අහස - Ahasa

අහස - Ahasa Where ideas are woven into powerful outcomes

28/03/2026

සිහින් සීරුවේ
පෙමින් මා වෙලී
සිතෙන් වෑහුනේ
පෙම් රුවක් යාවුනේ
ඇයි සිතක් මා මවා
පෙම් සිනා පා ගියේ

මගෙ සිහින පාලුවේ
ගත වෙලී රෑ පුරා
ඔබ සුවඳ සොය සොයා
පෙම් රුවක් සොය සොයා
ඔබ රුවක් මවා දෙනා
මා පෙම් කතා කියා
- යං ජේ
Follow us - Ahasa Studios

28/03/2026

මායාවී පායාවී
රෑ පුරා මේ රෑ පුරා
සඳ සාවී තනි වී පාලුවී
ඔබ ලෝකේ මා තරම්
මා ලෝකේ ඔබ තරම්
සිහිනයකින් හෝ ආ තරම්
මා විඳ නෑ ඔබ තරම්

සිහින රාත්‍රියකදි හමුවී
වරුවක් දෙඩුවා මදිදෝ
පාලුව සංකා නැති දෝ
දිනයක ඇවිදින් යනවාදෝ

මුදු මාල නැතුවාද
මඟ බලන්නෙ මා නොවෙද
පාලුව තනිකම මකන්න බැරිද
ඉන්න දෙන්න මට ලංවීම
- යං ජේ
Follow us - Ahasa Studios

28/03/2026

රබන් හඩයි සුරල් නගයි
ගේ මැද්දෙම සද්දේ
අයියා නැද්ද ලොකු අක්කේ
නංගි ආව අපිත් එක්ක
ඔංචිල්ලා පැද්දේ

සීත සුළං ඉපනැල්ලේ
රබන් හඩට කොවුල් ගීත සද්දේ
පුංචි එවුන් අපිත් එක්ක
කැවුම් කොකිස් රස කර කර කන්නේ

මල්ල එන්න සුබම වෙන්න
- යං ජේ
Follow us - Ahasa Studios

28/03/2026

මගේ හීන සීරුවේ
පාවෙලා සීතලේ
රෑ යාමේ ආකාසේ
තරුව ඔබයි මා ‌‌‌‌ප්‍රේමී

සීත සුළඟ දැවටීලා
ප්‍රේම ගීත සිහිවෙනවා
ඔබ ගාව හිත තියලා
යන්න දෙන්න වස්සානේ
- යං ජේ
Follow us - Ahasa Studios

28/03/2026

ඒ ගං තීරේ
අපෙ අතීතයේ
තරුව ඔබයි
හඳ පලුව මමයි

මේ සංකාවේ
රල පෙරල ඔබයි
නිල් වෙරල මමයි

ඔය මුහුණේ
කෙහෙරැල්ල වැටී
පාලු මකයි
රැලි මවන ගං තීරයේ
- යං ජේ
Follow us - Ahasa Studios

28/03/2026

සඳ මාලි
සිහිනෙන් දෝ මේ රාත්‍රී
ඔබ නිදනා හෝරා
ගෙන දෙයි මිහිරාවියේ

පාවි එන්න ඇවිදන් යන්න
මා හා, මා හා
ඔබ තනි තරුවක්
සඳවත වරුවක්
මා හා එන්න පාවී යන්න

ඔබ සිත ආදරේ
ඔබ හා වරුවක් ගත වී යද්දී
හෝරා යාවී
- යං ජේ

Follow us - Ahasa.Studios

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when අහස - Ahasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share