Dreamoutique Online Academy

Dreamoutique Online Academy

Share

Welcome to Dreamoutique academy the premier online destination for beauty and hair education. With a focus on innovation and excellence,

Our academy is dedicated to providing comprehensive, high-quality training to aspiring beauty professionals worldwide.

19/04/2026

සල්ලි වලට ගන්න පුලුවන් "උපාධි ලෝගුව" සහ ඒත්. .මිල කළ නොහැකි "බුද්ධිමත්කම"..✍️🙏🙏🤔🤔🥰🥰💄💄💄

🌸​"සමහර ඇඳුම් සල්ලිවලට ගන්න පුළුවන් වුණාට, මේ ඇඳුම දිනාගන්න ඕනෑ. "

මේ දවස්වල වයිරල් වෙලා තියෙන චායාරූපයක් සහ ප්‍රසිද්ධ වැකියක්.

ඒක ඇත්ත.හැබැයි ඒ ඉස්සර.
මොකද ඒ කාලෙ මේක සල්ලි වලට විකුණුනේ නෑනෙ.ඒත් අද වෙද්දී ඒ වටිනාකම කොහේද තියෙන්නේ?..
ඒ නිසාම මට හිතුනා තිත්ත උනත් ඇත්ත වෙන මගේ හිතේ අදහසත් අකුරු කරන්න.

🌸​ඉස්සර අපේ සමාජයේ මේ කළු ලෝගුව දැක්කම දැනුණේ ගෞරවයක්. අවුරුදු හතරක් දහඩිය මහන්සියෙන්, නිදිමරාගෙන, පොත් පත් සමඟ පොරබදා ලබන ඒ උපාධියට ලැබෙන පිළිගැනීම ඒ ඇඳුමෙන් ඉස්මතු වුණා. ඒක සල්ලිවලට ගත්ත එකක් නෙමෙයි, බුද්ධියෙන් දිනාගත්ත එකක්.
හැබැයි අද වෙද්දී ඒ උත්තරීතර සංකේතය, කළුකඩ මුදලාලිලාගේ සාක්කු පුරවන වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා තියෙන එක කොයිතරම් ශෝචනීයද?

🌸​අද මේ ඇඳුම සමාජ මාධ්‍ය වලට දාන විහිළුවක් වෙලා. විකට ඇදුම් තරගෙට අදින ඇදුමක් වගේ වෙලා.
මොන්ටිසෝරි දරුවාගේ සිට, මාස දෙකේ මැහුම් පාඨමාලාව, රූපලාවන්‍ය සහතික පත්‍රය, කේක් හැදීමේ ඩිප්ලෝමාව, කොටින්ම මොඩ්ලින් ක්ලාස් එක දක්වාම ඕනෑම තැනක මේක අන්දවනවා.

🌸කාගේත් හිත් වල මේ වගේ ලෝගුවක් ඇඳීමේ අහිංසක හීනයක් තියෙන එක වැරදි නෑ.
ඒත් ඒ අහිංසක ආසාව අවභාවිතා කරමින්, ඇතැම් ආයතන අද කරන්නේ තරුණ පරපුරේ උද්යෝගය අමු අමුවේ මුදලට විකිණීමයි.

🌸​සමහරු ඉන්නවා, මේ පාට පාට ලෝගුවලට තියෙන ලෝභකමට සහ සමාජ මාධ්‍ය හරහා අන් අයට පෙන්වීමට තියෙන පිස්සුවට, මොන මොනවා හරි කරලා සල්ලි විසිකරලා, මාස දෙකේ කෝස් එකටත් ලෝගු දාගෙන උත්සව වලට යනවා.
සැලොන් එකක තොරණක් වගේ පාට පාට ලෝගු ඇඳගෙන ෆොටෝ ගහන එකේ නම් අඩුවක් නැහැ.
හැබැයි, සැබෑ තත්වෙ පේන්නේ වැඩක් කරන්න ගියාම තමයි ලෝගුවේ තරම තේරෙන්නේ.
මොකද ලෝගුවට තණ්හා වුණාට වැඩක් නැහැ, ඔළුව ඇතුලේ මොකුත්ම නැත්නම්.

🌸​ආයතනයකට මුදලක් ගෙවූ පමණින්, පිටු දහයක අතින් ලිවූ 'ඇසයින්මන්ට්' එකක් බාර දුන් පමණින්, අද ඕනෙම කෙනෙක්ට මේ ලෝගුව ඇඳගෙන ෆොටෝ එකක් ගහන්න පුළුවන්.

