Intern Training Expected Medical students' committee

Intern Training  Expected Medical students' committee

Share

බලධරයිනි,2024 වර්ෂයට අදාළ සීමාවාසික වෛද්‍ය පුහුණුව කඩිනමින් ආරම්භ කරනු...!
-සී.පු.අ.වෛ.ශි.ක.-

12/07/2024

සීමාවාසික පුහුණුව අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසිරවීම.

05/06/2024

සීමාවාසික පුහුණුව ප්‍රමාද නොකර ඉක්මනින් ආරම්භ කරන ලෙස බල කරමින් මාස හයකට ආසන්න කාලයක් අප ගෙන ගිය අනවරත සටනේ මුල සිටම නිවැරදි තොරතුරු සවිස්තරාත්මකව වාර්තා කළ සියත නාළිකාව, මෙම සටනේ ජයග්‍රහණය වාර්තා කිරීමට ද ඔවුන්ගේ පුවත් විකාශයේ ඉඩක් වෙන් කර තිබිණි.

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත.

Photos from Intern Training  Expected Medical students' committee's post 03/06/2024

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත!

ලිපි යොමු කිරීම් 90 ක්
සාකච්ඡා හා සංවාද ව​ට 20 ක්
විරෝධතා උද්ගෝෂණ 5 කින් සමන්විත වූ

අත්හිටවූ සීමාවාසික පුහුණුව නැවත දිනා ගැනීමේ අනවරත සටනේ ප්‍රතිඵලයක් ලෙස 2024 වර්ෂයේ සීමාවාසික පුහුණුව ලැබිය යුතු සියළුම උපාධිධාරීන්ට සීමාවාසික පුහුණුව පැවැත්වීම සඳහා මුදල් වෙන් කරන ලදී.

ඒ අනුව 2024 වර්ෂයට අදාළ සීමාවාසික පුහුණුවේ දෙවන අදියර අද දින (ජූනි 03) සෞඛ්‍ය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව ආයුර්වේද, සිද්ධ හා යුනානි උපාධිධාරීන් 204 ක පිරිසක් අද දින සීමාවාසික පුහුණු වෛද්‍ය නිළධාරීන් ලෙස පත්වීම් ලබා ගන්නා ලදී.

ඉතිරි උපාධිධාරීන් 153 සඳහා අගෝස්තු මස සීමාවාසික පුහුණුව ආරම්භ වන බව සෞඛ්‍ය ලේකම්තුමන් තහවුරු කරන ලදී.

මේ සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන් දේශීය වෛද්‍ය ශිෂ්‍ය සංගමය, වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වෛද්‍ය ශිෂ්‍ය සංගම් ප්‍රමුඛ ශිෂ්‍ය ප්‍රජාව, සියළු ම වෛද්‍ය සංගම් සහ වෛද්‍යවරු, ආචාර්යය සංගම්, මාධ්‍ය සහෝදරත්වය, බොහෝමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ පක්ෂ, වෙනත් නිළධාරීන් වෙත අපගේ විප්ලවීය ආචාරය පුද කර සිටිමු.

ආයුර්වේද ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අරගලය ඉදිරියට….

18/05/2024

අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත...

මේ වනවිට ලිඛිතව නොමැති වූවත් ආයුර්වේද කොමසාරිස් ජනරාල් විසින් 2024 වර්ෂය සඳහා අවශ්‍ය සියළු මුදල් අනුමත වී ඇති බව නිළ වශයෙන් දන්වා ඇත. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද තහවුරු කරන ලදී.
ඒ අනුව පහත තොරතුරු දැනුම් දෙමු.

1.⁠ ⁠වි.වි.ප්‍රතිපාදන කොමිසම විසින් එවන පළමු කුසලතා ලැයිස්තුවට අදාළ වෛද්‍ය උපාධිධාරීන් හට ජූනි මස 3 වන දින සීමාවාසික පුහුණුව ආරම්භ වන බව නිළ වශයෙන් ප්‍රකාශ කර ඇත.

2.⁠ ⁠⁠2016/17 සිද්ධ කණ්ඩායම ද අගෝස්තු මාසයේ ආරම්භ කෙරෙන බව දන්වා ඇත.

3.⁠ ⁠⁠අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2015/16 නැගෙනහිර සිද්ධ කණ්ඩායටත් මෙවර ඔවුන්ට අදාළ කණ්ඩායම සමඟ සීමාවාසික පුහුණුවට යාමට අවස්ථාව ලැබී ඇත.

4.⁠ ⁠⁠එමෙන්ම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස දැනුවත් කර ඇති පරිදි 2024 වර්ෂයේ මාර්තු මස වන විට විභාග සම්පූර්ණ කල උපාධිධාරීන් ද අගෝස්තු මාසයේ සීමාවාසික පුහුණුවට බඳවා ගැනේ.

5. ⁠⁠එමෙන් ම අපගේ ප්‍රධාන ඉල්ලීමක් වූ මින් ඉදිරියට අපගේ කණිෂ්ඨ කණ්ඩායම් වලට මෙම ගැටළුව ඇති නොවන ලෙස උපාධියෙන් පසු සීමාවාසික පුහුණුව ලබා වෛද්‍යවරයෙක් ලෙස ප්‍රමාදයකින් තොරව ලියාපදිංචිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය ආරම්භ කර ඇති බව මහා භාණ්ඩාගාරය අප දැනුවත් කරන ලදී.

6.⁠ ⁠⁠අපගේ අනෙක් ඉල්ලීම වූයේ වසර කිහිපයක සිට සිදුවූ සීමාවාසික පුහුණු දීමනා ප්‍රමාදය නවතන ලෙසයි. මේ වන විට සීමාවාසික පුහුණුව ආරම්භ කර ඇති වෛද්‍යවරුන්ගේ පත්වීම ලැබී සති දෙකක කාලයට අදාළ දීමනාව ද ගෙවා ඇත. (ඉදිරි දීමනා ගෙවීම් ද නියමිත කාලයට සිදු කිරීම සම්බන්ධයෙන් අප අවධානයෙන් පසු වෙමු)

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ ක්‍රියාකළාපය සැලකූ විට යම් යම් සැක සහිත තත්ත්වයන් තිබුණ ද ලැබී ඇති තොරතුරු අනුව මේ වනවිට ගැටලුව නිරාකරණය වී ඇති බව විශ්වාස කළ හැකි නමුත් අගෝස්තු මස වන තෙක් මේ සම්බන්ධයෙන් අප පූර්ණ අවධානයෙන් පසු වන්නෙමු.

මේ සඳහා හැකි උපරිම සහයෝගය ලබා දුන් දේශීය වෛද්‍ය ශිෂ්‍ය සංගමය, වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වෛද්‍ය ශිෂ්‍ය සංගම් ප්‍රමුඛ ශිෂ්‍ය ප්‍රජාව, සියළු ම වෛද්‍ය සංගම් සහ වෛද්‍යවරු, ආචාර්යය සංගම්, මාධ්‍ය සහෝදරත්වය, බොහෝමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ පක්ෂ, වෙනත් නිළධාරීන් වෙත අපගේ විප්ලවීය ආචාරය පුද කර සිටිමු.

නිළ ප්‍රකාශ ක්‍රියාවට නංවන තුරු අරගලය ඉදිරියට....

අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත

-සීමාවාසික පුහුණු අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍ය කමිටුව-

14/05/2024

සීමාවාසික පුහුණු අර්බුදයට විසඳුම් ලබා දුන් බව ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇති තොරතුර සම්බන්ධව අපගේ ස්ථාවරය අද දින (මැයි 14) සියත රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තාකරණය.

06/05/2024

අද දින සීමාවාසික පුහුණු අපේක්ෂිත වෛද්‍ය ශිෂ්‍ය කමිටුව ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණීම පිළිබඳ සියත ප්‍රධාන පුවත් වාර්තාකරණය.

අදාළ සිදුවීම වාර්තා කිරීමට මාධ්‍ය සහෝදරත්වයට ඉඩ නොදී ම පිළිබඳ අපගේ විරෝධය ද මේ සමඟ පල කරමු.

03/05/2024

සීමාවාසික පුහුණු අර්බුදයේ වර්තමාන තත්ත්වය සහ එය අනාගත ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට සහ වර්තමාන වෛද්‍ය සිසුන්ට බලපාන ආකාරය අද දින නිකුත් කරන(මැයි 3) 2024 මැයි 05 වන දින 'අනිද්දා' ඉරිදා පුවත්පතේ සවිස්තරාත්මකව විස්තර කර ඇති ආකාරය.

