Sonara E.C.D Center

Sonara E.C.D Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sonara E.C.D Center, Nursery, Vijayaraja mawath nadimala, Dehiwala, Colombo.

05/06/2020

මේ X- Ray ජායාරූප බොහෝ ජාත්‍යන්තර දෙමාපියන්ගේ අවධානයට පත්වුනා..
මෙහි දැක්වෙන්නේ පෙරපාසල් සහ පාසල්‍ යන වයසේ සිටන අවුරුදු 7 ලමයින් දෙදෙනෙක්ගේ අතෙහි X- Ray ජායාරූපයකි.

මෙහිදී මතුවන කරුණු ගැන ඔබේ අවධානය යොමුවිය යුතුමය....

අපි මෙය මෙහෙම ආරම්භ කරමු. ඔබ දන්නවා කුඩා කාලය තමයි සෑම දෙනාගේම අමතක නොවන කාලය මොකද මේ කාලයේදී තමයි විවිධ අත්දැකීම්, ක්‍රිඩා, පවුලේ අය සමග ගත කිරීමට ඇති හොදම කාලය.

වැඩිහිටි ඔබට දැන් මතක් වෙනවා ඇති ඒ දවස් වල කරපු වැඩ... දවසෙම සෙල්ලම් කරලා ගෙදර ආවහම අම්මගෙන් අහපු බැනුම් ගොඩ....
ඇත්තටම දැන් අපේ ලමයින් පොඩි කාලේ මොනවද කරන්නේ....

පොඩ්ඩක් හිතල බලන්න.. දරුවන් පරිසරය සමග තියෙන බැදීම එන්න එන්නම අඩුවෙලා.. සෙල්ලම් කරන්න දන්නෙ නෑ, සරුංගලයක් හදන්න දන්නේ නෑ..ඔවුන්ට ලමාකාලය නැතිවෙලා... ඔවුන් ඉගෙනීමටම කොටුවෙලා..
ඒත් පහුගිය මාස 2දී අපි දැක්කා ගොඩක් දෙමාපියන් නැවත දරුවන්ව පරිසරය සමග සම්බන්ධ කිරීමට යම් උත්සාහයක් කලා කියලා...

දැන් අපි බලමු මොකක්ද මේ පින්තූරයත් එක්ක තියෙන සම්බන්ධය හා මෙයින් මොකක්ද අපිට ඉගෙනගන්න තියෙන්නේ කියලා.

අපි දන්නවා දරුවන්ගේ වර්ධනය සිදුවන්නේ කාලයත් සමගයි නමුත් මේ තරගකාරී සමාජයේදී දෙමාපියන් වෙනත් ක්‍රම මගින් කෙසේ හෝ තම දරුවා අන් දරුවන්ට වඩා ඉදිරියට ගෙනයාමට උත්සාහය කරනවා. එහි කිසිදු ගැටලුවක් නැහැ එය සාධාරණ තර්කයක්. නමුත් ඔබේ ඒ ක්‍රියාව දරුවාගේ අනාගතයට බාධා නොවන අයුරින් සිදුකල යුතුය.

දැන් බලන්න අපේ අධ්‍යාපන ක්‍රමයේදී අකුරු ලිවීම, කියවීමට පෙරපාසලේ සිට පටන් ගන්නනවා.. 1වන වසරේදී අනිවාර්යයෙන්ම දරුවන් හෝඩිය ලිවීමට හැකියාව තිබිය යුතුමය.
එසේ නොමැති වුවහොත් පාසලෙන් පසුව නැවතී එය ඉගෙන ගත යුතුය. ඉතින් මෙය වලකාලීමට පෙර පාසලේ දී සිටම අකුරු ලිවීම ආරම්භ කිරීමට ගුරුවරුන්ට සිදුවෙනවා.

මුලින්ම අපි ලියන්නේ හෝඩිය නේ, ඉංග්‍රීසි හෝඩියේ හා සිංහල හෝඩියේ අකුරු වෙනස් ඉංග්‍රීසි හෝඩියේ බොහෝ අකුරු සරල රේඛා මගින් නිරූපණය කලහැක නමුත් සිංහල හෝඩියේ අකුරු ලිවීම තරමක් අපහසු වෙන්නේ එහි රවුම් හැඩ නිසයි.

දැන් මේ පින්තූරයේ වම් පස රෑපය බලන්න... මෙහි තිබෙන්නේ පෙරපාසල් යන දරුවකුගේ අතක් සහ දකුණුපස තිබෙන්නේ අවුරුදු 7 එනම් පාසල් යන දරුවකුගේ අතකි. ඔබට පෙනනවා නේද
පෙරපාසල් යන දරුවකුගේ ඇගිලි සහ අත තවම වර්ධනය වී නොමැති බව.

දැන් ඔබ සිතන්න.. ඇයි අපි දරුවාට අකුරු ලිවීමට බලකරන්නේ? දරුවාගේ ශරීර වර්ධනය නිසි ආකාරයෙන් සිදුවු විට දරුවාට අකුරු ලිවීම ආරම්භ කරයි.

අපි මොනවාද කරන්න ඕනේ?
දරුවාට සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දෙන්න..
1) මැටි, Play dough සමග සෙල්ලම් කරන්න දෙන්න..
2) පාට කරන්න දෙන්න..
3) රූප අලවන්න, කපන්න..
4) වතුර සමග සෙල්ලම් කරන්න
5) නූලකට පබලු දැමීම
6) බෝල ඇල්ලීම
7) Puzzle සවිකිරීම
8) පරිසරය සමග විවිධ අත්හදාබැලීම් සිදුකරන්න..
9) කුඩාදේවල් ඇහිදීමට පුරුදු කිරීම
10) සෙල්ලම් කිරීම

වැනි විවිධාකාර කාර්යය කිරීමට ඉඩ දෙන්න...එවිට දරුවාගේ ශරීර වර්ධනය සිදුවන විට දරුවා ලිවීමටද සුදානම්වේ...

අද සිට අපි දරුවාට බලපෑමක් නොකර ලමා කාලය ලබාදෙමින් ඔවුන්ට අධ්‍යාපන ලබාදෙමු..

මෙ පහන් පුතාගෙ කූඩු..❤❤❤❤ ඔයාලාත් එවන්න
07/05/2020

මෙ පහන් පුතාගෙ කූඩු..❤❤❤❤ ඔයාලාත් එවන්න

Happy birthday my darling humaid
04/05/2020

Happy birthday my darling humaid

13/04/2020
03/04/2020

Address

Vijayaraja Mawath Nadimala, Dehiwala
Colombo

Telephone

+94713845700

Website

Alerts

Be the first to know and let us send you an email when Sonara E.C.D Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category