ඉස්ලාම් දැනුම - Knowledge of Islam

ඉස්ලාම් දැනුම - Knowledge of Islam Beneficial Reminders from The Holy Quran and Hadees in Sinhala Language.

සිංහල භාෂාව භාවිතා කරන මුස්ලිම්වරුන්ට මෙන්ම ඉස්ලාම් දහම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනිකුත් පාර්ශවයන්ට ද ඉස්ලාම් දහම හා එහි උතුම් ඉගැන්වීම්,සත්‍ය ප්‍රතිපත්තීන් සහ එහි ප්‍රායෝගික භාවිතයන් දැනුවත් කිරීම මෙම පිටුවෙහි අරමුණ වේ.

07/07/2025

Ihsan (إِحْسَان) means:

“To do something in the best, most beautiful, most excellent way — even when you’re not required to.”



🌙 The Prophet ﷺ defined Ihsan as:

“That you worship Allah as if you see Him, and though you cannot see Him, you know that He sees you.”
(Sahih Bukhari & Muslim)

This is next-level Islam — it’s not just doing what’s right, it’s doing what’s beautiful and pure, because you’re aware of Allah constantly.

Ashura 🕋✨ — A Day of Mercy & ForgivenessFasting on Ashura isn’t just tradition — it’s a blessed Sunnah of our Prophet ﷺ....
04/07/2025

Ashura 🕋✨ — A Day of Mercy & Forgiveness

Fasting on Ashura isn’t just tradition — it’s a blessed Sunnah of our Prophet ﷺ.
He said: “Fasting on the day of Ashura wipes away the sins of the past year.” (Muslim) 🤲

It’s the day Allah saved Musa عليه السلام from Pharaoh — a day of divine help 🌊💪
Let’s not miss this golden chance for forgiveness 🌿

Reset your soul this Ashura 💖

Muharram reminds us of the value of patience, sacrifice, and obedience to Allah. May this month bring us closer to Him. ...
29/06/2025

Muharram reminds us of the value of patience, sacrifice, and obedience to Allah. May this month bring us closer to Him. 🤲

31/08/2023
16/08/2023
❣️
11/08/2023

❣️

"Verily to Allah, belongs what He took and to Him belongs what He gave, and everything with Him has an appointed time." ...
05/08/2023

"Verily to Allah, belongs what He took and to Him belongs what He gave, and everything with Him has an appointed time." (Buhari,Muslim)

01/08/2023

Those who have believed and whose hearts are assured by the remembrance of Allah . Unquestionably, by the remembrance of Allah hearts are assured.

A man asked the Messenger of Allah, peace and blessings be upon him, “Who is most deserving of my good company?” The Pro...
16/12/2022

A man asked the Messenger of Allah, peace and blessings be upon him, “Who is most deserving of my good company?” The Prophet said, “Your mother.” The man asked, “Then who?” The Prophet said “Your mother.” The man asked again, “Then who?” The Prophet said, “Your mother.” The man asked again, “Then who?” The Prophet said, “Your father.”

Source: Ṣaḥīḥ al-Bukhārī 5626, Ṣaḥīḥ Muslim 2548

The Messenger of Allah, peace and blessings be upon him, said, “Whoever among you sees evil, let him change it with his ...
14/12/2022

The Messenger of Allah, peace and blessings be upon him, said, “Whoever among you sees evil, let him change it with his hand. If he is unable to do so, then with his tongue. If he is unable to do so, then with his heart, and that is the weakest level of faith.”

Source: Ṣaḥīḥ Muslim 49

Eat and drink, but do not waste. Surely He does not like the wasteful.( Al Quran 7:31)
12/12/2022

Eat and drink, but do not waste. Surely He does not like the wasteful.
( Al Quran 7:31)

දෙවියන් පහළ කළ සෑම ආගමකින්ම මරණයෙන් පසු ජිවිතයක් ගැන සඳහන් කොට ඇත. එහෙත් බොහෝ අයට මරණයෙන් පසු ජීවිතය සැකයක් පමණි. එම නිස...
01/12/2022

දෙවියන් පහළ කළ සෑම ආගමකින්ම මරණයෙන් පසු ජිවිතයක් ගැන සඳහන් කොට ඇත. එහෙත් බොහෝ අයට මරණයෙන් පසු ජීවිතය සැකයක් පමණි. එම නිසා ඔවුන් මෙසේ පවසන්නෝය. "අපගේ මෙලෝ ජීවිතය හැර වෙන කිසිවක් නොමැත. අපි මරණයට පත් වෙමු. අපි ජිවත් වෙමු. කාලයම මිස වෙන කිසිවක් අපව විනාශ නොකරන්නේය' ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නොමැත. ඔවුන් අනුමාන කරනවා පමණි" (කුරානය 45:24). මෙසේ පවසන බොහෝ අය විද්‍යාව ගැන පමණක් විශ්වාසය තබා මරණයෙන් පසු ජිවිතයක් ගැන විශ්වාස කරන්නේ නැත. ඔවුන් එසේ පැවසුවත් මරණයෙන් පසු ජිවිතයක් නැති බව විද්‍යානුකුලව ඔප්පු කොට නැත. ඒ අනුව ඔවුන් සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකය.

