Island Vibes

Island Vibes

Share

සිවුදිග සිසාරා...

07/05/2026

😍😍😍

27/04/2026
21/04/2026

#අතුරුදහන්_වී_ඇත 😟

නම - උමේශා සෙව්වන්දි
ගම - මීගහතැන්න
වයස - 22 (2004/04/16)

2026/04/19 දින උදෑසන සිට අතුරුදහන් වී ඇත

ගෙදරට පවසා ඇත්තේ තම රැකියාව කරන මහරගම
no 7 විහාරවත්ත පාර,මහරගම පිහිටි Golden Flies (Pvt) වන තම වැඩපොලට යන ලෙස නමුත් එහි නොසිටි අතර ඇයගේ පව්ලේ අය බිය වී සිටී..

ඇය අවසන් වරට ඇද සිට ඇත්තේ නිල් පාට ඩෙනිම් කලිසමක් හා කලු පාට බ්ලව්ස් එකක් ඒ වගේම ලා නිල් පාට බෑග් එකක් සමගය....

කරුනාකර මෙම post එක share කරල උදව් කරන්න.. ඇය පිලිබද ව යම් කිසි තොරතුරක් හෝ ඇයව යම් කිසි තැනක හෝ කිසියම් හෝ තොරතුරක් දන්නේ නම්
පහල දුරකතන අංකයට දැනුම් දෙන්න


074 1716402 (සහෝදරයා)
074 0826717 (මව)

මෙම පනිවිඩය ශෙයා කරලා සහයෝගයක් දක්වන්න
උපුටා ගැනීමකි..

15/02/2026

🚀🔴සරසවි සිසුන් 'හඳට යවන්න' ගංජා පැකට් කළ රජරට සිසුවා නේවාසිකාගාරයේදී පොලිස් දැලේ

මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ට අලෙවි කිරීම සඳහා සූක්ෂම ලෙස ගංජා (ත්‍රෛයිලෝක විජය පත්‍ර) පැකට් කරමින් සිටි එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු, නේවාසිකාගාරය තුළදී අත්අඩංගුවට ගැනීමට මිහින්තලේ පොලිසිය සමත් විය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකාර සිසුවා මත්ද්‍රව්‍ය තොගයක් අලෙවිය සඳහා සකස් කරමින් සිටියදී මෙලෙස නීතියේ රැහැනට හසු වී ඇත.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සෙවනගල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා, දීර්ඝ කාලයක සිට සිය ගම් ප්‍රදේශයෙන් මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් විශ්වවිද්‍යාල සිසුන් අතර බෙදා හැර ඇති බවයි. අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණ සරසවිය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මෙම සිසුවා සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප.ලි.
මොකෙක් හරි අලයෙක් ඔත්තුවක් දීලා 🫠

15/02/2026

කොච්චියට බෙල්ල තියලා ඉවරයි

කෝච්චිවල ගැටීමෙන් සිද්ධවෙන අලි මරණ ඉවරයි

ඒ විතරක් නෙවෙයි, මින් පස්සේ කෝච්චිවල ගැටීමෙන් කිසිම ආකාරයේ ජීවිතහානියක් සිද්ධ වෙන එකක් නෑ.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාගේ මඟපෙන්වීම යටතේ දුම්රිය එන්ජින්වලට "තාප සංවේදක කැමරා" සවි කිරීම ආරම්භ කරයි.

PHD කන්නාඩි වලින් ප්‍රශ්න දිහා බලන ඔබ තුමාට ජාතියෙ උත්තමාචාරය! 🫡

මෙය මිනිසා මෙන්ම සතාසිවුපාගේ ද ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ගත් මානුෂීය පියවරක් ලෙස ඉතිහාසතවන බව කිව යුතුය.



්‍







#අලිජීවිත_රැකගමු
#වනජීවිතය_අපේ_වගකීම
#කොච්චි_ආරක්ෂාව
#සත්ව_හිතකාමී_ලංකාව
#මිනිසා_සත්වයා_එකට














゚viralシalシ
゚viralシviralシfypシ゚viralシalシ

12/02/2026

හොඳ වැඩක් 🫡

09/02/2026

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සිය විරෝධය පළ කර සිටියි.