🌸 විශ්වවිද්‍යාලයකින් දේශන ශාලාවල, පුස්තකාලවල, නිදිමරාගෙන දහඩිය මහන්සියෙන් ලබා ගන්න උපාධියක සහ ඒ ලෝගුව පිටුපස විශාල බුද්ධිමය වටිනාකමක් තියෙනවා.
ඒත් සල්ලි වලට විකිණෙන මේ වර්ණවත් ලෝගු කඩවලින් එළියට එන අයගේ ලඟ ඇත්තේ මොනවද?
දැනුමෙන් පිරි මොළයකට වඩා ඔවුන් අතේ ඇත්තේ ලෝගුවක්, සහතිකයක් සහ සිනාමුසු මුහුණින් යුත් ෆේස්බුක් ඡායාරූපයක් පමණි.

🌸​සමාජය අද හඹා යන්නේ බුද්ධිය පසුපස නොව, බාහිර පෙනුම සහ ලේබල් පසුපසය. මේ 'සහතික උන්මාදය' නිසා සැබෑ උගතුන්ගේ සහ වෘත්තිකයන්ගේ ගෞරවය දිනෙන් දින අඩුවෙමින් පවතිනව.
මන් දකින විදියටනම් අද වෙද්දී ලෝගුවක් ඇඳීම කියන්නේ විශාල කැපවීමක් කළ බවට ලකුණක් නෙවෙයි, අදාළ ආයතනයට නියමිත ගාස්තුව ගෙවූ බවට ඇති කුවිතාන්සියක් වගේ.

🌸​පින්තූරවලට ලස්සන වුනත්, සැබෑ ජීවිතේදී මේ ලෝගුවලින් ලැබෙන වටිනාකම ශුන්‍යයි. දැනුම කියන්නේ කඩේකින් සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙමේ..

🌸ඒ නිසා නින්දෙන් නැගිටින්න.
ලෝගුවක් ඇන්ද පළියට උගතෙක් වෙන්න බැහැ.
ව්‍යාජ ගෞරවයන් පසුපස දුවන්න එපා.
සමාජ මාධ්‍යවල 'Like' සහ 'Comments' ලබාගැනීමට වඩා, ඔබේ සැබෑ කුසලතාවයෙන් සමාජයට වැඩක් කර පෙන්වීම වටිනා බව වටහා ගන්නා දිනක පමණක්,
මේ ඇඳුමට නැවතත් එහි තිබූ ගෞරවය හිමි වේවි.🙏🙏

​අත්පත් කරගන්නා දැනුමෙන් ඔබව ඔසවා තබා ගන්නා මිස, මිලට ගත් ලෝගුවකින් ඔබව උසස් කිරීමට උත්සාහ නොකරන්න. මතක තබා ගන්න,
ඔබේ මොළයේ බර මිස, ඔබ ඇඳ සිටින ලෝගුවේ පාට ඔබේ වටිනාකම තීරණය කරන්නේ නෑ.

වැඩ්ඩා වැඩ වලින් වැඩ පෙන්නනව මිසක්,පාට ලෝගුවෙන් ප්‍රදර්ශනය නොවෙන බවත් මතක තියාගන්න.

බුද්ධිමත්ව හිතන්න පුළුවන් වන හෙටක් ඔබ සැමටම ,

මං,
අරුනි මිස්.
©අරුණි බුලත්සින්හල ✍️

(ලිපිය වැදගත්කමක් දැනුනනම් නිකන්ම copy නොකර ඔයාගෙ අදහසකුත් එක්කම ඔයාගෙ යාලුවො අතරත් ශෙයාර් කරල අදහස බෙදාගන්න.)

14/04/2026

"අපේකම අගයන, මගේ ආදරණීය රූපලාවන්‍ය සිසු දරුවන්ට..."

🙏​ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට අලුත් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙන සුභම සුභ වසරක් වේවා!

​සිංහල අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව,
අපේ සංස්කෘතික අනන්‍යතාවය මතු පරපුර උදෙසා සුරක්ෂිත කරන උදාර පාලමකි. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන අපට එහි විශේෂ වගකීමක් ඇත.
නවීනත්වයට ඉඩ දෙන අතරම, විශේෂයෙන්ම මනාලියක හැඩගැන්වීමේදී හෝ ඕනෑම නිර්මාණයකදී අපටම ආවේණික වූ දේශීයත්වය සහ සංස්කෘතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට ඔබ සැම වගබලා ගත යුතුය.

🙏​වෘත්තීය දැනුම මෙන්ම අපේ පෞරාණික සිරිත් විරිත් ද හදවතින්ම වැළඳගෙන,
ඔබේ නිර්මාණශීලීත්වයෙන් ලොවම දිනන වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.

🙏ඔබේ දෑතේ හුරුවෙන් අපේ සංස්කෘතියේ අභිමානය තව තවත් බබළවන්නට ඔබට ශක්තිය ලැබේවා!

​ඔබ සැමට සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

මං,
අරුනි මිස්.
✍️Aruni Bulathsinhala.

14/04/2026

2026 ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මගේ සියලුම ආදරණීය දරුවන්ට සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!

14/04/2026
06/04/2026

⭐ඉංග්‍රීසි බැරි නිසා හීන වළලන්න හදන කෙනෙක්ද ඔයත් ?⭐


🌸​ දක්ෂතාවය තියෙද්දීත්, එකම එක භාෂාවක් බැරි වුණ නිසා " මට මේක හරියන්නේ නැහැ" කියලා හිතලා අද හීන අතහරින්න හදන කෙනෙක් නම්..ඔයත්... විනාඩි දෙකක් වෙන්කරල මේ ලිපිය කියවන්න.

🌹​අද අපේ රටේ සමහර සැලෝන් වල ඉන්නවා "ඉංග්‍රීසි පණ්ඩිතයෝ".වැඩේ හරියට බැරි වුණත් ක්‍රීම් බෝතලේ ලේබල් එක සුද්දෙක් වගේ කියවන්න පුළුවන් නම් ඒ අය හිතන්නේ ඒක තමයි සුදුසුකම කියලා. ඉංග්‍රීසි බෑ කියලා ඔයාව ප්‍රතික්ෂේප කරපු අයට කියන්න තියෙන්නේ එකම එක දෙයයි... "භාෂාව කියන්නේ ඇඳුමක්, හැබැයි දක්ෂතාවය කියන්නේ ඔයාගේ ලේ වල තියෙන දෙයක්!"

🌹 ඉංග්‍රීසි කියන්නේ කෙනෙක්ගේ බුද්ධිය මනින මිම්මක්ද?

🌹​මේ ලෝකෙ දියුණු වුණ හැමෝටම ඉංග්‍රීසි පුළුවන් කියලා කවුද කිව්වේ?

❤️​ අලිබාබා (Alibaba) අධිරාජ්‍යය ගොඩනැගූ ජැක් මා ව්‍යාපාරය පටන් ගද්දී ඉංග්‍රීසි පණ්ඩිතයෙක් නෙවෙයි. ඔහු සංචාරකයන් පස්සේ ගිහින් ඒ භාෂාව ඉගෙන ගත්තේ තමන්ගේ අවශ්‍යතාවයට තියෙන උනන්දුව නිසා මිසක් වැජඹෙන්න නෙවෙයි.

❤️​ සොයිචිරෝ හොන්ඩා ගරාජ් එකේ කුණු තෙල් ගාගෙන මෝටර් බයිසිකල් හදද්දී ලෝකෙම පිළිගත්තේ ඔහුගේ ඉංග්‍රීසි නෙවෙයි, ඔහුගේ "අත්දෙකේ බලය".

❤️​ ලියොනල් මෙසී ලෝකයේ අංක එක වුණේ ඉංග්‍රීසියෙන් කතා කරලා නෙවෙයි, ලෝකයම වසඟ කරපු ඔහුගේ "දක්ෂතාවය" නිසයි.

🙏​මතක තියාගන්න, ක්‍රීම් එකේ ගහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් වුණාට, ඒකෙන් කරන "මැජික් එක" තියෙන්නේ ඔයාගෙ අතේ ඇඟිලි තුඩුවල.
ඒ මැජික් එකට භාෂාවක් නැහැ!

​🙏 ඇත්ත දකින්න...
​අද ලංකාවේ සැලෝන් වල ඉන්න භාගයකට වඩා අයට වැඩ බෑ. එක්කෝ තියරි බෑ, නැත්නම් ප්‍රැක්ටිකල් බෑ. භාගෙට ඉගෙනගෙන වැඩ කරන අය අතරේ, ඔයා නිවැරදිව වැඩ ඉගෙනගෙන තියෙනවා නම් ඒකයි ඔයාගෙ බලය.

