26/08/2023
Joker Says
Quotes
26/08/2023
24/08/2023
📖_______________________________🔍
ඔබ දැන් පෙර උනන්දු වූ ඔබ විසින් එලවනු ලැබූ කිසිදෙයක් ගැන තව දුරටත් උනන්දු නොවනු ඇත.අනෙක් අයගෙ ජීවිත කෙසේද කුමන සෘතුවක් ගත කරමින් සිටීද යන්න ඔබට එතරම් වැදගත් නැත.
ඔබ අන් අයගේ ජීවිත ගැන සොයා බැලීම ඔවුන්ගේ එදිනෙදා අලුත් වන සිදුවීම් ගැන තවදුරටත් උනන්දු වීම ඇතැම්විට නවතා දමා ඇත.සමහර විට මුලුමනින්ම.!
ඔබට දැන් අවැසි ඔබ ගැන සොයා බැලිම පමණි.සමහරවිට ප්‍රියතම ගීයක් අසමින් ඇඳ මත වැතිර සිටීම ලුහුබැඳීම් අනවශ්‍ය ගැටීම් වලට වඩා සාමකාමී බව ඔබ වටහගනු ඇත.
කිසිවෙකුට රිදවීමට වෛර කිරීමට හෝ ඊර්ශ්‍යා කිරීමට දැන් ඔබට අවැසි නැත.ඔබව රිදවීමට උත්සාහ කරන්නන්ට ඔවුන්ගේ කාර්යයන්ට ඉඩ දී ඉවත් වීමටත් ඔබව රිදවීමට ඉඩ නොතැබීමට තරම් ඔබ බුද්ධිමත්ය.
මන්ද ඔබේ සතුට සාමය ඔබම බව ඉගෙන ගෙන ඇති බැවිනි.කිසිවෙකුට ඔබව රිදවිය නොහැකි බවත් ඔබ දනී.
ඔබට අවශ්‍ය ඔබේ අභ්‍යන්තර සාමයයි.ඒ වෙනුවෙන් ඔබ කුඩා පියවරයන්ගේ සිට විශාල පිම්මක් වුවද තෝරා ගැනීමට සුදානම්ය.
තනි වීම අගයනු ඇත.නිශ්ශබ්දතාවය අගයනු ඇත.සංසන්දනය නතර කරනු ඇත.අන් අයගේ ඕපාදූප වෙනුවට ඔබ ගැන සොයා බැලීමටත් ඔබටම අවැසි දේ දීමටත් ඔබේ අරමුණු ලුහුබැඳීමටත් ඔබ කාර්ය බහුල වනු ඇත.
ඔබට ඔබව ප්‍රමාණවත් වීම අන් අය මත ඔබේ සතුට තීරණය නොකිරීම අන් අය කුමක් කලත් ඔවුන්ගේ ජීවිත දර්ශන වලින් ඔබට පලක් නොවනු ඇත.
සාමය නම් එයයි.!
ඔබ ලබන සුවදායකම පරිණත වීම නම් එයයි.🥀🩷
අයි-II
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
Colombo
01000