මොකුත් නැතුව තිබියදී මිනිසාව මුලින්ම මැවූ අල්ලාහ්ට ඔහු මිය ගිය පසු නැවත පණ දී නැගිටවිම අමාරු කාරියක් නොවේ. එහෙත් ඇතැමුන් එය ප්‍රශ්න කරන්නේය. "මරණයට පත්වී, අප පස් ලෙසද, ඇටකටු ලෙසද, වූ පසු අපව ද අපගේ මුතුන්මිත්තන්වද නැවතත් නැගිටවනු ලබන්නෙමු දැයි අසන්නන් ලෙස මොවුහු සිටියහ" ඊට පිළිතුරු වශයෙන් කුරානය මෙසේ පවසයි: "නියත වශයෙන්ම පෙර සිටියවුන්ද, පසුව සිටියවුන්ද නියමිත දවසක නියමිත වේලාවකදී එක්රැස් කරවනු ලබන්නේ යැයි (නබි තුමනි) නුඹ පවසනු"

වියලී ගිය පොළව මත වරුසාව වැසීමෙන් පැල හට ගන්නේ කෙසේදැයි මිනිසා විසින් සිතා බැලිය යුතු නොවේද? මේ ගැන අල්ලාහ් මිනිසාට මෙලෙස මතක් කර දෙන්නේය. "මළ ගිය පොළව ඔවුනට සාක්ෂියකි. අපි එය ප්‍රාණවත් කර, එයින් ධාන්‍යය ද පිට කළෙමු. ඔවුන් එයින්ම අනුභව කරති" (කුරානය 36:33). මේ සඳහා අල්ලාහ් සැලසුම් කොට නොතිබුනේ නම් එවැනි දෙයක් ඉබේ සිදු විය හැකිද? මේ ගැන මිනිසා සිතා බැලිය යුතු නොවේද?

"එම දිනයේදී අපි ඔවුන්ගේ මුඛයට මුද්‍රා තබන්නෙමු. එවිට ඔවුන්ගේ අත් අප සමග කතා කරනු ඇත. ඔවුන්ගේ පාදයන් ඔවුන් කරමින් සිටි දේවල් ගැන සාක්ෂි දරනු ඇත" (කුරානය 36:65). මෙම අවස්ථාවට මිනිසා මුහුණ දුන් පසු කුමක් කරන්නේද?

මරණයට පත් වූ පසු නැවත නැගිටවිමක් ගැන විශ්වාස නොකළ අයට කුරානය මෙසේ පිළිතුරු ලබා දෙන්නේය. “නියතවශයෙන්ම කවරෙක් අපගේ වැකි ප්‍රතික්ෂේප කළෝද ඔවුන්ව අපි නිරයේ දමා පුළුස්සමු. ඔවුන්ගේ සම පිළිස්සෙන සෑම අවස්ථාවකම අපි ඔවුනට අළුත් සමක් ලබා දෙමින් ඔවුන්ට වේදනාව දැනීමට සලස්වන්නෙමු” (කුරානය 4:56). එම අවස්ථාවට මුහුණ දුන් පසු කිසිම වන්දියක් ගෙවා ගැලවීමට නොහැකි බව කුරානය නැවතත් මතක් කර දෙන්නේය. “නියතවශයෙන්ම, විශ්වාස නොකළවුන් සතුව මුළු ලොවේම ඇති වස්තුවත් එවැනිම තවත් ප්‍රමාණයක් තිබුනත් ඒවා වන්දි වශෙයන් භාර ගනු ලබන්නේ නැත. එහිදී ඔවුන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත” (කුරානය 5:36).

කෙසේ වෙතත් මරණයෙන් පසු ජිවිතයක් තිබෙන බව විශ්වාස කොට ඊට සුදානම් වූ අයට ස්වර්ගය ලබා දීමට නියමිතය. "කවරහු (අල්ලාහ්ගේ ඒකීයත්වය) විශ්වාස කර, යහකම් කරයිද, අපි ඔවුන්ව ස්වර්ගයේ උයන් වෙත ඇතුළු කරන්නෙමු. එහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුහු එහි සදාකාලිකව වාසය කරන්නෝය. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යවේ. අල්ලාහ්ට වඩා සත්‍යවන්තයා කවරෙක්ද?" (කුරානය 4:122). තවත් තැනක මෙසේ පවසයි. "විශ්වාස කර යහකම් ද කළවුන් හට ස්වර්ගයේ උයන් ඇතැයි සුබාරංචි පවසනු! ඒවායෙහි පහලින් ගංගා ගලා බසින්නේය. ඔවුන්ට එහි ඇති පළතුරක් දෙනු ලැබූ සෑම විටකම: "මීට පෙරද අපට මෙයම දෙනු ලැබුවෙමු"යි පවසන්නෝය. (මක්නිසාද යත් ඒවා පෙනුමෙන්) එක සාමන නිසාය (එහෙත් රසයෙන් වෙනස්ය). ඔවුන්ට එහි පිවිතුරු සහකාරියෝද ලැබෙනු ඇත. ඔවුහු එහි සදාකල් වාසය කරන්නෝය" (කුරානය 2:25).

මෙහි සඳහන් කල කරුණු අනුව මරණයෙන් පසු ජීවිතය සුළුවට තැකීම මුග්ධ කමකි. මෙලොවදී මිනිසාට බුද්ධිය ලබා දී තිබෙන්නේ අභ්‍යවකාශය තරණය කිරීමට හෝ මහල් නිවාස තනාගෙන ඒවායේ සිට සැප විඳීමට හෝ නොවේ. එබැවින් යම් දවසක ඒවා සියල්ලම අත්හැර හිස් අතින් අවසන් ගමන් යන බව මතක තබා ගෙන ඊට සුදානම් විය යුතුය.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ඉස්ලාම් දැනුම - Knowledge of Islam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category