🇯🇵මාස 2 න් ජපන් කතාකරන්න පටන්ගමු👇
Intensive Fast Track- Essential Spoken Japanese 10th batch (July-August)
🎴ලගදී ජපන් යන්නද ඉන්නේ?
🎴නැත්නම් දැනටමත් ජපනේද ඉන්නේ?
🎴ඔයා ජපන් ටිකක් දුරට ඉගෙන ගෙන හිටියත් 0 හිටියත් ජපානෙට ගිහිල්ලා එදිනෙදා වැඩ තනියෙන් කරගන්න අතවශ්‍ය මුලික ජපන් දැනුම ,ඉතා අඩු මුදලකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ලබාදෙනවා අපි.මේ අපේ 10 වන online batch එක.
🎴Student,SSW,Engineering,Working,Visit, Dependant ආදී සියලුම visa category වල සිසුන් සඳහා යෝග්‍යයි.
⛩ජපානයේ අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.
Online Spoken Japanese පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර,ගාස්තු හා ලියාපදිංචිය පිලිබඳ විස්තර දැනගැනීම සඳහා අපගේ WhatsApp Community හෝ WhatsApp Group එකට එකතුවන්න.
WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
👇
https://chat.whatsapp.com/GXqQJsJ7JXX3QWPU8XDtJc
Whatsapp Community (ඔබගේ Whatsapp Number එක වෙන අයට නොපෙනන නිසා ආරක්ෂිතයි)
👇
https://chat.whatsapp.com/Bcl4T7R1adY2ioFA6yoa8t?mode=ac_t
⚠Class fees ,Payment details ගැන දැනගන්න, Register වෙන්න Community/Group එකේ description එක බලන්නත් අමතක කරන්න එපා.
පාඨමාලාව ආරම්භවීමට පෙර ලියාපදිංචි වන සිසුන්ට early bird offer එකක්+විශේෂ වට්ටම් ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
Spoken Course එක ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
071 124 2428
Ruchira Sensei
Accel Japanese with Ruchira Sensei
#ජපන්සිංහල
Accel Japanese with Ruchira Sensei
🇯🇵සිංහලෙන් ජපන් ඉගෙනගන්න,Spoken Japanese හදාගන්න එකතු වෙන්න. Online Spoken Japanese classes are also available ☺️
30/06/2026
🗺️රටවල් ගැන ජපන් වලින් කියමු 👇
🌎ගොඩක් රටවල් වල නම් ඉංග්‍රීසි pronunciation (උච්චාරණය) අනුව කතකන (katakana) වලින් ලියැවුණත්, සමහර රටවල් වලට ජපන් භාෂාවටම ආවේණික වුණු සුවිශේෂී නම් තියෙනවා.
උදාහරණයක් විදියට ,
🇨🇳චීනයට チャイナ (chaina) වෙනුවට කියන්නේ ちゅうごく (chūgoku) කියලා.
🇰🇷දකුණු කොරියාවට කියන්නේ かんこく (kankoku) කියලා. 南朝鮮 (minami chosen) කියලා එහෙම නෙමෙයි 🤫
🇯🇵ජපානයට ජපන් භාෂාවෙන් කියන්නේ にほん (nihon) නැත්නම් にっぽん (nippon) කියලා. එදිනෙදා කතාබහේදි නම් වැඩියෙන්ම use වෙන්නේ にほん (nihon) කියන එකයි. Nippon කියන එක පාවිච්චි වෙන්නේ ටිකක් professional+ serious setting එකකදී විතරයි.
🇬🇧සාමාන්‍යයෙන් එංගලන්තයට ජපන් භාෂාවෙන් කියන්නේ イギリス (igirisu) කියලා උනත් සමහර වෙලාවට මෙන්න මේ වචන දෙකත් හම්බ වෙන්න පුළුවන් ඔයාලට.
英国 えいこく (Eikoku) :
ප්‍රවෘත්ති, නිල ලේඛන හෝ ලිඛිත භාෂාවේදී එක්සත් රාජධානිය (UK) හඳුන්වන්න formal නමක් විදියට 英国 (eikoku) කියන නම භාවිත කරනවා. (ඉංග්‍රීසි වලට ජපන් වලින් කියන්නේ えいご - eigo කියලයි...අන්න ඒ වගේ).
