18/11/2023
The Colombo School of Languages is dedicated to disseminating Sri Lankan language, culture, and heritage on a global scale with utmost efficiency. Our array of specialized courses seeks to foster a meaningful exploration of Sri Lankan identity in the contemporary world, with the Basic Course in ‘Ola Leaf Reading’ standing out as particularly popular.
Colombo School of Languages ශ්‍රී ලංකාවේ භාෂා, සංස්කෘතිය සහ ශ්‍රී ලාංකික උරුමය වඩාත් ප්‍රශස්ත ලෙස ලෝකයට ගෙන යාම අරමුණු කරගනිමින් නිර්මාණය වූ ආයතනයකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබඳ සාකච්ඡාව නූතන ලෝකයේ ස්ථාපිත කිරීම සඳහා අප විසින් විශේෂ පාඨමාලා රාශියක් හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ අතරින් වඩාත් ප්‍රචලිත එකකි, පුස්කොළ පොත් කියවීම පිළිබඳ මූලික පාඨමාලාව.
Ola Leaf books mark a pivotal milestone in the rich tapestry of Sri Lankan literary tradition. While historical evidence points to Sinhalese characters being inscribed on various plant leaves like ‘Watake’ leaves (Screw-pine) in antiquity, the oldest surviving documents are encapsulated in Ola Leaf Books, predominantly from the Kandy era onwards.
ශ්‍රී ලාංකේය ලේඛන සම්ප්‍රදායේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස පුස්කොළ පොත් භාවිතය හඳුන්වා දීමට පුළුවන. අතීතයේ සිට ම වැටකේ පත්‍ර ආදී විවිධ ශාක පත්‍රවල සිංහල අක්ෂර ලියා තැබූ බවට සාක්ෂ්‍ය ඉතිහාසයේ බොහෝ හමුවෙතත්, දැනට ඉතුරු ව ඇති පැරණිම ලේඛන ලෙස අපට හමුවන්නේ පුස්කොළ පොත්වල ලියු ඒවා වන අතර, ඉන් බහුතරය නුවර යුගයට හෝ ඉන් පසු කාලයට අයත් ඒවා වේ.
This short course is meticulously designed to facilitate a profound understanding of Ola Leaf Books within the Sinhala writing tradition. Participants will delve into the content of these books, exploring the subject matter intricately, learning the methods of locating them, and comprehending the compilation process.
මෙම කෙටි පාඨමාලාවේ අරමුණ සිංහල ලේඛන සම්ප්‍රදායේ එන පුස්කොළ පොත් කියවීම සහ ඒවායේ ඇති කරුණු පිළිබඳ මුලික අදහසක් ලබා දීමයි. විශේෂයෙන් ම මෙම පුස්කොල පොත්වල අන්තර්ගත වන විෂය කරුණු සහ ඒවා සොයා ගන්නා ආකාරය මෙන් ම ඒවා සම්පාදනය කිරීමේ ක්‍රමය පිළිබඳ ව ද සවිස්තරාත්මක කරුණු මෙහි දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
The course spans a duration of two weeks, featuring lectures thrice a week. A culminating highlight is the special three-hour seminar held at the conclusion, complemented by the issuance of a certificate to participants.
Led by Senior Lecturer Achinthya Bandara from the Department of Sinhala Studies at the University of Colombo, this course promises a unique opportunity to engage with the cultural and literary richness of Sri Lanka. To enroll, kindly visit our WhatsApp group through the provided link.
පාඨමාලා කාල සීමාව - සති දෙකයි.
සතියට දින තුනක් දේශන පැවැත්වෙන අතර, පාඨමාලාව අවසානයේ පැය තුනක විශේෂ සම්මන්ත්‍රණයක් ද පැවැත් වේ. පාඨමාලාව අවසානයේ සහතික පත්‍රයක් ද පිරිනැමේ.
මෙහෙයවීම: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචින්ත්‍ය බණ්ඩාර | සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය
VIEW PROFILE: https://www.res.cmb.ac.lk/sinhala/achinthya.bandara/
https://www.linkedin.com/in/achinthya-banadra-8745021a0/
පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා පහත සබැඳියෙන් අපගේ වට්සැප් සාමුහිකයට පිවිසෙන්න.
Contact US: 076 999 8428
ENROLL NOW
https://forms.gle/qSDZZeJRu5ajXU4R6