උපුටගැනීම්

උපුටගැනීම්

Share

උපුටාගත් හරවත් දේ එකම තැනකින්

04/12/2025

🛑 ගංවතුර නිසා ඔබේ වටිනා ලියකියවිලි විනාශ වුණාද? කලබල නොවී මේ පියවර අනුගමනය කරන්න.

ගංවතුර අස්සේ ජීවිතේ බේරගන්න දුවද්දී අපේ වටිනාම ලියකියවිලි (ID, ඔප්පු, සහතික) වතුරට යටවෙන්න ඇති. ඒ ගැන දුක් වෙවී ඉන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්.

⚠️ විශේෂ උපදෙසක්: තෙමුණු ලියකියවිලි කවදාවත් අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න එපා. එහෙම වුණොත් කොළ කැඩී යයි. පවනේ වේලෙන්න හරින්න.

📞 අත්‍යවශ්‍ය සේවාවන් සහ දුරකථන අංක:

✅ ජාතික හැඳුනුම්පත් & උප්පැන්න සහතික: මුලින්ම ළඟම පොලිසියේ පැමිණිල්ලක් දමන්න. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. 📞 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය: 1919

✅ බැංකු පොත් & ATM කාඩ්: වහාම බැංකුව අමතා ගිණුම් Block කරන්න. පසුව අලුත් කාඩ්පත් ලබාගන්න.

✅ වාහන පොත් & ලියකියවිලි: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) අමතන්න. 📞 හොට්ලයින්: 1968

✅ විභාග සහතික (O/L, A/L): විභාග දෙපාර්තමේන්තුවෙන් පිටපත් ලබාගත හැක. 📞 හොට්ලයින්: 1911

🆘 හදිසි ඇමතුම්:

ආපදා කළමනාකරණ: 117

පොලිසිය: 119

💡 පුංචි ඉල්ලීමක්: මතු ආරක්ෂාවට අදම ඔබේ හැම ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් ගෙන Google Drive එකේ Save කරගන්න. මේ පණිවිඩය Share කරලා අසරණ වෙලා ඉන්න අයට උදව් වෙන්න. ❤️🤝

03/12/2025

🚨 දැනට 2025 ගංවතුර ආපදා සහන පැකේජය 🚨

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් නවතම සහන පැකේජය ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 30ක් වෙන් කර තිබේ.

ඔබට ලැබෙන සහන මොනවාද? 👇

✅ 1. අතට මුදල් (Cash Grants):
ගංවතුර බැස ගිය පසු නිවස පිරිසිදු කරගැනීමට සහ මූලික අවශ්‍යතා සඳහා සෑම විපතට පත් පවුලකටම රු. 25,000/- ක්.

🏠 2. නිවාස වන්දි:
• පූර්ණ හානි සඳහා: උපරිමය රු. ලක්ෂ 25 (මිලියන 2.5) දක්වා.
• අර්ධ හානි සඳහා: තක්සේරුව මත වටිනාකම තීරණය කෙරේ.

💔 3. ජීවිත වන්දි:
ආපදාවෙන් මියගිය අය වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු. ලක්ෂ 10ක (මිලියන 1) වන්දියක්.

🍲 4. ආහාර සහ වියළි සලාක:
• කඳවුරු වල සිටින අයට පිසූ ආහාර.
• නිවෙස් වෙත ගිය අයට යථා තත්ත්වයට පත්වන තෙක් සතිපතා වියළි සලාක මලු.

📚 5. පාසල් දරුවන්ට:
පොත්පත්/උපකරණ විනාශ වූ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ දීමනාවක් හෝ 25000ක වවුචරයක්.

🌾 6. ගොවි ජනතාවට:
විනාශ වූ වගාවන් සඳහා වන්දි සහ ඊළඟ කන්නයට අවශ්‍ය බිත්තර වී/පොහොර සහනාධාර.

💡 7. වෙනත් විශේෂ සහන:
• විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් (Grace Period).
• විනාශ වූ ID, රියදුරු බලපත්‍ර, ඔප්පු සහ උප්පැන්න සහතික නොමිලේ නැවත සාදා දීම.

👩‍🎓 8. විශ්ව විද්‍යාල සිසුන්ට 7500ක අමතර මහපොල වාරිකයක්:

📍 අයදුම් කරන්නේ කෙසේද?
ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමා හමු වී "ආපදා සහන අයදුම්පත" පුරවා භාර දෙන්ද්

Raveen Jayasinghe ගේ පිටුවෙන් උපුටා ගන්නා ලදී....

Update - Krishan Rajapaksha ගේ පිටුවෙන් තමයි රවීන් අරගෙන තියෙන්නේ. එතන කමෙන්ට්ස් වල තව විස්තර තියෙනවා

17/07/2025

⭕අපේ අපිරිසුදු භාජන සේදීමට අප භාවිත කරන කුස්සියේ තිබෙන තෙත ස්පොන්ජ් කැබැල්ල කුණුවලින් පිරුණු එකක් වන අතර එය බැක්ටීරියා වර්ධනයට පරිපූර්ණ පරිසරයකි. එසේ නම් ඒ වෙනුවට ඔබ පාවිච්චි කළ යුත්තේ බුරුසුවක් ද?

⭕ඕනෑ ම බැක්ටීරියා විශේෂයක් අපහසු පරිසරයක ජීවිතය රැක ගන්නා ආකාරය දනියි. ඇතැම් ඒවා [බැක්ටීරියා] පෘථිවි පෘෂ්ඨයේ ගැඹුරින් හෝ අධික උණුසුමක් සහිත ජාල තාපාංක වාතාශ්‍රයේ ශක්තිමත් වී ඇති අතර, ඇතැම් බැක්ටීරියා අධික ශීතලක් සහිත අයිස් මිදුණු තැන ඔවුන්ගේ නිවස ලෙස යොදා ගනිති. කෙසේ වෙතත්, බැක්ටීරියා වර්ධනය වීමට වැඩි වශයෙන් කැමැත්තක් දක්වන දේ ගැන විමසීමක් කළහොත් කුස්සියේ ඇති ස්පොන්ජ් කැබැල්ල එම ලැයිස්තුවේ ඉහළින් ම තිබෙනු ඇත.අපගේ පිඟන් සහ වීදුරු පිරිසුදු කිරීමට භාවිත කරන මෙම මෙවලම බැක්ටීරියාවලින් පිරී ඇති බව දැකි ය හැකි ය. ස්පොන්ජ් කැබැල්ලක් යනු බැක්ටීරියාවලට පාරාදීසයකි. ඒවා උණුසුම්, තෙතමනය සහිත ක්ෂුද්‍ර ජීවීන්ට පෝෂ්‍යදායී ආහාර කැබලිවලින් පිරී තිබේ.

⭕2017 දී, ජර්මනියේ ෆර්ට්වැනන් විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන මාර්කෝස් ඊගාර්ට් විසින්, මුළුතැන්ගෙයි ස්පොන්ජ් කැබලිවල බැක්ටීරියා ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ නව දත්ත ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු එම ස්පොන්ජ් කැබලිවල ක්ෂුද්‍ර ජීවීන් විශේෂ 362ක් සොයා ගත් අතර, ඇතැම් ස්ථානවල බැක්ටීරියා ඝනත්වය වර්ග සෙන්ටි මීටරයකට ක්ෂුද්‍ර ජීවීන් බිලියන 54කට ආසන්න විය.

"මේක සැහෙන්න ලොකු ප්‍රමාණයක්. මනුස්සයෙක්ගේ මළපහ සාම්පලයක තියෙන බැක්ටීරියා සංඛ්‍යාවට මේක සමාන යි," ඊගාර්ට් පවසයි.
⭕ස්පොන්ජ් කැබලි සිදුරුවලින් පිරී ඇති අතර, එම එක් එක් සිදුරු ක්ෂුද්‍ර ජීවීන් ප්‍රජාවකට පදිංචි වීමට අවකාශයක් සපය යි.

⭕ඩියුක් විශ්වවිද්‍යාලයේ සංස්ලේශී ජීව විද්‍යාඥයෙකු වන ලිංචොං යූ සහ ඔහුගේ කණ්ඩායම 2022දී අධ්‍යයනයක් සඳහා ස්පොන්ජ් කැබැල්ලක සංකීර්ණ පරිසරය ආකෘතිකරණය කිරීමට පරිගණක භාවිත කළ හ. විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත ස්පොන්ජ් කැබලි ක්ෂුද්‍ර ජීවී වර්ධනයට වැඩි වශයෙන් දිරිගන්වන බව ඔහු සොයා ගත්තේ ය. ඉන්පසු ඔහුගේ කණ්ඩායම සෙලියුලෝස් ස්පොන්ජ් කැබලිවල විවිධ E.coli මාදිලිය [බැක්ටීරියා වර්ගයක්] වර්ධනය කිරීමෙන් මෙම ප්‍රතිඵලය තහවුරු කළේ ය.