🏴イングランド (ingurando) :
⚽පාපන්දු තරඟ වගේ වෙලාවකදී UK එකේ අනෙක් රටවල් අත හැරලා "එංගලන්තය" විශේෂයෙන්ම ගැන විතරක් කතා කරද්දි (ingurando) කියන වචනය භාවිත කරනවා.
ඉතින් ඔයාලටත් මේ වගේ ජපනේ ගැන interesting facts/ Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#ජපන්බසින්රටවල් #ජපන් #රටවල් #ජපන්සිංහල
26/06/2026
🇯🇵මාස 2 න් ජපන් කතාකරන්න ඕනෙද?🇯🇵
👇👇👇👇👇👇👇👇👇👇
Intensive Fast Track- Essential Spoken Japanese -10th Batch
🎴කොච්චර ජපන් ඉගෙන ගත්තත් ජපන් කතාකරන්න තාම අමාරුයි වගේද ?
🎴කොච්චර පන්ති ගියත් පොත/grammar විතරද උගන්වන්නේ?
🎴ඔයා ලගදී ජපන් යන්නද ඉන්නේ?
🎴හොඳ ජොබ් එකක් කරන් ඉන්න ආසද?
🎴ජොබ්/student වීසා ද යන්න ඉන්නේ?
🎴ඒත් එදිනෙදා කතාබහ කරගන්නේ කොහොමද කියලා මුලික දැනුම්වත් නැතිව කියලා වොරි වෙනවද?
🎴දැනටමත් ජපානයේ සිටියත් කතා කර ගැනීමට නොහැකිව ලතවෙනවාද?
🎴Interview pass වෙන්න බැරිවද ඉන්නේ?
🎴ජපානෙට ගිහිල්ලා වැඩක් තනියෙන් කරගන්න අත්‍යාවශ්‍ය මූලික ජපන් දැනුම ,ඉතා අඩු මුදලකට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ලබාදෙනවා අපි.🎴මේ අපේ 10 වන online batch එක.
🎴Student,SSW,Engineering,Working,Visit, Dependant ආදී සියලුම visa category වල සිසුන් සඳහා යෝග්‍යයි.🎴
🎴මුලික ජපන් දැනුම නැතිවද සම්බන්ධ විය හැක.(ඇත්නම් වඩාත් පහසුය)🎴
⛩ජපානයේ අවුරුදු ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ.⛩
පාඨමාලාවේ අන්තර්ගතය :
🌸 කතාබහ කිරීම
🌸 සවන්දීමේ ක්‍රම
🌸 සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව🌸 ජපානයේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය ජපන්
🌸 ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🌸 ගෞරවාන්විත ලෙස කතා කිරීම(කෙයිගෝ)
🗓 නව Beginner Online Spoken Japanese පාඨමාලාව ආරම්භ වන දිනය - 2026 ජූලි මස 5 වන ඉරිදා
🕖 ප.ව. 7.00 - ප.ව. 9.00 🕘
ඉරිදා සහ සිකුරාදා පාඨමාලාව පැවැත්වේ. අගෝස්තු මස අග පාඨමාලාව අවසාන වේ. 📼 Recordings ලබදෙයි.
⏳ පාඨමාලා කාලය මාස 2(දින 12යි)
✨Online Spoken Japanese පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර,ගාස්තු හා ලියාපදිංචිය පිලිබඳ විස්තර දැනගැනීම සඳහා පහත ඇති අපගේ WhatsApp Community හෝ WhatsApp Group එකට එකතුවන්න.
WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/GXqQJsJ7JXX3QWPU8XDtJc
Whatsapp Community (ඔබගේ Whatsapp Number එක වෙන අයට නොපෙනන නිසා ආරක්ෂිතයි)
👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/Bcl4T7R1adY2ioFA6yoa8t?mode=ac_t
👉Class fees ,Payment details ගැන දැනගන්න වගේම Register වෙන්න Community/Group එකේ description එක බලන්නත් අමතක කරන්න එපා.
🤗පාඨමාලාව ආරම්භ වීමට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා early bird offer එකක් විශේෂ වට්ටම් සහිතව ඇති බැවින් ඉක්මනින් ලියාපදිංචි වෙන්න.
Spoken Course එක ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
රුචිර සෙන්සේ - 071 124 2428
𝑾𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 - 071 124 2428
👇👇👇👇👇👇👇👇
https://wa.me/94711242428
JFT/ NAT/ JLCT/ JLPT N5/N4/N3 classes ගැන වැඩි විස්තර දැනගැනීමට විමසන්න.
නවෝද්‍යා සෙන්සේ - 076 107 3883
𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 - 076 107 3883
👇👇👇👇👇👇👇👇
https://wa.me/94761073883
ඉහත දුරකථන අංක සම්බන්ධ කරගැනීමට අපහසු අවස්ථාවලදී whatsApp පණිවිඩයක් ලබාදෙන්න.දුරකථන ඇමතුම් වලට මුලිකත්වය ලබාදෙන බව කරුණාකර සලකන්න.
Accel Japanese with Ruchira Sensei
#ජපන්පන්ති #ජපන්සිංහල
23/06/2026
🎉 1000 Followers! 🎉
ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ❤️
මගේ මේ ගමනට එකතු වුණු, මාව Follow කරපු ඔයාලා හැමෝටම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
ඔයාලා දෙන හැම Like, Comment සහ Share එකක්ම මට ගොඩක් වටිනවා වගේම ඒ හැමදෙයක්ම මට මේ දේවල් ඉදිරියට කරගෙන යන්න ලැබෙන ලොකු Motivation එකක්! 💪✨
ඔයාලා හැමදාම මට දෙන ආදරයට සහ සහයෝගයට ගොඩක් ස්තූතියි!🙇
ඉදිරියටත් Spoken Japanese හදාගන්න/ සිංහලෙන් ජපන් ඉගෙන ගන්න මේ වගේම මාත් එක්ක රැඳී ඉන්න. 🤝🌸
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#ජපන්සිංහල
22/06/2026
💴 ජපන් භාෂාවෙන් සල්ලි ගණන් කරමු! 🇯🇵
ජපානයේදී සල්ලි (මුදල්) වලට පාවිච්චි කරන්නේ යෙන් (Yen) කියන ඒකකයයි. ජපන් භාෂාවෙන් "යෙන්" වලට කියන්නේ えん (en) කියලා.
ඔයාලට ලේසියෙන්ම මේක මතක තියාගන්න පල්ලෙහා තියෙන infographic එක බලාගෙන මේ විදිහට පාඩම් කරන්න පුළුවන්! 👇
コイン (koin) - කාසි වර්ග
මුලින්ම තියෙන්නේ කාසි වර්ගයි:
* ¥1 ➔ いちえん (ichi-en) - යෙන් එක
* ¥5 ➔ ごえん (go-en) - යෙන් පහ
* ¥10 ➔ じゅうえん (jū-en) - යෙන් දහය
* ¥50 ➔ ごじゅうえん (gojū-en) - යෙන් පනහ
* ¥100 ➔ ひゃくえん (hyaku-en) - යෙන් සීය
* ¥500 ➔ ごひゃくえん (gohyaku-en) - යෙන් පන්සීය
10යේ ගොඩවල් ගණන් කරමු (10 - 90)
අගට じゅうえん (jū-en) එකතු කරන්න:
* ¥10 ➔ じゅうえん (jū-en)
* ¥20 ➔ にじゅうえん (ni jū-en)
* ¥30 ➔ さんじゅうえん (san jū-en)
* ¥40 ➔ よんじゅうえん (yon jū-en)
* ¥50 ➔ ごじゅうえん (go jū-en)
* ¥60 ➔ ろくじゅうえん (roku jū-en)
* ¥70 ➔ ななじゅうえん (nana jū-en)
* ¥80 ➔ はちじゅうえん (hachi jū-en)
* ¥90 ➔ きゅうじゅうえん (kyū jū-en)
100යේ ගොඩවල් ගණන් කරමු (100 - 900)
සියයට කියන්නේ ひゃく (hyaku). හැබැයි 300, 600, 800 කියන විදිහ ටිකක් වෙනස්:
* ¥100 ➔ ひゃくえん (hyaku-en)
* ¥200 ➔ にひゃくえん (ni hyaku-en)
* ¥300 ⭐ ➔ さんびゃくえん (san byaku-en)
* ¥400 ➔ よんひゃくえん (yon hyaku-en)
* ¥500 ➔ ごひゃくえん (go hyaku-en)
* ¥600 ⭐ ➔ ろっぴゃくえん (roppyaku-en)
* ¥700 ➔ ななひゃくえん (nana hyaku-en)
* ¥800 ⭐ ➔ はっぴゃくえん (happyaku-en)
* ¥900 ➔ きゅうひゃくえん (kyū hyaku-en)
1,000යේ ගොඩවල් ගණන් කරමු (1,000 - 9,000)
දාහට කියන්නේ せん (sen). මෙතනදී 3,000 සහ 8,000 අනිත්වට වඩා වෙනස්:
* ¥1,000 ➔ せんえん (sen-en)
* ¥2,000 ➔ にせんえん (ni sen-en)
* ¥3,000 ⭐ ➔ さんぜんえん (san zen-en)
* ¥4,000 ➔ よんせんえん (yon sen-en)
* ¥5,000 ➔ ごせんえん (go sen-en)
* ¥6,000 ➔ ろくせんえん (roku sen-en)
* ¥7,000 ➔ ななせんえん (nana sen-en)
* ¥8,000 ⭐ ➔ はっせんえん (hassen-en)
* ¥9,000 ➔ きゅうせんえん (kyū sen-en)
お札 (osatsu) - නෝට්ටු වර්ග
Infographic එකේ පල්ලෙහා තියෙන්නේ ප්‍රධාන නෝට්ටු වර්ගයි:
* ¥1,000 ➔ せんえん (sen-en) - යෙන් දහස
* ¥5,000 ➔ ごせんえん (gosen-en) - යෙන් පන්දහස
* ¥10,000 ➔ いちまんえん (ichiman-en) - යෙන් දසදහස
💡ලංකාවේ අපි 10,000 ට "දහදාහ" කිව්වට, ජපන් අය 10,000 ට වෙනමම ඒකකයක් පාවිච්චි කරනවා. ඒක තමයි まん (man). ඒ නිසා 10,000 ට කියන්නේ いちまんえん (ichiman-en) කියලා . එයාල දහදාහේ ගොඩවල් වෙනම තමයි ගණන් කරන්නේ. මේක හරියට සිංහලෙන් ලක්ෂය ,කෝටිය කියනවා වගේ වැඩක් තමා.
💡 ජපානේ ඉන්න ඔයාලගේ යාලුවෝ කොළ ගැන කතා කරනවා අහලා ඇති. අන්න ඒ කොළ කියලා කියන්නේ මේ දහදාහේ කොළ වලට යි.
ඉතින් ඔයාලටත් මේ වගේ ජපනේ ගැන interesting facts/ Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#ජපන් #මුදල් #ජපන්සිංහල
21/06/2026
පලතුරු(kudamono) ගැන විස්තර ටිකක්👇
🍎 りんご (Ringo) - ඇපල්
ජපානයේ ෆුජි ඇපල් (Fuji Apples) ලෝකය පුරාම ඉතා ප්‍රසිද්ධයි. ගොවීන් මෙවැනි ඇපල් ගෙඩියක් විශාලව සහ ලස්සනට වර්ධනය කරන්න සුවිශේෂී තාක්ෂණයන් භාවිතා කරනවා.
සමහර ඇපල් ගෙඩි වර්ධනය වන විට විශේෂ ස්ටිකර් ඇලවීම මඟින්, ඉර එලිය පාවිච්චි කරලා ඒවා උඩ එකඑක හැඩතල හෝ අකුරු පවා මතු කරනු ලබනවා!
🍓 いちご (Ichigo) - ස්ට්‍රෝබෙරි
ජපානයේ ඉතා සුඛෝපභෝගී තෑග්ගක් ලෙස සැලකෙන සුදු පාට ස්ට්‍රෝබෙරි (White Strawberries) වර්ග දැකගත හැකියි. "Shiroi Houseki/White Jewel" ලෙස හඳුන්වන මේවා සාමාන්‍ය රතු ස්ට්‍රෝබෙරි වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර ඉතා ඉහළ මිලකට අලෙවි වෙනවා.
🍉 すいか (Suika) - පැණි කොමඩු
ජපානයේ කොටු හැඩැති (Square Watermelons) මෙන්ම හදවත්❤️ හැඩැති (Heart-shaped) කොමඩු වගා කරනවා. මේවා විශේෂ වීදුරු/plastic පෙට්ටි ඇතුළත වැඩෙන්නට ඉඩ හැරීමෙන් මෙම හැඩයන් ලබා ගන්නා අතර, බොහෝ විට මේවා මිලදී ගන්නේ කෑමට වඩා නිවෙස් අලංකාර කිරීමට හෝ විශේෂ තෑගි ලෙස දීමටයි.
🍈 メロン (Meron) - හනීඩූ මෙලන්
ජපානයේ මෙලන් යනු අතිශය සුඛෝපභෝගී පලතුරක්! විශේෂයෙන් Crown Melon හෝ Yubari King Melon වැනි වර්ග ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වන අතර, ඇතැම් වෙන්දේසිවලදී මෙලන් ගෙඩි දෙකක් ඩොලර් දහස් ගණනකට (රුපියල් ලක්ෂ ගණනකට) පවා අලෙවි වී තිබෙනවා.
Meron pan නමැති ඉතාමත් රස පාන් ජාතියක් හදන්නට පාවිච්චි කරන්නෙත් මේවායි
🥭 マンゴー (Mangō) - අඹ
ජපානයේ මියාසාකි (Miyazaki) ප්‍රදේශයේ වගා කරන "Taiyo no Tamago" (Egg of the Sun) නමින් හැඳින්වෙන අඹ වර්ගය ලෝකයේ වඩාත්ම මිල අධික අඹ විශේෂයක් ලෙස සැලකෙනවා. තද රතු පැහැයෙන් යුත්, අධික පැණිරස මේවා වෙන්දේසිවලදී ඉතා ඉහළ මිල ගණන්වලට විකිනෙනවා.
🍐 なし (nashi) - පෙයාර්ස්
ජපන් pears අපි ලංකාවේ දැකලා තියෙන pears වලට වඩා වෙනස්.ගොඩක් පැණි රසයි.කාලේකට විතරයි හම්බවෙන්නේ.chance එකක් තිබ්බොත් කාලම බලන්න.
🍑 もも (momo) - පීච්
සමහර වෙලාවට රෝස පාටට 桃色 momoiro කියලත් කියනවා
ඉතින් ඔයාලටත් මේ වගේ ජපන් ගැන interesting facts/Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#පලතුරු #ජපන්
20/06/2026
🎨 ජපන් වලින් පාට 12ක්
🔴 赤
あか
aka
රතු
🌸 ピンク
pinku
රෝස
💡රෝස පාටට 桃色 (ももいろ) momo iro කියලත් කියනවා.
🟠 オレンジ
オレンジ
orenji
තැඹිලි
🟡 黄色
きいろ
kiiro
කහ
🪙 金色
きんいろ
kiniro
රන් (පාට)
🟤 茶色
ちゃいろ
chairo
දුඹුරු
🟢 緑
みどり
midori
කොළ
💡ඔයාලා දන්නවද මේක ජපන් වලට පස්සේ ආපු වචනයක්.සෑහෙන්න කාලයක් කොළ පාටටයි නිල් පාටටයි එකම වචනයක් (ao) තමයි මෙයාලා කියකිය ඉඳලා තියෙන්නේ.
ඉතින් Midori කියන වචනේ ජපන් වලට ආවත්, අදටත් කොළ පාට සමහරක් දේවල් වලට 🇯🇵මෙයාලා ao කියලා කියනවා.
🔵 青
あお
ao
නිල්
🟣 紫
むらさき
murasaki
දම්
⚪ 白
しろ
shiro
සුදු
🩶 灰色
はいいろ
haiiro
අළු
⚫ 黒
くろ
kuro
කළු
ඉතින් ඔයාලටත් මේ වගේ Spoken Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#ජපන්බසින්පාට #ජපන්
17/06/2026
🇯🇵 ජපන් වලින් සතියේ දවස් 🗓️
මේවගේ ඒව දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔයාලටත් මේ වගේ Spoken Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
#ජපන් #සතියේදවස්
16/06/2026
💡Spoken Japanese Tips ටිකක් 👇
1. ごぜん සහ ごご ⏰:
Spoken Japanese වලදී වෙලාවක් කියද්දී ごぜん සහ ごご කියන වචන දෙක හැමවෙලේම යොදන්නේ ගෞරවාන්විතව කතා කරන්න ඕන වෙලාවට. 💼 එහෙමත් නැත්නම් business වලදී 🤝, customers ලා එක්ක කතා කරද්දි, office එකේදිත් පාවිච්චි වෙනවා. 🏢
ඒත් සාමාන්‍ය ජීවිතේ කතා කරද්දි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ あさ (asa) ☀️, ひる (hiru) 🌤️ වගේ ඒවා තමයි.
