30/04/2026
2010 වර්ෂයෙන් පසු උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීමට නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට භාරදෙයි.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවලින් අනාගත දරු පරපුර මුදා ගැනීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු වැඩපිළිවෙළක් සකස් කර ඇත.
ඒ අනුව 2010 වර්ෂයෙන් පසු මෙරට උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද “Tobbaco Free Generation” සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු යන මහත්වරුන් විසින් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදී.
සම්පූර්ණ පුවත සඳහා පිවිසෙන්න >>> https://shorturl.at/L4Gsh
30/04/2026
29/04/2026
29/04/2026
28/04/2026
25/04/2026
24/04/2026
23/04/2026
22/04/2026