29/10/2025
Office take
funny videos and education,news page
29/10/2025
Office take
25/03/2024
ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald's අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.
දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අබාන්ස් පුද්ගලික සමාගම මගින් ඇමරිකානු McDonald's අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.
ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් හොට් ලයින් අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන ඇත.
ගූගල්හි මැප්හි සෙවුම් කරද්දී ‘තාවකාලිකව වසා දමා ඇත‘ යන පණිවිඩය දිස්වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප‍්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ McDonald's සමාගම ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කළේ මීට වසර විස්සකට පමණ එපිට සිටය.
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12ක් පවත්වාගෙන යෑම ලබන 4 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.
තමන්ගේ කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප‍්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
එකී අඩුපාඩුකම් අවම කර ප‍්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.
McDonald's අවන්හල් ලොව පුරා රටවල් 120 ක පිහිටුවා ඇති අතර සෑම දිනකම පාරිභෝගිකයින් මිලියන 68 කට සේවය කරන බව සඳහන්ය.
මවු සමාගම ඉදිරියේදී වෙනත් ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් සමග එක්ව නැවත ජාලය ආරම්භ කරනු ඇ.ති අතර ඒ සඳහා කොපමණ කල් ගතවේද යන්න පැහැදිලි නැත.
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙි.❤
25/09/2023
වෙඩි වැදී මියගිය ඇමති චානකගේ මාමා පාතාල නායක රත්ගම විදුරගේ සමීපතමයෙක්ලු
නිමිඇඳුම් ව්‍යාපාරිකයකු ගාල්ල ඉහළ ඩික්සන් පාර හන්දියේ දී පෙරේදා (23) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් එල්ල කරන ලද වෙඩිවරුසාවකින් මෝටර් රථය තුළම ඝාතනය කර තිබූ අතර මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල වුඩ්වඩ් මාවතේ පදිංචි ලලිත් වසන්ත (60) නමැති දෙදරු පියෙකි. මෙම ඝාතනය පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ධ ගැටුමක ප්‍රතිඵලයක් බවට දැන් තොරතුරු අනාවරණය වෙමින් පවතී.
කැෂුවල් ක්ලබ් නමැති නිමි ඇඳුම් වයාපාරය හිමි මෙම ව්‍යාපාරිකයා විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ බිරියගේ පියා බවද පොලිසිය පවසයි.
ඔහු පෙරේදා රාත්‍රියේ ගාල්ල නගරයේ පිහිටි ඔහුගේ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය වසා දමා රාත්‍රියේ 7.10 ට පමණ මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී නිමි ඇඳුම් වෙළෙඳසල ආසන්නයේ සිට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඔහු පසුපස හඹාවිත් ඩික්සන් පාරේ පාළු ප්‍රදේශයකදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩික්කරුවන් මුලින්ම මෝටර් රථයට පිටුපසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එම වෙඩි පහරක් ව්‍යාපාරිකයාට වැදීමත් සමග ඔහු රථය නවතා ඇත.
මෝටර් රථය නැවතීමත් සමග වෙඩික්කරු පැමිණි යතුරු පැදියෙන් බැස මෝටර් රථයේ රියැදුරු අසුන ඉලක්ක කරගෙනවෙඩි වරුසාවක් එල්ල කර පසුව මුළු රථය වටේටම වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා රියැදුරු අසුනේම මියගොස් ඇති අතර, වෙඩි ප්‍රහාර වලින් ඔහුගේ හිසේ කොටස් රථය පුරාම විසිරී තිබූ බවද පොලිසිය කියයි.මෙම ව්‍යාපාරිකයා රත්ගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු බව කියන රත්ගම විදුර නමැත්තා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී ඇති බවත්,
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.රත්ගම විදුරගේ ප්‍රතිවිරුද්ධ කල්ලිය මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරුවන් ව්‍යාපාරිකයාට වෙඩි ප්‍රහාර 25 ක් පමණ එල්ල කර ඇති බවත්, ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති අයුරු නිරීක්ෂණය කිරීමේ දී එම ප්‍රතිවිරුද්ධ කල්ලිය ඔහු සමග දැඩි වෛරයකින් සිට ඇති බවට සැකකරන බවත් පොලිසිය සඳහන් කරයි.මුහුණු ආවරණය කරගත් වෙඩික්කරුවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ නිමිඇඳුම් වෙළෙඳසල ආසන්නයේ සිට ඔහුගේ මෝටර් රථය පසුපස හඹා එන අයුරු අසල සී.සී.ටී.වී. කැමරා කිහිපයක සටහන් වී ඇති අතර, වෙඩි තැබූ ස්ථානය තරමක් පාළු ස්ථානයක් වන බැවින් එම සිද්ධිය සී.සී.ටී.වී. කැමරාවලින් නිරීක්ෂණ නොවන බවද පොලිසිය පවසයි.