⭕"කුස්සියේ තියෙන ස්පොන්ජ් කැබලිවල විවිධ ප්‍රමාණයේ සිදුරු තිබීම [බැක්ටීරියා වර්ධනය දිරිමත් කිරීම සඳහා] සැබවින් ම සුවිශේෂී දෙයක් බව ඔවුන් සොයා ගත්තා," ඊගර්ට් පවසයි. "මේකේ ගත යුත්තක් තියෙන බව පේනවා, මොක ද ක්ෂුද්‍ර ජීවීන් සඳහා, තනිව ම වර්ධනය වීමට කැමති බැක්ටීරියා වැනි පුද්ගලවාදීන් ඉන්නවා වගේ ම අන් අයගේ ඇසුර අවශ්‍ය බැක්ටීරියා ඇති නිසා. ස්පොන්ජ් එකක් තුළ සෑම කෙනෙක්ට ම සතුටු වෙන්න පුළුවන් විවිධ ව්‍යුහයන් හෝ අවකාශයන් රාශියක් තියෙනවා."

⭕තරුණ තරුණියන් පිළිකාවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක්: ඊට බලපාන සාධක මෙන්න
ස්පොන්ජ් කැබලි නිසැකව ම බැක්ටීරියා සඳහා කදිම නිවසකි. කෙසේ වෙතත්, එයින් අදහස් වන්නේ මෙම මෙවලමෙන් අපට සෞඛ්‍ය අවදානමක් තිබෙන බව නොවේ. අපගේ සම මත, පසෙහි සහ අප අවට වාතය ඇතුළු සෑම තැනක ම බැක්ටීරියා පවතියි. ඔවුන් සියල්ල හානිකර නොවන අතර, සැබවින් ම බොහෝ බැක්ටීරියා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. වැදගත් ප්‍රශ්නය වන්නේ මේ නිසා ස්පොන්ජ්වල ඇති බැක්ටීරියා ගැන කරදර වීමට අවශ්‍ය ද? යන්න ය.
⭕2017 දී ඊගර්ට් සිදුකළ අධ්‍යයනයේදී, ඔහු වඩාත් සුලභ [බැක්ටීරියා] විශේෂවල DNA අනුපිළිවෙළ සකස් කළේ ය. එක් එක් බැක්ටීරියාවේ නිශ්චිත විශේෂය හඳුනා ගැනීමට නොහැකි වුවත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයින් තුළ ආසාදන ඇති කිරීමට වඩාත් සම්බන්ධ වන බවට ප්‍රසිද්ධ බැක්ටීරියා විශේෂ දහයෙන් පහක් ම සමීපව නිර්ක්ෂණය කළේ ය. සමහර බැක්ටීරියා ඉවත් කළ ද, අනෙකුත්, වඩාත් ප්‍රතිරෝධී මාදිලි වර්ධනය වීමට ඉඩ සලසන බැවින්, මයික්‍රෝවේව් උඳුනක රත් කිරීම හෝ උණුසුම් සබන් වතුරෙන් සේදීම වැනි විශේෂ පිරිසිදු කිරීමේ පියවරයන්ගෙන් ද වැඩක් වූයේ නැත.
⭕අපි උපකල්පනය කරන්නේ, ජීවිතය බේරාගත්ත [බැක්ටීරියා] කිහිපයට විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි ක්‍රියාවලියකට මග පාදන බව යි," ඊගාර්ට් පවසයි. "ඔයා මේක කිහිප වතාවක් කළොත්, පිරිසිදු කිරීමට වඩා හොඳින් අනුවර්තනය වන බැක්ටීරියා තෝරා ගැනීමකට මේක මග පාදන්න පුළුවන්."

⭕ඊගර්ට් විසින් සොයා ගන්නා ලද බැක්ටීරියා කිසිවක් ආහාර විෂවීමකට හෝ දරුණු රෝගාබාධවලට සම්බන්ධ නොවන බව සැලකීම වැදගත් ය. සැබවින් ම ආහාර මගින් බෝවන රෝග හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ගෙන් 90%ක ම රෝග කාරක පහක් පමණක් සොයා ගත හැකි අතර, එයින් තුනක් එස්චෙරිචියා කෝලි, සැල්මොනෙල්ලා සහ කැම්පිලොබැක්ටර් යන බැක්ටීරියා වේ. නමුත් වඩාත් සතුටුදායක කරුණක් නම් ස්පොන්ජ් කැබලිවල මේවා සොයා ගැනීම දුර්ලභ වීම ය.

"⭕අපට හමුවුණේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට, වැඩිහිටියන්ට හෝ දරුවන්ට අනතුරුදායක විය හැකි ව්‍යාධිජනක බැක්ටීරියා විතර යි," ඊගාර්ට් පවසයි. "සාමාන්‍යයෙන්, නිරෝගී පුද්ගලයෙකුට කුස්සියේ තියෙන ස්පොන්ජ් කෑල්ලේ ඇති බැක්ටීරියා හානිකර වෙන්නේ නෑ
⭕2017 දී, ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රේරි වීව් විශ්වවිද්‍යාලයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මහාචාර්යවරියක වන ජෙනිෆර් ක්වින්ලන් සහ ඇගේ සහයකයෝ ෆිලඩෙල්ෆියාවේ නිවාස 100කින් කුස්සියේ භාවිත කරන ස්පොන්ජ් කැබලි එකතු කළ හ. එම ස්පොන්ජ්වල මිනිසුන් තුළ ආහාර විෂ වීමට සම්බන්ධ බැක්ටීරියා 1-2% ක් පමණක් අඩංගු බව ඇය සොයා ගත්තා ය. එසේ පරීක්ෂා කළ විට ඒවා තුළ අඩංගු වූයේ හානිකර බැක්ටීරියා සුළු ප්‍රමාණයක් පමණි.

⭕2022 දී නෝර්වීජියානු ආහාර පර්යේෂණ ආයතනය වන Nofima හි විද්‍යාඥවරියක වන සොල්වෙයිග් ලැන්ග්ස්රුඩ් විසින් ස්පොන්ජ් සහ බුරුසුවලින් සේදීමේදී සොයාගත් බැක්ටීරියා සංසන්දනය කරමින් කරන ලද අධ්‍යයනයකින් මෙම සොයා ගැනීම සනාථ විය. ඇය මෙම සේදීම් ක්‍රම දෙකෙහි ම ඇසිනිටෝබැක්ටර්, ක්‍රිසියෝබැක්ටීරියම්, එන්හයිඩ්‍රෝබැක්ටර්, එන්ටිරෝබැක්ටීරියසි සහ සුඩොමොනස් ඇතුළු හානිකර නොවන බැක්ටීරියා සමූහයක් සොයා ගත්තා ය.
⭕ස්පොන්ජ් කෑලිවල තියෙන බැක්ටීරියාවලින් බහුතරයක් ලෙඩ රෝගවලට හේතු වන්නේ නෑ, ඒවායින් ගඳක් එනවා විතර යි. කාලයත් එක්ක ඒවා අප්‍රසන්න වෙනවා," ක්වින්ලන් පවසයි. "එහෙම වුණත්, ස්පොන්ජ් කෑල්ලක් පාවිච්චි කරලා අමු මස් හෝ අමු කුකුල් මස්වල යුෂ පිස දැම්මොත්, ඒ මත ඒ රෝගකාරක බැක්ටීරියා තියෙන්න පුළුවන්. ඒ වගේ ම අධ්‍යයනවලින් හොයාගෙන තියෙන්නේ කුස්සියේ ස්පොන්ජ්වලින් රෝගකාරක බැක්ටීරියා ඈත් කරන්න පුළුවන් කියලා."

⭕එහෙයින්, ඔබේ ස්පොන්ජ් කැබැල්ලේ වැඩෙන බැක්ටීරියා සාමාන්‍යයෙන් හානිකර නොවන නමුත්, සැල්මොනෙල්ලා වැනි භයානක බැක්ටීරියා ඒ වෙත පැමිණියහොත් ස්පොන්ජ් කැබැල්ලේ ව්‍යුහය මෙම රෝගකාරකය වර්ධනය වීමට කදිම ස්ථානයකි.

⭕කාන්තාවන්ට වඩා පිරිමින් සනීපාරක්ෂාව ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක් ද?
මෙසේ සිදුවූ බවට සාක්ෂි තිබේ. ලැන්ග්ස්රුඩ්ගේ අධ්‍යයනයේදී පර්යේෂකයන් කුස්සියේ තිබූ ස්පොන්ජ්වලට සැල්මොනෙල්ලා යෙදු විට, ඒවා සශ්‍රීකව වර්ධනය වූ නමුත්, ඔවුන් මෙම බැක්ටීරියාව බුරුසුවලට එකතු කළ විට ඒවා මිය ගියේ ය. එයට හේතුව බුරුසු බොහෝවිට වඩාත් ඵලදායී ලෙස වියළී ගොස් සැල්මොනෙල්ලා බැක්ටීරියා විනාශ කරන අතර, ස්පොන්ජ් දිනපතා භාවිත කළහොත් එහි ඇතුළත තෙතමනයෙන් යුතු ව පැවතිය හැකි බැවිනි.

මෙම ව්‍යාධිජනක බැක්ටීරියාවලට ඔබේ ස්පොන්ජ් කැබැල්ලේ සිට පිඟන්වලට, කුස්සියේ මෙවලම්වලට සහ පෘෂ්ඨයන් මතට මාරු වීමට හැකි ය.

⭕එහෙයින්, අපගේ කුස්සියේ තිබෙන ස්පොන්ජ් කැබැල්ල කොපමණ කාලයකට වරක් මාරු කළ යුතු ද? සනීපාරක්ෂක දෘෂ්ටිකෝණයකින් යුතුව ක්වින්ලන් තර්ක කරන්නේ, ඔබ එය සතිපතා මාරු කළ යුතු වුවත්, එය භාවිත කළ හැකි කාලය දීර්ඝ කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් ද ඇති බවට ය.
⭕ඒවා පිරිසිදු කර ගන්න ලේසි ක්‍රම දෙකක් තියෙනවා. ඔයාට ඒවා සවස් වරුවට ඩිෂ් වොෂර් එකට දාන්න පුළුවන්. නැත්නම් වාෂ්ප පිටවන බව පෙනෙන තෙක් මිනිත්තුවක් මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන්. ඒකෙන් ගොඩක් වෙලාවට රෝග කාරක විනාශ වෙනවා."

⭕නිසැක වශයෙන් ම, අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, ඔබේ ස්පොන්ජ් කැබැල්ල පිඟන් සෝදන යන්ත්‍රය හෝ මයික්‍රෝවේව් උඳුනේ දැමීමෙන් බැක්ටීරියා අඩු කර ගත හැකි බවත්, ඔබේ ස්පොන්ජ් කැබැල්ල බ්ලීච් දියරවල පොඟවා ගැනීම වඩා ඵලදායී විය හැකි බවත් ය. නමුත් ඊගර්ට්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කළ පරිදි, විකල්ප ක්‍රම තෝරා ගත හැකි අතර, එමගින් කාලයත් සමග පිරිසිදු කිරීමේ ඵලදායී බව අඩු විය හැකි ය.

⭕ආසියාවේ ළදරු ආහාරවල ඇති සැඟවුණු සීනි ගැන හෙළිදරව්වක්
උතුරන වතුරට ස්පොන්ජ් කැබැල්ලක් දමා විෂබීජ නාශකයක් දැමීමෙන් බොහෝ බැක්ටීරියා විනාශ වන නමුත් විශේෂයෙන් ආරක්ෂිත ඇලෙනසුලු ජෛව පටල සාදන ඒවා නොනැසී පැවතිය හැකි ය. නමුත් මෙම ප්‍රවේශය සැල්මොනෙල්ලා වැනි රෝගකාරක අඩු කිරීමේදී ඵලදායී බව සොයාගෙන තිබේ.

⭕අනෙකුත් උපදෙස් අතරට ස්පොන්ජ් එක සින්ක් එක තුළ ගබඩා නොකිරීම, භාවිත කිරීම අතරතුර වියළීමට ඉඩ දීම, ජලය හොඳින් මිරිකා හැරීම සහ ආහාර කැබලි ඉවත් කිරීම ඇතුළත් වේ. කෙසේ වෙතත්, ඇතැමුන්ට භාජන පිරිසුදු කිරීම සඳහා වෙනස් ම මෙවලමක් භාවිත කිරීම සලකා බැලිය හැකි ය.

