ඇටමැස්සා

ඇටමැස්සා

Share

Atamessa-The Gadfly

Photos from ඇටමැස්සා's post 24/12/2025

අනුරාධපුර #සර්වජන_බලයේ නාගරික මන්ත්‍රී තිලක් ශාන්ත, කම්කරුවෙකුට සිහිසුන් වනතෙක් පහරදීලා.
==========================================
ඊයේ (23) රාත්‍රී අනුරාධපුර මාකට් පෙදෙසේ කානු පද්ධතියේ සැකසුම් කටයුතු කරමින් සිටි තිසාවැව පදිංචි රිෆ්කාන් නමැති කම්කරුවෙකුට සර්ව ජන බලයේ මන්ත්‍රී තිලක් නමැත්තෙකු විසින් මාරාන්තික ලෙස පහර දුන් පසු සිහිසුන්ව ඇද වැටී ඇති අතර, අනතුරුව රෝහල් ගතකර තිබෙනවා. මෙම මන්ත්‍රීවරයා බිමතින් සිටි බවත්, රිෆ්කාන් නමැත්තාගේ ගෙල සිර කර මරණයට පත්කිරීමට තැත්කළ බවත් අසල රැඳීසිටි පුද්ගලයින් විසින් කියාසිටියා. මෙම පහරදීමට අනුරාධපුර පොලීසියේ නිලධාරියෙකු ද සිවිල් ඇඳුමකින් සැරසී සම්බන්ධ වී ඇති බව වාර්තා වී තිබෙනවා. අද දින අධිකරණය ඉදිරියට ගෙන ආ සැකකරු ජනවාරි 06 දක්වා බන්ධනාගාර ගතකර තිබෙනවා. පහත ඇති ඡායාරූපයන්හි 1.පහරකෑමට ලක්වූ කම්කරුවා (රිෆ්කාන්) 2.පහර දුන් මන්ත්‍රී තිලක්. 3.මන්ත්‍රීගේ අත්උදව්කාර පොලිස් නිලධාරියා. 4.පහරදෙන අවස්ථාවේ දී අසල සිටි අයෙකුගේ දුරකථනයක සටහන් වූ ඡායාරූපයක්.

ඇටමැස්සා

24/12/2025

ඓතිහාසික නගරයක් නව මොඩලයකින් නිර්මාණය කරන අභිප්‍රාය
===================================================
අනුරාධපුර නගරය සංචාරක ගමනාන්තයක් කිරීම මෙන්ම,
පූජා නගරය සහ නව නගරය විධිමත් කිරීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ,
නගරයේ වාහන තදබදයට විසඳුමක් ලෙස අනුරාධපුර නව බස් නැවතුම්පොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් ඇතිකිරීම හා බොහෝ සේ අබලන් ව ඇති නගරයේ අතුරු මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු , උතුරු මැද පලාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති එන්.කරුණාරන්න මැතිතුමන් ඇතුලු ගරු නාගරික මන්ත්‍රී මණ්ඩලයේ මෙන්ම නාගරික කොමසාරිස්තුමන් ඇතුලු නගර සභා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් යුතුව 2025.12.22 දින ආරම්භ වූ අවස්ථාව.

Photos from ඇටමැස්සා's post 23/12/2025

තන්තිරිමලය, පහල මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය
===================================================
මේ දිනවල ඉදිරිකිරිම් සිදුකරන පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය නිරික්ෂණ චාරිකාවක උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පසුගියදා එක් වුණා.
එහි දි එම ඉදිකිරීම් නිරික්ෂණය කල ආණ්ඩුකාරවරයා පහල මල්වතු ඔය ජලාශයෙහි ජලය පුරවන ප්‍රදේශය ද නිරික්ෂණය කළා. ජලාශයට යට වන ප්‍රදේශයේ ජිවත් වන වන සතුන් පිළිබඳ අවධානය යොමු කල ආණ්ඩුකාරවරයා විශේෂයෙන් එම ප්‍රදේශයේ ජිවත් වන අලින් පිළිබඳව ද ඔවුන්ගේ වාසභූමි හා ජලාශයේ ජලය පිරිවීමෙන් පසු වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ව්‍යාපෘතිය භාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දුන්නා.
මෙම නිරික්ෂණයට ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ක්‍රිශාන්තන් ඇතුලු ඉංජිනේරු මහත්වරුන්, මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිත් කුලතුංග මහතා , ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක මහතා ඇතුලු පිරිසක් එක්වුණා.

23/12/2025

වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 15.8 යි.
======================================
පසුගිය 2024 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම 5.8ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වී තිබේ. මේ අනුව අපනයන ආදායම ඩොලර් මිලියන 15800ක් ඉක්මවා ඇති අතර, 2025 ගෙව්ම් ශේෂය සඳහා මෙය ඉමහත් ධනාත්මක බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ..

ඇටමැස්සා

20/12/2025

"දිත්වා පරදමින් පස් කඳු යට අකුරු සොයන" මෙහෙයුම අරඹයි..!

20/12/2025

මානූෂීය ආධාර ලබාදුන්නාට ස්තූතියි..!
- ජනාධිපති අනුර දිසානායක මහතා

19/12/2025

Breaking News - ශ්‍රී ලංකාවට ඩොලර් 206000000 ක හදිසි මූල්‍ය ආධාරයක් ලබාදීමට IMF විධායක කමිටුවේ අනුමැතිය

18/12/2025
10/12/2025

මීගහවැව බිඳුණු වැව්බැම්ම දවසෙන් සාදා නිමකළ ධෛර්යවන්ත මිනිස්සු..
ගොවි පවුල් සියගණනකගේ සා පවස නිවන මීගහවැව බිඳීගියේ පසුගිය ගංවතුර තත්වය හේතුවෙනි. මැදවච්චිය ප්‍රාදේශීය ඉන්ජිනේරුතුමන්ගේ අනුදැනුම ඇතිව, කුලික්කඩ-මීගහවැව වැව්බැම්මේ බිඳීගිය ස්ථානය තාවකාලිකව නැවත සකස් කළා. වැවට අදාල කුඹුරු බිම්කඩක්වත් නොමැති මිනිසුන් පවා මෙම සද්කාර්යයට දායකත්වය දීම නිසා ඉතා ඉක්මනින් ජලය රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකෙරුණා.

09/12/2025

මරණාධාර සමිතියේ සභාපති අලගොඩට, ඉන්දික රාජපක්ෂ උත්තර දෙයි..

09/12/2025

මරණාධාර සමිතියේ සභාපති අලගොඩ නමැත්තා රූපවාහිනී නාලිකාවක් සමඟ කළ චෝදනාවට එප්පාවල, ඉන්දික රාජපක්ෂ උත්තර දෙයි..!

ඇටමැස්සා

09/12/2025

මුවඇටගම වැවේ අද තත්වය

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Senanayake Road
Colombo
9955