatively quickly. These programs are also generally more affordable than well established, higher quality medical schools. As a result, they attract large numbers of students from South Asian countries such as Sri Lanka, India, and Bangladesh.

Another major concern is the language barrier. In the past, many foreign medical schools required international students to spend at least the first one or two years learning the local language, as effective communication with patients is essential during clinical training—the most important component of a medical degree. Today, however, many English-medium programs no longer require adequate proficiency in the local language. Consequently, students may receive limited meaningful clinical exposure because they cannot communicate effectively with patients. Some graduates from such programs may have interacted directly with only a very small number of English-speaking patients throughout their entire clinical training.

This quality issue is often not a significant problem for the countries offering these programs because many of these graduates are not expected to enter their domestic healthcare systems. Those countries train their own local medical students separately to meet national workforce needs. The real impact is felt by countries like ours, where these graduates later seek to practise.

It is important to acknowledge that there are also graduates who return from well-established, high-quality medical schools. However, the clinical component of the ERPM examination, which is intended to rank and assess graduates from a wide range of institutions, has been simplified to such an extent that it is no longer able to reliably distinguish the most competent candidates. This is unfair not only to patients but also to graduates who have received rigorous training and earned highquality medical degrees.

Many doctors who have served as examiners for the ERPM examination have recognized this problem firsthand. They understand that the candidates who pass this examination may eventually work alongside them in hospital wards. Yet, the majority of the Sri Lankan public has not fully appreciated the implications of this issue. Instead, many continue to view the opposition to these concerns as nothing more than professional jealousy or protectionism.

The decisions that the Sri Lanka Medical Council and the Government make today ,whether right or wrong may take years before their consequences become fully visible. By the time those consequences are apparent, however, it may already be too late.

ලංකාවේ අය බහුතරයක් නොදන්න විදෙස් වෛද්‍ය උපාධි මාෆියාවේ තිත්ත ඇත්ත !!!ලංකාවට විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට විදියට එන හැමෝම එ...
28/07/2026

ලංකාවේ අය බහුතරයක් නොදන්න විදෙස් වෛද්‍ය උපාධි මාෆියාවේ තිත්ත ඇත්ත !!!