"මම නම් කොහෙත් ම කුස්සියේ ස්පොන්ජ් පාවිච්චි කරන්නේ නෑ. කුස්සියේ පරිසරය ඇතුළේ ඒ වගේ උපකරණයක් භාවිත කරන එකේ තේරුමක් නෑ," ඊගාර්ට් පවසයි. "බ්‍රෂ් එකක් ගොඩක් හොඳ යි. මොක ද ඒවාවල බැක්ටීරියා රැඳෙන්නේ අඩුවෙන්. ඒවගේ ම ඒවා ඉක්මනට ම වේළෙනවා. එක පිරිසිදු කරන්නත් ලේසි යි."

ජැස්මින් ෆොක්ස්-ස්කෙලී
උපුටාපළකිරීම

08/07/2025

සීමාවක් ගැන හිතන්නැතුව
දැනෙන තැන නතර වෙන්න. 🥵❤️‍🔥

26/06/2025

නොමිලේ කරන්න පුළුවන් සබ්ජෙක්ට් පහක ෆ්‍රී කෝසස් 50 ක පැකේජ් එකක්....!!😃

Psychology Certificate courses 🤓

Supporting adult learners’ positive mental health (OpenLearn):
https://www.open.edu/openlearn/education-development/supporting-adult-learners-positive-mental-health/content-section-overview?active-tab=description-tab

Understanding mental capacity (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/understanding-mental-capacity/content-section-overview?active-tab=description-tab

Exploring career mentoring and coaching (OpenLearn):
https://www.open.edu/openlearn/money-business/exploring-career-mentoring-and-coaching/content-section-overview?active-tab=description-tab

Starting with psychology (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/psychology/starting-psychology/content-section-0

Forensic psychology (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/forensic-psychology/content-section-overview

Introduction to Psychology (Saylor Academy):
https://learn.saylor.org/course/psych101

Childhood in the digital age (OpenLearn):
https://www.open.edu/openlearn/education-development/childhood-digital-age/content-section-0

Attachment in the early years (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/attachment-early-years/content-section-0

The psychology of fictional characters (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/the-psychology-fictional-characters/content-section-overview

Forensic Psychology: Witness Investigation (FutureLearn):
https://www.futurelearn.com/courses/forensic-psychology

Criminology Certificate courses 🥸

Criminology beyond crime (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/criminology-beyond-crime/content-section-0

Introduction to critical criminology (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/introduction-critical-criminology/content-section-0

Critical criminology and the social sciences (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/critical-criminology-and-the-social-sciences/content-section-0

The meaning of crime (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/the-meaning-crime/content-section-0

Questioning crime: social harms and global issues (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/questioning-crime-social-harms-and-global-issues/content-section-0

The problem with crime (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/the-problem-crime/content-section-0

Discovering disorder: young people and delinquency (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/discovering-disorder-young-people-and-delinquency/content-section-0

Criminology and the UK Justice System (Alison):
https://alison.com/course/criminology-and-the-uk-justice-system

Criminology and Criminal Justice Fundamentals (Alison):
https://alison.com/course/criminology-and-criminal-justice-fundamentals

Forensic Science: DNA Analysis (FutureLearn):
https://www.futurelearn.com/courses/forensic-science-dna-analysis

Certificate courses Sociology 😇

Introducing the social sciences (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/introducing-the-social-sciences/content-section-0

Sociology and social policy (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/sociology-and-social-policy/content-section-0

Introducing social work: a lifetime of social justice (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/introducing-social-work-lifetime-social-justice/content-section-0

Exploring issues in women’s health (OpenLearn):
https://www.open.edu/openlearn/health-sports-psychology/exploring-issues-womens-health/content-section-0

The social model of disability (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/the-social-model-disability/content-section-0

Sociology: understanding global society (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/sociology-understanding-global-society/content-section-0

Digital sociology: understanding life in a digital age (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/digital-sociology-understanding-life-digital-age/content-section-0

Introduction to Sociology (Alison):
https://alison.com/course/introduction-to-sociology

Sociology: Understanding Social Issues (Alison):
https://alison.com/course/sociology-understanding-social-issues

Introduction to Sociology (FutureLearn):
https://www.futurelearn.com/courses/introduction-to-sociology

10 free law courses 😜

Understanding law and society (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/understanding-law-and-society/content-section-0

Introduction to law in Wales (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/introduction-law-wales/content-section-0

Judges and the law (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/judges-and-the-law/content-section-0

Law and change: Scottish devolution (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/law-and-change-scottish-devolution/content-section-0