වෙඩික්කරුවන් ඔහුට වෙඩි තබා ඉදිරියට ගොස් අසල ඇති අතුරු මාර්ගයක් ඔස්සේ පලාගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පෙරේදා රාත්‍රියේම පැමිණ ඝාතනය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූවාය.
18/09/2023
මැච් එක දිනුවායින් පසු ෂාරුක් කාන් නිවසින් එළියට ඇවිත් ආචාර කරයි
ඊයේ ආසියානු කුසලාන ජයග්‍රහණය ඉන්දියාවට අත්වීමෙන් පසු ප්‍රකට බොලිවුඩ් නළු ෂාරුක් කාන් පදිංචිව සිටින නිවාස සංකීර්ණයේ ඉදිරිපස යකඩ අට්ටාලය වෙත පැමිණ සිය රසිකයින් හමුවේ පෙනී සිටිමින් ඉන්දියාවේ ජයග්‍රහණයට ආචාර කළේය. විශාල පිරිසක් එතැන රැස්ව සිටි බවත් ඔවුන් ෂාරුක්ගේ ඉරියව් රූගත කරමින් සිටි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.
මේ දිනවල වාර්තාගතව තිරගතවන ෂාරුක්ගේ ජවාන් චිත්‍රපටය හේතුවෙන් ඔහු විවිධ ප්‍රචාරණ අංග වෙනුවෙන් කාලය වැය කරන අතර මෙම පෙනී සිටීමද ඉන් එක් අංගයක් ලෙස ඇතැමුන් හඳුන්වා තිබේ.
පොලීසිය සිවිල් ඇදුමින් ආවොත් රාජකාරි හැදුනුම්පත ඉල්ලන්නලු
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ පුද්ගලයන් විසින් දේපළ කොල්ලකෑම පිළිබඳව සිද්ධීන් කිහිපයක් පොලිස් ස්ථාන වෙත වාරිතා වී තිබෙන බවත් මේ නිසා මෙවැනි පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විශේෂ පොලිස් ඒකකවල නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි සිදුකරන බවත් එම විශේෂ ඒකකවල නිලධාරීන් අදාළ පරීක්ෂා කිරීම්වලදී රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කරන බවද පෙන්වා දෙයි. මෙවැනි අවස්ථාවකදී මහජනතාවට රාජකාරි හැඳුනුම්පත ඉල්ලා සිටීමට හැකියාව තිබෙන බවත් මේ ආකාරයට අනන්‍යතාවය තහවුරු නොකර පරීක්ෂා කිරීමක් සඳහා අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි.
යම් සැකකටයුතු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසත් පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් සිදුකරන පරික්ෂා කිරීම්වලදී වැටලීමට සම්බන්ධ නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකු නිල ඇඳුමින් සිටින බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගේ ගමන් මලු, වාහන, නිවාස, යතුරුපැදි ආදිය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් දේපළ කොල්ලකෑම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් පොලිස් ස්ථානවලට ලැබී තිඛෙන බවද පෙන්වා දෙයි.
