26/09/2026
පුන් සඳ රැසින් ලෝ ඝනඳුර දුරු වෙන්නේ
සම්බුදු ගුණ බලෙන් ලෝ සත සැනසෙන්නේ
සිත් සුව ගෙනෙන බුදු බණ සවනට එන්නේ
සම්බුදු බලෙන් මුළු ලොවට ම සෙත දෙන්නේ
ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි කාන්තාවන්ට ද සසර ගමනෙන් එතෙර වීමට මඟ පෙන්වමින් මෙහෙණි සසුනේ ආරම්භය සිදුවීමත් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්ට බුදු රදුන් විසින් ලබා දුන් කේශ ධාතු තැන්පත් කොට ගිරිහඬු සෑය ඉදි කිරීමත් වැනි ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට හේතු වූ බිනර පොහෝ දිනය අදයි.
පින්බර බිනර පොහෝ දිනයක් වේවා !
ලෝක ධර්මයේ අනිත්‍යතාව සිහි කරමින් බිනර පුන් පොහෝ දිනය අර්ථවත් ව සැමරීමට අදිටන් කර ගනිමු.
පබැඳුම : සකිල දින්සර
නිර්මාණය : සදෙව් හංසන