Proud Dudley Moments 😍❤️
Dudley Senanayake College Colombo 5
"විදු මගින් සරු බවට"
08/05/2026
*පාසල් සෞඛ්‍ය වෛද්‍ය සායනය.*
2026.05 .08 වන දින පාසල් සෞඛ්‍ය ඒකකය මගින් පාසලේ 1,4,7,10 ශ්‍රේණි දරුවන් සඳහා වෛද්‍ය සායනයක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ මෙම වෛද්‍ය සායනය සිසු ගුරු දෙමව්පිය සහයෝගයෙන් , විද්‍යාලයීය සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය මගින් දරුවන්ගේ සුවසෙත සඳහා සංවිධානය කරන ලදී.
08/05/2026
Congratulations Dudley Senanayake for the first massive victory in the tournament - 2026 ....!
08/05/2026
Going well...!!!
04/05/2026
29/04/2026
. English camp 2026 ⛺️🎯TheEngish camp for bilingual students of Dudley Senanayake college was successfully held on 20.04.2026 at college auditorium .👩🦰👦 Stuents actively participated in many exciting activities such as language games, vocabulary games story chain , speaking activities and many more .It was joyful and valuable learning English for all. under the guidance of prinipal venerable Ulapane Sumangala thero This successful event was organized by English unit Mrs Hishama JAward ,Mrs DAR Kavinda ,Mrs. Thilini Kothalawala and Ms. Irusha Pallewela.
26/04/2026
පාසල් දන්ත සෞඛ්‍ය සායනය
2026/4/23 හා 24 යන දෙදින තුළ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයීය දන්ත චිකිත්සක ඒකකය මගින් පාසලෙ 1/4/7 ශ්‍රේණි දරුවන් සඳහා දන්ත සායනය පවත්වන ලදි. පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය මගින් එම සායනය සංවිධානය කරන ලදි.
20/04/2026
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව නිමාවෙන් පසුව පාසල් වාරය ආරම්භ වූ අද දින ඩඩ්ලි සේනානායක විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ අපේ ආදරණිය කෑම මේසය විද්‍යාලයේ නියමුවාණන් වන විදුහල්පති පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාභාගිත්වයෙන් විද්‍යාලයීය ගුරු විවේකාගාරයේදී සිදුවූ මොහොත . ආචාර්ය මණ්ඩලයේ සහෝදරත්වයේ කෑම බන්දේසි පිළිගැන්වීමද මෙහිදී සිදුවූ සුවිශේෂී අවසථාවක් විය. ලැබුවාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුභම සුභ වසරක් වේවා ...............
10/04/2026
🎉🌼 2026 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය 🌼🎉
විදුහල්පති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ…
2026.04.10 දින, කොළඹ 05, ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය හා
හෙළ කලා මංගල්‍යය සාර්ථකව පැවැත්වීනි 🇱🇰✨
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන්ගේත්,
ගුරු මණ්ඩලයේත් සක්‍රීය සහභාගීත්වයෙන්
මෙම උත්සවය අලංකාරවත් කරනු ලැබීය ❤️
සම්ප්‍රදායික ක්‍රීඩා, කලා අංග, හා සංස්කෘතික වාදන අතරින්
අලුත් අවුරුදු සතුට සම්පූර්ණයෙන්ම අත්විඳි අවස්ථාවක් විය 🌸🎊
මෙම මංගල්‍යය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට
අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏
01/04/2026
We are incredibly proud to celebrate Dudlians remarkable success in the 2025 English language Competition. Across categories - Dictation, copy writing , Book Talk competition and scrabble competition 🟥🟪🟦🎤📓📖🖊️🖋️🖋️our students excelled. Congratulations first, second places winners at the Colombo south division, and colombo Education zone. The Scrabble competition winner successfully participated for provincial competition. All the winners were awarded certificates by the Principal Rev. Ulapane Sumangala thero at the Monday main assembly. This achievement was made possible under the guidance of English unit teachers Mrs. Irusha Pallewela ,Mrs Hishama Jaward ,Mrs.DAR , Kavinda and Mrs. Thilini kothalawala .
31/03/2026
🏵️ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පෙර පොහෝ දින වැඩසටහන🏵️
ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශය හා ප්‍රාථමික අංශය වෙනුවෙන් බක් පොහොය නිමිති කර ගත් පෙර පොහෝදින සුමධුර දම් දෙසුම් දෙකක් මරදාන පන්සලවත්ත ශ්‍රී බෞද්ධාරාමාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝබන, ශාස්ත්‍රවේදී පූජ්‍ය ලුණුගම්වෙහෙරේ විමලනන්ද ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් අද දින විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වය හා නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය අමුණුමුල්ලේ සීලරතන හිමි ප්රමුඛ විද්‍යාලයීය බෞද්ධ සංගමයේ මගපෙන්වීම මත 7 ශ්‍රේණිය හා ප්‍රාථමික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Park Road
Colombo
10100
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |