Llb Entrance with Anjana Dinesh

Llb Entrance with Anjana Dinesh

Share

SRI LANKA OPEN UNIVERSITY LLB ENTRNCE EXAMINATIONS AND SRI LANKA LAW COLLAGE ENTRANCE EXAMINATION AND OTHER COMPETITIVE EXAMINATION CLASSES.

24/04/2023

ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය
————————————
බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට.

පින්වතුන් අහල ඇති මීට අවුරුදු 40 කට පමණ පෙර සිද්ධියක්, කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සර වෙලා එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්. එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා. නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නවා.

ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනවා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබුණා. ඒ කියන්නේ පිංවත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියල ඉතිපිසෝ ගාථාව කියල දුන්නා. එතුමා ඉතිපිසෝ ගාථාව දන්නව. ඉතිං එතුමා අවදිවෙලා කල්පනා කලා මේක බෞද්ධයන්ගේ වචනයක්නේ බුදුරජාණන්වහන්සේගේ ගුණපාඨයක්නේ මේක මට මොකටද කියල හිතාගෙන හිටියා.
නමුත් එදා එතුමා ඇවිදගෙන යද්දී යම්කිසි දොල පාරකින් බැහැල ගොඩවෙන්න හදනකොට දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ ආවා. එතකොට මෙතුමාට අර සිහිනේ සිහිවෙලා එක පාරට ඉතිපිසෝ ගාථාව කිව්වා. මේ වලසා විදුලි වේගයෙන් ආපස්සට පැනල දිව්වා. එදා තමා මෙතුමා තේරුම් ගත්තේ මේ මන්ත්‍රයේ තියෙන මහානුභාවසම්පන්න කම. ඊට පසුව මෙතුමා හැම වෙලාවේම ඉතිපිසෝ ගාථාව භාවිත කරන්න පටන් ගත්තා. ඒ අතර ඊට සුදුසු ආරණ්‍යයක් සොයමින් සිටිය භික්ෂූන් වහන්සේලාට ඒ ස්ථානය බාර දුන්නා. එතුමා සැබෑ බෞද්ධයෙක් වෙලා ජීවිතාන්තය දක්වා සිල් ගුණ පිරුවා. මොන තරම් පුදුම සිද්ධියක්ද මේ දැවැන්ත වලහෙක් හරියටම මූණට මූණ මේ අත දිගට පමණ සමීප වෙලා ඇගට පනින්න ඉන්න වෙලාවෙදී ඉතිපිසෝ ගාථාව සිහිකල පමණින්ම ආරක්ෂාව සැලසුණා.

මේක නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් සැමවිටම තබන තබන පියවරක් ගානේ ඉතිපිසෝ ගාථාව සිහිකල යුතු වෙනවා.

නිදාගන්න ගියත් ඉතිපිසෝ ගාථාව සිහි කරලා නිදාගන්නට ඕන. අවදි වෙනකොට ඉතිපිසෝ ගාථාව කියමින් අවදි වෙන්නට ඕන. ආහාර ගැනිමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල ආහාර ගන්නට ඕන. අද කාලේ ගන්න ආහාර බොහෝ සෙයින් මේ රසායනික දේවල් මිශ්‍ර නිසා ශරීරයට විෂ නොවුණ පිණිස ඉතිපිසෝ ගාථාව සිහිකරල තමන්ම සත්‍ය ක්‍රියා කරගෙන ආහාර ගන්නට ඕන. වතුර නෑමේදී ඉතිපිසෝ ගාථාව සිහි කරල වතුර නාන්නට ඕන. එ වගේම යම්කිසි දෙයක් පටන් ගන්න ඉස්සෙල්ල ඉතිපිසෝ ගාථාව කියල පටන් ගන්න ඕන.

හැම වෙලාවෙම ඒක සිහි කරනව නම් ඒ ඒ කාර්යයන් බොහොම සාර්ථකව සැපදායකව සැනසිල්ලේ සම්පූර්ණ කරගන්නට ශක්තියක් ලැබෙනවා. මේක නිසා අද කාලේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආරක්ෂාව සඳහාත් ජනතාවට ආරක්ෂාව සඳහාත් ඉතිපිසෝ ගාථාව අපි නිතර භාවිත කරමින් මේ ආරක්ෂාව දස දිසාවට විහිදුවන්නට ඕන.

මේ ශක්තිය අසීමිතයි. මෙහෙ ඉදගෙන ඇමරිකාවේ ඉන්න කෙනෙකුට වුණත් ඉතිපිසෝ ගාථාව සිහිකරල එක එක ගුණයකින් සෙත් පැතීමෙන් පුදුම ආශ්චර්ය ආනිසංස දැකගත හැකිවෙනවා.

මේ විදියට අත්දැකීම් රාශියක් අපි දැකල අහල තියෙනවා. ඉතිපිසෝ ගාථාව එක එක ගුණයක් සිහිපත් කරමින් ඕනෑම අදාන්තයෙක් සුදාන්තයෙක් කරගැනීමට පුළුවනි.

අරහං ගුණ අනන්තයි අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි, තරහ නොවෙමි, නිදුක් නීරෝගි සුවපත් වෙමි. මා මෙන්ම අන් අයද අරහං ගුණ බලෙන් වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් මෙත් සිත පැවැත්වීමෙන් එක එක ගුණයක් ගානේ ඕනැම රෝගියෙකුට සෙත් පතල ඔහු සුවපත් කරන්න තරම් බලයක් ඒකෙන් ලැබෙනවා.

බෞද්ධයන් වශයෙන් අපට තියෙන විශාල බලය තමයි මේ බුද්ධ ගුණ බලය. මේක අපි නිතර පාවිච්චි කරන්නට ඕන. එසේ පාවිච්චි කරගෙන තමන් සැනසීගෙන අනුන්ටත් මේ සැනසීම ලබා දිය යුතු වෙනවා. විශේෂයෙන් මේ බුද්ධ ගුණ භාවනාව තුලින් තවත් ආනිසංස රාශියක් අපේ සන්තාන තුලට ගලාගෙන එනවා.

සැපසේ නිනද යනවා.
සැපසේ අවදි වෙනවා.
නපුරු සිහින නොපෙනී යනවා.
දෙවියන්ට ප්‍රිය වෙනවා. මනුස්සයන්ට අමනුස්සයන්ට ප්‍රිය වෙනවා.
දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා.
ඒ වගෙම අවි ආයුධ, වසවිස, ගිනි විපත්ති වලකිනවා.
මුහුණේ වර්ණය පැහැපත් වෙනවා.
හිතේ සමාධි ශක්තිය වැඩි වෙනවා.
ඒ වගෙම තමන්ගේ ජීවිතයෙ අවසාන දවසට මනා සිහි නුවණින් බොහෝ ප්‍රබොධමත්ව බුදුගුණ සිහි කාරලා අවසන් වෙනවා. මරණින් මතු ඒකාන්තයෙන් සුගතිගාමි වෙනවා.
පිටසක්වලක නූපදින්නෙක් වෙනවා. මේ මංගල සක්වලෙ උපදිනනෙක් වෙනවා.
ත්‍රිහේතුක උත්පත්තිය ලබන්නෙකේ වෙනවා.
කල්‍යාණමිත්‍ර දෙමව්පියන් ලබන්නෙක් වෙනවා.
කල්‍යාණමිත්‍ර ගුරුඋතුමන් ලබන්නෙක් වෙනවා.
සැබෑ සම්මාදිට්ථිය ඇති කෙනක් වෙනවා.
මිසදිටු කුලයක උපන්නත් සම්මා දිට්ඨිය පිහිටනවා.
ගැඹුරු ධර්මයන් අවබෝධ කර ගන්න තරම් නැණවත් වෙනවා.
තමන් ලොව්තුරා බුද්ධ සාසනයක් අති කාලෙක ඉපදිලා හිටියොත් ඒ බුදුවරයන් වහන්සේ තමන් වෙත වඩිනවා.
තමන්ට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මානුශාසනා ලැබිලා මාර්ගඵල නිරවාණයන් සාකෂාත් කර ගන්න වාසනාව ලැබෙනවා.

මෙන්න මේක නිසා ඉතිපිසෝ ගාථාව අල්පයි ස්වල්පයි කියලා හිතන්නෙ නැතුව, නිතර භාවිතා කරන්න ඕන.

මක් නිසාද මෙහි ආනිසංස මෙහෙම ලැබෙන්න?
මේ ඉතිපිසෝ ගාථාව සිහි කරන්න සිහි කරන්න චිත්ත සන්තතිය පිරිසිදු වෙනවා. චිත්ත චෛතසික ධර්මයන් පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වීම නිසා හෘදය සන්තානය පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව සකල සරීරයෙ රූප කලාපයක් ගානෙ පැතිරී යන නිසා, රූප කලාප නිරෝගී වෙනවා. රෝගාතුර රූප කලාප නිරෝගි බවට පත් වෙනවා. සුව කල නොහැකි කැන්සර් වැනි රෝග පවා යටපත් වෙනවා. නීරෝගි භාවයට පත් වෙන බැවින්ම දීර්ඝායුෂ ලැබෙනවා. දීර්ඝායුෂ නිසාම කායික සුවය ලබනවා. කායික බලයත් ලැබෙනවා. ප්‍රඥාවත් වැඩි දියුණු වෙනවා. තමන් ඉන්න අවට පරිසරය පවා බොහොම වාසනාවන්ත බවට පත් වෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික වූද බාහිර වුද යහපත පිණිස ඉතිපිසෝ ගාථාව සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ වාර ගණන් නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන.

අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිමිපාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙනි.
————————

14/04/2023
01/03/2023

"ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා..❤️‍🔥"මේ පැලයනම් ඔයාලා ඕනතරම් දැකලා ඇති. ඒකේ නම snake plant එහෙමත් නැත්නම් Sansevieria කියලත් කියනවා... 🥹

මේක ලිලී කුලයට අයත් ශාකයක්... Snake plant කියන්නේ ගෙදරක වවන්න ඕනම පැලයක්...

රෑකට වුනත් ගෙදර ඇතුලේ තියාගන්න පුලුවන් පැලයක්...NASA නාසා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් ෆෝමල්ඩිහයිඩ්, සයිලීන්, ටොලුයින් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට මේ කියන snake plant පැලයට පුලුවන් කියලා NASA එකෙන් ඔප්පු කරලා තියෙනවා...

එයින් අදහස් වන්නේ කර්මාන්ත හා වැඩබිම් වන මෝටර් රථ සහ සාප්පු, ගුවන් යානා ,ප්ලයිවුඩ්, කාපට්, තීන්ත හදන තැන්වල මේ කියන Snake plant නැත්නම් Sansevieria කිහිපයක් වටා තබා ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන්න පුලුවන් කියලයි.. අභ්‍යවකාශ මධ්‍යස්ථානවල වාතය පිරිසිදු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා නාසා ආයතනය මේ අධ්‍යයනය කර ඇති අතර වර්ග අඩි 1,800 ක වපසරියක් සහිත නිවසක් සඳහා අවම වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ පැල 15 සිට 18 දක්වා ප්‍රමාණයකින් සම්පූර්ණයෙන්ම නිවසෙහි වාතය පිරිසිදු කරන්න පුලුවන් කියලා තමයි කියන්නේ...

විවිධ ඔක්සිජන් නිපදවන ශාක අතුරින් මෙය සුවිශේෂී වන්නේ එය රාත්‍රියේදී CO2 (කාබන් ඩයොක්සයිඩ්) විශාල ප්‍රමාණයක් O2 (ඔක්සිජන්) බවට පරිවර්තනය කරන නිසයි.ඔබේ නිදන කාමරයේ වාත ප්‍රවාහයක් නොමැති නම් දිවි ගලවා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට පැල 6-8 ක් ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසෙනවා...

මෙයින් අදහස් කරන්නේ ඔබ අසල මෙම පැල සංඛ්‍යාව තිබේනම් සම්පූර්ණයෙන්ම වායු මුද්‍රා තැබූ කාමරයක වුවත් ඔබට ජීවත් විය හැකි බවයි. ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා... ඉතින් ඔයාලත් ඉන්න තැනක මේක වවාගන්න... ගෙවල් ඇතුලේ පෝච්චියක උනත් කමක්නෑ....

Save කරලා තියා ගන්න ඕන වේවි ❤️

————————————————
DM For Credit Or Removal
Credit Always Goes to respective owner
————————————————

22/02/2023

නිවන් දැකීමට බොහෝ දෙනෙක් කැමති නමුත්, ඒ සෑම දෙනාටම නිවන් දැකිය නොහැක. එසේ නොහැකි වන්නේ තමාගේම අඩුපාඩු නිසාවෙන්ම පමණකි. මන්දයත් නිවන් අවබෝධයට මහත් වූ වීර්යයක් තිබිය යුතුය. සසරක් පුරා වඩවමින් ආ කෙලෙස් මඟ නිමා කිරීමට සුළු පටු වීර්යයකින් නොහැකිය.

නිවන් දැකීමට වීර්යය කරන්නෙකු සීලයෙන් හික්මිය යුතුය. ඉඳුරන් දමනය කරගත යුතුය. අකුසලයෙන් ඈත්විය යුතුය. සමාධිය වැඩිය යුතුය. ලෝකයේ අනෙක් අය සිතන, කියන, කරන ආකාරයෙන්ම සිටියොත් නිවන අවබෝධ කළ නොහැකිය. අප අනුගමනය කළ යුත්තේ නිවන් අවබෝධ කරන ලද උතුමන්ගේ ක්‍රියා පටිපාටියයි.

සාමාන්‍ය ජීවිතයේදී බොහෝ සෙයින් කළ යුතු දේවල් ඇත. සීලයෙන් හික්මීම අනිවාර්යය දෙයකි. නිවන් මාර්ගය සිතෙන් යන ගමනකි. එනිසා ඔබේ සිතේ වෙනස පිට ලෝකයට පෙන්වීමට අවශ්‍ය නැත. භාවනා කරන, නිවන් මඟ වඩන කෙනෙක් කියා අමුතුවෙන් ජීවත්විය යුතු නොවේ. අවශ්‍යවන්නේ සිත නිවැරදිව, පිරිසිදුව පවත්වා ගැනීමයි.
යෝනිසෝ මනසිකාරය හැම විටම පවත්වා ගත යුතුය. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. සාමාන්‍ය ලෝක සත්වයා දකින්නේ ඇත්ත ඇති සැටියෙන් නොවේ. ඔවුන් දකින්නේ මෝහයෙන් මුලා වූ සිතකිනි. අප මේ යන්නේ ඒ මෝහයෙන් මිදීමටය.

ඔබ ඇසින් දකින, කනින් අසන, දිවෙන්, නාසයෙන්, කයෙන් විඳින සෑම දෙයකම ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුමය. කවර තැනක, කුමක් කරමින් සිටිය ද සිතෙන් ඔබ ඇත්ත දැකිය යුතුය. ප්‍රඥාවෙන් ලොව දැකිය යුතුය. එය බාහිරයට නොපෙනෙන බැවින් ඔබට පහසුවෙන් කළ හැකිය. එසේ නොමැතිව නිවන ලැබීමට නොහැකිය.

ඇත්ත ඇති සැටියෙන් දකිනවා යනු, කෙටියෙන්ම නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් සියළු දේ විනිවිද දැකීමය. මෙලොව බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් කිසිම සංස්කාරයක් මේ ත්‍රිලක්ෂණය ඉක්මවා නැත. කුමක් වුවත් ත්‍රිලක්ෂණයෙන් ප්‍රඥාවෙන් එය දැකිය යුතුය. අවබෝධ කළ යුතුය. මෙලොව පවතින පරම සත්‍ය එයයි. සියළු සංස්කාරයන් හා ධර්මතාවයන් අනිත්‍ය දුක අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත්ය. සිදුවන සෑම දෙයක්ම සිදුවන්නේ ඒ ධර්මතාවයට අනුවමය. එය අප නිරතුරුව දකිමින් සිටිය යුතුය.

මෙය මුලදී අපහසුය. සසරේ මේවා පුරුදු කර නොමැති බැවිනි. නමුත් පුරුදු වූ පසු ඔබට මේ සත්‍ය දැකීමෙන් මිදිය නොහැක. මන්ද එය නිරන්තරවම ක්‍රියාත්මක වන සත්‍යයම දේ නිසාය. අප කඩතුරාවක් බැඳ දෑස් වසා මෝහයට යටත්ව සිටින නිසා ඒ සත්‍යය මෙතුවක් කල් වැසී තිබුණා පමණි.
ගහක කොළයක් වැටීම යන සරල ක්‍රියාවේ සිට, ඔබට ජීවිතයේ විඳින්නට වන සියළු සැප දුක් කරදර කම්කටොළු ලැබීම් නොලැබීම් සිදුවීම් සියල්ලක්ම ප්‍රඥා ඇසින් , සංස්කාර ලෝකය විනිවිද දකින්න. අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නිතර නිතර දකින්න. සන්තති වශයෙන් පළමුව දකින්න. ඉන් පසු ක්ෂණික වශයෙන් දකින්න..

ලෝකය විනිවිද දකිනවා යනු එයයි.. ඝන අන්ධකාරය විනිවිද ආලෝකය දකිනවා වැනිය. එය කළ යුතුමය..
ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒ දකින්නේ සිතෙනි. සැබවින්ම ඇත්තේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බාවයයි... මේ සත්‍ය ක්‍රමයෙන් ඔබ තුළින්ම අවබෝධ කරගන්න..

නිවන් දකින්නේ ප්‍රඥාවෙන් මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය යථා පරිදිම දක්නා කලය.. සංස්කාරයන්ගේ ඇත්ත ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් දක්නා කල, සිත තවත් මුලාවේ නොපවති. එය කිසිම අරමුණක මුලා නොවී, යාමට එල්ලෙන්නට ගැට ගැසෙන්නට බාහිර අරමුණක් කියා දෙයක් නොමැති බව පසක්ව දක්නා කල එය නිසල වෙයි.. නිවී යයි.. නිරෝධය අත්දකි.. නිවන යනු ඒ නිවී යාමයි..

එය සිතිවිල්ලකින් සිතාගන්නා, මවා ගන්නා කල්පිත දෙයක් නොව සිතෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අත්දකිනා ප්‍රායෝගික අත්දැකීමකි.. ඵල සමවතකට සමවැදීමට නිවන් දුටු කෙනෙක්ට හැකිය.

"ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං."

සියළු සංස්කාර සමනය වූ සියළු උපධීන් අතහැරී ගිය, තණ්හාව ක්ෂය වූ, විරාගී වූ නිවන ශාන්තය...නිවන ප්‍රණීතය...

ඒ අමා නිවන් සුව විදිය හැක්කේ අප්‍රතිහත වීර්යයකින් යුතු වූවන්ට පමණමය...!!!!
එවැනි වීර්යයවත්, පාරමී ඇති අය අදත් සිටිති.. සීමිතය.. අල්පය.. නමුත් සිටිති.. ශ්‍රද්ධාවෙන් ඇරඹෙන ඔවුන්ගේ ඒ ගමන ප්‍රඥාවෙන් නිමා වේ...
ඒ සංසාර ගමන මහා දුක්ඛය නිමා කිරීමට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නැමැති මහා ආලෝකය ඔබට නිරතුරුව මඟ කියා දෙන සේක....!!!
ඒ බුද්ධ ශක්තිය කෙරෙහි විශ්වාසය තබා, වීර්යය වඩන්න...!!!
සැනසීම ඒකාන්තය....!!!

අමා සුව
අමා සුව

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
094