ලංකාවට විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට විදියට එන හැමෝම එන්නෙ එකම විශ්ව විද්‍යාලයකින් නෙමෙයි. ඒ වගේම සමහරු හිතනව වගේ ලෝකෙ හොඳම Ranking තියන විශ්ව විද්‍යාල වලිනුත් නෙමෙයි.
මේ හුගක් රටවල වෛද්‍ය උපාධිය විකිණීම ලාබදායී විදේශ විනිමය හොයන මාර්ගයක් වෙලා තියෙන්නෙ. ඔවුන් ඒ වෙනුවෙන්ම International students ලට වෙනම ඉංග්‍රීසි මාධ්‍ය Degree programs හදලා තියෙනවා. හැබැයි ඒ Degree programs වල ලැබෙන සායනික පුහුණුව (clinical training) , විභාග ප්‍රමිතිය සහ අනෙකුත් standards ඒ රටේ දේශීය වෛද්‍ය ශිෂ්‍යයන්ට දෙන උපාධිය එක්ක බැලුවම බොහොම බාල මට්ටමක තියෙන්නෙ. ඒ වගේම Fail/repeat කිරීම ඉතාම අවම නිසා ඉක්මනින් උපාධිය අරගෙන එන්න පුළුවන් වීම නිසාත් සාපේක්ෂව හොඳ වෛද්‍ය විද්‍යාල වලට වඩා affordable නිසාත් මේ කියන විශ්ව විද්‍යාල වලට ලංකාව ඉන්දියාව බංගලාදේශය වගේ දකුණු ආසියානු රටවල ශිෂ්‍යයන් ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනව.
අනිත් ගැටලුව තමයි භාෂාව , ඉස්සර හුගක් විදෙස් වෛද්‍ය උපාධි දෙන විශ්ව විද්‍යාල වල මුල් වසර හෝ දෙක අදාල රටේ භාෂාව ඉගෙනීම අනිවාර්යයි. මොකද උපාධියේ වැදගත්ම කොටස වෙන සායනික පුහුණුවට රෝගීන් එක්ක කතා කිරීම අත්‍යාවශ්‍ය වෙන නිසා. හැබැයි දැන් බහුතරයක් තැන් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය කරනව මිසක් අදාල භාෂාව නොදන්නා නිසා සායනික පුහුණුවක් හරියාකාර විදියට ලැබෙන්නෙ නෑ. ඉතින් මේ වගේ විශ්ව විද්‍යාල වලින් එන බහුතරයක් සමහර විට ජීවිත කාලෙටම හරියට බලල තියෙන්න අතේ අගිලි ගානටත් වඩා අඩු ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් රෝගින් ගණනක්.
හැබැයි මේ ප්‍රමිතියේ ගැටලුව ඒ රටවලට ප්‍රශ්නය්ක් වෙන්නෙ නෑ මොකද මේ උපාධිධාරීන්ට ගොඩක් වෙලාවට ඒ රටවල රැකියාව දෙන්නෙ නෑ. ඒ රටවලට අවශ්‍ය වෛද්‍යවරු හරි ප්‍රමිතියකින් වෙනම හදන නිසා. ගැටලුව වෙන්නෙ අපේ රටවල සෞඛ්‍ය පද්ධතියට.
හොඳ වෛද්‍ය පීඨයකින් උපාධිය අරන් එන යම් පිරිසකුත් මේ අතර ඉන්නවා. හැබැයි ඒ හැමෝවම පෙරලා Rank කරන ERPM විභාගයේ සායනික කොටස බොහොම සරල කරලා සැබෑ දක්ෂයා තෝරගන්න බැරි මට්ටමකට පත් කරලා ඉවරයි. ඒක ඇත්තටම හොඳ දැනුමක් එක්ක හොඳ උපාධියක් අරන් එන ශිෂ්‍යයෙක්ටත් වෙන අසාධාරණයක් .
ERPM විභාගෙට Examiners ලා විදියට ගිය වෛද්‍යවරුන් බහුතරයකට මේ ගැටලුව හොඳටම තේරිලා තිබුනා. මොකද කවදා හරි ඒ විභාග pass වෙලා එන වෛද්‍යවරු තමන්ගේ වාට්ටු වල වැඩ කරන්න එනවා නේද කියන බය නිසා. හැබැයි ලංකාවෙ සාමාන්‍ය පුරවැසියන් බහුතරයකට "අපිටත් මේ වගේ වෛද්‍යවරුන්ගෙන් බේත් ගන්න වෙනවා නේද" කියන බිය මතු වෙලා නෑ. තාමබහුතරයක් මේක දකින්නෙ කුහක කම නිසා කරන විරුද්ධ වීමක් විදියට.
වෛද්‍ය සභාව සහ රජය මේ ගැන දැන් ගන්න හරි හෝ වැරදි තීරණ වල ප්‍රතිපල පේන්න ටිකක් කල් යයි. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි

-copied

19/07/2026

Why Are Medical Graduates Waiting Over 1.5 Years for Internship?

🎙️Beyond the White Coat | Episode 04

🔴 Watch the full video on YouTube - https://youtu.be/SjYtW147mIQ

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Follow MFSAC on Instagram - https://www.instagram.com/mfsac_srilanka?igsh=bGFtdXVkMXcxczcw&utm_source=ig_contact_invite

🔴 Follow MFSAC on TikTok -
https://www.tiktok.com/

🔴 Follow MFSAC on WhatsApp - https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m

🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/

- Medical Faculty Students' Action Committee -

19/07/2026

🎙️ Beyond the White Coat | Episode 04Why Are Medical Graduates Wa...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when NO PMC - For Free Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NO PMC - For Free Education:

Shortcuts

Share

Category