අපි මුලින්ම බලමු මොකක්ද භාෂාවක් කියන්නෙ? සරලවම භාෂාවක් කියන්නෙ තමන්ගෙ අදහස් තවකෙකුට දැන්වීමට යොදාගන්නා වචන, ඉඟි, අභිනයන්, සංකේත ආදී සියල්ලේම එකතුවක්. විවිධ ජන සමාජ තුළ විවිධ භාෂා භාවිතා වෙනවා.
ඉංග්‍රීසි කියන්නෙත් මේ විදියට එක් භාෂාවක් විතරයි.
ගෝලීයකරණය උන ලෝකෙ ඇතුළේ ඉංග්‍රීසි භාෂාව දැනගෙන හිටියොත් ගොඩක් වැඩ කරගන්න ලේසි වෙනවා. ඉංග්‍රීසි නොදැන උනත් ලෝකෙ දිනන අය ඉන්නවා.
ඉතින් මේකෙ තේරුම අපි ඉංග්‍රීසියට භය වෙන්න ඕන නෑ. අපි සිංහල මව් භාෂාව වුනු අය හැටියට දෙවන භාෂාවක් විදියට ඉංග්‍රීසි දැනගෙන සිටීම ගැන ආඩම්බර වෙන්නයි ඕන. බොහොමයක් ඉංග්‍රීසි ජාතිකයෝ උනත් ව්‍යාකරණ හරියටම දන්නෙ නෑ අපි උනත් සිංහල ව්‍යාකරණ හරියටම නොදන්නවා වගේ.
ඒ නිසා ඉංග්‍රීසි වලට පොඩි හරි බයක් හිතේ තියෙනවානම් අදම ඒක අමතක කරන්න. ආඩම්බර වෙන්න ඔයාට ඔයාගේ මව් භාෂාව හැරුණුවිට තවත් භාෂාවක් හසුරුවන්නට පුළුවන් වීම ගැන.
හරි, දැන් කොහෙන්ද කොහොමද මේක පටන් ගන්නේ? බහ තෝරන වයසේ පොඩි දරුවෙක් ගැන හිතන්න. එයා මුලින්ම තමන්ගෙ අවශ්‍යතා තමන් රැකබලා ගන්න කෙනාට දැනුම් දෙන්නත් රැකබලා ගන්න කෙනාව තේරුම් ගන්නත් ඉගෙනගන්නවා. මේ දරුවා ටිකක් ලොකු වෙනකොට මේ දේවල් වචනවලින් කියන්නට ඉගෙනගන්නවා. ඊට පසු මේ වචන එකතුකර වාක්‍ය කියනවා. දැන් අපි එයාට මේ අකුරු හඳුන්වලා දෙනවා. එයා ඒවා කියවන්නත් ලියන්නත් ඉගෙනගන්නවා.
මම හිතනවා ඔයාලා දැනටමත් මේ පාරේ සෑහෙන දුරක් වැරදි වැරදි හරි ඇවිල්ලා තියෙනවා. ඔයා ඉංග්‍රීසි අකුරු, වචන, වාක්‍ය රටා, ව්‍යාකරණ නීති අරවා මේවා හැම එකම ටික ටික හරි දැනගෙන ඇති. දැන් ඒවා එකට එකතු කරලා මදි පාඩු හදාගෙන ඉස්සරහට යමු. නැත්නම් ඒවා අමතක කරලා මුල ඉඳන් පටන් ගමු. 🙂
English with Anu
English with Anu helps Sinhala speaking people around the world to learn English as a second language. Follow me on YouTube.
ඔයා ලෑස්තියි ඉංග්‍රීසි ඉගෙනගන්න. ඒ නිසයි ඔයා තවමත් මේ ලිපිය කියවමින් ඉන්නේ.
ඉතින් ඇයි ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන කරන්නෙ? මොනවද ඔයා ඉංග්‍රීසි ඉගෙනගෙන කරන්න හදන්නෙ?
අපිට මොනවා හෝ දෙයක් කරන්න ලොකු හේතුවක් තියෙන්න ඕන. අරමුණක් තියෙන්න ඕන. පැහැදිලි අරමුණක් තියෙනවානම් අපිට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අපේ අරමුණ කරායන්න පාර හදාගන්න එක පහසු වෙනවා.
ඉංග්‍රීසි භාෂාව විතරක් නොවෙයි ඕනම දෙයක් ඉගෙනගන්න අපිට ලොකු අරමුණක් ඕන. තනියම ඉගෙනගන්න හිතන කෙනෙකුට මේක ගොඩක්ම වැදගත්.
ඉතින් ඔයත් හිතලා බලන්න ඇයි ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕන. මේ හේතුව එක් එක්කෙනාගෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක පැහැදිලි හේතුවක් වෙන්න ඕන. තමන්ට තදින්ම දැනෙන හේතුවක් වෙන්නත් ඕන.
උදාහරණයක් විදියට උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වෙනවානම් ඔයා කොහොමහරි ඉගෙනගන්නවා.
ඉංග්‍රීසි නැතුව උනත් කරගන්න පුළුවන් රැකියාවක් හෝ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා නම් ඉංග්‍රීසි ඉගෙනගන්න දෙන්නේ අඩු උනන්දුවක්.
මුලින්ම පැහැදිලිව තීරණය කරන්න “මම මගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්නවා” කියලා. මෙන්න මේ විදියට හිතපු අයට මම කියන ක්‍රම උදව්වක් වේවි තමන්ගෙ ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න.
01/06/2022
English with Anu _ Lesson 02 - Numbers ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙනීමට ආධාරයක් ලෙස මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත. ඔබේ අදහස් සහ යෝජනා අපි ඉතා අගය කරන්න.....
01/06/2022
ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙනීමට ආධාරයක් ලෙස මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත. ඔබේ අදහස් සහ යෝජනා අපි ඉතා අගය කරන්නෙමු. බොහොම ස්තුතියි.
English with Anu Introduction & Lesson 01 - Letters ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙනීමට ආධාරයක් ලෙස මෙම වීඩියෝ මාලාව සකස් කර ඇත. ඔබේ අදහස් සහ යෝජනා අපි ඉතා අගය කරන්න.....
ඔයාට අමාරුම විෂය ඉංග්‍රීසි ද?
ඉංග්‍රීසි වෙලාව ලං වෙනකොට හිතට හරිම බයයි ද? බඩත් රිදෙනවා වගේ ද?
ඉංග්‍රීසි ඉගෙන ගැනීම එපා වෙලාද?
තවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නැත් ද?
ඒත් ඔයාගෙ සිහිනවලට මොකද වෙන්නේ?
ඔයා ආසයි නේද ලස්සනට පැහැදිලිව ඉංග්‍රීසි කතා කරන්න?
ඉංග්‍රීසි ලිපියක් කියවන්න ලියන්න අවශ්‍ය වෙන වෙලාවකට කලබල නොවී කියවලා තේරුම් ගන්න, පිළිතුරු ලිපියක් ලියන්න ඔයාටත් ආසයි නේද?
ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලැබුනොත් ඉංග්‍රීසියට බය නිසා අවස්ථාව මග හැර ගන්නවාද? නැත්නම් අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් ඉගෙනගන්න ආසයි නේද?
තවත් කියන්න ඕන නෑ. ඔයා ආසයි ඉංග්‍රීසි ඉගෙනගන්න. අළුත් වෙන ලෝකයෙ අවස්ථා ලබාගන්න ඉංග්‍රීසි බාධාවක් නොවෙන්න නම් හරියටම ඉගෙනගන්න.
ඉංග්‍රීසි ලියන්න, කියවන්න, අහන්න, කතා කරන්න. මේ හැමදේම ඉගෙනගන්න පටන්ගමු අදම, මේ දැන්ම ………………………….
මම ලෑස්තියි උගන්වන්න. ඔබ ලෑස්ති ද ඉගෙනගන්න ??????
මම කවුද?
මව් භාෂාව ඉංග්‍රීසි නොවුනට ඉංග්‍රීසි ඉගෙනගෙන අවශ්‍ය තැනකදී අවශ්‍ය විදියට ඉංග්‍රීසි හසුරුවන කෙනෙක්. සරලවම කිව්වොත් මගේ ජීවිතයේ දියුණුවට ඉදිරි ගමනට ඉංග්‍රීසි භාෂාව බාධාවක් කර නොගත් කෙනෙක්.
ඔබ සිටි තැන මමත් හිටියා. ඉංග්‍රීසි භාෂාවට බියෙන් සිටි කතා කරත්දී වැරදුනොත් ලැජ්ජාවට පත්වෙයි කියලා හිතපු කාලයක් මටත් තිබුනා.
කොහොමද මම භාෂා හැකියාව දියුණු කරගත්තේ? තව දුරටත් භාෂා හැකියාව දියුණු කරගන්නේ? මම කියා දෙන්නම් මම දන්න දේවල්. මම කරන දේවල්. මම ඉගෙනගන්න විදිය.
ඔබටත් මගේ ක්‍රම හරියනවා නම් ඒවා අනුගමනය කරන්න. මම කියා දෙන දේවල් ඔබටත් ගැළපෙනවා නම් අරගන්න. ජයගන්න.
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Colombo
11670