The Parenting Hub

The Parenting Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Parenting Hub, Education, Colombo.
(11)

🌟 The Parenting Hub 🌟
A supportive space for parents and early learners 💛
👶 Preschool activities, crafts & printables
📚 Parenting articles & practical tips
🎨 Making early learning fun, simple & meaningful
✨ Previously known as: Learning Fun Uvini Wi

21/08/2026

🌸🙏 යශෝධරා මහාරහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා! 🙏🌸
විවාහක කාන්තාවකගේ ජීවිතය කියන්නේ ආදරය, කැපකිරීම්, බලාපොරොත්තු, ඉවසීම් වගේම ඇතැම් විට හිතට දරාගන්න අමාරු අහිමිවීම්වලින් පිරුණු ගමනක්… ❤️
ඒ ගමනේදී අපට සිහිපත් කළ හැකි උතුම්ම චරිතයක් තමයි යශෝධරා මහාරහත් තෙරණින් වහන්සේ. 🌸
ඉවසීමේ අග්‍රස්ථානයට පැමිණි,
ශ්‍රද්ධාවෙන් හා වීර්යයෙන් පිරිපුන්,
යශෝධරා මහාරහත් තෙරණින් වහන්සේට
මාගේ නමස්කාරය වේවා! 🙏
උන්වහන්සේගේ උතුම් ගුණ අනුගමනය කිරීමට
මටත් ශක්තිය ලැබේවා…
සාධු! සාධු!! සාධු!!! 🙏🌸
ජීවිතයේ සතුටු දවස්වලදී වගේම,
හිත රිදෙන දවස්වලදීත්…
අපට මතක් කරගන්න පුළුවන් උතුම් පාඩමක් යශෝධරා තෙරණින් වහන්සේගේ ජීවිතය තුළ තිබෙනවා.
🌸 ඉවසීමේ වටිනාකම…
🌸 කැපකිරීමේ උතුම්කම…
🌸 ශ්‍රද්ධාවේ බලය…
🌸 වීර්යයෙන් නැගී සිටීම…
🌸 අහිමිවීම් හමුවේත් සිත නොවැටී සිටීම…
🌸 ධර්මයේ පිහිට පතා ජීවත් වීම…
යශෝධරා දේවියට වැඳීම කියන්නේ
පිළිරුවක් ඉදිරියේ හිස නමා ගැනීම පමණක් නොවේ… 🙏
උන්වහන්සේගේ ඉවසීම අපේ ජීවිතයට ගන්නට,
උන්වහන්සේගේ ශ්‍රද්ධාව අපේ සිත තුළ ඇති කරගන්නට,
උන්වහන්සේගේ වීර්යයෙන් අපේ දුෂ්කරතා ජයගන්නට,
අවසානයේ ධර්මයේ සරණ පැතීමට උත්සාහ කිරීමයි
ඒ උතුම් වන්දනාවේ සැබෑ අරුත. 🌸
ආදරණීය කාන්තාවනි… ❤️
ජීවිතයේ කවුරුන් ඔබව තේරුම් නොගත්තත්,
කවුරුන් ඔබේ හිත රිදෙව්වත්,
කවදා හෝ ඔබට තනිවම දරාගන්න සිදු වූවත්…
සිතේ කරුණාව නැති කරගන්න එපා.
හොඳකම අත්හරින්න එපා.
ධර්මයෙන් ඈත් වෙන්න එපා.
ඔබේ සිත ශක්තිමත් කරගන්න. 🌸
යශෝධරා තෙරණින් වහන්සේගේ උතුම් ගුණ සිහි කරමින්,
අපේ පවුල් ජීවිතවලටත් සැනසීම,
අපේ සිත්වලටත් ශක්තිය,
අපේ ගමනටත් ධර්මයේ ආලෝකය
ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🙏❤️
යශෝධරා මහාරහත් තෙරණින් වහන්සේගේ
උතුම් ගුණ අපගේ ජීවිතවලටත් ආලෝකයක් වේවා! 🌸
🙏 සාධු! සාධු!! සාධු!!! 🙏

📚❤️ දරුවෙකුට පොතක් දෙන එකට වඩා… ඔවුන් සමඟ පොතක් කියවන්න.අපි හැමෝම අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවා.හොඳ පාසලක්, හොඳ පොත්...
21/08/2026

📚❤️ දරුවෙකුට පොතක් දෙන එකට වඩා… ඔවුන් සමඟ පොතක් කියවන්න.

අපි හැමෝම අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවා.
හොඳ පාසලක්, හොඳ පොත්, ලස්සන learning activities… හැම දෙයක්ම ඔවුන් වෙනුවෙන් සූදානම් කරනවා. ❤️
ඒත් මේ හැමදේටම වඩා දරුවෙකුගේ ඉගෙනීමට බලපාන ඉතාම සරල, නමුත් වටිනා පුරුද්දක් තියෙනවා.
ඒ තමයි…
📖 දිනපතා පොත් කියවීම.
ඔබ තවමත් ඔබේ දරුවා සමඟ මේ පුරුද්ද ආරම්භ කරලා නැත්නම්, අදින්ම පටන් ගන්න. 🌷
මිල අධික පොත් ගොඩක් අවශ්‍ය නැහැ.
විශාල Reading Room එකක් අවශ්‍ය නැහැ.
දිනකට පැය ගණනක් වෙන් කරන්නත් අවශ්‍ය නැහැ.
පුංචි පොත් කිහිපයක්…
සුවපහසු පුංචි Reading Corner එකක්…
ඒ වගේම අම්මා හෝ තාත්තාගේ විනාඩි 10–15ක්. ❤️
ඒ ඇති.
🌸 දරුවා සමඟ එකට පොත බලන්න.
🌸 කතාව ශබ්ද නගා කියවන්න.
🌸 පින්තූර ගැන කතා කරන්න.
🌸 “ඊළඟට මොනවා වෙයිද?” කියලා අහන්න.
🌸 දරුවාට තමන්ගේ වචනවලින් කතාව කියන්න ඉඩ දෙන්න.
🌸 වැඩිහිටියා කියවන විට දරුවාත් අනුගමනය කරන්න දෙන්න.
මගේ දරුවන්ටත් මම මේ පුරුද්ද හුරු කරවන්න උත්සාහ කරනවා. ❤️
ඒ නිසා මගේ group එකේ පුංචි දරුවන්ගේ දෙමාපියන්ගෙන් මම නිතරම ඉල්ලන්නේ,
“Storybooks කියවීම ඔබේ දරුවාගේ දෛනික routine එකේ කොටසක් කරන්න.” 📚
දරුවාට වෙනම Reading Corner එකක් තිබුණොත් තවත් ලස්සනයි.
Study Space එකක් තිබුණත්, ඒ අසල පොත් සඳහා පුංචි shelf එකක් හෝ basket එකක් තියාගන්න.
දරුවාට පොත තෝරාගන්න ඉඩ දෙන්න.
පොත අතට ගන්න ඉඩ දෙන්න.
පින්තූර බලන්න ඉඩ දෙන්න.
ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න.
වැරදි වුණත් කියවන්න උත්සාහ කරන්න ඉඩ දෙන්න.
මොකද…
පොත් කියවීම කියන්නේ අකුරු හඳුනාගැනීම විතරක් නෙවෙයි. ❤️
එය දරුවාගේ
🧠 සිතීමේ හැකියාව,
🗣️ භාෂා කුසලතාව,
💭 පරිකල්පනය,
👂 සවන්දීමේ හැකියාව,
🎯 අවධානය,
❤️ හැඟීම් තේරුම් ගැනීම
සහ
📚 ඉගෙනීමට ඇති ආදරය වර්ධනය කරන සුන්දර මාර්ගයක්.

ඒත් ඒ හැමදේටම වඩා වටිනා දෙයක් තියෙනවා…

දරුවා පොතක් අතේ තියාගෙන ඔබේ ළඟ වාඩිවෙලා,
ඔබේ හඬ අහගෙන,
ඔබේ උණුසුම දැනගෙන,
කතාවක් අහන ඒ පුංචි මොහොත. 🥹❤️
අද ඔබේ දරුවාට පොතක් තෝරලා දෙන්න.
ඊට පස්සේ ඔබත් ඔහු/ඇය ළඟින් වාඩිවෙන්න.
මොකද දරුවන්ට අපි දෙන හොඳම තෑගි අතරින් එකක් තමයි…
“මාත් එක්ක පොතක් කියවන්න” කියන ඒ පුංචි ආරාධනය. 📖❤️

📚 ඔබට online වලින් දරුවන්ට පොත් තෝරාගන්න පුළුවන් තැන් කිහිපයක්… ❤️
දරුවාගේ වයසට, කියවීමේ මට්ටමට සහ කැමැත්තට ගැළපෙන පොත් තෝරාගන්න.
📖 Little book pack
📖 Book Kiddy
📖 Pen & Page
📖 D-Kiddo
📖 Wonder Bookstore
📖 Book Buddies
Books4U
මේ වගේ online book stores/pages කිහිපයක් බලලා, ඔබේ දරුවාට ගැළපෙන storybooks, picture books, early readers සහ activity books තෝරාගන්න පුළුවන්. 🌸
හැබැයි මතක තියාගන්න…
පොත් ගොඩක් මිලදී ගන්න එක නෙවෙයි වැදගත්.
තියෙන පොතක් අරගෙන දරුවා සමඟ වාඩිවෙලා කියවන එකයි වැදගත්. ❤️
ඒ නිසා අදම පොතක් තෝරගන්න.
දරුවා ළඟින් වාඩිවෙන්න.
පිටුවක් පෙරළන්න… 📖
කතාවක් කියවන්න…
ඒ පුංචි මොහොත දරුවා සමඟ බෙදාගන්න. 🥰
Because one day, they may not remember every book you bought…
but they will remember the moments you spent reading with them. ❤️📚
🌱 Read to them. Read with them. Raise little readers.

🌱 🌱

“අපෝ… ළමයි හම්බුණාට පස්සේ ඔයා නම් ආයෙත් ඉස්සර වගේ වෙලාම නැහැ නේද?”ඔව්…මම ඉස්සර වගේ වුණේ නැහැ. ❤️ඒත් කවුරුත් අහන්නේ නැති ...
21/08/2026

“අපෝ… ළමයි හම්බුණාට පස්සේ ඔයා නම් ආයෙත් ඉස්සර වගේ වෙලාම නැහැ නේද?”

ඔව්…
මම ඉස්සර වගේ වුණේ නැහැ. ❤️
ඒත් කවුරුත් අහන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා…
“ඔයාට ඉස්සර වගේ වෙන්න බැරි වුණේ ඇයි?” නෙවෙයි…
“ඒ අතරේ ඔයාට මොනවද දරාගන්න වුණේ?” කියන එක.
මම දරුවෙක් බිහිකරලා විතරක් නෙවෙයි…
මම මගේ ජීවිතයම වෙනස් කළා.
කලින් මට තිබුණු කාලය නැති වුණා.
මගේ නිදහස වෙනස් වුණා.
මගේ නින්ද නැති වුණා.
මගේ ශරීරය වෙනස් වුණා.
සමහර වෙලාවට මගේම අනන්‍යතාවය පවා මට අහිමි වුණා.
දරුවා අඬනකොට නැගිට්ටේ මම.
දරුවාට බඩගිනි වෙද්දි කෑම හෙව්වේ මම.
උණක් ආවම බය වුණේ මම.
රෑ පුරා නිදි නැතුව හිටියේ මම.
උදේ වෙද්දි ශරීරයම කඩා වැටුණත්,
“අදත් මට කරන්න තියෙන දේවල් තියෙනවා” කියලා නැගිට්ටේ මම.
කවුරුත් නොදකින වෙලාවක මම නාන කාමරයට ගිහින් නිහඬව අඬපු දවස් තිබුණා.
ඊළඟ මොහොතේ කඳුළු පිහදාගෙන,
දරුවා ඉස්සරහා සිනාසුණා.
කවුරුත් දන්නේ නැහැ…
කී වතාවක් මම මගේ හිත ඇතුළෙන් “මට තවත් බැහැ” කියලා හිතුවද කියලා.
ඒත් මම බැරි වුණේ නැහැ.
මම දිගටම ගියා.
ගෙදර වැඩ කළා.
දරුවන් හැදුවා.
උයලා කන්න දුන්නා.
රෙදි සේදුවා.
ගෙදර අස් කළා.
වෛද්‍යවරු ළඟට ගියා.
පාසල් වැඩ බැලුවා.
අනිත් හැමෝගේම අවශ්‍යතා මතක තියාගත්තා.
ඒ හැමදේම කරන අතරේ…
මගේ අවශ්‍යතා අන්තිමටම දාලා තිබුණා.
ඒ නිසා මගේ ඇඟ වෙනස් වුණා නම්,
මගේ බර වෙනස් වුණා නම්,
මගේ මුහුණේ වෙහෙස පෙනුණා නම්…
ඒක මම මාව නොසලකා හැරපු නිසා නෙවෙයි.
මම හැමෝවම බලාගන්න ගිහින්, මාව අන්තිමට බලාගත්ත නිසා. ❤️
මගේ ශරීරයේ ඇති ලකුණු මට මතක් කරන්නේ වේදනාව විතරක් නෙවෙයි.
ඒවා මට මතක් කරන්නේ
මම ජීවිතයක් දරාගෙන හිටියා.
මම ජීවිතයක් ලෝකයට ගෙනාවා.
මම කුඩා අත් දෙකක් අල්ලාගෙන, මගේම ජීවිතය අමතක කරමින් ඔවුන්ට ලෝකය ආරක්ෂිත තැනක් කරන්න උත්සාහ කළා.
ඒ නිසා මගේ ශරීරය ගැන කතා කරන්න කලින්…
මගේ කතාව අහන්න. ❤️
අම්මා කෙනෙක්ගේ ශරීරය “පරණ තත්වයට” ආවද නැද්ද කියලා මනින්න එපා.
ඇයගේ ශරීරය ඇය වෙනුවෙන් කළ දේ ගැන ගෞරව කරන්න.
ඇයගේ බඩේ ලකුණු දිහා බලලා අඩුපාඩු හොයන්න එපා.
ඒ ලකුණු ඇය ගෙවූ ආදරයේ මිල වෙන්න පුළුවන්. ❤️
ඒ නිසා ඔව්…
මම පරණ මම වුණේ නැහැ.
පරණ මට වඩා වෙහෙසුණු කෙනෙක් වුණා.
පරණ මට වඩා සංවේදී කෙනෙක් වුණා.
පරණ මට වඩා ඉවසන කෙනෙක් වුණා.
පරණ මට වඩා ශක්තිමත් කෙනෙක් වුණා.
අවසානයේ මම තේරුම් ගත්තා…
මට නැවත පරණ මම වෙන්න ඕනේ නැහැ.
මොකද පරණ මම දැනගෙන හිටියේ තමන්ගේ ජීවිතය ජීවත් වෙන්න විතරයි.
අද මම තවත් ජීවිත දෙකක් වෙනුවෙන් ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙනවා. ❤️

ඒ නිසා මගේ ශරීරය වෙනස් වෙලා නම්…
මම ඒකට සමාව ඉල්ලන්නේ නැහැ.
මේ ශරීරය මගේ ලැජ්ජාවක් නෙවෙයි.
මේ ශරීරය මගේ මාතෘත්වයේ සාක්ෂියක්. 🌸❤️

විවාහයෙන් පස්සේ “අපි දෙන්නා” කියන ඉඩත් දෙන්න… ❤️ අද එක්තරා group එකක දැක්ක ලිපියක් මගේ හිතට ගොඩක් තදින් දැනුණා.විවාහ වෙල...
21/08/2026

විවාහයෙන් පස්සේ “අපි දෙන්නා” කියන ඉඩත් දෙන්න… ❤️
අද එක්තරා group එකක දැක්ක ලිපියක් මගේ හිතට ගොඩක් තදින් දැනුණා.
විවාහ වෙලා අවුරුදු ගණනක් ගතවුණත්, තමන්ගේ සැමියා එක්ක තනියම කොහේවත් යන්නවත්, නිදහසේ කාලයක් ගත කරන්නවත් අවස්ථාවක් නොලැබුණු කාන්තාවක් ගැනයි ඒකේ තිබුණේ.
ඔවුන් කොහේ ගියත් පවුලේ තවත් කෙනෙක් එක්ක යනවා.
ගෙදරදීවත් සැමියා එක්ක නිදහසේ කතා කරන්න, තනියම ඉන්න අවස්ථාවක් නැති තරම්.
ඇය ඒ දරුවාට ආදරෙයි. ❤️
ඒ දරුවාට දොස් කියන්නත් බැහැ.
ඒත් අවුරුදු ගණනක් මේ දේවල් ඉවසගෙන ඉඳලා අවසානයේ ඇගේ හිතේ ඇතිවෙන්නේ එකම ප්‍රශ්නයක්…
“මටත් මගේම විවාහ ජීවිතයක් තියෙනවා නේද?”
මේක කියවද්දි මට හිතුණේ, මේක එක පවුලක විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා.
විශේෂයෙන්ම දෙමාපියන්, සහෝදර සහෝදරියන් එක්ක එකම ගෙදර ජීවත් වෙන පවුල්වල, පුතා විවාහ වුණාට පස්සේ ඔහුගේ බිරිඳට නොදැනුවත්වම තමන්ගේම ඉඩ අහිමි වෙන අවස්ථා තියෙනවා.
මම දන්න මගේ යාළුවෙක්ටත් මේ වගේම අත්දැකීමක් තියෙනවා. ඇය ඒ තත්වයෙන් ගොඩක් overwhelmed වෙලා ඉන්නවා. ඇය කිසිම දරුවෙකුට අකමැති කෙනෙක් නෙවෙයි. ඒත් ඇයටත් තමන්ගේ සැමියා එක්ක තනියම කාලයක් ගත කරන්න, කොහේ හරි යන්න, නිදහසේ කතා කරන්න අවශ්‍යයි.
ඇයට නිවාඩුවක් තිබුණත්, ගෙදරට අනිත් අය එනවා. කොහේ ගියත් කෙනෙක් එක්ක යනවා. අවසානයේ ඇයට දැනෙන්නේ තමන්ගේම ගෙදරදී පවා තමන්ට නිදහසක් නැති බවයි.
ඒ නිසා මේක කියවලා මට කියන්න තියෙන්නේ එකම දෙයක්.
මේ දේ කරන කෙනෙක් නම්… කරුණාකරලා නවත්වන්න. ❤️
ඒ නිසා මේක විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්න ඕන දෙයක්. ❤️
ඔබත් කාන්තාවක්.
ඔබත් කවදාහරි කෙනෙකුගේ ගෙදරට ලේලියක් විදිහට ගිහින් ඇති.
එහෙනම් ඔබට අකමැති වූ දෙයක් තවත් කාන්තාවකට කරන්න කලින්, එක මොහොතක් හිතන්න…
ඔබේ නැන්දම්මා ඔබේ විවාහ ජීවිතයට හැම වෙලාවෙම මැදිහත් වුණා නම් ඔබට කොහොම දැනෙයිද?
ඔබේ සැමියා එක්ක තනියම කාලයක් ගත කරන්න බැරි වුණා නම්?
ඔබ කොහේ ගියත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම එක්ක එනවා නම්?
ඔබේම ගෙදරදීවත් නිදහසේ ඉන්න ඉඩක් නැති වුණා නම්?
ඔබ ඒකට කැමති වෙයිද?
එහෙනම් අද ඔබ තවත් කාන්තාවකට ඒ දේම කරනවාද කියලා ටිකක් හිතන්න. ❤️
ඔබ ඒ ගෙදර අවුරුදු ගණනක් ජීවත් වෙලා ඇති.
ඒ ගෙදර ඔබේම ගෙදර වගේ වෙලා ඇති.
ඔබේ සහෝදර සහෝදරියන්, දරුවන් ඒ ගෙදරට හුරු වෙලා ඇති.
ඒ හැමදේම තේරුම් ගන්න පුළුවන්.
ඒත් ඔබේ පුතා විවාහ වුණාම, ඔහුගේ බිරිඳටත් ඒ ගෙදර තුළ තමන්ගේම ඉඩක් තියෙන්න ඕන.
ඇය ආගන්තුකයෙක් නෙවෙයි.
ඇයත් ඒ පවුලේ සාමාජිකයෙක්.
ඒ නිසා…
ඔවුන්ට සමහර ගමන් තනියම යන්න ඉඩ දෙන්න.
ඔවුන් දෙන්නා කතා කරන වෙලාවට අවශ්‍ය නැති විදිහට මැදිහත් නොවෙන්න.
ඔවුන්ට ඔවුන්ගේම මතක හදාගන්න ඉඩ දෙන්න.
සමහර වෙලාවට ඔවුන් දෙන්නාට විතරක් කාලය ගත කරන්න ඉඩ දෙන්න.
ඒක ඔබව අතහැරීමක් නෙවෙයි.
ඔවුන්ට ඔබව අමතක කිරීමක් නෙවෙයි.
ඒ ඔවුන්ගේ විවාහය ශක්තිමත් කරගන්න අවශ්‍ය අවකාශය. ❤️
මොකද විවාහයක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ජීවිතයක් ගොඩනගන එක.
ඒ ජීවිතය ගොඩනගන්න ඔවුන්ට තමන්ගේම කාලය, පෞද්ගලිකත්වය සහ නිදහස අවශ්‍යයි.
ඔබේ දුව විවාහ වෙලා වෙනත් ගෙදරකට ගියාම, ඇයටත් තමන්ගේ සැමියා එක්ක තනියම කාලය ගත කරන්න අවශ්‍ය වෙයි.
එහෙනම් ඔබේ පුතාගේ බිරිඳටත් ඒ අයිතියම දෙන්න. ❤️
තමන්ට සිද්ධ වුණ දේ තවත් කාන්තාවකට කරන්න එපා.
“මට එහෙම වුණා… ඒ නිසා ඇයටත් එහෙම වෙන්න ඕන”
කියන චක්‍රය අපි නවත්වමු.
අපි කාන්තාවක් විදිහට තවත් කාන්තාවකට ඒ වේදනාව නොදෙමු. ❤️
මොකද ආදරය කියන්නේ හැම වෙලාවෙම ළඟින් ඉන්න එක නෙවෙයි.
සමහර වෙලාවට ආදරය කියන්නේ, තමන් ආදරය කරන දෙන්නෙකුට ඔවුන්ගේම ඉඩ දීලා, ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට ජීවත් වෙන්න ඉඩ දෙන එක. ❤️
හැබැයි… මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා. ❤️
හැම පවුලකටම එකම විදිහක් අවශ්‍ය නැහැ.
සමහර යුවළයන් දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දරුවන් එක්ක හැම තැනම එකට ඉන්න කැමතියි.
ඒක ඔවුන්ගේ කැමැත්ත නම්, ඒකේ කිසිම වැරැද්දක් නැහැ.
සමහරු පවුලේ හැමෝම එකට ඉන්නකොට තමයි සතුටු වෙන්නේ.
තවත් සමහරු තමන්ගේ සැමියා හෝ බිරිඳ එක්ක තනියම කාලය ගත කරන්න කැමතියි.
ඒ දෙකෙන් එකක්වත් වැරදි නෑ.
ඒක එක් එක් පවුලේ කැමැත්ත, පුරුද්ද සහ සම්බන්ධතාවය අනුව වෙනස් වෙන දෙයක්.
ඒ නිසා මම කියන්නේ හැමෝම අනිවාර්යයෙන්ම වෙන්වෙලා ඉන්න ඕන කියලා නෙවෙයි.
මම කියන්නේ එක දෙයක් විතරයි…
ඔවුන් දෙන්නාට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම්, ඒ අවශ්‍යතාවයට ගරු කරන්න. ❤️
ඔවුන්ට තනියම යන්න ඕන නම්, තනියම යන්න ඉඩ දෙන්න.
ඔවුන්ට පෞද්ගලික කාලයක් ඕන නම්, ඒ කාලය දෙන්න.
ඔවුන්ට පවුලේ හැමෝම එක්ක ඉන්න කැමති නම්, ඒ කැමැත්තටත් ගරු කරන්න.
මොකද පවුලක සතුට රඳා පවතින්නේ හැමෝම හැම වෙලාවෙම එකට ඉන්න එක මත නෙවෙයි.
එකිනෙකාගේ කැමැත්ත, සීමාවන් සහ අවශ්‍යතාවයන්ට ගරු කරන එක මතයි. ❤️
ඒ නිසා මේ ලිපියෙන් මම කිසිම පවුලකට,
“ඔබ මෙහෙමම ජීවත් වෙන්න”
කියලා කියන්නේ නැහැ.
ඔබේ පවුලට ගැලපෙන විදිහට ජීවත් වෙන්න.
ඒත් ඔබ සමඟ ජීවත් වන තවත් කෙනෙකුට ඔබට වඩා වෙනස් අවශ්‍යතාවයක් තියෙනවා නම්…
ඒකත් තේරුම් ගන්න.
ඒකටත් ඉඩ දෙන්න.
ඒකටත් ගරු කරන්න. ❤️
මොකද අවසානයේ අපි හැමෝම කැමති වෙන්නේ එක දෙයකටයි…
“මගේ ගෙදර… මගේ පවුල… මගේ විවාහය තුළ මටත් මගේම ඉඩක් තියෙනවා” කියලා දැනෙන්න. ❤️
තමන්ට නොලැබුණු නිදහස තවත් කෙනෙකුගෙන් උදුරගන්න එපා.
අපිට වේදනාවක් වුණු දේ, තවත් කෙනෙකුගේ ජීවිතයට උරුමයක් නොකරමු. ❤️

දරුවන් අකුරු පටලවා ගන්නේ ඇයි? 🧠🔤“අම්මේ, මේක b ද d ද?”“p එකයි q එකයි මට මතක නෑ…”“මේ අකුර මම දන්නවා… ඒත් දැන් මතක නැහැ.”“ක...
20/08/2026

දරුවන් අකුරු පටලවා ගන්නේ ඇයි? 🧠🔤

“අම්මේ, මේක b ද d ද?”
“p එකයි q එකයි මට මතක නෑ…”
“මේ අකුර මම දන්නවා… ඒත් දැන් මතක නැහැ.”
“කියවද්දි හරි, ලියද්දි වැරදියි.”
ඔබේ දරුවාත් මෙවැනි දේ කරනවා නම්, මුලින්ම කලබල වෙන්නවත්, දරුවාට “ඔයාට බැහැ” කියලා කියන්නවත් එපා. ❤️
කුඩා දරුවන් අකුරු ඉගෙනගන්නා කාලයේදී b/d, p/q, m/w, n/u වැනි අකුරු පටලවා ගැනීම සිදුවිය හැකියි.
මොකද, දරුවාගේ මොළයට අකුරක් ඉගෙනගැනීම කියන්නේ එහි හැඩය මතක තබාගැනීම පමණක් නොවේ.
දරුවා එකවර,
අකුරේ හැඩය 👀
අකුරේ නම 🗣️
අකුරේ ශබ්දය 👂
එය ඇති වචන 🔤
අතේ චලනය ✋
මතකය 🧠
යන කරුණු කිහිපයක් අතර සම්බන්ධතාවයක් ගොඩනඟමින් සිටිනවා.
ඒ නිසා අකුරක් පටලවා ගැනීම පිටුපස ඇති හේතුව එකක් පමණක් නොවෙන්න පුළුවන්.
🧠 01. දරුවාගේ මොළය තවම “Visual Discrimination” වර්ධනය කරමින් සිටිනවා
b සහ d දෙකේම තියෙන්නේ stem එකක් සහ round shape එකක්.
වෙනස තියෙන්නේ ඒ කොටස් පිහිටා ඇති ආකාරයේ.
වැඩිහිටියෙකුට ඒ වෙනස ක්ෂණිකව පෙනුණත්, කුඩා දරුවෙකුගේ visual discrimination හැකියාව තවම වර්ධනය වෙමින් පවතිනවා.
ඒ නිසා දරුවාට,
“දෙකම එක වගේනේ!”
වගේ හැඟීමක් ඇතිවිය හැකියි.
මෙහිදී දරුවාට දොස් පැවරීම වෙනුවට “වෙනස දැකීමට” පුහුණු කළ යුතුයි.
උදාහරණයක් ලෙස:
b → stick එක ඉස්සරහ, round එක පස්සේ
d → round එක ඉස්සරහ, stick එක පස්සේ
වැනි දෘශ්‍ය ඉඟි භාවිතා කළ හැකියි.
🧠 02. “Letter Identity” එක මොළයේ තවම ස්ථාවර වී නැහැ
අපි වැඩිහිටියන් ලෙස b කියන අකුර විවිධ font, size සහ handwriting ආකාරවලින් දැක්කත් හඳුනාගන්නවා.
නමුත් කුඩා දරුවෙකුට එය තවම අලුත් symbol එකක්.
ඒ නිසා,
B, b, printed b, handwritten b
වැනි වෙනස් ආකාර දැකීමේදී “මේ හැම එකක්ම එකම අකුර” කියන සංකල්පය ගොඩනැගීමට කාලයක් අවශ්‍යයි.
මෙය letter knowledge වර්ධනයේ කොටසක්.
👂 03. Phonological Awareness අඩු වීමත් බලපාන්න පුළුවන්
අකුරක් හඳුනාගැනීමේදී දරුවාට එහි ශබ්දයත් තේරුම්ගත යුතුයි.
උදාහරණයක්:
m → /m/
s → /s/
t → /t/
දරුවාට අකුරේ හැඩය පමණක් මතක තිබුණත්, එයට අදාළ ශබ්දය මතක තබාගැනීම අපහසු නම් reading සහ spelling දෙකම අභියෝගයක් විය හැකියි.
ඒ නිසා “මේ මොන අකුරද?” කියන ප්‍රශ්නයට පමණක් සීමා නොවී,
“මේ අකුරේ ශබ්දය මොකක්ද?”
“මේ ශබ්දයෙන් පටන් ගන්න වචනයක් කියන්න පුළුවන්ද?”
වැනි ක්‍රියාකාරකම් කරන්න.
🧠 04. Working Memory එකේ භූමිකාව
දරුවෙකුට එකවර තොරතුරු කිහිපයක් මතක තබාගෙන වැඩ කිරීමට සිදුවනවා.
උදාහරණයක්:
අකුර බලන්න → නම මතකයට ගන්න → ශබ්දය මතකයට ගන්න → නිවැරදිව කියන්න
මේ සියල්ල එකවර සිදු කිරීමට දරුවාට අපහසු විය හැකියි.
ඒ නිසා දරුවා එක දවසක හොඳින් කළ දේ ඊළඟ දවසේ වැරදි කිරීමත් සිදුවිය හැකියි.
එය අනිවාර්යයෙන්ම “මතකය නැහැ” කියන අදහස නොවේ.
දරුවාගේ working memory සහ automaticity තවම වර්ධනය වෙමින් තිබෙනවා විය හැකියි.
🎯 05. Attention එක අඩු වූ විටත් අකුරු පටලවිය හැකියි
දරුවා අකුර හොඳින් නොබලා ඉක්මනින් පිළිතුරු දුන්නොත් වැරදි විය හැකියි.
ඒ නිසා,
❌ “ඉක්මනට කියන්න.”
වෙනුවට,
❤️ “අකුර හොඳට බලමු.”
❤️ “මේකේ තියෙන කොටස් මොනවාද?”
❤️ “අපි දෙක compare කරමු.”
කියලා දරුවාගේ attention එක අකුර වෙත යොමු කරන්න.
✋ 06. Fine Motor සහ Motor Planning එකත් සම්බන්ධයි
අකුරක් ලිවීම කියන්නේ අකුර මතකයෙන් පිටපත් කිරීම පමණක් නොවේ.
දරුවාට,
අකුර මතක තබාගැනීම → චලනය සැලසුම් කිරීම → pencil control → direction → shape
යන ක්‍රියාවලියක් අවශ්‍යයි.
ඒ නිසා අකුර හඳුනාගන්න පුළුවන් දරුවෙකුට එය ලිවීම අපහසු විය හැකියි.
මෙහිදී playdough, sand tracing, finger painting, air writing වැනි multisensory activities ප්‍රයෝජනවත්.
🧩 07. “Direction” පිළිබඳ අවබෝධයත් තවම වර්ධනය වෙමින් පවතී
b/d සහ p/q වැනි අකුරු පටලවාගැනීමේදී letter orientation එක පිළිබඳ අවබෝධය වැදගත්.
දරුවාට “වම් පැත්ත”, “දකුණු පැත්ත”, “ඉහළ”, “පහළ”, “ඉදිරිය”, “පසුපස” වැනි spatial concepts තවම ශක්තිමත් වෙමින් පවතිනවා විය හැකියි.
ඒ නිසා letter activities වලට අමතරව,
➡️ වම් අත / දකුණු අත
➡️ ඉහළ / පහළ
➡️ ඇතුළත / පිටත
➡️ ඉදිරිය / පිටුපස
වැනි spatial games දරුවාගේ සමස්ත visual-spatial development එකට උපකාරී වේ.
❤️ 08. Emotional State එකත් Learning එකට බලපානවා
මෙය දෙමාපියන් බොහෝ විට නොසිතන වැදගත් කරුණක්.
දරුවා බියෙන්, කලබලයෙන් හෝ “වැරදුණොත් අම්මා බනීවි” කියන හැඟීමෙන් වැඩ කරන විට, ඔහුගේ attention සහ working memory එක learning task එකට සම්පූර්ණයෙන් යොමු නොවිය හැකියි.
ඒ නිසා,
❌ “ඔයාට මේකවත් බැරිද?”
❌ “කී පාරක් කියලා දුන්නද?”
❌ “අනිත් ළමයින්ට පුළුවන්.”
වැනි වචන භාවිතා නොකරන්න.
ඒ වෙනුවට,
❤️ “තවම අමාරුයි නේද? අපි එකට try කරමු.”
❤️ “ඔයා අද ඊයේට වඩා හොඳට කළා.”
❤️ “වැරදුණාට කමක් නැහැ. ආයෙත් බලමු.”
වැනි ආරක්ෂිත වචන භාවිතා කරන්න.
දරුවෙකුට ඉගෙනීමට අවශ්‍ය වන්නේ පීඩනයට වඩා ආරක්ෂිත බවයි. 🌱
🌈 එහෙනම් අකුරු පටලවන දරුවෙකුට අපි කොහොමද උදව් කරන්නේ?
අකුරක් පෙන්වා,
“මේ මොන අකුරද?”
කියලා නැවත නැවත අසන එක පමණක් ප්‍රමාණවත් නැහැ.
මෙහෙම යමු:
👀 SEE – අකුර බලන්න
🗣️ SAY – අකුරේ නම කියන්න
👂 HEAR – ශබ්දය අසන්න
✋ FEEL – අකුර ස්පර්ශයෙන් අත්විඳින්න
🔎 FIND – අකුර සොයන්න
🧩 MATCH – සමාන අකුරු ගලපන්න
🧠 REMEMBER – මතකයෙන් හඳුනාගන්න
✏️ WRITE – අවසානයේ ලියන්න
මේ ක්‍රමයෙන් දරුවාගේ visual, auditory, tactile, motor සහ memory pathways කිහිපයක් එකට සම්බන්ධ කරමින් ඉගෙනීමට අවස්ථාව ලැබෙනවා.
🚨 වැදගත්ම කරුණක්…
අකුරු පටලවා ගැනීම පමණක් දැකලා දරුවාට Dyslexia තියෙනවා කියලා තීරණය කරන්න බැහැ.
Dyslexia වැනි learning difficulties හඳුනාගැනීමේදී දරුවාගේ සමස්ත reading, spelling, phonological awareness, language development සහ learning pattern වැනි කරුණු සලකා බැලිය යුතුයි.
එමෙන්ම දරුවාගේ වයස, අධ්‍යාපන අවස්ථා සහ පුහුණුවත් වැදගත්.
ඒ නිසා එක අකුරක් දෙකක් පටලවා ගත් පමණින් දරුවාට label එකක් දීම නොකළ යුතුයි. ❤️
නමුත් වයසට ගැළපෙන පුහුණුව සහ සහය ලබා දුන්නත් අකුරු හඳුනාගැනීම, ශබ්ද-අකුරු සම්බන්ධය, spelling හෝ reading සම්බන්ධ අපහසුතා දිගටම පවතිනවා නම්, ගුරුවරයෙකු හෝ සුදුසු අධ්‍යාපනික විශේෂඥයෙකු සමඟ සාකච්ඡා කිරීම වැදගත්.
🌱 අවසානයේ…
දරුවා b එක d කළා කියලා,
“මගේ දරුවාට ඉගෙනගන්න බැහැ.”
කියලා හිතන්න එපා.
එය සමහරවිට දරුවාගේ මොළය තවමත් අකුරේ හැඩය, ශබ්දය, නම, දිශාව සහ මතකය අතර සම්බන්ධතාවය ගොඩනඟමින් සිටින බවට පණිවිඩයක් විය හැකියි.
දරුවාට වැරදෙන්න ඉඩ දෙන්න.
නැවත උත්සාහ කරන්න ඉඩ දෙන්න.
ක්‍රීඩා කරමින් ඉගෙනගන්න ඉඩ දෙන්න.
සහ ඔහුගේ පුංචි ප්‍රගතියක් වුණත් අගය කරන්න. ❤️
මොකද, දරුවෙකුගේ ඉගෙනීම වේගයෙන් අවසන් කළ යුතු තරඟයක් නොවෙයි.
ඔහුගේ මොළය තේරුම් ගන්නා වේගයට, ආදරයෙන් සහ ඉවසීමෙන් ගමන් කළ යුතු ගමනක්. 🧠🌱❤️
ලිපිය ලීවේ
Rasika Nilanthi
Founder of The Parenting Hub & Little Learners Club
🎓 Diploma in Early Childhood & Primary Education – OUSL
📚 Undergraduate – B.Ed. in Special Needs Education – OUSL | Final Year
🌸 5+ Years as a Kindergarten Teacher