02/05/2024

දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ගෙන යනු ලබන සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අප විසින් ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෙත යොමු කල ලිපිය

29/04/2024

ක්ෂේත්‍රයට හිතැති ඔබ සැමට ආරාධනා.....

Topic: පාලකයින්ගේ නොසැලකිල්ල නිසා විනාශ වන BAMS, BUMS හා BUMS උපාධි
Time: Apr 29, 2024 21:00 Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/85220492132?pwd=8L5fjFUrQFHFR60yvD6xUocuP6EZbk.1

Meeting ID: 852 2049 2132
Passcode: 813422

29/04/2024

தற்போது, ​​ஆயுர்வேதம், சித்தா, யுனானி ஆகிய மூன்று பட்டங்கள் உள்ளிட்ட அந்த மருத்துவ முறைகள் கடும் நெருக்கடியில் உள்ளன.

ஆயுர்வேத மருத்துவம் மற்றும் கல்வி தொடர்பான அனைத்து நிறுவனங்களின் செயல்பாடுகளால் இளங்கலை பட்டதாரிகள், பட்டதாரிகள், பயிற்சி மருத்துவர்கள், ஆயுர்வேத மருத்துவமனைகள் மற்றும் அரசு/தனியார் சேவையில் உள்ள மருத்துவர்கள் பல கடுமையான பிரச்சினைகளை எதிர்கொள்ள வேண்டியுள்ளது.

ஒட்டுமொத்த துறையும் எதிர்கொள்ளும் இந்த நெருக்கடியின் தற்போதைய உண்மை நிலை மற்றும் அதன் எதிர்கால தாக்கம் குறித்து மருத்துவ சங்கங்கள், மாணவர் சங்கங்களுடன் உரையாடல்,

இது ஏப்ரல் 29 திங்கட்கிழமை (நாளை) இரவு 9 மணிக்கு ஜூம் வழியாக நடைபெறும்.
இதில் நீங்கள் அனைவரும் கலந்து கொள்வீர்கள் என எதிர்பார்க்கிறோம்.

தொடர்புடைய zoom செயலி இணைப்பினை நாளை வழங்குவோம்.

28/04/2024

වර්තමානය වන විට ආයුර්වේද, සිද්ධ හා යුනානි යන උපාධි ත්‍රිත්වය ඇතුළු එම වෛද්‍ය ක්‍රම බරපතල අර්බුදයකට පත් වී ඇත.

උපාධි අපේක්ෂකයින්, උපාධිධාරීන්, සීමාවාසික පුහුණු වෛද්‍යවරුන්, ආයුර්වේද රෝහල් සහ රජයේ/පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන් හට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට හා අධ්‍යාපනයට අදාළ සියළු ආයතන වල ක්‍රියා කළාපය නිසා බරපතල ගැටළු රාශියකට මුහුණ පෑමට සිදු ව ඇත.

සමස්ත ක්ෂේත්‍රයම පත් ව ඇති මෙම අර්බුදයේ වර්තමාන සැබෑ තත්ත්වය සහ එහි අනාගත බලපෑම සම්බන්ධව වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංගම් හා එක්ව කෙරෙන සංවාදය,

අප්‍රේල් මස 29 වන සදුදා (හෙට) දින රාත්‍රී 9 ට Zoom ඔස්සේ පැවැත්වීමට නියමිත වේ.
ඒ සඳහා ඔබ සියළු දෙනාගේ සහභාගීත්වය අපේක්ෂා කරමු.

ඊට අදාළ දිගුව (Link) හෙට දිනයේ දී ලබා දීමට කටයුතු කරමු.

27/04/2024

සීමාවාසික පුහුණුව ආරම්භ නොකිරීමෙන් වෛද්‍ය උපාධිධාරීන් මුහුණ පා ඇති අර්බුදකාරී තත්ත්වය අප්‍රේල් මස 26 වන දින 'අනිද්දා' පුවත්පතේ වාර්තාකරණය.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Faculty Of Indigenous Medicine, University Of Colombo
Colombo