15/09/2024
අතීතයෙන් බිදක් වර්තමාන ජිවිතයට 💰📚📊
ජිවිත පවා අහිමි කල (Pepsi 349) ලෝකයෙ මෙතෙක් සිදුකළ අසාර්ථකම වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන ගැන අහල තියනවද ?🤔
1992 වර්ෂයේදී පිලිපීනයෙ සිදු කරපු මෙ අසාර්ථකම ප්‍රවර්ධන වැඩසටහන කරන්නෙ කවුරුත් නෙමෙ, සිසිල් බීම වංශ කතාවෙ තවත් එක් දැවැන්තයෙක් වෙන pepsi සමාගමයි.
number favor නමින් ආරම්බ කරපු මේ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භයේ පිලිපීනය පුරාම අති මහත් ජනප්‍රියත්වයට පත් වෙලා තියනව. මොකද මේ ප්‍රවර්ධන වැඩ සටහන මගින් මූඩිය යට ඇති අංකයට ₱100(ඩොලර් 4) සිට ₱ මිලියනයක්(ඩොලර් 40000) දක්වා තෑගි මුදල් ඇති බව pepsi සමාගම ප්‍රකාශ කරල තියනව. මෙ ත්‍යාග මුදල් ගැන එවකට ඉතා දිළිඳු පිලිපීන වැසියන්ට තිබුනෙ දැඩි බලාපොරොත්තු සහගත බාවයක්.
ඉතින් කොහොමහරි number favor වැඩසටහන ආරම්භයේ සිට මූඩි යට ඇති අංකවලට සුලු ත්‍යාග මුදල් විශාල වසයෙන් ලබාදීල තියනව, ඒ නිසාම මෙමගින් pepsi සමාගමත් අතිශය ලාභ ලබල තියනව. මතකද ? කාලයක් මෙහෙත් ඔයවගෙ ප්‍රවර්ධන වැඩසටහන් තිබ්බ 🙂
අතිශයින් ලාභ ලැභූ pepsi සමාගම අවසානයෙ ප්‍රකාශයක් කරනව 1992 මැයි 25, ₱ මිලියනයෙ (ඩොලර් 40000)💰 ත්‍යාගය හිමි පියනන යට ඇති අංකය ප්‍රකාශ කරනව කියල. ඉතින් මෙ ප්‍රකාශයත් එක්ක දුප්පත් පිලිපීන ජනයා දැඩි අපේක්ෂාවෙන් වැඩි වැඩියෙන් pepsi බීම බොතල් මිලදී ගනීමට පෙලෙබෙනව. හැබැයි කපටි pepsi සමාගම 349 කියන ජයග්‍රාහී අංකය පියන් දෙකක් පමණයි මුද්‍රණය කරන්න සූදානම් වෙන්නෙ.
ඔන්න 1992 මැයි 25 උදාවෙනව, ඉතින් pepsi සමාගම 349 කියන ජයග්‍රාහී අංකය නිවේදනය කරනව. ජයග්‍රාහී අංකය ප්‍රකාශ කරල ටික වෙලාවක් ගතවෙනකොට දහස් සංක්‍යාත් ජනතාවක් pepsi සමාගම ඉදිරියට එක්රොක් වෙනව තමන්ගෙ ත්‍යාග මුදල් ලබාගන්න. මේ වෙලාවෙ තමයි pepsi සමාගමට තරු පෙන්න ගන්නෙ. එ මොකද දන්නවද ? තාක්ෂණික දෝෂයක් නිසා මිලියනයෙ ත්‍යාග අංකය වෙන 349 අංකය සහිත බොතල් 800000 ක් එ වෙනකොට වෙළෙඳපොළට නිකුත් වෙලා තියනව කියල දැනගන්නව.🙂
ඉතින් pepsi සමාගම මේ තාක්ෂණික දෝෂය ගැන කියල නැවත නිවේදනයක් නිකුත් කරනව. හැබැයි ඒකට එකග නොවුණු ජනතාව මහ මගට ඒකරාශි වෙලා උද්ඝෝෂණය කරන්න පටන් ගන්නව. මෙහෙම ආරම්භ වුනු මේ උද්ඝෝෂණ වලට මැර කල්ලි පවා එකතු වෙමින් pepsi ලොරි රත වලට ගිනිතබමින් කුඩා වර්ගයේ බොම්බ තබමින් දැඩි ප්‍රචණ්ඩකාරී තත්වයකට පත්වෙන. කොහොමහරි ආරක්ෂක අංශය සමගද ජනතාව ගැටුම් ආරම්භ කරගන්නව, මෙ නිසා ජීවිත හානි පවා සිදුවෙලා තියෙනව, ඛේදනීයම සිදුවීම වෙන්නෙ Davao city කියන ප්‍රදේශයේ, pepsi ලොරි රතයකට එල්ල කරපු බොම්බ ප්‍රහාරයකින් ගුරුවරියක් සහ පස් හැවිරිදි දරුවෙකු මරණයට පත් වෙනව.😪
මෙත් සමගම ජයග්‍රාහකයන්ගෙ 22000කට අදික නඩු ප්‍රමාණයකට pepsi සමාගමට මුහුන දෙන්න වෙනව, මෙ නඩු අවසානයෙ pepsi සමාගම ප්‍රකාශ කරනව සෑම ජයග්‍රාහයකුටම ₱500 (ඩොලර් 18) ලබාදෙනව කියල. අදටත් Pepsi සමාගම පිලිපීනයෙ තිබුනට රට තුල සාර්ථක වෙන්න නම් බැරි වෙලා තියනව කියල තමයි වාර්තා වෙන්නෙ.
ඉතින් ඔන්න ඔය විදිහට තමා ලෝකයේ අසාර්ථකම ප්‍රවර්ධන වැඩසටහන අවසාන වෙනේ. ඉතින් ඔයාලගෙ අදහස් ගැටලු පහලින් comment කරන්න එහෙනම්
~¥ SWR ¥~