02/11/2012
our loving sister
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Josephs girls high school .colombo 14, High School, st. josephs girls school. colombo 14, Colombo.
02/11/2012
our loving sister
26/09/2012
“අපේ ගම මැදගම. හරිම දුෂ්කරයි. ඒ දුෂ්කර ගමේ ඉඳලා , ඉස්කෝලේ ගිහිල්ලා, පහේ ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම පළමු වැනි තැන ලැබීම ගැන හරි සතුටුයි. ඒත් මම කැමැති නැහැ කොළඹ ඉස්කෝලෙකට යන්න. එතකොට මට අම්මයි,තාත්තයි,නංගිවයි දාලා යන්න සිද්ධ වෙනවා. ඒකට මම නම් කොහෙත්ම කැමැති නැහැ. ඒත් අපේ ඉස්කෝලේ හරි දුප්පත්නේ. ඉහලට ඉගෙන ගන්න පහසුකම් නැහැනේ.ඒ නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පාසලක් ලැබුණොත් මම හුඟාක් ආසයි.”
මෙහෙම කියන්නේ පහේ ‘හපනි’යයි. ඇගේ නම රත්නායක මුදියාන්සේලාගේ දුලංජි උපේක්ෂා මධුවන්ති. ඇය ඉගෙනගත් පුංචි පාසල තලාතුඔය කණිෂ්ඨ විද්‍යාලයයි. පහේ ශිෂ්‍යත්වයෙන් මුළු ලංකාවෙන්ම වැඩිම ලකුණු ගෙන පළමු වැනි තැන දිනා ගත්තේ මේ පුංචි පැටික්කි. ඇගේ තාත්තා ගමේ පුංචි ගොවියෙක්. ඒ ගොවි පවුලේ වැඩිමල් දරු පැටියා හොඳට ඉගෙන ගෙන පහේ ශිෂ්‍යත්වයෙන් ලංකාවෙම ‘ලොක්කි’ වීම ඒ දුප්පත් දෙමව්පියන්ටයි,නංගියටයි උතුරා යන සතුටක් ගෙනෙන බව අපටත් හොඳටෝම දැනෙනවා.
අපි යළිත් පුංචි පැටික්කිගේ ජයග්‍රාහි හඬට සවන් දෙමු. “ මම ලංකාවෙන්ම පළමුවැනියා වෙයි කියලනං හිතුවේ නැහැ. හැබැයි පළවැනි දහ දෙනා අතරට එයි කියලා විශ්වාසයක් තිබුණා.මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මම ආසයි ඉගෙන ගන්න. ශිෂ්‍යත්වය ගැන මගේ හිතේ වටිනාකමක් ඇති වුණේ හතර වසර් දී. ඒ හින්දා පාඩම් වැඩ හොඳට කළා. පහේ ශිෂ්‍යත්වය කියලා ටියුෂන් පංතිවලට යන්න තරම් වත්කමක් අපට තිබුනේ නැහැ. අපේ තාත්තයි,අම්මයි මාවයි නංගිවයි බලා ගත්තේ හරිම ආදරෙන්. අපි දුප්පත්නේ. ඒ නිසා අමතර පංතිවලට යවන්න තාත්තට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒත් පුද්ගලික පංති නොගියට මම පංතියේ ගුරුවරු කියන දේවල් හොඳට අහගෙන හිටියා.”
ඒත් මේ පුංචි පැටික්කිගේ මුහුණේ දෝරේ ගලායන සතුටක් නම් අප දැක්කේ නැහැ. හරිම සාමාන්‍යයයි. ඇය කියා සිටියේ මේ කඩඉම පසු කරන්නට නොහැකි වූ රටේ අනිත් සිසු සිසුවියන් අධෛර්‍ය නොවී හොඳින් පාඩම් කර ඉදිරි කඩඉම් පසු කරන ලෙසයි. උපේක්ෂාගේ අම්මා එච්.සෝමා වනසිංහ යි. එම්.පී.රත්නායක ඇගේ තාත්තා ය. නංගි පියුමි විනෝද්‍යා නම් වෙයි. ඇය දැන් මොන්ටිසෝරි යන පැංචියක්.
“දුව කවුරු වෙන්නද කැමැති?” කවුරුත් මෙවැනි අවස්ථාවක අසන සරළ පැණය මම ද ඇගෙන් ඇසුවා. ඇය හිනැහුනා. “මම අහවල් කෙනෙක් වෙනවා කියලා බලාපොරොත්තුවක් නැහැ.ඒත් හොඳට ඉගෙන ගෙන මගේ දක්ෂකම්,සමර්ථකම් අනුව ඉහළට යන්න තමයි ආස.”
ජීවිතයේ අරමුණු හෝ බලාපොරොත්තු පොදියක් මේ දරුවට නැත. ඔවුන් තුළ ඇත්තේ දුප්පත්කම අනුව ගොඩනැගුන අව්‍යාජ සිතිවිලි කිහිපයක් පමණී. එමගින් ජීවිතය ජය ගැනීමට කල්පනා කිරීම හා ජය ගැනීම කාටත් ආදර්ශයකි. මෙම පැටික්කී ඉගෙන ගන්නා පාසලේ විදුහල්පති එම්.ඒ.ජි. මුතු බණ්ඩා මහතා පැවසුවේ මේ දරු පැටියගේ ජයග්‍රහණයෙන් සිය පාසල මුළු රටේම ගෞරවය හා අවධානය එක රැයින් දිනාගත් බවයි. “අපේ පාසලේ අඩුපාඩු හුඟාක් තිබෙනවා.දරුවෝ ක්‍රිඩාවට ඉතා දක්ෂයි. ඒත් පිට්ටනියක් නැහැ. පංති කාමර තියෙන්නේ තැනින් තැන. ප්‍රධාන ශාලාවේ සිට මීටර් ගාණක් ඈත. ඒත් ගුරුවරු විශාල කැපවීමෙන් දරුවන්ට උගන්වනවා. මේ දරුවන්ගේ දෙමව්පියන් මහ පොළොව එක්ක හැප්පෙන දුප්පත් මිනිස්සු.හැබැයි හැම දෙමව්පියෙකුටම උවමනාවක් තියෙනවා තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් දෙන්න.”
15/09/2012
our lovely school..............
☻/ღ˚ •。* ♥ ˚ ˚✰˚ .....Proud To Be A josephian....˛★* 。 ღ˛° 。* °♥ ˚ • ★ *˚ .ღ 。
/▌*˛˚ღ •˚ ˚…I LOVE JOSEPHS GIRLS SCHOOL... ~♥~˚ ✰* ★
/ \ ˚. ★ *˛ ˚♥* ✰。˚ ˚ღ。* ˛˚ ♥ 。✰˚* ˚ ★ღ
12/07/2012
our lovely scool...
josephian Lives for ever !!.........
Proud to b a josephian..Josephs is the best n best forever...
Dear girls dont forget ur first ,where you started your studies...........:) :-D