14/06/2022
Mahinda Daham Pasala
අපගේ දැක්ම.
තමන් නිවුනු සැනසුම ,සමාජය ?
මහින්ද දහම් පියස......
ශ්‍රිලංකාව විදේශ ආධිපත්‍යයට නතුවීමෙන් පසුව ශ්‍රීලංකාව තුල බෞද්ධ සිතුවිලි බෞද්ධ අධ්‍යාපනය , බෞද්ධ සංස්කෘතිය දිනෙන් දිනම පරිහානිය කරා ලංවිය.මෙවන් ශෝචනීය කාලපරිච්ඡේදයකදී යම් අරුණාලෝකයක් දෙමටගොඩ ප්‍රදේශවාසින්ට ලැබෙන්නට විය.එනම් වර්ෂ 1911 දී මහින්ද දහම් පියස ස්ථාපිත විය ඒ පුංචි පොල් අතු පැලක සිසුන් සත් දෙනෙකුගෙන් යුතු දහම් පියසක් ලෙසිනි.මෙය එකල දෙමටගොඩ සහ ඒ අවට ප්‍රදේශයන් සදහා වූ
14/06/2022
පොසොන් සැදැහැ ගී සරණිය - 2022
මහින්ද දහම් පාසල මගින් සංවිධානය කරනු ලබන පොසොන් බැතිගී සරණියේ, සජීවී විකාශයක් සමගින් ඔබට අද දින (පොසොන් පොහොය දින සවස 5.00 ශ්‍රි ලංකා වේලාවෙන්) සිට Mahinda Daham Pasale Face book පිටුව ඔස්සේ සම්බන්ධ විය හැක.
මේ කඨින පිංකම් සමයයි෴
වස් විසීම, වස් පවාරණය හා චීවර මාසය.
1.සියලු උපසපන් භික්ෂූහු වස් විසිය යුත්තාහ. වස් විසීමේ ක්‍රම දෙකකි. පෙරවස් විසීම හා පසු වස් විසීම වශයෙනි.
2.සාමාන්‍යයෙන් පෙරවස් සමාදන් වන්නේ ඇසල පෝ දිනයි, වප් පෝ දින පවාරණය කරයි. සාමාන්‍ය පසුවස් විසීම නිකිණි පෝ දින කර ඉල් පෝ දින පවාරණය කරයි.
3.වප් සහ ඉල් පෝ දින දෙක අතර කාලය චීවර මාසය වේ. කඨින පින්කම් පැවැත්විය හැක්කේ මේ මාසය තුලදී පමණි.
4.වස් නොකඩා රැක ගෙන පවාරණය කළ භික්ෂුවකට පමණි කඨින චීවරයක් පිලි ගත හැක්කේ. මේ හේතුවෙන් පසුවස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් පිළිගත නොහැක.
කඨින පිංකම සහ එහි දුර්ලභ බව.
1.කඨින චීවරයක් පිළිගත හැක්කේ උපසම්පදා භික්ෂුවකට පමණි. එසේම මේ පිංකමට උපසම්පදා හිමි වරු පස්නමක් වත් සිටිය යුතුය. ලක්දිව උපසම්පදාව අතුරුදහන් වී තිබූ අඳුරු කාල වල වාසය කල පිංවතුන්ට මේ පිංකම කර ගත හැකි නොවීය.
2.එසේම කිසියම් ආරන්‍යයක, පන්සලක, විහාරයක වස් විසූ භික්ෂුන් නැතිනම් කඨින පූජාවක් කළ නොහැක. වස් විසූ භික්ෂුන් සිටියත් ඒ අය වස් බිඳගෙන සිටීනම් ඒත් මේ පූජාව කළ නොහැක.
3.වස් විසූ භික්ෂූන් කොතෙක් සිටියත් විනයානුකුලව ඇතිරිය හැක්කේ එක් කඨිනයක් පමණි, එනම් පූජා කළ හැක්කේ එක කඨින චීවරයක් පමණි.
4.එසේම, පූජා කරන වස්ත්‍රය කපා මසා පඬුපොවා සිවුරක් ලෙස සකස් කිරීමද වරුවක් තුල සිදු කළ යුතුය. මෙය වෙහෙස නොබලා කළ යුතු සියුම් කාර්යයකි.
5.කඨින චීවරය තෙවරක් පූජා කෙරේ. පළමු වර දායකයන් විසින් අරුණ නැගීමට පළමු මහසඟරුවනට වස්ත්‍රය පිළිගැන්වේ. දෙවනුව ඒ වස්ත්‍රය චීවරයක් ලෙස සකස් කර මහසඟරුවනට පිළිගැන්වේ. තෙවනුව මහසඟරුවන විසින් එහි සිටින භික්ෂූන් වහන්සේලා අතරින් ඒ විහාරයේ පෙරවස් වසා එය නොකඩා රැකගෙන මහා පවාරණයෙන් පවාරණය කළ සුදුසු නමක් තෝරා කඨින චීවරය පිළිගැන්වේ.
එසේ පිළිගැන්වීම විනය කර්මයකි.
6.වෙනත් චීවර දානය හා ප්‍රතිග්‍රහණය විනය කර්මයක් ලෙස නොගැනේ. (මේ පිංකමට උපසම්පදා භික්ෂුන් පස් නමක් අවැසි වෙන්නේ එය විනය කර්මයක් වන බැවිණි.)
පළමු වර මහසඟ සතු කොට පිදුණු වස්ත්‍රය නැවත චීවර සම්පාදනය පිණිස දායකයන්ට පැවරීමත්, එසේ සකස් කෙරුණු චීවරය මහසඟ පිරිස විසින් එක් නමකට පූජා කිරීම නිසාත් මේ පිංකමට රැස්ව සිටින සියළු දෙනා එක වරම දායකයින් හා ප්‍රතිග්රාහකයින් බවට පත්වේ.
කඨින චීවර පූජාවේ ආනිසංශ
දායකයාට මෙන්ම ප්‍රතිග්‍රහකයාට ද කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංශ දහමේ විස්තර කෙරේ.
කඨින චීවරය පිළිගත් සංඝයා වහන්සේට ලැබෙන ප්‍රතිලාභ
කඨින චීවර පූජාව පිළිගත් මහාසංඝයා විසින් තෝරාගත් එක් නමකට එම චීවරය පවරනු ලැබේ. එය පිළිගන්නා නමට විශේෂ වරප්‍රසාද කිහිපයකට හිමිකම් ලැබේ.
අනාමන්‍තචාරො :
භික්‍ෂූන් වහන්සේ නමක් තමන්වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටත වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතු ය. කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවිමෙවන් කිසිදු ඇවැතක් සිදු නොවේ.
අසමාධානචාරො :
සෑම දිනක ම අරුණු නැගෙන විට භික්‍ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතු ය. එසේ නොවුණහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවැතක් සිදු නොවේ.
ගණභොජනං :
සැදැහැවත් දායකයින් භික්‍ෂූන් වහන්සේලාට සිය නිවසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග‍්‍රහ පිණිස පෞද්ගලික ව හෝ නිවසකට වැඩම කොට දානය වැළදීමෙන් ඇවැතක් සිදු නොවේ.
යාවදත්‍ත චීවරං :
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම්, ඊට අමතර ව සිවුරු පරිහරණය කළ නොහැක. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට සිවුරු ඕනෑම ප‍්‍රමාණයක් පරිහරණය කළ හැක.
යො ච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති :
අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනි ව පරිහරණය කිරීම වරදකි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද සියලූ ම දේවල අයිතිය හිමිවන අතර, සියල්ල පෞද්ගලික ව වුවද පරිහරණය කළ හැක.
මේවා සාමාන්‍ය භික්ෂු විනය ඉක්මවා යාම් වේ.
කඨින චීවර පූජා කිරීමේ ආනිසංශ
කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.
"ගිරිරාජ සමංරාසිං - සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස - කලං නාග්ඝති සෝළිසිං
මහාමේරු පර්වතය දක්වා උසට තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේය යනු එහි දළ අදහසයි.
පිරිසිදු දඹ රනින් අකනිටා බඹ ලොව දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක් වත් නොවන බව තව තැනක දැක්වේ.
කඨින චීවරය මැසීමට ගසන එක් ඉඳීකටු පහරකට තිසිහතර වාරයක් බැගින් සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව
"ආරපථෙ ආරපෙථ - චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං - චක්කවත්ති අහොසහං"
යන ගාථා පාඨය පැහැදිලි කරයි.
"පඨවිරිව න ජාතු කම්පතෙ - නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං - තමිද මතො කඨිනන්ති චුච්චති"
මහ පොළව මෙන් කම්පා නොවන මහමෙරමෙන් සුළඟින් නොසෙල්වෙන ඒකඝන වූ වජ්‍ර පර්වතයක් මෙන් නොබිඳෙන හෙයින් කඨිනය යන වචනය ව්‍යවහාර කෙරේ යනු ඉහත ගාථාවේ අදහසයි.
මෙසේ කඨිනානිසනිශංස ගැන කියැවෙන ගාථා බොහෝ ගණනක් ඇත. මේවායේ දැක්වෙන උපමා ඉවත් කර ඉතා සරලව කීවොත්...
"මානුසිකාච සම්පත්ති - දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති - සබ්බමේතේන ලබ්භති"
යන ගාථාවෙන් දැක්වෙන ලෙස...
මිනිස් ලොව, දෙව් ලෝ වල උතුම් සැප විඳීමටත් නිවන් දක්නා තුරා කල්ප ගණනක් සැපම ලබා දීමටත් මේ පිංකමට බලයක් පවතී. මෙය අට මහා කුසල් වල මුලටම කියවෙන්නේ නිර්වාණාවබෝධයටද මේ පින උපස්තම්භක වන නිසයි.
ටිකක් විස්තර කළොත්,
උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ.
සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ.
සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ.
මනුලොව උසස් කුල වලම උපදී.
චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ.
කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිතම ලබයි.
සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ.
කඨින චීවර පූජාවේ පරිවාර දාන
මේ පිංකම කෙරෙන විට කඨින චීවරයට අමතරව තව චීවර හා වෙනත් කැප භාණ්ඩ ඕනෑ පමණක් සංඝික කර පූජා කළ හැක. ඒවාද කඨින පිංකමේ කොටස් බවට පත් වන හෙයින් අනෙක් දාන වලට වඩා මහත්ඵල මහානිසංශ වේ. කඨින පිංකමේදී පූජා කරන ඉඳි කටුව පවා බොහෝ සැප සාදා දීමේ සමත් වේ.
පෙර කළ රජ වරු පවා ඉතා උනන්දුවෙන් මේ පිංකම පැවැත්වූහ. බොහෝ රජවරු මේ පිංකම රාජ්‍ය අනුග්‍රහ සහිතව බොහෝ පිරිවර සමග එක් වී එදිනම කපු කැට නූල් අඹරා ඒවායින් රෙදි වියා ඒ වස්ත්‍ර වලින් කඩ කපා මසා චීවර නිපදවා කඨින චීවර ලෙස සකසා බොහෝ අවශේෂ පරිෂ්කාර සහිතව දන් දී පිරිවර සමග දෙව්ලෝ ගියහ.
පිං කැමැත්තෝ කඨින චීවර දානය කෙරේ සැදෑ ඇති කර ගනිත්වා !
෴
බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම්.
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
1.බුද්ධ ශාසනය තුළ භික්ෂුණී සමාජය ආරම්භ වීම සිදු වූයේ බිනර පුර පසළොස්වක පොහෝ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වැදගත් තැනක් හිමි වෙයි.බිනර පොහෝ දා සිදු වූයේ, මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වීම ය.
එයම, භික්ෂූණී ශාසනයේ ආරම්භය ද විය.
2.අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය. මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.
3. සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.
27/09/2015
22/09/2015
සුහද ආරාධනයයි !
20/09/2015
20/09/2015
මහින්දයේ කුසලතා ඇගයීම.
වර්ෂ 104ක් තරම් පැරණි එමෙන්ම අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මහින්ද දහම් පියස ගුණාත්මක අනාගත දරු පරපුරක් බිහි කිරීමෙහි සමාජීය වගකීම ඉටු කිරීමේදී දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණ වර්ධනය කරනවා පමනක් නොව ඔවුන්ගේ විෂය දැනුම මෙන්ම බාහිර කුසලතා ඇගයීමටද අමතක නොකලේය.
එයනම් "මහින්දයේ කුසලතා ඇගයීම " වනේය.
තම දෙමාපියන් ඉදිරියේදී,වැඩිහිටියන් ඉදිරියෙදී,ගුරු මෑණිවරුන්,පියවරුන් ඉදිරියේදී මෙන්ම මිතුරන් ඉදිරියේදී ,සියලු දෙනාගේ අත්පොලසන් හඩ මධ්‍යයේ ඇගයීමට ලක්වීම දරුවන්ගේ අභිමානය වැඩිවීමට මෙන්ම,අධිශ්ඨානය සහ ඉගෙනුමට පෙළබවීම වැඩිකරනු ලබන්නේය.
වසර 104 වන මහින්ද දහම් පියසෙහි ඉතිහාසය තුල මෙලෙස සුදානම් වන්නේ "මහින්දයේ කුසලතා ඇගයීම 88" වන පියවරටයි.කුසලතාවයන්ගෙන් පිරි දුවා දරුවන්ගේ හැකියාවන්ගෙන් ,වාග් කෞශල්‍යයෙන් පිරි දුවා දරුවන්ගේ නිවේදන හැකියාවන්ගෙන් එදිනට මහින්දයේ වේදීකාව ආලෝකමත් වනවා නිසැකය.
ගුරු මන්ඩලයේ ප්‍රධානත්වයෙන් මෙන්ම,ආදි සිසු සිසුවියන්ගේ සහ අන් අයගේ උදව් උපකාර තුලින් මින් පෙර සිසු සිසුවියන් ඇගයීමේ කාර්‍ය සාර්ථක වූවා මෙන්ම,මෙවරද එය සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන්නේය.
පින්බර නිකිණි පොහොය දිනය අදයි.
නිකිණි පුර පසළොස්වක පෝය දින වැදගත් සිදුවීම්...
1.නිකිණි පුර පසළොස්වක පෝය දිනයආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,
2.අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,
3.බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,
4.පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.
පින්බර ඇසල පොහොය දිනය අදයි.
ඇසළ පුන් පෝ දා සිදුවූ විශේෂ සිදුවීම්...
1.අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
2.සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. 3.එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
4.ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව 5.බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
6.තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
7.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
8.විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo