C E Y L O N - සිලෝන්

C E Y L O N - සිලෝන්

Share

This is about an Resplendent Isle is one of gorgeous beaches, tea plantations and ancient cities..

20/01/2026

ASPIRINE, PANZER, LEAVEMEALONE... මේවා නිකන්ම වචන නෙවෙයි😌 ( සමහරු Confuced🥲)

19/01/2026

කොල්ලෙක් නම් මේ සුන්දර අතීතය විදලා තියෙන්නම ඕන🥹❤️

18/01/2026

‼️කොලෙස්ටරෝල් වැඩි නම් මෙන්න බෙහෙත‼️

♦️ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ. මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත.

♦️එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක. එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි. මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය. මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය. කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි.

♦️සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය. තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය. උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක. මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.

♦️දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක. ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.

♦️මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි. මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියැවෙන්නකි.

උපුටා ගැනීමකි

Photos from C E Y L O N - සිලෝන්'s post 12/01/2026

මාලදිවයින කියලා නේද හිතුවේ.. නෑ නෑ ඒ
වගේ පෙනුනට මේක තියෙන්නෙ වැලිගම😮🤩🌿🦋🌻🕊️🐙🌨️🦭🌻🪐

මේ The Six Weligama ❤️

Photos from C E Y L O N - සිලෝන්'s post 17/10/2025

Couple dayout 8900/= කඩවතින්😍
ගම්පහ, කොළඹ අවට අයට යන්න පුලුවන් වෙනස්ම සුපිරිම_PLACE එකක්🥰😲🍃🦀🍀🐙🌴🐬

මේ container villa collection
Call ☎ 071 886 3386

Couples වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් සුපිරිම ෆන් එකක් ගන්න පුලුවන් වෙනස් Concept එකකට හදපු Pool එකකුත් තියෙන ලස්සන තැනක් තමයි මේක💝😍

⭕ Package Details
✅ Couple dayout LKR 9950/=
⏰ 9am - 4pm

⭕ Overnight stay in a Container Villa timing as below,
⏰ 12pm check in
⏰ 10am check out

✅ LKR 14,500/- Cabana only (2 PAX)
✅ LKR 18,500/- BB rate for two guest
✅ LKR 21,500/- HB rate for two guest
✅ LKR 25,500/- FB rate for two guest

⭕ Facilities
✅ A/C Bed rooms
✅ Bathrooms
✅ Pool & Roman bath experience ( whirlpool bath facility)
✅ Hot water facilities
✅ Sitting and relaxing area with home theater system
✅ Satellite TV
✅ Mini fridge
✅ Safe Parking Facility

ඔයාගේ නිවාඩුවත් නිදහසේ ගත කරන්න දැන්ම ඔයාලගෙ දවසත් වෙන් කර ගන්න.

WHATSAPP : wa.me/+94718863386
Call ☎ 0718863386

Photos from C E Y L O N - සිලෝන්'s post 17/10/2025

අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500 ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් 🥰
මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්.
සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්වන්ද්රගේ තවත් සහෝදරයෙක්.
සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්යාලයට ඇතුළු කළා.
හරිස්චන්ද්ර දරුවා තුළ ව්යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්ර ශිෂ්යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.
හරිස්චන්ද්ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්යයාට දවසක් මෙහෙම කිව්වා.
" හරිස්චන්ද්ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."
හරිශ්චන්ද්ර ශිෂ්යයාට මේ වචන හරි ම ප්රහේළිකාවක්. තාත්තා විශාල ව්යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. ඒ වෙළෙදාම් කරන්න හිතාගෙන.
ඒ වන විට මාතර බ්රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තට. පොත පතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.
දැන් සී. ඒ. හරිස්චන්ද්ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.
එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්රත් අතර ආධ්යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.
ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.
"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."
සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්රට විරුද්ධ වුණා.
"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."
හරිස්චන්ද්ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.
ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."
දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.
"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."
මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්රට තිබුණා. ඒ තමයි ඉංග්රීසි දැනුම. හරිස්චන්ද්ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්රධාන කොන්ත්රාත්කරු වුණේ හරිස්චන්ද්ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්ය දැව කොන්ත්රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්රටමයි.
දැන් ව්යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා. අදත් හරිස්චන්ද්ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.
අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්ර සූත්ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.
කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්ර මහත්තයා ඒ ප්රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.
මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්රව්ය හරිස්චන්ද්ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.
මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ. හරිශ්චන්ද්ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්ර සබන්.
එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්රිය ගායකයෙක්. හරිශ්චන්ද්ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියටයි.
ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.
"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."
ඔහුගේ ව්යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.
ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.
දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වු පීරිස්ට කතා කලා.
''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''
පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්යාපාරිකයෙක් කොහෙද ඉන්නේ.
"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."
වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්ර සූත්ර විෂයෙහි අසාමාන්ය දැනුමක් තිබුණා.
උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.
"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.
සේවක අර්ථ සාධක ක්රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.
උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.
ඒ හරිශ්චන්ද්ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.
එස්. කේ. වික්රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්යක්ෂ ධුරය ලංගම අධ්යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.
එලෙස ව්යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.
ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.
ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.
" ජීවිත කාලයේ ම අරන් ආපු ප්රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්රැන්ඩි හැන්දක්වත් එපා." 1985දි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.
බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.
ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.
ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.
උපුටා ගැනීම : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්රසිරි දොඩන්ගොඩ
දිවයින කර්තෘ මණ්ඩලය

17/10/2025

කාටද මතකද මේ ෆෝන් එක.. BLACKBERRY.. කාලයක් ලෝකේ හොඳම ෆෝන් එක...

12/10/2025

❤️🇱🇰🙏🏻

Photos from C E Y L O N - සිලෝන්'s post 07/09/2025

මාරම ලස්සනයි 🥺🌕❤️

07/09/2025

දැන් හරි ✅️
බලන්න !! "චන්ද්‍රගහණය"
😇 🌙 🌻
Photos දාන්න 🤗

Photos from C E Y L O N - සිලෝන්'s post 15/07/2025

සෙටි එකට සෙටි වෙන්න මෙන්න තැන…
හබරණ ..අලි 🐘 🐘 🐘 නාවනවා බලන්න . අලියෙක් ලග ඉදන් photo ගහන්න පුලවන් එකම හෝටලය.
36 දෙනෙකුට එකවර නවතින්න ,ඇතිවෙනකම් ෆැම්ලි එකත් එක්ක විනෝද වෙන්න 🏊 🏊‍♀️ swimming තියෙන එකම තැන.
Jeep සෆාරි. කයාක් kayak boat 🛶 , ලෑස්ති කරලා දෙන්න පුලුවන්.
Elephant bath hotel-habarana
Call කරන්න
WhatsApp කරන්න wa.me/+94778839688

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo