Buddhist Society of D.S Senanayake College

Buddhist Society of D.S Senanayake College දිවා රෑ දෙකෙහි මහන්සිය බුදු දහම පිණිසයි

මහාකාරුණිකෝ නාථෝහිතාය සබ්බපාණිනංපූරෙත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධිමුත්තමංඑතේන සච්චවජ්ජේන හෝතු (තේ) ජයමංගලං     ~ මහා කාරු...
16/02/2026

මහාකාරුණිකෝ නාථෝ
හිතාය සබ්බපාණිනං
පූරෙත්වා පාරමී සබ්බා
පත්තෝ සම්බෝධිමුත්තමං
එතේන සච්චවජ්ජේන
හෝතු (තේ) ජයමංගලං

~ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සියලු සත්‍වයන්ට හිත සුව පිණිස පාරමිතා පුරා බුදූබවට පැමිණිහ. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා...

මෙවර අ.පො.ස සාමන්‍ය පෙළ විභාග කඩයිම සදහා මුහුණ දෙන සේනානායකීය අපේම සොයුරන් ඇතුළු සියලුම දෙනාට විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය
සියලු දිරි බල,
සියලු නැණ බල,
සියලු ගුණ බල, ලැබේවා'යි අප සිත් ප්‍රාර්ථනා කරන්නෙමු !


කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 59 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන, මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික සෙත් පිරිත් ද...
12/02/2026

කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 59 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන,

මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය

2026 ක් වූ පෙබරවාරි මස 13 වන සිකුරාදා රාත්‍රි 7.30 සිට පසු දා පහන් වන තුරු විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

🔴සජීව විකාශය
බෞද්ධ සංගමයේ නිල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ
👇
https://www.youtube.com/live/qJ-faZA1Jg8?si=hic41gjTnDIGomiQ

බෞද්ධ සංගමය
ඩී.ඇස්.සේනානායක විද්‍යාලය



මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං~ තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු ...
11/02/2026

මහා තේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං

~ තේජවන්ත බැවින් සත්ත්වයින්හට පැමිණෙන උවදුරු දුරුකරලන බැවින් ‘පරිත්ත’ නම් වේ.~

කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 59 වන සංවත්සරය නිමිති කොට ගනිමින් සංවිධානය කරනු ලබන

මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය

2026 ක් වූ පෙබරවාරි මස 13 වන දින ප.ව. 07.30 සිට විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...



10/02/2026

'පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං'

~ හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් පරිත්ත නම් වන්නේ ය. ~

කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 59 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන

මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය

2026 ක් වූ පෙබරවාරි මස 13 වන සිකුරාදා රාත්‍රි 7. 30 සිට පසු දා පහන් වන තුරු විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

> සුදු වතින් සැරසී කුසල සිත් පෙරදැරිව අප හා එක් වන්නට ඔබ සැමට ආරාධනා...

බෞද්ධ සංගමය
ඩී.ඇස්.සේනානායක විද්‍යාලය



වසර පනස් නවයක මහඟු මෙහෙවරක් ඉටු කරමින්, දැයට වටිනා පුරවැසියන් බිහිකල ඒ මාතෘත්වය ඔබයි.අද දිනට වසර පනස් නවයක් සපිරෙන ඩී.ඇස...
10/02/2026

වසර පනස් නවයක මහඟු මෙහෙවරක් ඉටු කරමින්, දැයට වටිනා පුරවැසියන් බිහිකල ඒ මාතෘත්වය ඔබයි.

අද දිනට වසර පනස් නවයක් සපිරෙන ඩී.ඇස්.සේනානායක මාතාවට තවත් දීප්තිමත් පුරවැසියන් බිහිකරමින්, දිවයිනේ ප්‍රමුඛතම පාසලක් ලෙස ඉදිරියටත් බැබළීමට දිගාසිරි පතමු.

සුබ ජන්ම දිනයක් ඩී.ඇස්.සේනානායක මව්නි,

බෞද්ධ සංගමය,
ඩී.ඇස් සේනානායක විද්‍යාලය.



08/02/2026

'පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං'

~ හාත්පසින් ආරක්ෂාව සලසන බැවින් පරිත්ත නම් වන්නේ ය. ~

කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 59 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන

මහානුභාව සම්පන්න සර්ව රාත්‍රික සෙත් පිරිත් දේශනය

2026 ක් වූ පෙබරවාරි මස 13 වන සිකුරාදා රාත්‍රි 7. 30 සිට පසු දා පහන් වන තුරු විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.

සුදු වතින් සැරසී කුසල සිත් පෙරදැරිව අප හා එක් වන්නට ඔබ සැමට ආරාධනා...

බෞද්ධ සංගමය
ඩී.ඇස්.සේනානායක විද්‍යාලය



අද නවම් පුන් පොහොය දිනයයි!~ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම.~ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා...
01/02/2026

අද නවම් පුන් පොහොය දිනයයි!

~ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම.

~ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම – සියලු බුදුවරුන් වහන්සේලා විසින් භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අනුශාසනය.

~ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැර පිරිනිවන්පාන බව තීරණය කිරීම

~ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම

*ඔබ සැමට සුපින්බර නවම් පුර පසළොස්වක පෝය දිනයක් වේවා..!*


*අද නවම් පුන් පොහොය දිනයයි*!

~ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම.

~ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම – සියලු බුදුවරුන් වහන්සේලා විසින් භික්ෂූන් වහන්සේලාට ලබාදෙන අනුශාසනය.

~ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැර පිරිනිවන්පාන බව තීරණය කිරීම

~ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම

ඔබ සැමට සුපින්බර නවම් පුර පසළොස්වක පෝය දිනයක් වේවා..!


උදා වූ 2026 නව වසර ලෝකවාසී ඔබ සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!
31/12/2025

උදා වූ 2026 නව වසර ලෝකවාසී ඔබ සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!


We request you to keep the new Whatsapp official channel, which is being introduced with the aim of informing about upco...
28/12/2025

We request you to keep the new Whatsapp official channel, which is being introduced with the aim of informing about upcoming programs and other information of the Buddhist Association of D.S. Senanayake College, Colombo 07, active via the following link.

https://whatsapp.com/channel/0029Vb7UGQAAInPq1m1toI16


අද  උදුවප් පුර පසළොස්වක පොහොය දිනයයි! ~සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම....
04/12/2025

අද උදුවප් පුර පසළොස්වක පොහොය දිනයයි!

~සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

මිහිදු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව දේවානම් පියතිස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.

~ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

අනුලා දේවිය ඇතුළු සෝවාන් පල ලබා සිටි කාන්තාවන් පිරිස සසුන් ගත වෙමින් ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.

~ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම.

බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්බ වීම. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සමඟ රහතන් වහන්සේලා පන්සියයක් සමනළ කන්දට වැඩම කිරීම. වෙසක් පොහොය අවසන් වීමත් සමග ශ්‍රී පාද වන්දනා සමය අවසාන වීම.

ඔබ සැමට සුපින්බර උඳුවප් පුන් පොහොය දිනයක් වේවා...!


~සබ්බේ බුද්ධා බලප්පත්තාපච්චේකානං ච යං බලංඅරහන්තානං ච තේජේනරක්ඛං බන්ධාමි සබ්බසෝ~උතුම් සම්බුදු බලයෙන්පසේබුදු ගුණ බලයෙන්රහත...
28/11/2025

~සබ්බේ බුද්ධා බලප්පත්තා
පච්චේකානං ච යං බලං
අරහන්තානං ච තේජේන
රක්ඛං බන්ධාමි සබ්බසෝ~

උතුම් සම්බුදු බලයෙන්
පසේබුදු ගුණ බලයෙන්
රහතුන්ගේ ද තේජසින්
සියලු රැකවරණ වේවා!

ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව ඇති, ගංවතුර, නාය යෑම් හෝ වෙනත් ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින සියලුම දෙනාට ඉක්මන් සහනයක් ලැබේවා...!!

අවශ්‍ය සියලුම සහයෝගය සහ රැකවරණය හැකි ඉක්මනින් ලැබේවා...!

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මිනිසාටද, සතා සිව්පාවුන්ට ද කිසිදු කරදරයක් නොවේවා...!

සියලු සත්ත්වයෝ සුවපත් වේවා...!


10/11/2025

Address

29 R. G. Senanayake Mawatha, Colombo 00700
Colombo

Telephone

+94774529365

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhist Society of D.S Senanayake College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Buddhist Society of D.S Senanayake College:

Shortcuts

Share

Category