17/04/2024
වෛද්‍ය අධ්‍යාපනය සහ කුහකකම..!
අලුතින්ම ආරම්භ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කර ගැනීමෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල එකදු ආසනයක්වත් අඩු වීමක් සිදු නොවේ.
ශ්‍රී ලංකාවේ කුමන විශ්ව විද්‍යාලයකින් MBBS උපාධිය ලබා ගත්ත ද රාජ්‍ය හෝ පෞද්ගලික අංශ වල සිසුන් දෙවර්ගයටම අවසානයේ එකම විභාගයට පෙනී සිට සමත් වීමට සිදුවනු ඇත. එවිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සිසුන්ගේ හැකියාව සම්භන්ධයෙන් ප්‍රශ්න මතු කිරීම කිසිසේත් සාධාරණ නොවේ.
ලොව බොහෝ රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවතී. බංගලාදේශය, නේපාලය වැනි අපට වඩා පහළින් සිටින රටවලද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත. නමුත් ලංකාවේ එක්තරා කුහකයන් පිරිසක් විසින් ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කෑගසමින් සිටියි.
SAITM සදහා රෝහලක් නැතැයි කියා කෑගැසූ මෙම පිරිස අද වන විට NSBM සඳහා රජයේ රෝහලක් සංවර්ධනය කර භාවිතයට ගැනීමට අවස්ථාව ලබා දී තිබීමට එරෙහිව "හෝමාගම රෝහළ විකුණනවා" යැයි කියමින් කෑගසයි.
NSBM මගින් SAITM හී තිබුණු සියලුම ගැටලු මග හරවා ඇතත් ඒ සඳහා මෙම කුහකයන් පිරිස විරුද්ධ වෙමින් සිටියි. එම තර්ක වල කිසිදු ප්‍රායෝගික බවක් නැත. ඇතම් පිරිසක් විසින් තර්ක කරන්නේ වැඩි වැටුප් ගෙවා ඉහළ මට්ටමේ ආචාර්ය, මහාචාර්‍ය වරුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බදවා ගතහොත් රාජ්‍ය අංශයේ අධ්‍යාපනය කඩා වැටෙන බවයි. එය සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික යථාර්ථයෙන් බැහැර තර්කයකි. එසේ වන්නේ නම් කොළඹ විශ්ව විද්‍යාලයේ, මොරටුව ඉංජිනේරු පීඨයේ මහචාර්ය වරුන්ට වඩා කීර්තිමත් මහාචාර්ය වරුන් SLIIT, NSBM වැනි ආයතන වල සිටිය යුතුයි. නමුත් භූමියේ යථාර්ථය එය නොවේ. එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි කුහකයන් විසින් ඉදිරිපත් කරන පුහු තර්කයක් පමණි.
මොවුන්ගේ තවත් තර්කයක් වන්නේ වෛද්‍ය සිසුවෙකුට සිටිය යුතු රෝගීන් සංඛ්‍යාව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමෙන් අඩු වන බවයි. එය ද ප්‍රායෝගික යථාර්ථයෙන් බැහැර හිස් තර්කයකි. මොවුන් කටයුතු කරන්නේ කුමක් හෝ තර්කයක් ඉදිරිපත් කර පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා කප්පල් කිරීමයි. අනෙක් අතට NSBM හී සුදුසුකම් ගැන මොවුන් කතා කරන්නේ ලොව හොදම විශ්ව විද්‍යයාල 1000 තුළ එකදු විශ්ව විද්‍යාලයක් නොමැති රාජ්‍යක සිට වීම හාස්‍යයට කරුණකි. මොවුන් සැබවින්ම සිදුකල යුත්තේ රාජ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම මිස වෙනත් පිරිසකගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම නොවේ. ලොව ඉහළ පෙළේ වෛද්‍ය විද්‍යාල වල සිසුන් වෛද්‍ය ක්ෂෙත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ සිදු වන්නේ අනෙකාගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීමට කටයුතු කිරීමයි.
තවද, මොවුන් වීරයන් ලෙස සළකන වෙනුර, ත්‍රීමාවිතාන වැනි පුද්ගලයන්ද අද ශ්‍රී ලංකාව මෙම තත්වයට පත් වීමට වගකිව යුතුය. මන්ද යත් මෙවන් අමනයන් නිසා ශ්‍රී ලාංකික සිසුන් දහස් ගනනකගේ අධ්‍යාපනය කඩාකප්පල් වූවා පමණක් නොව, රටේ මුදල් ඩොලර් බිලියන ගනනක් විදේශයන්ට ගලා යාමද සිදු විය.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙයයි.
නිදහස් අධ්‍යාපනය යනු අනෙකාගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීම නොව සියලු දෙනාටම මුදල් ගෙවා හෝ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැළසීමයි. රාජ්‍යක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා මෙවන් කුහකයන්ට එරෙහිව නැගී සිටීම ඔබ අප සැමගේ වගකීමකි.