Teacher

Teacher Education, Books, Intuition,

මේ screen shot එක දකිනකොට හිතට දැනෙන්නේ දැඩි කම්පනයක්. මිනිත්තු කිහිපයකට කලින් තමන්ගේ ජීවිතය ගැන කිසිම දෙයක් නොපෙන්වා සි...
13/07/2026

මේ screen shot එක දකිනකොට හිතට දැනෙන්නේ දැඩි කම්පනයක්. මිනිත්තු කිහිපයකට කලින් තමන්ගේ ජීවිතය ගැන කිසිම දෙයක් නොපෙන්වා සිටි මනුස්සයෙක්, මේ විදිහට ජීවිතය අතහැර දැමීම හරිම ශෝකජනකයි.

පිටින් හිනා වෙලා ඉන්න හැමෝම ඇතුළෙන් සතුටින් කියලා හිතන්න එපා. සමහර අය හිතේ තියෙන ලොකුම වේදනාව සඟවාගෙන ඉන්නේ සිනහවකින්. අපිට පුළුවන් නම් අපේ යාළුවෙක්ගෙන්, "ඔයාට ඇත්තටම හොඳින්ද?" කියලා අවංකවම අහන්න, සමහර විට ඒ පුංචි ප්‍රශ්නය ජීවිතයක් බේරගන්න පුළුවන්.

අද නිදාගන්න යද්දි දැකපු ඉතාම අවාසනාවන්ත Live එකක්. ඔව් මේ කොල්ලා තමන්ගෙ ජීවිතේ නැ|ති|කරගන්න හැටි Live එකකින් පෙන්නුවා... අවසානයේ ඒ කොල්ලගෙ අම්මා තමන්ගෙ පුතා එ|ල්|ලිලා ඉන්නවා දැකලා බදාගෙන වේදනාවෙන් කෑගගහා අඬන සද්දෙ තාම මගෙ කන් අස්සෙ දෝංකාර දෙනවා 😩😭💔කිසිම අම්මා කෙනෙක්ට කිසිම දවසක ලැබෙන්න හොඳ නැති දුකක් ඒකනම් 😭💔. ඔයිට වැඩිය ප්‍රශ්න තියාගෙන දරු පවුල් කන මිනිස්සු කොච්චර ඉන්නවද බන්. මොනාද බන් විසද ගන්න බැරි ඔච්චර ප්‍රශ්න🤔

දරුණු ප්‍රශ්න වලටවත් ජීවිතේ නැ|ති කරගන්න එපා... ඒකෙන් කිසිම දෙයක් විසඳෙන්නේ නෑ... අනිත් අයටත් නැති ප්‍රශ්න හැදෙනවා විතරයි! ඉවසීම කියන එක දරාගැනීම කියන එක අන්තිම බින්දුවටම ප්‍රගුණ කරන්න! ❤️

ජීවිතේට විසඳගන්න බෑ වගේ දැනෙන ප්‍රශ්න වලදි ජීවිතේ නැති කරගන්න හිතෙනවනම් ඒ ප්‍රශ්න වලට තමන්ට උත්තර නැත්තම් වෙන කෙනෙක් එක්ක හරි කතා කරලා ඒ වෙලාව ඒ මොහොත පොඩ්ඩක් ගෙවෙන්න දෙන්න. හිත කොහොමහරි හයිය කරගන්න! යාලුවෙක්ට හරි කතා කරන්න නැත්නම් 🚷 24/7 ක්‍රියාත්මක 1️⃣9️⃣2️⃣6️⃣ 📞 ට කතාකරන්න🙏

මේ වගේ දේවල් මින් ඉදිරියට කවදාවත් අහන්න දකින්න නොලැබේවා... මගේ පවකට මං මේක දැක්කා 😭💔ඒ අම්මගෙ විලාපෙ තාම ඇහෙනවා 😭💔

02/07/2026

හැම පෙරහැරටම මොකටද අලි ☺🤍 නගරවලම් - හින්දු සංස්කෘතික පෙරහැර.



01/07/2026

රෑට කුඹල්වෙල අසපුව. මේ ලස්සන වචන වලින් කියන්න බෑ. 🤍 Kumbalwela Asapuwa at night. Can't describe this beauty in words.

🇱🇰

22/06/2026
අද වන විට දරුවෙකුගේ වරදක් පෙන්වා දී, ඔහුව නිවැරදි මඟට ගැනීමට උත්සාහ කරන ගුරුවරුන් දෙස ළමයින් මෙන්ම සමහර මව්පියන්ද බලන්නේ...
17/06/2026

අද වන විට දරුවෙකුගේ වරදක් පෙන්වා දී, ඔහුව නිවැරදි මඟට ගැනීමට උත්සාහ කරන ගුරුවරුන් දෙස ළමයින් මෙන්ම සමහර මව්පියන්ද බලන්නේ වෛරයෙන් සහ ක්‍රෝධයෙනි. තමන්ගේ අභිමානයට හෝ නිදහසට වැදුණු පාරක් ලෙස සිතා ගුරුවරුන්ට එරෙහිව නීතිය ඉදිරියට යාමට හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමට වර්තමාන සමාජය පෙළඹී සිටී. මෙහි භයානකම ප්‍රතිඵලය නම්, "අපට කුමකටදැයි" සිතා ගුරුවරුන් දරුවන්ගේ වැරදි නොදැක්කා සේ සිටීමට හුරු වීමයි. 🛡️🔍

​"වරද පෙන්වා දෙන, වැරදි කළ විට අවවාද කරන ඥානවන්ත ගුරුවරයා, නිධානයක් පෙන්වන කෙනෙකු මෙන් ආශ්‍රය කළ යුතුය" කියා බුදුදහමේ (ධම්මපදයේ) වදාළේ ඒ නිසාය

​අපේ දරුවන්ව මේ මහා සමාජ ඛේදවාචකයෙන් මුදාගත යුතුය. ගුරුවරයා යනු හුදෙක් විෂය කරුණු කියා දෙන වැටුප් ලබන සේවකයෙකු නොව, දරුවෙකුගේ ජීවිතය හැඩගස්වන ජීවමාන පහන් ටැඹක් බව වටහා ගනිමු. ගුරු ගෞරවය සුරකිමු; වැරදි පෙන්වා දෙන දෑත් දෙස වෛරයෙන් නොව, ගෞරවයෙන් සහ කෘතඥපූර්වකව බැලීමට අපේ දරු පරපුර හුරු කරවමු!

​ #ගුරුගෞරවය #සමාජයීයවගකීම #විනය #අනාගතය

💔😢මාරයා පරදා පුතු සුරැකි මිරිස්සේ වීර අම්මා: චතුරංගි සොයුරියට අජරාමර නිවන් සුව!මාතර, මිරිස්ස හේන්වල ප්‍රදේශයේදී තම කුඩා ...
17/06/2026

💔😢මාරයා පරදා පුතු සුරැකි මිරිස්සේ වීර අම්මා: චතුරංගි සොයුරියට අජරාමර නිවන් සුව!

මාතර, මිරිස්ස හේන්වල ප්‍රදේශයේදී තම කුඩා පුතු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය ඇලකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් මිරිස්ස මධ්‍ය මහා විදුහලේ සේවය කළ චතුරංගි සොයුරිය අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන තිබේ. තමන් දියේ ගිලී මියයන මොහොතේදී පවා, මාරයා සමඟ සටන් කරමින් තම ලේ කිරි කර පෙවූ ආදරණීය පුතුගේ ජීවිතය යතුරුපැදිය මත තබා බේරාගැනීමට ඇය සමත්ව ඇත. අම්මාවරුන්ගේ ආදරය සදාකාලික බවත්, දරුවෙකු වෙනුවෙන් මවක් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවත් ලෝකයටම පසක් කර දෙමින් ඇය සමුගත්තද, ඇයගේ ඒ මාතෘත්වයේ උත්තරීතර ආදරය කිසිදා මිය නොයනු ඇත.

තම ජීවිතයට වඩා ලෝකයේ වටිනාම වස්තුව වූ පුතු ආරක්ෂිතව තබා යන්නට ගිය මේ වීර අම්මා, මාරයා හමුවේ ශාරීරිකව පරාජය වුවද මාතෘත්වයේ අසිරිමත් සෙනෙහසින් මාරයාවද පරදවා ජයගෙන අවසානය. තවමත් ලෝකය දෙස අහිංසකව බලා සිටින ඒ පුංචි පුතුට ආදරණීය මවකගේ සෙනෙහස අහිමි කළ මේ ශෝකී පුවත මුළු මහත් සමාජයකම දෑස් කඳුළින් තෙත් කර තිබේ. දරුවෙකු වෙනුවෙන් සසරක් පුරා පෙරුම් පුරන මහා ගුණකඳක් වූ, දිවියෙන් සමුගත් ඒ වීරවත් චතුරංගි සොයුරියට පරම රමණීය අජරාමර නිවන් සම්පත්තියම අත් වේවා!

ගිණි ගන්න වෙලාවේ තමන්ගේ අම්මා තාත්තාව මහළු නිවාසයේ ඇදන් වල ගැටගසා තිබුන නිසා තමයි මේ ගින්නට හසු උනේ කියලා කිඹුල් කදුළු හ...
05/06/2026

ගිණි ගන්න වෙලාවේ
තමන්ගේ අම්මා තාත්තාව
මහළු නිවාසයේ ඇදන් වල
ගැටගසා තිබුන නිසා තමයි
මේ ගින්නට හසු උනේ කියලා
කිඹුල් කදුළු හල හල...
ටීවී චැනල් වලට වොයිස් කට් දෙන
දේවදත්ත පරපුරේ දුවලා පුතාලා
ඒ ව්‍යාසනයට ලක්උන තමන්ගේ
අම්මා තාත්තාව තමන්ගේ ගෙදර වත්තේ
ගැටගහලා වත් බලාගන්න
අකමැති උන උන් තමයි...
දැන් ඇවිත් වොයිස් කට් දෙන්නේ.....😡😡😡
අපිට අපේ අම්මව තාත්තාව
මාසෙට සැරයයි බලන්න පුළුවන්
උනේ අපි මුලින් 75000ක් දීලා
මාස්පතා 35000ක් සල්ලි දුන්නා කියන උන්
ඇයි දන්නේ නෑ තාත්තලාව
අම්මලාව ගෙදර තියන් බලාගන්නේ
නැතුව මේ නිවාසෙට ගෙනත් දැම්මේ...

🙏 වැඩිහිටි නිවාසයේ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනාට නිවන් සුව අත්වේවා.
තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

🕊️ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත සිදු නොවේවා.

සංවේදී අය බලන්න එපා💔පොලොන්නරුවෙ මහ රෝහලේ අද වුනු සිදු වීමක්..පුංචිම පුංචි රෝස මලක් මෝචරිය අසල පොකුනට දාලා ගිහින්😭මේ වගේ ...
13/04/2026

සංවේදී අය බලන්න එපා💔
පොලොන්නරුවෙ මහ රෝහලේ අද වුනු සිදු වීමක්..

පුංචිම පුංචි රෝස මලක් මෝචරිය අසල පොකුනට දාලා ගිහින්😭
මේ වගේ උන්ට අම්මලා කියනවටත් පව්.හස්බන් එවපු ෆොටෝ එක බැලුවා විතරයි.කකුල් දෙකත් එක්ක පන නැති වුනා. .කොහොම බලන්නද පුතේ ඔයා දිහා 😭

පාර ඇයිනක හරි දාලා ගියානම් ඔයා අනාත නිවාසෙක හරි හැදෙයි මැනික🥺
දැන්වත් තේරුම් ගනිල්ලා ලිංගික අධ්‍යාපනයෙ තියෙන වටින කම..
කායික මානසික ආර්ථික වශයෙන් දියුනු වෙලා ලමයි හදපල්ලා.විනාඩි විස්සෙ තිහේ ආතල් එක්කට නූපන් ලමයි වන්දි ගෙවනවා...

දරුවගෙ තාත්තා හොයා ගන්නත් නෑ.පිරිමියෙක් කියන්නත් ලැජ්ජයි ඒකා.🤮

දරුවො නැති පවුල් අහිකුංටකයො වගේ හිගා නොකා හිගාකනවා වගේ හදාගන්න ලමයි ඉල්ලනවා 🥺💔
ලමයා හදන්න බැරිනම් එහෙම හරි දෙන්න තිබුනා මුන්ට..

හිතේ තියෙන දුක කියන්න තේරෙන් නෑ.කොහොම බලන්නද රත්තරන් ඔය මූන..
ඔයාගෙ ඔය මූන දිහා බලන් ඉද්දි මගෙ දරුවා අම්මේ කියාගෙන ඇවිත් ඇගෙ එල්ලුනා 💔 මගෙ පන ටික නතර වුනා වගේ පුතේ දැනුනෙ 😭
ලබන හැම ආත්මෙකම හොද පවුලක ඉපදෙන්න මැනික 🙏

Copied

Address

Colombo

Telephone

+94775240772

Website

Alerts

Be the first to know and let us send you an email when Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category