පුද්ගලයකු සතු ජීවිත දැනුම නැතහොත් යමක් පිළිබඳ ඇති අවබෝධය බොහෝ විට
ඇසු දෙයක් හෝ දුටු දෙයක් නැතහොත් ඉන්ද්‍රිය අත්දැකීම්වලට ගෝචරවූ පෞද්ගලික හැගීම් මත ගොඩ නැගුණ දැනුමක් වේ.
ඒ අනුව එය ඇස කණ නාසයට, දිව ශරීර ස්පර්ශට ගෝචර වු අත් දැකීම් වලට අනුව තම කැමැත්ත(ආසා, කාමරාග), අකමැත්ත (ද්වේශය, පලිගැනීම), සහ නොදන්නාකමින් විසඳුම් නොදැක ව්‍යාකූලතත්වයට පත්ව (මෝහයෙන්) කරන යම් අනුමානික දැනුමක් වනු ලබයි.
මෙසේ යමෙක් සත්‍යයැයි දකින යමක්වේද සාමාන්‍ය ජනජීවිතයේ ලත් අත් දැකීම් හා පරිනත බව අඩුනම්, කේන්ද්‍රීය දැනුමට සීමාවේ නම්, අසීමිත අනවශ්‍ය අවශ්‍යතා වැඩිනම්, යමක් පිළිබඳ අවබෝධ කිරීමට ඇති හැකියාව දුර්වල නම්, අධික ආසාව, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීමේ සිතින් වැඩකෙරේ නම්, මෙවැනි සංකීර්ණතාවන්ගෙන් යුතුව පුද්ගල මනසින් වෙහෙසට පත්ව කරුණු හරිහැට නොසොයා පහසුම යම් තීන්දු තීරණ ගැනීමක් තුලින් කථාබහ කිරීමක් හෝ අදහස් ප්‍රකාශ කීරීමක් වේද, එය යහපත් නිගමනයක් හෝ සත්‍ය විසදුමක් බවනම් පිළිගැනීමට අපහසුය.
“සැබවින්ම යමෙක් සත්‍ය වටහා ගන්නේ බොහොම කලාතුරකිනි මක්නිසාද යත් සත්‍ය ධර්මයන් පුද්ගල සීමාවන්ගෙන් බැරව ඇතිහෙයිනි”
විනිවිධ භාවයෙන් තොරව ඇසූ පමණින් දුටු පමණින් තම මතයට සමානයැයි අවබෝවූ යම් කරුණක් හෝ දහමක්, සත්‍ය හෝ යහපත් යැයි සම්මත කරන යමක් වේද එය තාවකාලිකව පුද්ගලයා විසින් නිර්මානය කරන සත්‍යයකි. එසේම එක්තරා මානසික මට්ටමක් දක්වා පමණක් සත්‍ය වශයෙන් සම්මතව පවතින්නකි..
අප සමාජයද අතීතයට සාපේක්ෂව අද වන විට පුද්ගලයන්ට දැනුම් සොයා ගැනීමට අවශ්‍ය පහසුකම් දියුණුව පවති. සෑම ක්ෂේත්‍රයකටම අදාළ දැනුම් සොයා ගැනීමේ දී ඇති තොරතුරු විවිධත්වය නිසාම සංකීර්ණ මානසික පසුබිමක් යටතේ කෙනෙකුට සත්‍ය අවබෝධයට අවශ්‍ය කරුණු තෝරාබේරා ගැනීම අපහසු වීමට ඇති අවකාශයද එමටය. පරස්පර විරෝධී ස්වභාවයක් ගන්නා විවිධ පොත් පත් දේශකවරුන් අන්තර්ජාල තොරතුරු සහ කටකතා මෙයට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරයි.
යමෙක් යම්දෙයක් දකින්නේ, තමහිතට ගැනීමට කටයුතු කරන්නේ, ඒ කෙරෙහි ඇති උවමනාව, අසාව, තම මානසිකත්වයට ඇති සමීප ගැලපීම, යම්මෙහෙය වීමක, යමෙක්ගේ යම්කිසි බලපෑම්මකට නතුවීම, අධ්‍යපනික දැනීමෙන් හා ඇත්දැකීමේ තත්වයන් වුවත් එහි යම් සීමාවවන් පවතී එවැනි කරුණු නිසා ව්‍යාකූලතා ඇතිවීම ස්වභාවයිය. එම කාරණු අනුව සත්‍යයෙහි යම් අඩුබවක් දැකිය හැකිය. කොපමණ ලෝකය දයුණුවුවත් ගැටළු නැති තැනැක් නම් දැකිය නොහැක.