අද දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය භාවිතා කළ සේවකයින් හඳුනාගැනීමේ ප්‍රායෝගික ගැටලු පවතින බවයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සේවයේ යෙදවීමට තම සංගමය කටයුතු නොකරන බවත්, පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත් ඔහු අවධාරණය කළේය.

ඒ පිළිබඳ පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් පළ කළේ මෙවන් අදහසක්...

"මධ්‍යසාර අරගෙන බස් දිව්වොත්, බලපත්‍ර අහෝසි කරනවාලු...

දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ගංජා බීලා බස් රථ සේවකයෙක් වැඩ කරොත් කොහොමද අපි අදුනගන්නේ?

මද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රියදුරු මහත්තුරු, කොන්දොස්තර මහත්තුරු අපේ බස් රථවල යොදවන්නේ නැහැ.

පහුගිය කාලේ අහුවුණේ ඉතාමත් සුළු ප්‍රතිශතයක්.
දැනටමත් බස් රථවල රියදුරන් නැහැ.
අපි දැනටමත් සාකච්ඡා කරා ඉන්දියාවෙන් රියදුරු මහතුන් ගෙන්න ගන්න.
බස් කර්මාන්තය අමාරුවෙන් කරගෙන යන්නේ.

අපි දවස් දෙක තුනක් ස්ට්‍රයික් කරොත් එහෙම කොහොමද බලමුකෝ ආණ්ඩුවට මොකද වෙන්නේ කියලා.

කරුණාකරලා බස් හිමිකරුවන්, නිදන් ඉන්න කොටි අවුස්සගන්න එපා!"

– ගැමුණු විජේරත්න –

08/02/2026

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් දැරියක් නීතිවිරෝධීව පොලිසියේ රඳවාගෙන සිටින අතරතුර දී පොලිසියේ 6 දෙනෙක් එකතු වී එම දැරිය අමානුෂික අන්දමින් දූෂණයට ලක් කර ඇත.

මෙම සිද්ධිය වාර්තා වන්නේ පාකිස්තානයේ සින්ධි පළාතේ ජාකොබාබාද් දිස්ත්‍රික්කයෙනි.

පොලිස් අත්අඩංගුවේ පසුවූ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වින්දිත දැරිය, ඇගේ සොහොයුරිය සහ මිත්තණිය දින ගණනාවක් තිස්සේ ජාකොබාබාද් දිස්ත්‍රික්ක පොලිසියේ නීතිවිරෝධීව රඳවාගෙන සිටියදී මෙම අපරාධය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මූලික වෛද්‍ය වාර්තා මගින් ස්ත්‍රී දූෂණය තහවුරු වී ඇති අතර, අදාළ නිලධාරීන් 6 දෙනාගේ වැඩ තහනමට ලක්කර ඔවුන්ට එරෙහිව පකිස්තාන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ස්ත්‍රී දූෂණය, අයුතු රැඳවුම් සහ අපරාධකර බිය ගැන්වීම යන චෝදනා මත නීතිමය පියවර ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මැදිහත් වී පරීක්ෂණ පුළුල් කර ඇති අතර, ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් සැකකරුවන් ලෙස නම් කරමින් අත්අඩංගුවට ගත යුතු පිරිස අට දක්වා ඉහළ නංවා තිබේ.

වින්දිත පවුලේ සාමාජිකයින් පවසන පරිදි පොලිසිය මොවුන් රඳවාගෙන ඇත්තේ පවුලේ පිරිමි පුද්ගලයින්ට බලපෑම් කිරීමේ අරමුණින් ප්‍රාණ ඇපකරුවන් ලෙසය.

ජාතික ළමා අයිතිවාසිකම් කොමිෂන් සභාව ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති අතර, මෙය පොලිස් බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ රැඳවුම් භාරයේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

කර කියා ගන්න බැරි උනාම ඒ කෙල්ලගේ වේදානව...පොඩ්ඩක් හිතන්න 🥺💔

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo