06/09/2023
ස්වභාව දහමේ සැඟවුණු ගණිතය - 1
විශ්වීය භාෂාවක් ලෙස සලකන ගණිතය ඇත්තටම ස්වභාවදහමේ සැගවී ඇත්තේ කෙසේද?
ඉඟි වශයෙන් අපට පෙන්වූවත් ඒවා අප හඳුනාගැනීමක් කරලා තියෙනවාද?
අද කියන්නෙ මේ ගණිතමය අගයයන් කොහොමද අපට නොදැනී මේ පෘථිවියේ තියෙන්නේ කියලා.
🎇🎇🎇🎇
23.5
මේ අගය මොකක්ද?
ඇයි මේ වගේ ඉලක්කමක් වටින්නෙ?
හරියටම 23.43659 කියන අගය තමා මෙතනට ගැලපෙන්නෙ.නමුත් ගණනය කිරීමේ පහසුවට මේක 23.5 කියලා දානවා.
ඔව් මේක ඔබ දන්න හුරුපුරුදු අගයක්.මේ තමා පෘථිවි අක්ෂයේ ඇලය.
දැන් මේ අගයයන් පරිසරයේ අපේ ඇස් වලින් වසන් වෙලා විසිරිලා තියෙන්නෙ කොහොමද කියන එකයි අද කියන්නෙ.
ඉතින් මේ ඇලය පෘථිවිය මත ඇති සියල්ලම කෙරෙහි බලපානවා.ඒ කියන්නෙ සියල්ලම අංශක 23.5 ක් ඇලයි.මතක තියා ගන්න මීට අමතරව පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය මන්දාකිණියට දරණ කෝණය අංශක 30 ක් පමණ වෙනවා මේ වෙනකොට.ඒ අනුව පෘථිවියේ විශ්වීය ගමන අනුව එක් සම්ප්‍රයුක්ත කෝණයක් තමා පෘථිවියේ පවතින සියලු දෙයට බලපාන්නෙ.ඒ අනුව හරියටම 23.5 නෙමේ ඊට ටිකක් වැඩි වෙනවා.
අගයක් ලෙස කිව්වොත් ආසන්නව අංශක 26.71 ක් පමණ වෙනවා.
ආසන්නව මෙතන ඉඳන් මම ගන්නෙ 26.71 කියලා.
අපි බැලුවොත් අපේ පරිසරයේ එක සමාන කෝණ ආපාතනය කරන අවස්ථා හා ස්වභාවික නිර්මාණ මොනවද?
ඔබ පරිසරය ටිකක් අධ්‍යනය කලොත් මේවා ලේසියෙන්ම සොයා ගන්න පුලුවන්.ඒ කියන්නේ 26.71 කියලා සැලකුවහොත් පරිසරයේ අංශක 26.71 නිරූපණය කරන අවස්ථා මොනවාද?
