I like to learn English.

I like to learn English.

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I like to learn English., Education, Colombo.

11/06/2023

💚💚🍃🌿

29/05/2023

නියම කෙල්ලෙක් ❤️ මනුස්සකමට රෙස්පෙක්ට් 👏

01/10/2020

https://www.facebook.com/101422838194537/posts/167823434887810/?app=fbl

පුවත්පත් ලිපියක් කියවන හැටි.

🔹️පලමුව ලිපියේ තේරුම් දක්වාඇත.
🔹️ඉන් පසු අමාරු වචන හා අර්ථ.
🔹️ඊළඟට grammar කොටස්.
🔹️ඉතින් යටට ම කියවන්න.

ලිපිය.

🍏Former President Maithripala Sirisena once again denied that he was aware of intelligence reports prior to the Easter Sunday attacks, stating that he would have prevented the attack if he had received such alert.

🍎හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වාර්තා දැන සිටි බව ප්‍රතික්ෂේප කළේ එවැනි අනතුරු ඇගවීමක් ඔහුට ලැබුණේ නම් තමා ප්‍රහාරය වලක්වන බව සදහන් කරමිනි.

🍏The Former President made these comments during an interview with the BBC.

🍎හිටපු ජනපති වරයා මෙම අදහස් දැක්වීම සිදු කරන ලද්දේ බීබීසී ය සමග පවත්වන ලද සම්මුඛ සාකච්චාවක් අතරතුර දී ය.

🍏BBC: WERE you aware of an imminent attack?

🍎ඉතා ඉක්මනින් සිදුවීමට යන පහරදීමක් ගැන ඔබතුමා දැනගෙන හිටියද?

🍏MS: IF I was aware, would I have let it happen? What kind of question is that?

🍎මම දැනන් හිටිය නම්, මම ඒක සිද්ද වෙන්න දෙනවද? මොන විදියෙ ප්‍රශ්ණයක් ද ඒක?

🍏BBC: You were the Minister of Defence, the Commander in Chief, the Intelligence Services was under your purview. Having received prior intelligence reports, what exactly was the lapse here?

🍎ඔබතුමා තමයි ආරක්ෂක ඇමතිවරයා වුණේ, සේනාධි නායකයා, බුද්ධි සේවා තිබුණේ ඔබේ අදීක්ෂණය යටතේ. පූර්ව බුද්ධි අංශ වාර්තා ලැබී තිබුණා, මොකක්ද මෙතන දි හරියටම තිබ්බ අඩුපාඩුව එතකොට?

🍏MS: THE lapses have been exposed through investigations. Those who were responsible have clearly been revealed. The ones who held responsibility have been interdicted and the cases are being heard in court.

🍎අඩුපාඩූන් හෙලිදරව් වෙලා තිබෙනවා පරීක්ෂණ මගින්. වගකිව යුත්තන් පැහැදිලිවම හෙළිදරව් වෙලා තියෙනවා, වගකීම් දරපු අයව වැඩ තහනම් කරලයි ඉන්නේ ඒ වගේ ම අධිකරණයේ නඩු විභාග කෙරෙමින් තමයි පවතින්නේ.

🍏Bbc: would you or former Prime Minister Ranil Wickremesinghe accept responsibility?

🍎ඔබතුමා හෝ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා වගකීම භාර ගන්නවද ?

🍏MS: Responsibility for what?

🍎වගකීම, මොහොකට ද?

🍏Bbc: responsibility for the Easter Sunday attacks...

🍎පාස්කු ඉරු දින ප්‍රහාරය සදහා වන වගකීම.

🍏MS: WHY would I accept responsibility? Responsibility should be accepted by those who were responsible.

🍎මම මක්කටෙයි වගකීම ගන්නෙ (හිටං).? වගකීම පිළිගන්න ඕනි වගකිව යුතු අයනේ. (හී..හී..)

🍏BBC: YOU were the President, Minister of Defence, Minister in charge of the Police at the time...

🍎ඔබතුමා තමයි ජනාධිපති වරයා වුණේ, ආරක්ෂක ඇමතිවරයා, ඒ වෙලාවෙදි පොලීසිය භාරව සිටි ඇමතිවරයා වුණේත්.

🍏MS: THE President does not seize illicit liquor, nor does he catch rapists, drug peddlers or terrorists. the President is entrusted with policy planning, directing, and advising.

🍎ජනාධිපතිවරයා හොර මත්වතුර අල්ලන්නෙ නෑනේ, ඔහු ස්ත්‍රී දූෂකයො අල්ලන්නෙත් වත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයොවත් ත්‍රස්තවාදියොවත් අල්ලන්නෙ නෑ. ජනාධිපතිවරයාට පැවරෙන්නේ ප්‍රතිපත්ති සැලසුම් කිරීම, නියෝග දීම සහ උපදෙස් දීම ආදියයි.

🍏Bbc: there are reports that such directives were not issued...

🍎එවැනි නියෝගයන් නිකුත් නොකෙරූ බව ට වාර්තා තියෙනවනේ..

🍏Ms: these duties were properly implemented by the President. It was those below the chain of command who have neglected their duties.

🍎ජනාධිපතිවරයා විසින් මෙකී රාජකාරීන් නිසිපරිදි ක්‍රියාත්මක කළා. රාජකාරීන් පැහැර හැරීම සිද්ධ කරල තියෙන්නේ මේ නියෝග නිකුත් කිරීමේ දාමයේ පහළ මට්ටමේ ඉදපු අයයි.

🍏BBC: Neither you, nor former Prime Minister Ranil Wickremesinghe have accepted responsibility for this attack.you have also not apologised to the public. In other countries, such an event would have witnessed apologies and the resignation of subject ministers. Would you like to make this an opportunity to apologise to the public?

🍎මේ ප්‍රහාරයට වගකීම ඔබවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයත් පිළිගන්නෙ නෑ. ඔබත් ජනතාවගෙන් සමාව ඉල්ලලා නෑ. වෙන රටවල් වල නම් මෙවැනි සිදුවීමක් වුණොත් වගකිව යුතු ඇමතිවරු සමාව ඉල්ලලා අස්වෙනවා. ඔබතුමා මේක (දැන්වත්) අවස්ථාවක් කර ගන්නවද ජනතාවගෙන් සමාව ගන්න ?


🍏For me to apologise, I should have known about it. you keep on stressing this fact... I am amazed by your repeated questions. If the security officials of both the President and the Prime Minister were unaware of those, how would the President or the Prime Minister know?

🍎මම සමාව ගන්න නම් මම ඒ ගැන දැනගෙන ඉන්න එපැයි. ඔබ මේ කාරණාවම අවධාරණය කර කර ඉන්නවා. මට පුදුමයි ඔබේ මේ දිගින් දිගටම අහන ප්‍රශ්න ගැන. ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ දෙන්නගෙම ආරක්ෂක නිලධාරීන් දැනගෙන හිටියෙ නැත්නම්, කොහොම ද ජනාධිපති හෝ අගමැති (මේ ප්‍රහාරය ගැන) දන්නේ ?

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

දැන් බලමු මේ ලිපියේ ඇති අමාරු වචන.

🔸️Former President
🔹️හිටපු ජනපති

🔸️once again
🔹️නැවතත් වතාවක්.

🔸️denied
🔹️ප්‍රතික්‍ෂේප කළා.

🔸️aware of
🔹️දන්නවා

🔸️intelligence reports
🔹️බුද්ධි අංශ වාර්තා.

🔸️prior
🔹️පෙර.

🔸️Easter Sunday
🔹️පාස්කු ඉරිදා.

🔸️attacks
🔹️ප්‍රහාර.

🔸️stating that
🔹️බව සදහන් කරමින්.

🔸️prevent
🔹️වළක්වනවා.

🔸️receive
🔹️ලැබෙනවා.

🔸️such alert
🔹️එවැනි ආරංචියක්.

🔸️imminent
🔹️කඩිනම්.

🔸️let
🔹️ඉඩ දෙනවා.

🔸️happen
🔹️සිද්ධවෙනවා.

🔸️What kind of
🔹️මොන විදියේ.

🔸️Minister of Defence
🔹️ආරක්ෂක අමාත්‍ය.

🔸️Commander in Chief
🔹️සේනාධිනායක.

🔸️what exactly
🔹️මොකක්ද හරියටම.

🔸️lapse
🔹️අඩුපාඩුව.

🔸️expose
🔹️හෙලිදරව් කරනවා.

🔸️through
🔹️ඔස්සේ

🔸️investigations
🔹️පරීක්ෂණ.

🔸️responsible
🔹️වගකිවයුතු.

🔸️reveal
🔹️හෙලි කරනවා.

🔸️ones
🔹️කට්ටිය.

🔸️interdict
🔹️වැඩ තහනම් කරනවා.

🔸️cases
🔹️නඩු.

🔸️Prime Minister
🔹️අගමැතිවරයා.

🔸️accept
🔹️පිලි ගන්නවා.

🔸️for what
🔹️මොකකට ද?

🔸️in charge
🔹️භාරව සිටිනවා.

🔸️at the time
🔹️ඒ වෙලාවේ දී.

🔸️seize
🔹️වටලනවා.

🔸️illicit liquor
🔹️නීති විරෝධී මත්පැන්.

🔸️rapists
🔹️ස්ත්‍රී දූෂකයක්.

🔸️drug peddlers
🔹️මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්.

🔸️terrorists
🔹️ත්‍රස්තවාදීන්.

🔸️policy planning.
🔹️ප්‍රතිපත්ති සැලසුම් කිරීම.

🔸️directing
🔹️නියෝග ලබා දීම.

🔸️advising.
🔹️උපදෙස් දීම.

🔸️properly.
🔹️විධිමත්ව.

🔸️implement
🔹️ක්‍රියාත්මක කරනවා.

🔸️the chain of command
🔹️නියෝග ලබා දීමේ දාමය.

🔸️neglect
🔹️නොසලකා හරිනවා.

🔸️resignation
🔹️ඉල්ලා අස්වීම.

🔸️subject ministers
🔹️විෂය භාර ඇමැති වරු

🔸️unaware
🔹️නොදැනුවත්.

🔸️know
🔹️දන්නවා.

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

දැන් බලමු අපි මේකෙ දී තියෙන කථා කරන්න පාවිච්චි කරන්න පුලුවන් වන වාක්‍ය රටා ටිකක්.

🍎කඩිනම් පහරදීමක් ගැන ඔබ දැනුවත්ව හිටියද?
🍏Were you aware of an imminent attack?

🍎මම දැනන් හිටියනම් මම ඒක සිදු වෙන්න ඉඩ දෙනවද?
🍏If I was aware, would I have let it happen?

🍎මොන විදියේ ප්‍රශ්ණයක් ද ඒක ?
🍏What kind of question is that?

🍎ඔබතුමා වගකීම භාර ගන්නවද?
🍏Would you accept responsibility?

🍎වගකීම, ඒ මොහොකට ද?
🍏Responsibility for what?

🍎මම මක්කටෙයි වගකීම පිලි ගන්නේ?
🍏Why would I accept responsibility?

🍎ඔබතුමා කැමති ද ජනතාවගෙන් සමාව භජනය කිරීමට මෙය අවස්ථාවක් කර ගන්න.?
🍏Would you like to make this an opportunity to apologise to the public?

🍎මම සමාව ගන්න නම්, මම ඒ ගැන දැනගෙන ඉන්න එපැයි.
🍏For me to apologise, I should have known about it.

🍎කොහොමද අනේ ජනපති තුමා දන්නේ?
🍏How would the President know?

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

දැන් බලමු මේ ලිපියේ තියෙන වාක්‍ය අයත් Tenses මොනවද කියලා.

1) Simple Present Tense.
🥇The President does not seize illicit liquor.

2) Simple Past Tense.
🥇Maithripala Sirisena once again denied
🥇The Former President made these comments.

Simple past Passive.

🥇These duties were properly implemented by the President.

3) Present continuous Passive.
🥇The cases are being heard in court.

4) Present Perfect Tense

🥇It was those below the chain of command have neglected their duties.

🥇You have accepted responsibility for this attack.

🥇You have also not apologised.

Present Perfect Passive.
🥇The lapses have been exposed.
🥇Those who were responsible have clearly been revealed.
🥇The ones who held responsibility have been interdicted.

Would have රටාවේ වාක්‍යය.

🍏He would have prevented the attack if he had received such alert.

Should Passive වාක්‍යය.

🍏Responsibility should be accepted by those who were responsible.

🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

ටිකක් වෙනස් වාක්‍යය ටිකක් බලමු.

🎈WOULD HAVE රටාව.

🎖He would have prevented the attack if he had received such alert.

🎖such an event would have witnessed apologies and the resignation of subject ministers.

🎈If type 3 රටාව.

🎖If I was aware, would I have let it happen?

🎈Would භාවිතය.

🎖Why would I accept responsibility?
🎖How would the President know?

🎈Should වල passive voice රටාව.

🎖Responsibility should be accepted by those who were responsible.

🎈Should have රටාව.

🎖I should have known about it.

🍎හරි දැන් ලිපිය අවසන්.

🍎මේ ගැන අමතර කයිවාරු මොනවත්, මගේ කටමත දෙඩවීම් කිසිවක් නැතිව ම ලිපිය පැහැදිලි කිරීම අවසන්.

🍏ලංකාවේ වේගයෙන් ම නිර්ණාමිකව ම ඉංග්‍රීසි දැනුම බෙදන ඔයාලගේ මේ පේජ් එක කරන අපි පොඩි තෘප්තියක් ලබන්නයි මේක කරන්නේ.

🍎ඒ තෘප්තිය කුමක් වනාහී ද යත්, දිලිසෙන බෝඩ් සහ මහාපාරිමාණ ප්‍රචාරක ක්‍රම ඔස්සේ අධික මුදලට ඉංග්‍රීසි දැනුම අලෙවි කොට ලාභ උපයන, දුප්පතාට අවස්ථා අහිමි කරවන සිස්ටම් එක කොනිත්තලා ලබන පොඩි මෙන්ටල් සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙනවා මට ඔයාල ඉංග්‍රීසි ඉගෙන ගද්දී.

🍏අරමුණ ටිකක් අමුතු එකක් වගේ ඇති. ඒත් මම දකින්නේ ‘දැනුම‘ කියන දේ කාටත් අයිති විශ්වීය දෙයක්. ඉතින් ලාභ උපයන්න ඒක විකුණන්න දෙන්න බෑනේ.

🍎අනික තමයි සමාජමය වගකීම. මම මේව ගත්තේ ‘නිදහස් අධ්‍යාපනයෙන්‘ ඒ කියන්නේ ඔයාල, ඔයාලගේ කහට කෝප්පෙන් පවා ගෙවාපු බදු මුදලින්.

🍏ඈත පිටිසර විටක් හප හපා කුඹුරු කරපු ගොවි මාමා වරුන් දහඩිය කදුලු වගුරුවන අතරේ ගෙවාපු බදු වලින් මම ඉගෙන ගත්තේ.

🍎ඉතින් ඒ විදියට විෂයක පතුළේ තීව දංකුඩේ පවා බෙදා ගෙන කන්නයි හිතුණේ. නම නොගහා ම බෙදා හරින්නේ අන්න ඒ සමාජමය රික්තකය පිරවීම වෙනුවෙනි.

🍏මේ ටික කීවේ අද වෙද්දී ඉතා කෙටි කලකින් දහසය දහසකට අධික ෆලෝවස්ලා මේකෙන් යමක් ඉගෙන ගන්න නිසයි.

මේ තමයි Newa Articles දිනපතාම පැහැදිලි කරන WhatsApp කණ්ඩායම-02.

https://chat.whatsapp.com/CXhCbHMZdqR16HuRH5C7T4

ඔබට ජය.!🐸🐅

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo