19/08/2026
මෙරට තුළ අවසන් වරට ERPM විභාගය පසුගිය මාර්තු අප්‍රේල් මාසයන්ට අදාළව පැවති අතර, එහි ප්‍රතිඵල පසුගිය ජුනි මසදී නිකුත්විය.
වර්තමානයේදී මෙම ERPM හා MBBS සම්පූර්ණ කොට සීමාවාසික පුහුණුව සඳහා ඇතුල්වීමට පවතින නීතිය වන්නේ,
"Commencement of internship appointment for candidates with foreign qualification should coincide with the commencement of appointment of the interns from the faculties of medicine in Sri Lanka."
"විදේශීය සුදුසුකම් ඇති අපේක්ෂකයින් සඳහා සීමාවාසික පත්වීම් ආරම්භ කිරීම, මෙරට වෛද්‍ය පීඨවලින් සීමාවාසිකයින් පත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සමපාත විය යුතුය." යන්නයි.
ඒ වනවිටත් MBBS උපාධිය සම්පූර්ණ කර, Intern නොහොත් සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් 2017 repeat,2018 Proper සහ 2018 repeat batches රැඳී සිටි අතර,මෙරට තුළ පවතින නීතියට අනුකූලව ERPM කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා බඳවාගත යුත්තේ ඔවුන්ට වඩාත් ආසන්නතම ලෙස MBBS සම්පූර්ණ කළ කණ්ඩායම සමඟයි.එනම් සීමාවාසික පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින කාලසීමාවෙහි අනුපිළිවල අනුවය.
ඒ අනුව 2026 මාර්තු මාසයෙදි ERPM සඳහා පෙනී සිටි අපේක්ෂකයින් Intern සඳහා සුදුසුකම් ලබනුයේ 2018 repeat කණ්ඩායම සමඟයි.
නමුත් මෙවර 2019 Final MBBS විභාගයේ commom mcq පත්‍රය 2026 අගෝස්තු 31 වන දිනට අදාළව ආරම්භ වීමට නියමිතය.
එවන් පසුබිමක 2026 වර්ෂයට අදාළව දෙවන වරට අදාළ ERPM විභාගය 2026 අගෝස්තු මස 24 දිනට අදාලව පැවැත්වීමට සූදානම් බවට SLMC ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වසරකට දෙවරක් පවත්වනු ලබන ERPM විභාගය අගෝස්තු 24 පැවත්වීමෙන් මෙරට MBBS සම්පූර්ණ කිරීමට සිටින 2019 proper කණ්ඩායමට පෙර ඔවුන් ERPM සඳහා මුහුණ දෙන පසුබිමක ඔවුන් 2019 MBBS කණ්ඩායමට පෙර සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් සැපිරීම සැලකිය යුතු තරමේ බරපතළ ගැටළුවකි.
ඉතා තරඟකාරීව උසස් පෙළට මුහුණ දී ඉන් ඉහළම ප්‍රතිඵල සමග මෙරට වෛද්‍ය පීඨ වලට තේරි පත්වී, මේ රටේම අහිංසක ජනතාවගේ බදු මුදලින් වසර 6කට ආසන්නව ඉගෙනුම ලබා, ඉහලම සුදුසුකම් සපුරාලන MBBS උපාධිදාරියා මගහරිමින්, අඩු සාමාර්ථ සහිතව පිටරට වෛද්‍ය අධ්‍යාපනය නිම කළ අඩු සුදුසුකම් සහිත ERPM සිසුන්ට මුල් තැන දෙමින් SLMC ආයතනය ගෙනයන මේ ක්‍රියාමාර්ගය අතිශය ගැටලුකාරී සහ ඔවුන්ගේ විනිවිද භාවය පිළිබඳව ඇති කරන්නේ කණගාටුදායක තත්වයකි.
Follow the වෙද ජය නද - Weda Jaya Nada channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb70QFf65yD2kmpPVR0n