Dr. D. M. M. Dasanayake

Dr. D. M. M. Dasanayake

Share

Leading Lecturer in the field of Motor Technology Dr. D. M.

Dasanayake is the originator of the sinhala website www.rotaryauto.com, which is the largest worldwide providing modern Motor Vehicle Technology free of charge.

27/06/2024

05/07/2023

මෝටර් රථ පෙට්‍රල් එන්ජින් පොත් දෙකක් දැනට මරදාන සූර්ය ප්‍රකාශන පොත් මැදුරේ ඇත. එම පොත අවසන්ව ඇති බැවින් අවශ්‍ය කෙනෙක්ට මිලදී ගත හැක.

04/07/2023
Photos from Dr. D. M. M. Dasanayake's post 16/03/2021

පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති

ගුවන් යානා තාක්ෂණයෙන් මෝටර් රථ තාක්ෂණට සංක්‍රමණය වුනු පෙට්‍රල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය මගින් එතෙක් යොදාගත් කාබියුරේටරය අද වන විට කෞතුක වස්තුවක් බවට පත්කර තිබෙයි. මෙලෙස බිහිවූ පෙට්‍රල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය අද දක්වා ඉතා සංකීර්ණ වී ඇති අතර එම සම්පූර්ණ තාක්ෂණය පිළිබඳව විස්තරාත්මකව ඉදිරිපත් කල මෙවන් විශාල කෘතියක් කිසිම භාෂාවකින් මෙතෙක් පළ වී නොමැති අතර එය ශ්‍රී ලංකාවේදී සිංහල බසින් පළ වීම ආඩම්බරයට කාරනයකි.

එකිනෙකට වෙනස් වූ පෙට්‍රල් ඉන්ජෙක්ෂන් ක්‍රම අති විශාල ගණනක් අද මෝටර් රථ සඳහා යොදා ගැනෙයි. එහෙත් මේ සැමකම ඇත්තේ එකම මූලික සැලසුමකි. මෙම සියළුම ඉන්ජෙක්ෂන් ක්‍රම තනි කෘතියකට ගැනීමට කතුවරයා විසින් කර ඇත්තේ මෙම පෙට්‍රල් ඉන්ජෙක්ෂන් පද්ධති වල පොදු ක්‍රියාකාරිත්වය නිර්මාණාත්මකව අධ්‍යනය තුළින් මුලින්ම ඉතා සරළ ලෙස අවබෝධ කර දී ඉන්පසු එයට මෙතෙක් කර ඇති සියළු නවීකරණ සහ ඒ හරහා බිහිවුනු පෙට්‍රල් ඉන්ජෙක්ෂන් ක්‍රම පිළිවෙලින් හඳුන්වාදීමයි. මුලින් පෙට්‍රල් ඉන්ජෙක්ෂන් ලෙසින් යොදාගත් සෑම ඉන්ජෙක්ෂන් පද්ධතියක්ම අද ඉලෙක්ට්‍රොනික් මැප් ඉග්නිෂන් පද්ධති හා එක්ව මොට්‍රොනික් බවට පත්ව තිබෙයි. ඒ අනුව සංකීර්ණ ඉග්නිෂන් පද්ධති පිළිබඳව හඳුන්වා දී මෙතෙක් බිහිව ඇති මෙම මොට්‍රොනික් පද්ධති ද සම්පූර්ණයෙන්ම මෙහි ආවරණය කර තිබෙයි. මේ යටතේ ඉදිරියේදී යම් ඉන්ජෙක්ෂන් ක්‍රමයක් බිහිවෙයි නම් එයද පහසුවෙන් වටහා ගැනුමට මෙම කෘතිය උපකාරී වෙයි.

පොතක මිල - රු. 1500.00
රු. 1200.00 විශේෂ අඩු කළ මිළකට කූරියර් මගින් නිවසටම ගෙන්වා ගන්න අමතන්න,

071 4347295, 011 2835030

Photos from Dr. D. M. M. Dasanayake's post 02/02/2021

මෝටර් රථ ඉග්නිෂන් පද්ධති

මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියකට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිවී තිබෙයි. මුල් මෝටර් රථය සඳහා මැග්නිටෝ ක්‍රමයට ආරම්භ වුනු මෙම ඉග්නිෂන් පද්ධතිය වැඩිකල් නොගොස්ම බැටරි කොයිල් ඉග්නිෂන් පද්ධතියක් ලෙසින් නවීකරණය වුවත් එය තුළ සැඟවුනු දෝෂ රැසක් ගැබ්ව තිබුනි. ඒවායින් බොහොමයක් ඉවත් වූයේ 1950 වසරේදී පමණ ට්‍රාන්ස්සිස්ටරය සොයා ගැනීමෙන් පසුව හඳුන්වාදුන් ට්‍රාන්සිස්ටර් ඉග්නිෂන් පද්ධති (TCI) බිහිවීමෙන් පසුව වන අතර ඉන්පසුවද එහි ඉතිරි වූ දෝෂ ඉවත්වූයේ පරිගණක පාලනයෙන් යුත් මැප් ඉග්නිෂන් පද්ධති දක්වා එය දියුණු කිරීමෙනි. දශක ගණනාවක් තිස්සේ කල මෙවන් නවීකරණ වලින් පසුව අද එය සාර්ථකව මෝටර් රථ වල යොදා ගැනෙන්නේ මෙම මැප් ඉග්නිෂන් පද්ධතිවලද ඩිස්ට්‍රිබියුටරය ඉවත් කර ඉලෙක්ට්‍රොනික් නොක් පාලනය යටතේ එක් සිලින්ඩරයකට එක බැගින් වූ ඉග්නිෂන් කොයිල් යොදා ගැනුමෙනි. ඉන්පසු මෙය මොට්‍රොනික් තාක්ෂණය යටතේ ඉන්ජෙක්ෂන් කොම්පියුටරය හා ඒකාබද්ධ කර මෝටර් රථ වල යොදා ගැනෙයි.

ඉහත ආකාරයට අති සංකීර්ණ වූ ඉග්නිෂන් පද්ධති වල ඇතිවෙන දෝෂ සහිත කොටස පමණක් මාරුකල හැක්කේ කාර්මිකයා හට මෙම ඉග්නිෂන් පද්ධති වල නිර්මාණය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ඇත්නම් පමණි. එම දැනුම ලබාගත හැකි එකම පිළිවෙල වන්නේ මෙම ඉග්නිෂන් පද්ධති ආරම්භයේ සිට අද දක්වා නවීකරණය වූ ආකාරය පියවරෙන් පියවර අධ්‍යනය කිරීමයි. මෙම ග්‍රන්ථයේ සිදුව ඇත්තේ ඒ ආකාරයට ට්‍රාන්සිස්ටර් කොයිල් ඉග්නිෂන් දක්වා ඉග්නිෂන් පද්ධති නිර්මාණය වූ ආකාරය ඉතාමත් සරල ආකාරයෙන් මෙන්ම ඉතා නිවරැදිව ඉදිරිපත් කිරීමයි. එතැන් සිට පරිගණක පාලනයෙන් යුත් අද භාවිතා වන ඉග්නිෂන් පද්ධති දක්වා වූ තාක්ෂණය මෙහි දෙවන ග්‍රන්ථය වන ඉලෙක්ට්‍රොනික් ඉග්නිෂන් පද්ධති යන ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර තිබෙයි.

පොතක මිල - රු. 650/-
වට්ටම් සහිත මිල - රු. 520/-

Photos from Dr. D. M. M. Dasanayake's post 22/01/2021

ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්

ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සඳහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සඳහා යොදාගත් යාන්ත්‍රික ගවනර ක්‍රමය එදා සිටම ක්‍රියා කලේ සැඟවුනු දෝෂ කිහිපයක් සහිතවය. එහෙත් මේවාට පිළියම් යෙදීමට මගක් නොමැති වූ හෙයින් නිෂ්පාදකයින් විසින් මෙම දෝෂ සම්පූර්ණයෙන්ම සඟවා තබා ගැනුම ආරම්භයේ සිටම සිදුවුනි. අවසානයේ එම දෝෂ පිටු දැකිය හැකිවූයේ යාන්ත්‍රික ගවනරය සම්පුර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික් පාලන ගවනර ක්‍රමය යොදා ගැනුමෙනි. නිෂ්පාදකයින් හට මෙය කොතරම් අසීරු මෙන්ම සංකීර්ණ වූවක්ද යත් මෙහිදී ඉලෙක්ට්‍රොනික් පාලන ගවනර ක්‍රමයට ඉඩ සැලසීම ඇක්සලේටර කේබලය ඉවත් කර ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික් ගෑස් පැඩල් ක්‍රමය පවා යොදාගැනුමට සිදුවිය.

ඉලෙක්ට්‍රොනික් ගෑස් පැඩල් ක්‍රමය යොදා ගැනුමත් සමඟම මෙම රථ සඳහා ක්ලෝස්ඩ් ලූප් අයිඩ්ලින් ස්ටැබිලයිසින්, කෲස් කොන්ට්‍රෝල් මෙන්ම ASR වැනි ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් ක්‍රමද ඉතා අඩු වියදමෙන් සවිකල හැකිවිය. එමෙන්ම මෙම පාලනය සඳහා පරිගණක පාලන ECU ඒකකයක් යොදා ගැනුම නිසා ඉන්ජෙක්ෂන් ටයිමින් කොන්ට්‍රෝල් ක්‍රමයද ඉලෙක්ට්‍රොනික් පාලන මැප් ඉග්නිෂන් ලෙසින් මෙයට එක්කල හැකිවිය.

ඉහත ආකාරයට මෙම ඩීසල් රථ කොතරම් සංකීර්ණ වුවත් නිෂ්පාදකයින් හට මෙම උසස් තාක්ෂණය පොත පතට නැගීම නිවරැදිව කළ නොහැකි වූයේ එවිට භාවිතයේ මෙන්ම තවමත් නිපදවන යාන්ත්‍රික ගවනර සහිත ඩීසල් ක්‍රමයේ ඇති දෝෂ හෙලිවන බැවිනි. ඒ අනුව මෙම කෘතියෙන් කතුවරයා විසින් කර ඇත්තේ ඔවුන් විසින් සඟවන ලද එම තාක්ෂණය දිගු කලක් තුළ කළ ගවේෂණය කිරීම තුළින් නිවරැදිව අධ්‍යනය කර ශ්‍රී ලාංකික කාර්මිකයන් වෙත ඉතා සරල අයුරින් ඉදිරිපත් කිරීමකි.

පොතක මිළ - රු. 1000.00
රු. 800.00ක විශේෂ වට්ටම් සහිත මිළකට කූරියර් මගින් නිවසටම ගෙන්වා ගන්න.

12/01/2021

Commemorating 12 years of the late Dr. D. M. M. Dasanayake. Great loss for the Automobile industry in Sri Lanka.... 🙏

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


407/15, Samagi Mawatha, Udahamulla, Nugegoda
Colombo