අනඳ පවුලේ හිතවත් ඔබ සැමට.....
අප විද්‍යාලයීය
නව Facebook පිටුවෙහි සබැඳිය පහත දැක්වේ. මින් ඉදිරියට පාසලේ පිළිබඳ සියලු තොරතුරු සහ වැඩසටහන් පිළිබඳ තොරතුරු එම පිටුව හරහා ඔබ වෙත ගෙන ඒමට නියමිතය.
එබැවින් පහත දැක්වෙන නව සබැඳියෙන් අපගේ නව Facebook පිටුව සමග එක්වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
Please follow us...
https://www.facebook.com/share/16EyYedhEB/
Raththanapitiya Ananda New Model School
දැක්ම
සමාජ අභියෝග හමුවේ නොසැලෙන සිසු පරපුරක් ශ්‍රී ලාංකික ප්‍රජාවට දායක කිරිම.
මෙහෙවර
දැනුමින් ආකල්පයෙන් හා කුසලතාවයෙන් පිරිපුන්, නූතන අභියෝග හමුවේ නොසැලෙන සමගිදමෙන් ජීවිතාවබෝධ මෙන්ම ලොවට අසීමිත ජවයකින්යුතු, මානව සම්පත්ක් ලෙස දරුවා සංවර්ධනය කිරීම අපගේ මෙහෙවරයි.
උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට නිදුක් නිරෝගී සුවය සපිරි සුබ අලුත් අවුරුද්දක් ම වේවා....
විදුහල්පති තුමිය ඇතුළු අචාර්ය මණ්ඩලයේ අලුත් අවුරුදු සුබ පැතුමකි....
10/04/2025
10/02/2025
Beauty of our school.....
10/02/2025
🔬විද්‍යාගාර තරගය 2024🔬
පිළියන්දල අධ්‍යාපන කලාපයේ පාසල්වල ඇති අ. පො. ස (සා/පෙ) සහ අ. පො. ස. ( උ/පෙ) විද්‍යාගාර විධිමත්ව සංවර්ධන කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද හොඳ ම විද්‍යාගාරය තේරීමේ තරගයෙන් පිළියන්දල අධ්‍යාපන කලාපයේ කැස්බෑව අධ්‍යාපන කොට්ඨාසයේ දෙවන වර්ගයේ පාසල් අතරින් අප පාසලට දෙවන ස්ථානය හිමි කර ගැනීමට හැකි විය.
මෙම ජයග්‍රහණයට උර දුන් පාසලේ විද්‍යා විෂය භාර ආචාර්ය තුමිය වන නිරාශා අඩස්සූරිය මෙනවියට සහ ඒ සඳහා මගපෙන්වන ලද ගරු විදුහල්පති තුමියට අපගේ සුබ පැතුම්!
සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා!
ජේසු බිළිඳු ගේ උපත සමරන අද දින සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා ඔබ සැමට....
ජේසු පිහිටයි!!!!
08/12/2024
🏳️සංවේගයෙන් දැනුම් දෙමු.
අප පාසලේ දීර්ඝ කාලයක් රාත්‍රී මුරකරු ලෙස සේවය කළ ඉන්දික මහතා කලක පටන් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත විය.
දේහය වෑවල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර ආගමික වතාවත් හෙට දිනයේ ( දෙසැම්බර් 9වන සඳුදා)
ප. ව. 3.30ට සිදු කිරීමට ත් භූමිදාන කටයුතු බටකැත්තර සුසාන භූමියේදී සිදු කිරීමට ත් නියමිතය ...
ඉන්දික මහතාට නිවන් සුව අත්වේවා!
25/11/2024
🌟 අනඳ ප්‍රතිභා නිර්මාණ ප්‍රදර්ශනය - 2024🌟
නොයෙක් විෂය නිර්දේශයන් හරහා ලබා ගන්නා පොතේ පතේ දැනුම වඩා ප්‍රායෝගිකව යොදා ගනිමින් සිදුකළ නිර්මාණ එළිදැක්‌වීමේ
🌟 අනඳ ප්‍රතිභා නිර්මාණ දැක්ම
2024.11.20වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.
පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් විද්‍යා ගුරු උපදේශක සී. එම්. සී. මුතුමාල මහත්මිය සහ ඉතිහාසය හා භූගෝල විද්‍යා ගුරු උපදේශක රුවන් ජයසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රදර්ශනය විවෘත කිරීමට සහ තරග විනිශ්චයට සහභාගී වූහ.
ගණිතය, විද්‍යාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ යන විෂයයන්ට අදාළව ද්වීතියික අංශයේ සිසු සිසුවියන් විසින් තම නිර්මාණ මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
402 , Rattanapitiya, Boralasgamuwa
Colombo
10280
Opening Hours
| Monday | 07:00 - 14:00 |
| Tuesday | 07:00 - 14:00 |
| Wednesday | 07:00 - 14:00 |
| Thursday | 07:00 - 14:00 |
| Friday | 07:00 - 14:00 |