ගුවන් තැපෑලේ බ්‍රසීලයෙන් එවා තිබූ කෝටි 19ක් වටිනා කොකේන් අත්අඩංගුවට
බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහනවයක් වටිනා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්. ආයතනයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගුවන් තැපැල් පාර්සලය පසුගිය අගෝස්තු මස 21 දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට ඒවා තිබූ අතර, මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය වොලිබෝල් දැලක උඩ සහ යට දාරවලට අඩි 67ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.
මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්. එල්,ආයතන පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, එහිදී නවතම ක්‍රමයක් භාවිත කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.
මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමි හිමිකරු විසින් බලය පවරා, කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර,
ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර, ඒ බැව් තහවුරුවීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම රසායනික පිරික්සුම් කට්ටල ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ අතර, ඒවා මගින් තත්පර කීපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිසැකව හඳුනාගත හැකි වී තිබේ.
එහෙත් මීට පෙර අවස්ථාවලදී මෙම මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කර ගැනීම සිදු කළ යුතු අතර, ඒ සඳහා විශාල කාලයක්ද වැය වේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
වැසි වෙලාවක වෛද්‍ය රසායනාගාරයකට ඇතුළු වී සේවිකාවක් අපයෝජනයට තැත්කළ සැකකරු රිමාන්ඩ්
වෛද්‍ය රසායනාගාරයකට ඇතුළු වී එහි සිටි විසි එක් හැවිරිදි සේවිකාවක අපයෝජනය කිරීමට උත්සාහ කළ බව කියන සැකකරුවෙකු මේ මස 21වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (12දා) නියෝග කළේය.
මීරිගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
මීරිගම වෛද්‍ය රසායනාගාරයකට ඉකුත් 11වැනිදා පස්වරුවේ වර්ෂාවත් සමග පිටස්තර කිසිවෙකු නොමැති අවස්ථාවක එහි ඇතුළු වී තනිව සිටි විසි එක් හැවිරිදි සේවිකාවක අපයෝජනය කිරීමට උත්සාහ කිරීමේදී පිරිසක් විසින් සැකකරු අල්ලා මීරිගම පොලීසියට භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
පොලීසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.
නැවත කැදවීම මේ මස 21 වැනිදාට කල් තැබිණි.
14/09/2023
ජෙරොම්ගේ බැංකු ගිණුම්වල කෝටි 1226ක් උසාවියේදී එළිවේ
ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන අයට එරෙහිව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට අදාළව කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී දර්ශන ඩයලොග් ආයතනයෙන් ඉල්ලා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ පෙරේදා (12) දන්වා සිටියේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් යොමු කරමින් මේ බව දන්වා සිටියේය.
ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීය.
අන්තර්ජාලය මඟින් අන්‍යාගමිකයන් හා ආගමික ඇදහිලි විවේචනය කරමින් ජාතීන් සහ අන්‍යාගමිකයන් අතර සංහිඳියාව බිඳ හෙළන දේශන පැවැත්වූයේ යැයි ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලදී මිනුවන්ගොඩ පාර, කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනයේ ස්ථාපිත කර ඇති සීසීටීවී 267ට අදාළ ජුනි 18 සිට 25 දක්වා දර්ශන සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මිනුවන්ගොඩ පාර, කටුනායක පිහිටි මිරකල් ඩෝම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 6100ක් වැය කරමින් පුද්ගලයන් 5000ට එකවර ආසන වෙන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන අනාවරණය කර තිබේ.
ෆාස්ටර් ජෙරොම් යන අයගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිඳ වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බවද අධිකරණයට ඉදිරිපත් කළ එම වැඩිදුර වාර්තාවේ දක්වා ඇත.
මෙම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇති අතර, පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා දේශන 10ක් මිරකල් ඩෝම් ආයතනයේ පවත්වා ඇති බවත් එහි තිබී සංස්කරණය නොකළ සීඩී තැටි දෙකක් සිය භාරයට ගත් බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.