​ඔයා මෙච්චර කාලයක් ෆෝන් එක පාවිච්චි කළේ, ෆේස්බුක් ගියේ, ලෝකය ගැන හෙව්වේ ඉංග්‍රීසි උපාධියක් තියාගෙන නෙවෙයි නේද?

​මෙච්චර කාලයක් ෂැම්පු, කන්ඩිෂනර්, ක්‍රීම් වර්ග පාවිච්චි කළේ ඉන්ග්‍රීසි වැඩ්ඩෙක් හින්ද නෙවෙයි නේද?

🌹තාක්ෂණය දියුණු ලෝකයේ අද ඕනෑම ඉංග්‍රීසි ලේබලයක් සිංහලට හරවන්න Google Lens එකක් තියෙනවා. ඒ වගේ පුංචි දේකට බය වෙලා හීන අතහරින්නේ මොන මෝඩකමකටද?

​🌸 හීනමානය අයින් කරලා අදම නැගිටින්න!

​ඉංග්‍රීසි කියන්නේ ජාත්‍යන්තරයට යන්න ඕන කරන පාලමක් විතරයි.
ඒ පාලම තාම හදලා නැහැ කියලා ඔයාගෙ ගමන නවත්වන්න එපා. වැඩ කරන ගමන් හෙමින් ඉගෙන ගන්න. දවසකට වචන පහක් ඉගෙන ගත්තත් ඔයා අවුරුද්දකින් ඉහළම තැනක ඉඳීවි.
ලෝකෙ පොදු භාෂාව දැනගන්න එක වටිනවා,
හැබැයි ඒක "නෑ" කියලා වැටෙන එක අපරාධයක්.

​ඔයාව ප්‍රතික්ෂේප කරපු අයට, ඔයාව හෑල්ලු කරපු අයට ඔයාගෙ අත්වල බලයෙන් උත්තර දෙන්න.

ඔයා ළඟට එන Customer ට ඕන කරන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම බලන්න නෙවෙයි, ඔයාගේ අතින් හැඩ වෙලා සතුටින් යන්නයි.

🙏​දැන් ඇති! ගෙදරට වෙලා දුක් වෙන එක නවත්වන්න. හෙටම නැගිටින්න. ඔයාගෙ දක්ෂතාවය අගය කරන ලෝකයක් එළියේ තියෙනවා.

🌸ඉංග්‍රීසි පුළුවන් නිසා වැජඹෙන අයට වඩා, ඉංග්‍රීසි ඉගෙන ගනිමින් වැඩ පෙන්වන "දක්ෂයෙක්" වෙන්න!

🌸​අතේ තියෙන දක්ෂතාවය ලෝකයට පෙන්නන්න.
භාෂාව කියන්නේ ඔයාගෙ හීනයට වඩා ගොඩක් පොඩි දෙයක්!

🌸උනන්දුවයි,කැපවීමයි,
උත්සාහයයි තියෙනවනම් භාශාව ඔයාගෙ හීනෙට යන්න ප්‍රශ්ණයක් නෙමෙයි.....

මන්,
අරුනි මිස්.
(Aruni Bulathsinhala)

(අද උදේම කෝල් එකක් ආවා.ඒ ළමය NVQ 4ත් පාස්ලු.පුරුදුවෙන්න සැලොන් එකක් වැඩට යන්න හොයන ගමන්ලු.මුලින්ම ගිය සැලොන් එකෙන් එයාව ප්‍රතික්ෂේප උනේ ඉන්ග්‍රීසි බැරි නිසාලු. "ඉන්ග්‍රීසි බැරිනම් සැලොන් එකක් කරන්න හිතන්නවත් එපා" කියන වචන ටිකෙන් මූනට දමල ගහපු නිසා ඒ ළමයගෙ හීන ඔක්කොම බිදුනලු.ඔක්කොම අතහැරල ආයෙ මේ ෆීල්ඩ් එකට එන්න අවශ්‍ය ක්ලාස් වලට යන එකත් හිතෙන් අතහැරියලු.ඒ වචන ටික කීවම මට හිතුනෙ එකම දෙයයි.භාශාව ඕනි අපිට ජීවිතේ ඉස්සරහට යන්න.ඒත් භාශාව බැරිවීම නිසාම අපිට අපේ හීන වලදාන්න ඕනිමද කියන එකයි. කෙල්ලනේ....ඉගෙන ගන්න කාලය තියෙනව.භාශාව උදව්වක් කරගන්න.හැබැයි ඒක නිසාම ඔයාගෙ අනාගතේ වහන්න එපා.)