✴️✴️✴️✴️✴️
⛔කුරුල්ලෝ පියාඹලා අහසේ වංගු ගන්නවා දැකලා ඇති කොහේ හරි වහන්න.කුරුල්ලා වංගුව ගැනීම,
⛔බොහෝ ගස් වල අතු බෙදීම,
⛔බොහෝ පැල වල එක පත්‍රයකට පසු ඊලග පත්‍රය පැමිණෙන ස්ථානය කලින් පත්‍රය පැමිණි ස්ථානයට දරණ කෝණය,
⛔ගසක පත්‍රයක නාරටියෙන් බෙදෙන කේශ නාලිකා නාරටියට දරණ ආනතිය,
⛔අපි හැමෝම පෑනක් පැන්සලක් අරන් කොලයක ලියනවා මතක් කර ගන්න.එතනදි බහුතරයක් අය පෑන හෝ පැන්සල අල්ලන්නෙ ඒ වගේම කොලය හරවන්නෙ ඒත් සමගම බෙල්ලත් සමහරු හරවනවනෙ.ඒ වගේම බෙල්ලත් පාත් කරනවනෙ.මේ ඔක්කොම වෙලාවල් වල කෝණය එකම අගයක්, 😁😁😁
⛔වතුර බිඳු වැටෙනවා දැකලා ඇතිනේ.එතනත් පෘෂ්ඨයකින් නිදහස් වෙද්දි බොහෝ වෙලාවල් වලදි ඇතිවෙන කෝණයේ අර්ධය,
⛔හැමෝම සීරුවෙන් හා පහසුවෙන් ඉඳලා ඇතිනෙ රැස්වීම් වල.අයාසයකින් තොරව සීරුවෙන් ඉද්දි දෙපතුල අතර කෝණයේ අර්ධය වගේම ආයාසයකින් තොරව පහසුවෙන් ඉද්දි පාද දෙක අතර කෝණය,
⛔ගසක් හෝ අත්තක් කපද්දි අපි පොරව හෝ මන්නය අල්ලලා ගහට ගහන කෝණය,
⛔උදැල්ලෙන් පොලව කොටද්දි තලය වදින කෝණය,
මේ ඔක්කොගෙම අගය අංශක 26.71 ක් පමණ වෙනවා.
🔅🔅🔅🔅
තව බොහෝ සියුම් ස්ථාන පවතින්න පුලුවන්.මේ සියල්ලෙම කෝණය එකම අගයකින් යුක්තයි.බොහෝ විට අංශක 26.71 ක් පමණ වෙනවා.මෙම අගය අංශක 23.5 සිට අංශක 30 දක්වා පරාසයක විහිදෙනවා.බොහෝ විට පෘථිවි අක්ෂයේ ඇලයට ආසන්නයි.
අමතරව කිහිපයක් මේ
🌍කර්කටක හා මකර නිවර්තන සමඟ සමකය දරණ කෝණය අංශක 23.5 කි.
🌍ගීසාහි මහා පිරමීඩයේ කෝණය අංශක 23.5 ක් පමණ වේ.
🌍සමකයට හිරු මුදුන් වී නැවත ඉපැරණි මායා ශිෂ්ඨාචාර භූමීන්ට හිරු මුදුන් වීමට දින 23.5 ට මදක් වැඩි කාලයක් ගත වේ.
🌍සමකයට හිරු මුදුන් වී නැවත ඩයීනෝසරයන් වඳවීමට හේතු වූවා යැයි පවසන උල්කාපාත ඝට්ටනය වූ ස්ථානයට හිරු මුදුන් වීමට දින 23.5 ට මදක් වැඩි කාලයක් ගත වේ.
🌍සමකයට හිරු මුදුන් වී නැවත ශ්‍රී ලංකාවට හිරු මුදුන් වීමට දින 23.5 ට මදක් වැඩි කාලයක් ගත වේ.😍😍
මේ ආකාරයෙන් අතීත ශිෂ්ඨාචාර සමඟද 23.5 වැනි අගයන් එක්වී පවතී.තවත් මෙවැනි ස්ථාන ආශ්‍රිතව සූර්‍ය ගමන 23.5 සමඟ එක්වී පවතී.
එහෙනම් මෙච්චර වෙලා ඔබ අතරින් බොහෝ දෙනෙක් මේ ලිපිය ජංගම දුරකථනයකින් නම් කියවලා තියෙන්නේ,ජංගම දුරකථනය අංශක 26.71 ක් පමණ ඇල කරගෙන බෙල්ලත් අංශක 26.71 ක් පමණ ඇල කරගෙන තමා කියෙව්වෙ.😂😂
මේ ඔක්කොටම හේතුව තමා අපි අංශක 26.71 ක් පමණ ඇලේට ඉන්න එක.නටන්න බැරි මිනිහාට පොලව ඇදයි කිව්වෙ මේකට නෙමේ.😁😁😁
තවත් කොටසකින් හමු වෙමු.ජය ශ්‍රී🙏🙏
උපුටා ගැනීමක්