2. ひる (hiru) vs しょうご (shōgo) 🕛:
ひる (hiru) කියන වචනය සාමාන්‍යයෙන් දවල් වරුව පුරාවටම පොදුවේ පාවිච්චි කළත්, හරියටම දවල් 12:00 වෙලාව හඳුන්වන්න spoken Japanese වලදී යොදාගන්නේ しょうご (shōgo) කියන වචනෙයි.
🔔 නිල කාලසටහන් වල しょうご (shōgo) බහුලව ඇසුණත්, එදිනෙදා සාමාන්‍ය කතාබහේදී නම් පාවිච්චි වෙන්නේ ひる වචනයයි. 💬
උදා : මධ්‍යහ්න 12 ට ひる12時 hiru jūniji කියලා කියනවා... 🕰️
3. おひる (ohiru) 🍱:
මේ ලැයිස්තුවේ නැතත්, spoken Japanese වලදී ජපන් ජාතිකයින් ひる වචනය ඉස්සරහට "お" අකුර එකතු කරලා おひる (ohiru) කියලා පාවිච්චි කරන වෙලාවලුත් තියෙනවා. 🥢 තමන්ගේ දවල් කෑම වෙලාව (lunch break) 🍛 එහෙමත් නැත්නම් දිවා ආහාරය ගැන කතා කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. 😋
4. ゆうがた (yūgata) vs ゆうぐれ (yūgure) 🌅:
Spoken Japanese වලදී ඉර බැසගෙන යන සවස් කාලය හඳුන්වන්න ゆうがた (yūgata) වචනය නිතරම පාවිච්චි වෙනවා. 🌇 හැබැයි ඔයාට සවස් යාමයේ අහසේ තියෙන ලස්සන රන්වන් පාටට ඉර බැස යාම (sunset එක) ගැන විශේෂයෙන් කියන්න ඕන නම්, spoken Japanese වලදී ゆうぐれ (yūgure) කියන වචනය පාවිච්චි කරන්නත් පුළුවන්. 🎨✨
5. よる සහ ばん අතර වෙනස 🌙:
රාත්‍රිය සඳහා よる (yoru) කියලා කිව්වත් වුණත්, spoken Japanese වලදී ばん (ban) කියලත් ඉතා බහුලව ඇහෙනවා. 🌌 ばん කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ තවත් වචනයක් එක්කයි. තනියම නෙමේ 🤝
උදා: රෑ කෑම - ばんごはん (bangohan). 🍚🥢
ඒ වගේම අපිට නිතරම හමුවන "こんばんは" (konbanwa - සුභ සැන්දෑවක්) කියන ආචාරශීලී වචනය හැදිලා තියෙන්නෙත් මේ ばん වලින්.
6. よる(yoru) vs よなか(yonaka) 🦉:
රාත්‍රිය ක්‍රමයෙන් ගෙවී ගිහින් මිනිස්සු නින්දට වැටුණු පස්සේ, නිශ්ශබ්දතාවයෙන් පිරුණු "මහ රෑ" (dead of night) කාලය ගැන කතා කරන්න spoken Japanese වලදී よる(yoru) වෙනුවට よなか (yonaka) කියන වචනය පාවිච්චි කරනවා. 😴💤
よる(yoru) පාවිච්චි කරන්නේ හොඳටම කළුවර වැටිලා උනත් මිනිස්සුන්ට වැඩ කරගන්න පුළුවන්, ගොඩක් රෑ වෙන්න කලින් රෑ වෙලාව ගැන කතා කරන්නයි. 🌃✨
ඉතින් ඔයාලටත් මේ වගේ Spoken Japanese tips එහෙම නැත්නම් Spoken Japanese හදාගන්න අවශ්‍ය නම් 🇯🇵, දිගටම මගේ Accel Japanese with Ruchira Sensei FB page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.
ඔයාලට මේ පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් like 👍, comment 💬, follow කරලා share කරලා 🔄 ඔයාලගේ යාළුවන්ටත් කියන්න. 👥❤️
🧑🏫Ruchira Sensei
📱071 124 2428
Accel Japanese with Ruchira Sensei
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Accel Japanese
Colombo
10230