04/04/2026

ඔයා තවමත් මේ ගැන හිතමින් දුකින්ද?
හරිම Technique එකට ,හරිම තැනින් ඉගෙනගමු.
විස්තර ලබාගැනීමට ;0715680431

02/04/2026

තවමත් හරියටම ඔයාගෙ කස්ටමට ඇහිබැම ලස්සනට හදල දෙන්න අමාරුනම් හරිම technique එක කියල දෙන්න අපි එනවා ඔයා ලගටම.

එහෙනම් මෙවර කෑගල්ලට.....

17/03/2026

💄 සැලොන් එකට එන්නේ ලස්සන වෙන්න මිසක්, ඔයාගේ "මූණේ අදෝනාව" බලන්න නෙවෙයි! 💅

🙏​සැලොන් එකක වැඩ කරන හැමෝම මේක හොඳට කියවන්න.බලන්න ඔයත් මේ වරද කලාද කියල.

🌸ඔයා අතින් කෙරෙන වැඩේ කොච්චර සුපිරි වුණත් වැඩක් නැහැ, කස්ටමර් කෙනෙක් දොරෙන් ඇතුළු වෙද්දී ඔයා පිළිගන්නේ "මූණ හතරැස් කරගෙන" නම්!

⭐​මතක තබාගන්න:

😃​හිනාව කියන්නේ වියදමක් නැති මාකටිං එකක්: කස්ටමර් කෙනෙක් එන්නේ හිතේ තියෙන පීඩනය අයින් කරලා ලස්සන වෙන්න. ඔයා දොර ලඟදීම රවනවා නම්, ඒ මනුස්සයා ආයේ එන්නේ නැහැ.

🙏​ඔයාගේ ප්‍රශ්න ගෙදර තියලා එන්න:

ඔයාට ප්‍රශ්න ඇති, මහන්සි ඇති. හැබැයි ඒක සැලොන් එකට එන අහිංසක මනුස්සයා පිටින් යවන්න එපා. සැලොන් එක කියන්නේ වෘත්තීය මට්ටම පෙන්විය යුතු තැනක්.
ඒ නිසා ඇයව ​සිනහවකින් පිළිගැනීම අනිවාර්යයි: "ආයුබෝවන්, වාඩි වෙන්න" කියලා හිනාවකින් කියන එකේ තියෙන වටිනාකම රත්තරන් වලට වඩා වැඩියි.

🥰අනුන්ව ​ලස්සන කරන කෙනා මුලින්ම ලස්සනට ඉන්න ඕනේ:

ඇඳුමෙන් විතරක් නෙවෙයි, තමන්ගේ හැසිරීමෙන් සහ කතාවෙන් ලස්සන වෙන්න. මූණ නපුරු කරගෙන, රව රවා වැඩ කරනවා නම් ඔයා කරන්නේ සැලොන් එකේ නම විනාශ කරන එක විතරයි.

⭐​"හිනාවෙන්න ලෝබ වෙන්න එපා. ලස්සන වැඩක් වගේම, ලස්සන හිනාවකුත් අරන් යන්න කස්ටමර්ට ඉඩ දෙන්න."

​මේක හැමෝටම පේන්න Share කරමු. තමන්ගේ වැරදි හදාගෙන ඉස්සරහට යමු!
🚀✨

මං,
අරුනි මිස්.
(Aruni Bulathsinhala)

(දැනුමට යමක් මහන්සියෙන් දෙනකොට ඒක නිකන්ම කොපි කරල ලියූ කෙනාගෙ අනන්‍යතාවය නැති නොකර ඔයාට යමක් දැනුනනම් යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක ශෙයාර් කරන්න.
අමතක නොකර ලයික් එකක් දීල ඔයාගෙ අදහසත් දෙන්න.)

16/03/2026

අදටත් හැබැහින් නොදැකපු,හඩින් විතරක් හදුනන,තවත් එක් ගෝලයෙක්ගෙ ආදරණීය අවන්ක අදහසක්.....ආදරෙයි ඉතින්....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
011