❤️ඔයා අද මගේ අතේ එල්ලීගෙන ඇවිදින පුංචි දුවක්.ඒත් දවසක ඔයා ලොකු වෙලා, ඔයාගේම ලෝකයක් හදාගන්න කාන්තාවක් වේවි.ඒ දවස එනකොට,මම...
20/08/2026

❤️ඔයා අද මගේ අතේ එල්ලීගෙන ඇවිදින පුංචි දුවක්.
ඒත් දවසක ඔයා ලොකු වෙලා, ඔයාගේම ලෝකයක් හදාගන්න කාන්තාවක් වේවි.
ඒ දවස එනකොට,
මම ඔයාට ලස්සන මුහුණක් විතරක් නෙමෙයි…
ශක්තිමත් හදවතක් දීලා තියෙන්න ඕන. ❤️
කවුරුත් නැති වෙලාවකත්
“මට මාව බලාගන්න පුළුවන්” කියලා කියන්න පුළුවන් දුවක් වෙන්න.
කෙනෙක් ඔයාට ආදරය නොකළා කියලා
ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැති බව දැනගන්න.

🌸 මගේ දුවේ… 🌸

කෙනෙක් ඔයාට ගරු නොකරන තැනක
ආදරය වෙනුවෙන් ඉවසගෙන ඉන්න එපා.
“නෑ” කියන්න ඕන තැන “නෑ” කියන්න.
ඒ වෙනුවෙන් ඔයාට සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ.
ඔයාගේ ශරීරය ඔයාගේමයි.
ඔයාගේ හිත ඔයාගේමයි.
ඔයාගේ ජීවිතයත් ඔයාගේමයි.
ඒ නිසා ඒවාට ගරු නොකරන කිසිවෙකු වෙනුවෙන්
ඔයාගේ ආත්මගෞරය අහිමි කරගන්න එපා.
මගේ දුවේ… 🌷
ආදරය ලැබෙන්න ඕන.
ඒත් ආදරය වෙනුවෙන් ඔයාගේ සිහින අතහරින්න එපා.
විවාහයක් ලැබෙන්න ඕන.
ඒත් විවාහය ඔයාගේ මුළු අනන්‍යතාවය නොවෙයි.
කෙනෙක්ගේ බිරිඳක් වෙන්න කලින්,
කෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙන්න කලින්,
ඔයා ඔයාම වෙන්න.
ඉගෙනගන්න.
දැනුම හොයන්න.
තමන්ටම ආදායමක් උපයන්න ඉගෙනගන්න.
තමන්ගේ තීරණ ගන්න ඉගෙනගන්න.
තමන් වැටුණාම තමන්වම නැගිට්ටවගන්න ඉගෙනගන්න.
ලස්සන ගැන විතරක් හිතන්න එපා දුවේ…
බුද්ධිය ලස්සන කරගන්න.
හදවත ලස්සන කරගන්න
ඔයාට ආදරය කරන මිනිසුන් තෝරාගන්න.
ඔයාට ගරු කරන මිනිසුන් තෝරාගන්න.
ඔයාගේ සිහිනවලට ඉඩ දෙන මිනිසුන් තෝරාගන්න.
ඒත් වැරදි මිනිසුන් නිසා
තනිකමට බය වෙන්න එපා.

වැරදි ආශ්‍රයකට වඩා සන්සුන් තනිකම ලස්සනයි. 🤍
ජීවිතයේ කවදාහරි ඔයා රිදෙයි.
කවුරුහරි ඔයාව කලකිරවයි.
වැටෙන දවස් එයි.
ඒත් මම ප්‍රාර්ථනා කරන්නේ
ඔයා කිසිදා නොවැටෙන දුවක් වෙන්න නෙමෙයි…
වැටුණත් නැවත නැගිටින දුවක් වෙන්න. 🌸
මගේ දුවේ,
ඔයාගේ වටිනාකම කාටවත් ඔප්පු කරන්න යන්න එපා.
ඔයා කවුද කියලා
ඔයාම දන්නවා නම්,
ලෝකය ඒක පිළිගන්න දවස එනතුරු
ඔයාට බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ.
මට ඕන ඔයා දවසක
ලෝකය දිහා බලාගෙන,
“මම කාගෙවත් අනුමැතියෙන් වටිනා කෙනෙක් වුණේ නැහැ.
මම මාව හඳුනාගෙන, මාව ගොඩනගාගෙන, මගේම ශක්තියෙන් මෙතැනට ආවා.”
කියන්න පුළුවන් කාන්තාවක් වෙන්න. ❤️
මගේ පුංචි දුවේ… 👑
ඔයා මගේ ජීවිතයේ ලස්සනම තෑග්ගක්.
ඒත් මම ඔයාව මගේ ළඟ සදාකාලිකව තියාගන්න හදන්නේ නැහැ.
දවසක ඔයාගේම පියාපත් විහිදලා,
ඔයාගේම අහසක නිදහසේ පියාඹන්න පුළුවන් කාන්තාවක් කරන්නයි මගේ ලොකුම ආශාව. 🦋❤️
මගේ දුව.
මගේ ආලෝකය.
මගේ පුංචි Queen. 👑
ඔයාගේ ජීවිතයේ ලොකුම ශක්තිය — ඔයාම වෙන්න. ❤️

විවාහ ජීවිතය තුල යම් කාලයක අනිවාර්යයෙන්ම යුවළකගේ ආදරය test කරනවා. ජීවිතය දෙන්නාගේ ආදරය පරීක්ෂා කරන වෙලාවට, කොහේ හරි ශක්ත...
19/08/2026

විවාහ ජීවිතය තුල යම් කාලයක අනිවාර්යයෙන්ම යුවළකගේ ආදරය test කරනවා.


ජීවිතය දෙන්නාගේ ආදරය පරීක්ෂා කරන වෙලාවට, කොහේ හරි ශක්තිමත්ව අල්ලාගන්න පුළුවන් anchor එකක් දෙන්නාට තියෙන්න ඕනේ.

ඒ තමයි මට කියවද්දි ඒ ලිපියෙන් දැනුණු ලස්සනම “spirit” එක. ❤️

මම මේ වචන ලියන්න හේතු වුණේ, මංගල අවස්ථාවක මංගල සභාව අමතමින් කළ කතාවක් ඇසුරු කරගෙන කියවන්න ලැබුණු ලිපියක්.ඒකේ මගේ හිත ගත්තේම මම ඔය මුලිනම දක්වපු වචන

ඒක කියවද්දී මට හිතුණු දෙයක් තියෙනවා…
මංගල උත්සවවලදී අපි බොහෝවිට පරම්පරා දෙකක් ගැන කතා කරනවා.
වැඩිහිටියන්ගේ ආදරය, තරුණ පරම්පරාවේ අලුත් සිහින, සුන්දර අනාගතයක් ගැන සුබ පැතුම්…
ඒ හැමදේම ලස්සනයි. ❤️
ඒත්, විවාහයේ සැබෑ ස්වරූපය ගැන කාලයක් ජීවත් වෙලා, ජීවිතයේ කුණාටු දැකලා, සතුටත් දුකත් එකට පහුකරලා ඉගෙනගත් වැඩිහිටියෙක් මංගල සභාවක් ඉදිරියේ කියන වචන මීටත් වඩා වටිනවා කියලා මට හිතෙනවා.

මොකද ඒ වචන පොතකින් හොයාගත්ත දැනුමක් නෙමෙයි.
ඒ වචන ජීවත් වෙලා ලබාගත්ත දැනුමක්.
අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙද්දී, ආදරය වෙනස් වෙන හැටි දැකලා, කෝපය නිහඬ වෙන හැටි අත්විඳලා, අසීරු කාලවලදී කවුද අත අල්ලගෙන හිටියේ කියලා දැනගෙන, පවුලක් රැකගන්න කොතරම් ඉවසීමක්, සමාවක්, තේරුම් ගැනීමක් අවශ්‍යද කියලා අත්දැකලා…
ඒ අත්දැකීම්වලින් උපන් එක වාක්‍යයක්, සමහරවිට අලුතෙන් විවාහ වන දෙදෙනෙකුට ජීවිත කාලයක් මතක තබාගන්න පුළුවන් පාඩමක් වෙන්න පුළුවන්.
ඒ නිසා මට හිතෙන්නේ මංගල උත්සවයකදී අලුත් යුවළකට දිය හැකි ලස්සනම තෑග්ගක් තමයි,
“ආදරයෙන් ජීවත් වෙන්න” කියන සුබ පැතුමකට අමතරව,
“ජීවිතය හැමදාම පහසු වෙන්නේ නැහැ.
ඒත් අමාරු දවසකදී එකිනෙකාට එරෙහිව නොවී, එකිනෙකාගේ පැත්තේ ඉන්න.”
කියන ජීවිත අත්දැකීමක්.
මොකද විවාහය ගැන කියවලා ඉගෙනගන්න දේවල් තියෙනවා.
ඒත් විවාහය ගැන ජීවත් වෙලා ඉගෙනගන්න දේවල් ඊට වඩා ගැඹුරුයි.

විශේෂයෙන්ම විවාහය ගැන මමත් විශ්වාස කරන, ජීවිතයත් එක්ක තේරුම් ගන්න ලැබුණු දෙයක් මේ ලිපියේ වචන අතරින් මට දැනුණා.

විවාහය කියන්නේ සතුටු දවස් එකට බෙදාගන්න එක විතරක් නෙමෙයි.
ජීවිතය අපිට දෙන හැම තත්ත්වයක්ම, අපි තෝරාගත් ඒ එකම මනුස්සයා එක්ක එකට පහුකරගෙන යන එක. ❤️

ආදරය test කරනවා.
බැඳීම test කරනවා.
ඉවසීම test කරනවා.
තේරුම් ගැනීම test කරනවා.
සමහරවිට ඒ පරීක්ෂණ හැඟීම් හරහා එනවා.
සමහරවිට ආර්ථික ප්‍රශ්න හරහා.
සමහරවිට පවුලේ වගකීම් හරහා.
සමහරවිට දරුවන් හරහා.

සමහරවිට ජීවිතය අපි කිසිම දවසක බලාපොරොත්තු නොවූ තැනකට ගෙන යනවා.
ඒ හැම වෙලාවකම මට හිතෙන්නේ වැදගත්ම දේ මේකයි…
ප්‍රශ්නයක් ආවම දෙන්නා එකිනෙකාට එරෙහි වෙනවාද,
නැත්නම් දෙන්නාම එකට ඉඳගෙන ප්‍රශ්නයට එරෙහිව මුහුණ දෙනවාද?
මට නම් විවාහයක ලස්සනම spirit එක තියෙන්නේ එතැනයි.

“අපි දෙන්නා එකිනෙකාට එරෙහිව සටන් කරන දෙන්නෙක් නෙමෙයි.
අපි දෙන්නා එකට ඉඳගෙන ජීවිතය එක්ක සටන් කරන දෙන්නෙක්.” ❤️

ජීවිතය දෙන්නාගේ ආදරය පරීක්ෂා කරන වෙලාවට, කොහේ හරි ශක්තිමත්ව අල්ලාගන්න පුළුවන් anchor එකක් දෙන්නාට තියෙන්න ඕනේ.

ඒක දරුවන් වෙන්න පුළුවන්.
එකිනෙකාට තියෙන අනුකම්පාව වෙන්න පුළුවන්.
එකට ගතකරපු ජීවිතය, මතකයන් සහ කැපකිරීම් වෙන්න පුළුවන්.
නැත්නම්,
“මේ මගේ මනුස්සයා. මේ කුණාටුවත් අපි දෙන්නා එකට පහුකරමු.”
කියන හැඟීම වෙන්න පුළුවන්. ❤️
ඇත්ත ආදරයේ ගැඹුර කියන්නේ, මුළු ජීවිතයම හෙලවෙද්දීත් අනිත් කෙනාව අල්ලාගෙන ඉන්න තරම් තියෙන ඉවසීම.
ඒ ඉවසීම එන්නේ තේරුම් ගැනීමත් එක්ක.
මම විවාහ ජීවිතය ගැන දන්නේ මගේ අවුරුදු 13ක අත්දැකීමෙන් තේරුම් ගත්ත තරමට විතරයි.
තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා.
ඒත් මේ ලිපිය කියවද්දී මට හිතට තදින්ම දැනුණේ මේ සරල සත්‍යයයි…

විවාහයේ සැබෑ සුන්දරත්වය කියන්නේ කුණාටු නැති එක නෙමෙයි.
කුණාටුවක් ආවත් එකිනෙකාගේ අත අතහැර නොයන එක. ❤️
කුණාටුවට මුහුණ දෙන කෙනාම තමයි කුණාටුවේ තරම දන්නේ.
ඒ නිසා කෙනෙක්ට තමන්ගේ කුණාටුව දරාගන්න බැරි වුණා කියලා ඔහුව හෝ ඇයව විනිශ්චය කරන්නත් බැහැ.
ඒත් ආදරයෙන් එකට ජීවත් වෙන දෙන්නෙක්ට හැකි තරම්,
තේරුම් ගන්න.
ගරු කරන්න.
ඉවසන්න.
අත නොහරින්න.
ජීවිතය ලැබෙන්නේ එක පාරයි.
ඒ නිසා ආදරය කරනවා නම් උපරිමයෙන් ආදරය කරන්න.
පවුලක් හදනවා නම් උපරිමයෙන් ඒ පවුල වෙනුවෙන් කැපවෙන්න.
එකිනෙකා සමඟ ජීවත් වෙනවා නම්, එකිනෙකාගේ ජීවිතය තවත් ලස්සන කරන මිනිසුන් වෙන්න.
ඒ තමයි මට මේ ලිපියෙන් දැනුණු ලස්සනම “spirit” එක. ❤️

ජීවිතය ඔබ දෙදෙනාව කොතැනකට ගෙන ගියත්,
එකිනෙකා තෝරාගෙන, එකිනෙකා තේරුම්ගෙන, ජීවිතයේ හැම කුණාටුවක්ම එකට පහුකරගෙන යන්න ලැබේවා. ❤️

19/08/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The Parenting Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Parenting Hub:

Shortcuts

Share