10/09/2022
පිංතූරුවක මතකය•
❤️
ඩයනා | සැබෑ රැජිනකට ඔටුණු අවැසිම නැත•
ඩයනා කුමරිය මියයාමට පස් මසකට පෙර කේප් ටවුන්හිදී එනම්, 1997දී නෙල්සන් මැන්ඩෙලා හමුවූ අවස්ථාව නිරූපිත, මෙම සේයාරුව, වර්ණබේධවාදයට, මිලේච්.ඡ පාලනයට එරෙහි තවත් ක්‍රියාකරුවකු වූ, නොබෙල් සම්මානිත, දිවංගත අගරදගුරු ඩෙස්මන් ටුටු විසින් හැරී කුමරුට වර්ෂ 2019දී දෙනු ලැබිණි. ඒ තම පළමු දරුවා සමග හැරී සහ බිරිඳ, අගරදගුරුතුමන් බැහැදුටු පළමු අවස්ථාව සනිටුහන් කරමින්.
ඉකුත් ජුලි මස එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති නෙල්සන් මැන්ඩෙලා අනුස්මරණ උත්සවයේ ප්‍රධාන දෙසුම අතරතුර මෙම දිලිසෙන සිනා සපිරි සේයාරුව පිළිබඳ ආවර්ජනයක් සිදුවෙයි. දෙසුම පවත්වන්නේ හැරී කුමරු.
එහිදී, මැන්ඩෙලා යනු, නොසිතූ විරූ කෲ.රත්වයට සහ අයුක්තියට මුහුණ දෙන විට පවා සෑම විටම පාහේ සිනහවක් ඇති පුද්ගලයෙකු ලෙස නිර්වචනය කරමින් හැරී කුමරු පැවැසුවේ, මනුෂ්‍යත්වයට සේවය කිරීමට කැපවුණ එවන් තවත් ආත්මයක් ඇසුරු කිරීමෙන් ලත් පිවිතුරු තෘප්තිය, පිංතූරුවේ තම මවගේ මුහුණින් තමන් දකින බවයි. එබැවින් මෙම පිංතූරුව සෑම දිනකම තමන්ගේ බිත්තියේත් හදවතේත් විශේෂයෙන් කැපීපෙනෙන බව ඔහු සඳහන් කළා.
මිතුරනි;
පවුම් බිලියන ගණන් වටනා ඔටුණු සිහසුන් මිණිමුතු රන් අබරණ චංචල නිශ්චල දෙපොල කිත් යසස් නිල බල සියල්ල අලුයම ලූ කෙළ පිඬක් සේ අතැර දා, හිරු නොබසින අධිරාජ්‍යයේ පිය ගැට පෙළ බැස, ආපසු ආ මග දෙසවත් නොබලා නොහැරී Elizabeth Alexandra Mary Windsor නම් එක්සත් ජනපද රැජින ස්වකීය යටත් වැසියන්ගේ ප්‍රශ්වාසයේ කිඳී සදහටම නික්මී ගියාය.
එහෙත් අධිරාජිනියගේ මුණුබුරු හදවත උණුහුම්ව පවතින්නේ අඳුරුම මොහොතේ පවා අරගලය අත නොහැරි මිනිසුන්ගේ දිලිසෙන දිව්‍යමය මතක සමග බව මෙම සේයාරුව උදක්ම අපට පවසත්෴
#ඩයනා #මැන්ඩෙලා #ටුටු
12/08/2021
07/08/2021
14/05/2021
13/12/2020
02/12/2020