බොහෝ දෙනෙක් විනෝදාංශ, ආගම, දේශපාලන පක්ෂ, මිත්‍රත්වය, අධ්‍යාපනය ජිවිතය, මාර්ගෝපදේශකයන්, තිරණය කරනුයේ මෙම සමීප අදහස් ගැලපීම හේතු කරගෙනය.
එනම් සත්‍ය යැයි සම්මත කිරීමට පුද්ගලයන් නැඹුරු වී ඇත්තේ වඩාත් තමන්ට සමීපවු අදහස් ය. එසේ සාමාජයේ සත්‍ය යැයි නිර්මාණය වන තම ඉන්ද්‍රීය කේන්ද්‍ර වූ අදහස් ඉදිරිපත් කොට සම්මත කිරීමට නිවැරදියැයි ඒත්තු ගැන්වීමට ගැටෙන සමාජ පසුබිමක් නිර්මාණය වී ඇත.
නමුත් සත්‍ය යනු මේවැනි පුද්ගලික අත්දැකීම් වලට වඩා වෙනස් වූවකි.
මෙවන් පසුබිමක් යටතේ යමෙක් ධර්මය හෝ වෙනත් දෙයක් නිවැරදිව අවබෝධ කරගත යුත්තේ කෙසේද? .....
බුද්ධත්වය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ, දින 49ක්ම එය තහවුරු කර ගැනීමට කටයුතු කළ බව සත්සතිය ගත කිරීමෙන් පැහැදිලිය.......
එසේ සියල්ල පැහැදිලිව ගැඹුරින් අධ්‍යනය කර සැකහැර දැන ගැනීමට කටයුතු කරන ලදී...
තමන්තුල අඩුපාඩු, වැරදි අදහස් ඇතිව සමාජයේ හොඳක්, නිවැරදි දෙයක් කිරීමට අපේක්ෂා කිරීම නිරර්ථක උත්සාහයකි. අද බහුල වශයෙන් අප දකින්නේ එසේ තමන් කරන වැරදි, සකස් නොකර ගෙනම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ ගැටලු නිර්මාණය කරමින් පුද්ගලයන් පිරිහීම කරා ගමන් කරනු ලබන පසුබිම්ය. තමාතුලින් අනුන්ගේ වැරදි දැකීමත් ඒ වැරදි නිවැරදි කරගැනීමට උත්සාහ කිරීමත් ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයයි.
ඒ අනුව පුද්ගලයන්ගේ අභ්‍යන්තර සැබෑස්වරූපය ග්‍රහණයට නතුකරගැනීම ඉමතාම වැදගත් කරුණකි. මේ අනුව තමන් පිළිබඳව කරන ගවේශණයකින් සැබෑවටම තමන් හදුනා ගැනීම මින් ප්‍රධානම කරුණක් බව හැඟෙයි...
තමන්ගේ නිරෝගී බව, තණ්හාව රාග ද්වේශය දුරු කළ බව, ඊර්ෂ්‍යාව නැති බව.. තමන්ගේ ක්‍රියා අගය කරමින් අනුන්ගේ එවැනි ක්‍රියා විවේචනය කරන ආත්මාර්ථකාමී අවස්ථා වාදී ස්වභාවයන් දුරුකර, ස්වයං විවේචනයෙන් තමන් නිවැරදි පුද්ගලයකු බව තහවුරු කර ගැනීම ඉතා වැදගත් වේ. විනිවිදව තමන් හා වෙනත් පුද්ගලයන්ගේ මානසික ස්වභාවයන්ට ද ගරුකරමින් විවිධ පැතිකඩ ඔස්සේ කරුණු ගවේශණය කිරීම පරිපූර්ණ පුද්ගලයකු වීමට බළපාණු ලබයි.
බෝසතාණන් වහන්සේ පස්වග මහණුන් සමඟ ධ්‍යාන භාවනා වඩන අවධියේ දුශ්කරක්‍රියාව නිවනට මඟයැයි සිතු පස්වග තවුසන්, දුශ්කරක්‍රියා අත්හල බෝසතාණන් වහන්සේ, පරම සත්‍ය හෝ සැපතක් අවබෝධ නොකරන බවත් ගරුකළයුතු තරම් වටින ශ්‍රමණයකු නොවන බවත් ඔවුන් තීරණය කළේය. එසේ තමන් අගේ කොට සළකන ප්‍රතිපත්තිවලින් බැහැරවීම හේතුකොටගෙන යහපත් ශ්‍රමණයකු නොවේ යැයි සිතමින් බුද්ධත්වයට පත්වූ පසුව, බුදුරජාණන් වහන්සේට ගරුනොකිරීමටත් සත්‍ය අවබෝධකළ බව කී ප්‍රකාශය විස්වාස නොකල බවත් සිතිය හැකිය. මෙසේ යම් මතයක් දැඩිව විශ්වාස කිරීමනිසා එම මත දුරැකර ධර්මය අවබෝධ කරවිමට යම් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය දහම් පැහැදිලි කිරීමේදී ඔවුන් විසින් විමසා සිටියේ දුෂ්කර ක්‍රියා අත් හැර කුමණ සත්‍යයක් අවබෝධ කළ හැකි වන්නේ ද යන්නය.
බොහෝ කාලයක් තිස්සේ දුෂ්කර ක්‍රියා පිලිවෙලක් අනුව යමින් එයම සත්‍ය වශයෙන් පිලිගත් පස්වග මහණ භික්ෂූන්ගේ දර්ශනය වැරදි බව තෙරුම් කර දීමට බොහෝ වෙහෙස කර ක්‍රියාවක් විය.
අනවශ්‍ය පරිදි සීමාවන් ඉක්මවා සැපවිදීම හා අනවශ්‍ය පරිදි සීමාවන් ඉක්මවා දුක් විදිමින් සත්‍ය අවබෝධ කළ නොහැකි බව එම භික්ෂූන් වහන්සේලාට අවබෝධ කර දීම මේ අසීරු කටයුත්ත විය. එය වටහා ගත් පසු මෙහි දී අනුගමනය කළ යුතු සීමාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් පැහැදිලි කර දුන්සේක.
මෙලෙස අප සමාජ ගැටලු ඇති වීම සඳහා පුද්ගලයන් තම තමන්ගේ ගැටලු විසදා ගැනීමට අවශ්‍ය සීමාවන් නොදැන සිටීම ද සමාජ පිරිහීම හා බැදී පවතී.
ඒ අනුව ඇතිවන ගැටලු විසඳා ගැනීමට නම් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ගුරුවරුන්, පළපුරුදු විශේෂඥ සහ ප්‍රායෝගික දැනුම ඇති පුද්ගලයන් සමග කරන සාකච්ඡා සහ උපදේශ, ක්‍රම විධි පිළිබඳ අවබෝධ කරගෙන කටයුතු කළ යුතුව ඇත. එවැනි කළ්‍යාණ මිත්‍රයන් හදුනා ගැනීම අප ජීවිතයට පිළිසරණක් වනබැවින් ඔවුන්ගේ ආශ්‍රය අගේකළ යුතුය.
ලෝකයේ කළ්‍යණ මිත්‍රයන් දුර්ලභ වන අතර ධර්ම මාර්යේ ගමන් කරන, ධර්මය සොයන, ධර්ම සාකච්ඡාව ප්‍රියකරන යමෙක් වේද ඔහුට අපහසුවකින් තොරවම මුණගැසීම ස්වභාවයයි. ඔබගේ ඇසුරට කළ්‍යාණ මිතුරකු නැතැයි සිතේනම් ඒ වානාහි අධාර්මිකව ජීවත්වන බවටත්, ධර්මය තවම නිසි අයුරින් හඳුනා ගැනීමට නොහැකි වූ බවටත් කදිම නිදසුනකි. අදම ධර්මය සොයන්න, සාකච්ඡා කරන්න, එහිම හැසිරෙන්න..........
Sri bodhi viharaya
sri bodhipirivena nugegoda
Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo, Western
Colombo
01