Productivity Promotion - Colombo

Productivity Promotion - Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Productivity Promotion - Colombo, Educational consultant, District Secratriat, Colombo.

20/08/2026

“ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩටහනේ ඉදිරි ගමන්මග” පිලිබඳ සාකච්ඡාව, ස්වාධීන රූපවාහිනී සේවා නාලිකාවේ “ හත්වෙනි පැය” වැඩසටහනේදි 2026/08/21 දින පෙ.ව.7.00 සිට පෙ.ව.7.30 දක්වා විකාශය වේ. මේ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ මහත්මිය සහභාගි වේ.

25/07/2026

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ සහ කොළඔ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, කොළඔ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතා සංවර්ධන නිලධාරි තනතුරු පුරප්පාඩුව පවතින බැවින්, දැනට සංවර්ධන නිලධාරි සේවයේ නියුතු ඔබට එම පුරප්පාඩු සඳහා අයදුම් කළ හැක.

ඒ සදහා, පහත google පෝරමය සම්පූර්ණ කර, CV පතක් [email protected] විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScx1tXbG5XRSoKkjNf2oraZVgI7slZxTDvUBp7b8NSOW81_NA/viewform?usp=publish-editor

12/07/2026
*ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සමගාමීව, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය* එ...
04/07/2026

*ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සමගාමීව, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය* එකට එක්ව සිදු කරනු ලබන
දැය නංවන සපිරි ගමක් ආදර්ශ ගම්මාන වැඩසටහනට සමගාමීව 514 වැලිකඩ නැගෙනහිර රාජගිරිය 5 වන පටුමග ප්‍රදේශවාසීන් සදහා *දේශීය රැකියා හා විදේශ රැකියා පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන 2026.06.30 වන දින* මොරගස්මුල්ල කියවීම් ශාලාවේ දී පවත්වන ලදී.

මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මානව සම්පත් සංවර්ධන නිලධාරි චමිලා ප්‍රියදර්ශනී මහත්මිය හා විදේශ රැකියා සංවර්ධන නිලධාරින් වන චන්දිමා කෝනාර මහත්මිය හා චමින්ද හේරත් මහතා විසින් ලබා දෙනා ලදි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී, ආපදා සහන සේවා නිලධාරී, උපදේශන සහකාර නිලධාරීන් ඇතුළු සියලු ක්ෂේත්‍ර නිලධාරීන් මෙම වැඩසටහන සදහා සහභාගීත්වය ලබා දෙන ලදි.

මෙහි සංවිධාන කටයුතු 514 වැලිකඩ නැගෙනහිර වසම් භාර සංවර්ධන නිලධාරි ධම්මිකා මහත්මිය හා ඵලදායිතා සංවර්ධන නිලධාරී හිරන්ති මහත්මිය විසින් සිදු කරන ලදී.

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ඵලදායීතා ගම්මාන වැඩසටහනේ පොසොන්  කලාපයේ 2026.07.02 සිව්වෙනි දිනයේදී සීතාවක මහවලදෙනිය ගම...
04/07/2026

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ඵලදායීතා ගම්මාන වැඩසටහනේ පොසොන් කලාපයේ 2026.07.02 සිව්වෙනි දිනයේදී සීතාවක මහවලදෙනිය ගම්මානයේ බොදු බැති ගී ප්‍රසංගය, බැති ගී තරගාවලියේ හා පොසොන් කූඩු නිර්මාණ තරගාවලියේ ජයග්‍රහයකින් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය සිදුකරන ලදී.
මෙම උත්සව සභාව සඳහා සීතාවක හා පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මැතිතුමාද, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.මදුෂා ආර් වීරක්කොඩි මහත්මිය ද, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශනී රණසිංහ මහත්මියද, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරී ජීවමාලී පෙරේරා මහත්මියද, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරී එච්.එම්.කේ.සංජලී මහත්මියද, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරී වජිර දුෂාන්ත මහතාද, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී වසන්ත කුමාර මහතාද, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී ටෙක්ලා ජීවන්ති මහත්මියද, කොස්ගම පොලිසිය නියෝජනය කරමින් පොලිස් නිලධාරීන්ද සහභාගි විය.මෙම වැඩසටහන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරිනිය විසින් සංවිධානය කරන ලදී.

දැය නංවන ආදර්ශ ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහනට සමගාමීව පොසොන් කලාපයේ 2026.6.30 හා 07.01 දෙදින බැති ගී සරණිය පොසොන් තොරන්...
04/07/2026

දැය නංවන ආදර්ශ ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහනට සමගාමීව පොසොන් කලාපයේ
2026.6.30 හා 07.01 දෙදින බැති ගී සරණිය පොසොන් තොරන් හා කූඩු විවෘත කිරීම හා සංස්කෘතිකාංග ඉදිරිපත් කිරිම සිදු කෙරිණ.
මෙම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
සහකාර ප්‍රාදේශීය ලේකම්
ජී .කේ.අයේෂා සෙව්වන්දි මෙනවිය,
පුවක්පිටිය දකුණ විද්‍යාලයේ
විදුහල්පති එච්. ඒ. එස්. එන්. ජී. කුමාරි මහත්මිය,
ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ
ස්ථානභාර නිලධාරි
එච්. එම්.තිලංග සුගත් බණ්ඩාර මහතා ද
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
කේ.පී.එස්.පෙරේරා මහතා ද
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
ක්‍රීඩා නිලධාරී
අනුර විජේසූරිය මහතා ද
හිඟුරල වසමේ ග්‍රාම නිලධාරී
ඩී.ඩී.එම්.මුදුන් කොටුව මහත්මිය ද සහභාගී වූ අතර ප්‍රදේශයේ දහම් පාසල් හා පාසල්වල දරු දැරියන් විසින් බැතිගී ඉදිරිපත් කරන ලදී.බැති ගී තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ අතර බැති ගී තරගාවලියේ විනිශ්චය සඳහා
මූලස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, යුද්ධ හමුදා කදවුර,සීතාවක,කොස්ගම යුධ හමුදා කඳවුරේ
ලුතිනන් කර්නල් මහින්ද කුඩාමිතව
සැරයන් ද සිල්වා, එල්.එල් සැරයන් සෙනවිරත්න, ඩී .එච් .එස් නිලධාරීන්,
අණදෙන නිලධාරි කර්නල් ඊ.ඩී.ටි.පී.ඊ.බණ්ඩාර විසින් සම්බන්ධ කරන ලදී.

2026.6.29 කාව්‍යමය ධර්ම දේශනය හා පොසොන් කූඩු හා තොරණ විවෘත කිරීම. කාව්‍යමය ධර්ම දේශනය සඳහා පුවක් පිටිය ශ්‍රී සුගතාරාම වි...
04/07/2026

2026.6.29 කාව්‍යමය ධර්ම දේශනය හා පොසොන් කූඩු හා තොරණ විවෘත කිරීම.

කාව්‍යමය ධර්ම දේශනය සඳහා පුවක් පිටිය ශ්‍රී සුගතාරාම විහාරාධිකාරී ශාස්ත්‍රවේදී කාව්‍ය විශාරද පූජ්‍ය පාද කන්දෙ කුඹුරේ සිරිසුමන ස්වාමීන් වහන්සේ වැඩම කරවන ලදී.මෙම අවස්ථාව සඳහා ආරණ්‍ය වනගිරි සේනාසන ස්වාමීන් වහන්සේලා හිඟුරල මහා විහාරයේ ස්වාමීන් වහන්සේලාද වැඩම කළහ.මෙම අවස්ථාව සඳහා ගම්මානයේ ආරාධිත අමුත්තන් විසින් පළමු දින කූඩු හා තොරන් විවෘත කිරීම සිදුකල අතර මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර සාරංග මහතාද සහභාගි විය.මෙම වැඩසටහන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායීතා නිලධාරී විසින් සම්බන්ධීකරණය කරන ලදී.

Address

District Secratriat
Colombo
10290

Website

Alerts

Be the first to know and let us send you an email when Productivity Promotion - Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share