13/02/2023
⭐ ඒජන්සි වලට විශාල ලෙස මුදල් යට නොකර, student visa ඔක්කොම වැඩ ටික බින්දුවේ ඉදලා තනියම කරගමු,
ශිෂ්‍ය වීසා වලින් රට යන එක ඔබ හිතනතරම් අමාරු නෑ.
මේක ඔයාටම කරගන්න විදිය අපි සරලව කියල දෙන්නම්
⭐ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ඉතා විශාල පිරිසක් විදේශ ගතවෙන කාලයක් මේක. ඒ වගේම විශාල ඒජන්සි ප්‍රමානයක් රටතුල ක්‍රියාකාරිව කටයුතු කරයි. සමහර ඒජන්සි ඉතාමත් හොද සේවාවක් ලබාදෙන අතරම ඉතා විශාල වංචනික ඒජන්සි ප්‍රමාණයක් ද රටතුල ක්‍රියාත්මකව පවතී.ඒවගේම අති විශාල මුදලක් ලබාගනී.
⭐ ඔබ වෙනත් රටකට යන්නේ ආර්ථික ස්ථාවරත්වයක් ලගාකර ගැනීමේ අරමුණින්, එහිදී ඔබ විදේශගතවීම සදහා ණයක් ලබාගෙන හෝ තමන්ගේ වත්කමක් විකුණා යම් මුදලක් රැස් කරගනී. එම මුදල නිසි ලෙස භාවිතා නොකලහොත් රටේ අර්බුදය ද හේතුවෙන්, ඔබ ඉතාමත් දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ දීමට සිදුවේවී.
⭐ ඒවගේම රටකට සංක්‍රමනය වීමේදී ලක්ෂ ගානක් මිලියන ගානක් ඉතිරි කරගෙන තමාට තනිවම සිදුකරගත හැකි දේවල් බොහෝයි. ඔබ විදේශගත වීම පිළිබද නිසි අවබෝදයක් සහ දැනුමකින් පරිපූර්න උවහොත් ඔබගේ මුදල් සහ කාලය යන දෙකම ඉතිරිකරගත හැකිවේවී. ඒවගේම හොරු වංචනිකයන්ට හසු නොවී ඔබගේ බලාපොරොත්තු හොදින් ඉශ්ටකරගත හැකිවේවි. අපසමග එකතුවෙන්න ඔබව පරිපුර්ණ දැනුමකින් සන්නද්ධ කරන්නම්.