08/06/2026
🪷 බැති හදින් තුති පුදමු 🪷
කොළඹ විශ්වවිද්‍යාලීය බෞද්ධ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද වෙසක් බැති ගී දැහැන 2026
වෙසක් බැති ගී දැහැන 2026 පුණ්‍ය මහෝත්සවය අතිසාර්ථකව පැවැත්වීමට අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය හා අපගේ විශේෂ ස්තුතිය පුද කර සිටිමු!
ගායක ගායිකාවන්ට හා වාදන ශිල්පීන්ට,
සංවිධායක මණ්ඩලයට හා විවිධ අයුරින් සහයෝගය දැක්වූ සැමට,
එදින සහභාගි වූ සියලු බැතිමතුන්ට,
ඔබ සැමගේ අප්‍රතිහත කැපවීම හා සහයෝගය හේතුවෙන් මෙම සැඳෑව
සැබවින්ම අමරණීය මතකයක් බවට පත් විය.සියලු පින් ඔබ සැමට අනුමෝදන් වේවා! ✨
03/06/2026
වෙසක් බැති ගී දැහැන 2026🪷
උතුම් වූ සම්බුදු තෙමඟුල සමරනු වස් කොළඹ විශ්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන,
වෙසක් බැති ගී දැහැන 2026 සහ
කඩල දන්සැල
2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා (හෙට) දින
පස්වරු 3.00 සිට
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ කහ මේස කලාපය අසලදී පැවැත්වේ.
ඔබ සැමට බැතිබර ආරාධනා!🪷.
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
02/06/2026
වෙසක් බැති ගී දැහැන 2026🪷
උතුම් වූ සම්බුදු තෙමඟුල සමරනු වස් කොළඹ විශ්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන,
වෙසක් බැති ගී දැහැන 2026 සහ
කඩල දන්සැල
2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා දින
පස්වරු 3.00 සිට
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ කහ මේස කලාපය අසලදී පැවැත්වේ.
ඔබ සැමට බැතිබර ආරාධනා!🪷.
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
29/05/2026
පුරවර වෙසක් 2026
Photo credits belong to the rightful owner 📸
17/05/2026
වෙසක් බැති ගී දැහැන 2026 🪷
උතුම් වූ සම්බුදු තෙමඟුල සමරනු වස් කොළඹ විශ්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන වෙසක් බැති ගී දැහැන 2026 සමගින් ඔබත් එක්වන්න.
වෙසක් බැති ගී මිහිර සඳහා සහයෝගය දක්වන ඔබ සැම වෙනුවෙන් වටිනා සහතික පත්‍රයක්ද පිරිනමන්නට අපි සූදානම්.
සංවිධායක මණ්ඩලය සාමාජිකත්වය සඳහා ඔබත් අදම අයදුම් කරන්න.👇
https://tinyurl.com/3scpup9f
Post- Yashodha Indeewari
Caption-Vidushika Dissanayake
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
14/04/2026
ලක්වැසි ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවය විදහා පාමින් උදාවන්නා වූ මේ අභිමානවත් සිංහල හින්දු අලුත් අවුරුද්ද,🌞💫
නව සිතිවිලිවලින් සහ නව
බලාපොරොත්තු වලින්
ජීවිතය අලෝකවත් කරන වසරක් වේවා!🙏✨🌼
සැමට නිදුක් නීරෝගී සුවය පිරි වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !🪔🌞✨
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
13/04/2026
ශක වර්ෂ 1948 හෙවත් ව්‍යවහාර වර්ෂ 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව
04/02/2026
රුධිර වගුරුවමින් දිවි පූජා කරමින්
හෙළ පුතුන් උදා කර දුන්
අභිමානවත් දේශයක
අභිමානවත් නිදහස සමරමු
🇱🇰✨🔥
" ගොඩනගමු ශ්‍රී ලංකාව " යන තේමාව පෙරදැරිව මෙවර 78 වැනි නිදහස් දින සමරු උත්සවය නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
💫ශ්‍රී ලාංකික ජාතිය යන සංකල්පය මෙන්ම සංහිඳියාව, සංස්කෘතික, ආගමික, ජාතික වශයෙන් වැදගත් වන රටේ ජාතික උත්සවය ලෙසත් නිදහස් දිනය හැදින්විය හැකිය.
💫 මෙරට නිදහස ලබා ගැනීම වෙනුවෙන් කැපකිරීම් කළ ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාට අදාළ ගෞරවය බුහුමන පුද කරමින් 78 වන නිදහස් සැමරුමේදී තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් ඇරඹීමටද කටයුතු සූදානම් කර ඇත.
💫මෙවර නිදහස් දිනයේ සම්පූර්ණ අපේක්ෂාව වනුයේ බිඳ වැටුණු සියල්ල නැවත නගාසිටුවමින් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව ශක්තිමත් ප්‍රජාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි.
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
01/02/2026
නවම් පෝ දින නැවුම් කුසලින් නිවන් මඟ දොර විවර වේවා
පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා🤍🙏🌸
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වූ පූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහොය හැඳින්විය හැකි ය.ඒ අතර,
☸️ සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සදහා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීම
☸️ එමෙන් ම ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වීමද අද වන් දිනක සිදු විය
☸️ තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමද නවම් පොහෝ දිනයක සිදු වීම සුවිශේෂත්වයකි
☸️ එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය අත් හැරීමද මෙම පොහොය දින සිදු විය
එනයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදැහැ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.
අකුසල් සිත් දුරු වී කුසල් සිත් වැඩි දියුණු වන පින්බර නවම් පුර පුර පසළොස්වක් පොහෝ දිනයක් වේවා ඔබ සැමට🙏🤍
බෞද්ධ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
Buddhist Students Association - University of Colombo
09/01/2026
Breathe in peace, breathe out stress.
Finding calm in mindfulness and unity. ☸️✨
Buddhist Student Association
University of Colombo