16/01/2026
Link eka --- 👉https://docs.google.com/forms/d/e/1FAIpQLSfdtUG0Z7pJtMmnMCML4cIpPu4Vo8F53sNicsBuZNwo7GFoIQ/viewform?usp=sharing&ouid=115240808268110553949
කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි ආදරණිය මිතුරියන්ගෙන් පුංචි උපකාරයක් අවශ්‍යයි !!!
මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිසර කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධිය හදාරමින් ඉන්නවා. ඒකට අදාළ research එක හැටියට මම තෝරාගත්තේ ගෘහණියන්ගේ පරිසර හිතකාමී facebook භාවිතය ගැන..
ඒ කියන්නේ මේකෙන් බලනවා "ladies only", “simple joyfull living” වගේ group වල තියෙන පරිසර හිතකාමී අදහස් තියෙන ලිපි උදාහරණයක් විදිහට ගෙවතු වගාව, කාබනික පොහොර නිෂ්පාදනය වගේ ලිපිවලින් ලබා ගන්න අදහස් ඔයාලගේ එදිනෙදා ජිවිතයට කොයිතරම් වැදගත් වෙනවද, ඔයාල එකිනෙකාගේ පරිසර හිතකාමී හැසිරීම රටේම පරිසර තත්වය වැඩි දියුණු කරන්න කොච්චර බලපෑමක් කරනවද කියලා....
ඉතින් මට කරන උදව්වක් විදිහට මිනිත්තු 5ක් විතර වැය කරලා පහත ගූගල් ෆෝම් එක පුරවලා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. (වැඩි වෙලාවක් යන්නේ නෑ ටක් ටික් ටුක් විතරයි තියෙන්නේ...ඔයාලට type කරන්න දෙයක් නෑ)
ප.ලි: දැනටමත් පුරවලා දීපු නංගිලා අක්කලා, බොක්කලාට ස්තුතියි....🙏
13/01/2026
පුංචි දෑතින් ලොව රකිමු !!! පරිසරයට ආදරය කරන දරුවන් නිවසේදීම හදමු ....
අනාගතයේදී මේ ලෝකය භාර ගැනීමට සිටින්නේ අපේ දරුවන්. ඒ නිසා ඔවුන්ට පරිසරයට ආදරය කිරීමට ඉගැන්වීම ඉතා වැදගත්. එය ලොකු පාඩම් මාලාවකට වඩා සරල දෛනික පුරුදු හරහා අපට කළ හැකියි.
1. අපද්‍රව්‍ය නිවැරදිව බැහැර කිරීම (Recycling)
කසළ වර්ග කිරීම ක්‍රීඩාවක් මෙන් දරුවන්ට කියා දෙන්න.
👉 කළ හැකි දේ: ප්ලාස්ටික්, කඩදාසි සහ දිරායන ද්‍රව්‍ය වෙන වෙනම දැමීමට නිවසේ බඳුන් කිහිපයක් තබන්න.
🌱 වටිනාකම: "මේ ප්ලාස්ටික් බෝතලය පරිසරයට දැම්මොත් හානියක්, හැබැයි අපි මේක ප්‍රතිචක්‍රීකරණය කළොත් අලුත් දෙයක් හදන්න පුළුවන්" කියා ඔවුන්ට පැහැදිලි කරන්න.
2. ගෙවත්තට දරුවන් සම්බන්ධ කර ගැනීම
පරිසරයට ආදරය කරන්න නම් පරිසරය සමඟ කාලය ගත කළ යුතුයි.
👉කළ හැකි දේ: පෝච්චියක පැළයක් සිටුවීමට හෝ ගෙවත්තේ වැඩවලට දරුවා සම්බන්ධ කරගන්න.
🌱වටිනාකම: තමන් සිටුවූ පැළයක් වැඩෙන ආකාරය දකින දරුවා තුළ ගහකොළ ගැන අමුතුම ආදරයක් ඇති වේ.
3. විදුලිය සහ ජලය ඉතිරි කිරීම
මෙය දරුවන්ට වගකීමක් ලෙස ලබා දෙන්න.
👉කළ හැකි දේ: කාමරයෙන් පිටවන විට ලයිට් නිවා දැමීමටත්, දත් මදින විට නළය වසා තැබීමටත් දරුවා පුහුණු කරන්න.
🥰 විනෝදජනක ක්‍රමය: නිවසේ "විදුලි නිරීක්ෂක" ලෙස දරුවා නම් කරන්න. එවිට ඔවුන් එය උනන්දුවෙන් සිදු කරනු ඇත.
4. අලුත් දේ වෙනුවට "නැවත භාවිතය"
සෑම විටම අලුත් සෙල්ලම් බඩු හෝ ඇඳුම් ඉල්ලනවා වෙනුවට, තිබෙන දේ රැකබලා ගැනීමටත්, ඒවා නැවත භාවිත කිරීමටත් කියා දෙන්න.
👉කළ හැකි දේ: තමන් පාවිච්චි කර ඉවත් කරන හොඳ තත්ත්වයේ සෙල්ලම් බඩු වෙනත් දරුවෙකුට තෑගි කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න
5. ඔබ ආදර්ශයක් වන්න 🙏
දරුවන් ඉගෙන ගන්නේ අප පවසන දේට වඩා අප කරන දෙයිනි. ඔබ පාරට කුණු නොදමනවා නම්, රෙදි බෑග් පාවිච්චි කරනවා නම්, දරුවා නිරායාසයෙන්ම ඒ දේ හුරු කර ගනී.
අවසාන වශයෙන්: අපේ දරුවන් හෙට දවසේ මේ ලෝකයේ ආරක්ෂකයින්ය. ඔවුන් තුළ පරිසරය ගැන ඇති කරන මේ පුංචි ආකල්පය අනාගතයේදී මුළු ලෝකයම රැක ගැනීමට උපකාරී වනු ඇත.
13/01/2026
ඇත්තටම බ්‍රොයිලර් කුකුළන්ට හෝර්මෝන ගහනවාද?
කෙටිම පිළිතුර වන්නේ: නැත. බ්‍රොයිලර් කුකුළන් සඳහා හෝර්මෝන භාවිත කිරීම ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල නීතියෙන් තහනම් කර ඇත. වෙළඳපොළේ ඇති කිසිදු කුකුළු මස් වර්ගයකට හෝර්මෝන එකතු කරන්නේ නැත.
හෝර්මෝන භාවිතා නොකරන්න හේතු 3ක්
👉 එය නීති විරෝධීයි: ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රජයේ නීති මගින් සත්ව පාලනයේදී හෝර්මෝන භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
👉 වැඩකට නැති දෙයක්: විද්‍යාත්මකව බැලූ විට, කුකුළන්ට හෝර්මෝන ලබා දුන්නත් ඉන් ඔවුන්ගේ වර්ධනයේ විශාල වෙනසක් සිදුවන්නේ නැත.
👉 අධික පිරිවැය: හෝර්මෝන ඉතා මිල අධිකය. කුකුළන් දහස් ගණනකට දිනපතා හෝර්මෝන එන්නත් කිරීම ගොවියෙකුට කිසිසේත්ම ලාභදායී කටයුත්තක් නොවේ.
එහෙනම් කුකුළන් මෙච්චර ඉක්මනින් මහත් වෙන්නේ කොහොමද?
හෝර්මෝන නැත්නම් කුකුළන් දින 35-40ක් වැනි කෙටි කාලයකින් විශාල වන්නේ ප්‍රධාන කරුණු 3ක් නිසාය:
👉 ජානමය දියුණුව (Selective Breeding): හොඳින් වැඩෙන කුකුළු වර්ග තෝරාගෙන වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ නිසා වේගයෙන් වැඩෙන කුකුළු විශේෂ නිපදවා ඇත. මෙය "ජාන වෙනස් කිරීමක්" නොව, හොඳම වර්ග තෝරා ගැනීමකි.
👉 උසස් තත්ත්වයේ ආහාර: කුකුළාගේ වයසට අනුව අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිවැරදි ප්‍රමාණයට අඩංගු සමබර ආහාර ලබාදීම
👉 නවීන තාක්ෂණය: කුකුළන් සිටින ගොවිපොළවල උෂ්ණත්වය සහ ආලෝකය නිවැරදිව පාලනය කිරීම මගින් ඔවුන්ට නිරෝගීව සහ ඉක්මනින් වැඩීමට අවශ්‍ය පරිසරය සකස් කර දීම.
👉👉👉👉👉අවසාන නිගමනය
බ්‍රොයිලර් කුකුළු මස් යනු හෝර්මෝන එන්නත් කළ ආහාරයක් නොවේ. එය නවීන විද්‍යාව සහ නිවැරදි සත්ව පාලන ක්‍රමවේද හරහා නිපදවන මස් වර්ගයකි. එබැවින් අනියත බියක් ඇති කරගත යුතු නැත.
28/09/2025
Bookfair එකේ ගොඩගේ කුටියෙන් 20% ක වට්ටමක් එක්ක දැන් මිලදී ගන්න පුලුවන්....දෙවන මුද්‍රණය නිකුත් උනා...🙏
10/08/2025
Agri කෘෂිකර්මය - short Note පොත් 📚
දරුවන් සදහා 👉
ලේසියෙන් පාඩම් කරන්න වගේම,
නිවැරදිව ප්‍රශ්ණ වලට උත්තර ලියන්න පුලුවන් විදිහට කරුණු තියෙන ඔබ මිලදී ගත යුතුම පොතක් 🙏
කෘෂිකර්මය විෂය උගන්වන ගුරුවරුන් සදහා 👉
ගුරු අත්පොත්වලට අනුකූලව සකස් කර ඇති නිසා, දරුවන්ට සටහන් ලබා දීම සදහා භාවිතා කළ හැක.
ඒ වගේම සම්පත් පොතක් ලෙස බය නැතුව දරුවන්ට නිර්දේශ කළ හැකිය.
(මෙම පොත් මිලදී ගන්නා ගුරුවරුන් හට, කෘෂිකර්මය වාර සටහන් නොමිලේ 😇 pdf ලෙස)
📚12 වසර පොතක මිල- රු 2250.00 යි (ගොඩගේ ප්‍රකාශනයක්)
📚13 වසර සටහන් නිබන්ධන 3ක් ලෙස ඇත (එක් නිබන්ධනයක මිල 850.00)
📚 10- වසර පොතක මිල- රු 720.00 (කතෘ ප්‍රකාශනයක්)
📚 11 - වසර පොතක මිල- රු 720.00 (කතෘ ප්‍රකාශනයක්)
📨 තැපැල් ගාස්තුව- 250 යි
පොත් මිලදී ගැනීම සදහා 071 145 4754 අන්කයට ඇමතුමක් හෝ WhatsApp පනිවිඩයක් යොමු කරන්න
M.W.D. ගුණසේකර
BSc. (UOP), MDS (UoC)
ජාතික පාසල් ගුරු, උසස් පෙළ උත්තරපත් පරීක්ෂක
27/04/2025
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය -2025
වැඩිවිස්තර කෘෂිකර්ම දෙපාර්තමෙන්තු වේබ් අඩවියෙන්
01 - https://soadip.doa.gov.lk/?page_id=247
02 - Application https://soadip.doa.gov.lk/applications/nvq6/application.php
03 -Gazzette - (Sinhala ) https://soadip.doa.gov.lk/?page_id=567
Gazzette - (Tamil) https://soadip.doa.gov.lk/?page_id=573
10/02/2025
12 වසර - පලිබෝධ පාඩමට අදාළ වැදගත් සටහන් - 1 කොටස
Agri කෘෂිකර්මය - short Note පොත් 📚
දරුවන් සදහා 👉
ලේසියෙන් පාඩම් කරන්න වගේම,
නිවැරදිව ප්‍රශ්ණ වලට උත්තර ලියන්න පුලුවන් විදිහට කරුණු තියෙන ඔබ මිලදී ගත යුතුම පොතක් 🙏
කෘෂිකර්මය විෂය උගන්වන ගුරුවරුන් සදහා 👉
ගුරු අත්පොත්වලට අනුකූලව සකස් කර ඇති නිසා, දරුවන්ට සටහන් ලබා දීම සදහා භාවිතා කළ හැක.
ඒ වගේම සම්පත් පොතක් ලෙස බය නැතුව දරුවන්ට නිර්දේශ කළ හැකිය.
(මෙම පොත් මිලදී ගන්නා ගුරුවරුන් හට, කෘෂිකර්මය වාර සටහන් නොමිලේ 😇 pdf ලෙස)
📚12 වසර පොතක මිල- රු 2250.00 යි (ගොඩගේ ප්‍රකාශනයක්)
📚13 වසර සටහන් නිබන්ධන 3ක් ලෙස ඇත (එක් නිබන්ධනයක මිල 850.00)
📚 10- වසර පොතක මිල- රු 720.00 (කතෘ ප්‍රකාශනයක්)
📚 11 - වසර පොතක මිල- රු 720.00 (කතෘ ප්‍රකාශනයක්)
📨 තැපැල් ගාස්තුව- 250 යි
පොත් මිලදී ගැනීම සදහා 071 145 4754 අන්කයට ඇමතුමක් හෝ WhatsApp පනිවිඩයක් යොමු කරන්න
M.W.D. ගුණසේකර
BSc. (UOP), MDS (UoC)
ජාතික පාසල් ගුරු, උසස් පෙළ උත්තරපත් පරීක්ෂක
02/02/2025
මේක පුලු පුලුවන් group වල දාන්න... පොඩි එකෙක්ට ඉගෙන ගන්න තියෙන චාන්ස් එකක් මිස් වෙන්න දෙන්න එපා...
https://chat.whatsapp.com/HmuRirYk1DqCAffF9XpdcH
https://studentloans.mohe.gov.lk/loan_application/