An introduction to law (OpenLearn):
https://www.open.edu/openlearn/society-politics-law/introduction-law/content-section-0

Introduction to Criminal Law (Alison):
https://alison.com/course/introduction-to-criminal-law

Introduction to Business Law (Alison):
https://alison.com/course/introduction-to-business-law

Fundamentals of International Law (Alison):
https://alison.com/course/fundamentals-of-international-law

Introduction to Law (FutureLearn):
https://www.futurelearn.com/courses/introduction-to-law

Introduction to International Criminal Law (FutureLearn):
https://www.futurelearn.com/courses/international-criminal-law

10 free English courses with free certificates 😎

English for academic study (OpenLearn):
https://www.open.edu/openlearn/education-development/english-academic-study/content-section-0

Exploring English: language and culture (OpenLearn):
https://www.open.edu/openlearn/languages/exploring-english-language-and-culture/content-section-0

Exploring books and literature (OpenLearn):
https://www.open.edu/openlearn/history-the-arts/exploring-books-and-literature/content-section-0

Start writing fiction (OpenLearn):
https://www.open.edu/openlearn/history-the-arts/start-writing-fiction/content-section-0

English: skills for learning (OpenLearn):
https://www.open.edu/openlearn/education-development/english-skills-learning/content-section-0

English Grammar and Vocabulary (Alison):
https://alison.com/course/english-grammar-and-vocabulary

Conversational English Skills (Alison):
https://alison.com/course/conversational-english-skills

Business English Communication (Alison):
https://alison.com/course/business-english-communication

Understanding English Literature (FutureLearn):
https://www.futurelearn.com/courses/understanding-english-literature

Learn English: Beginning Grammar (FutureLearn):
https://www.futurelearn.com/courses/learn-english-beginning-grammar

බලලා කරන්න.... කරලා බලන්න....!!

#නෝට්කොක්ක

24/06/2025

අනිවාර්යෙන් කියවන්න
🟥 සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක

01. රුධිර පීඩනය: 120/80
02. ස්පන්දනය: 70 - 100
03. උෂ්ණත්වය: 36.8 - 37
04. ශ්වසනය: 12-16
05. හිමොග්ලොබින්: පිරිමි (13.50-18)
ගැහැණු (11.50 - 16)
06. කොලෙස්ටරෝල්: 130 - 200
07. පොටෑසියම්: 3.50 - 5
08. සෝඩියම්: 135 - 145
09. ට්‍රයිග්ලිසරයිඩ: 220
10. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය:
Pcv 30-40%
11. සීනි: ළමුන් සඳහා (70-130)
වැඩිහිටියන්: 70 - 115
12. යකඩ: 8-15 mg
13. සුදු රුධිරාණු: 4000 - 11000
14. පට්ටිකා: 150,000 - 400,000
15. රතු රුධිර සෛල: මිලියන 4.50 - 6..
16. කැල්සියම්: 8.6 - 10.3 mg/dL
17. විටමින් D3: 20 - 50 ng/ml (මිලිලීටරයකට
නැනෝග්‍රෑම්)
18. විටමින් B12: 200 - 900 pg/ml

*ඉක්ම ගිය අය සඳහා උපදෙස්:*
*අවුරුදු 40*
*50*
*60*

🔴 පළමු ඉඟිය:

ඔබට පිපාසය දැනෙන්නේ නැතත්, අවශ්‍ය වූවත් සෑම විටම ජලය පානය කරන්න... ලොකුම සෞඛ්‍ය ගැටලු සහ ඒවායින් බොහොමයක් ශරීරයේ ජලය නොමැතිකමයි. දිනකට අවම වශයෙන් ලීටර් 2 (පැය 24)

🔴දෙවන ඉඟිය:

ඔබ ඔබේ අභිලාෂයේ ඉහළින්ම සිටින විට පවා ක්‍රීඩා කරන්න... ඇවිදීමෙන් හෝ පිහිනීමෙන් හෝ ඕනෑම ආකාරයක ක්‍රීඩාවකින් පමණක් වුවද ශරීරය චලනය කළ යුතුය. ඇවිදීම ආරම්භයකට හොඳයි...

🔴තුන්වන ඉඟිය:

කෑම අඩු කරන්න...
අධික ආහාර තෘෂ්ණාව අත්හරින්න... මන්ද එය කිසිදා යහපතක් ගෙන නොදෙන බැවිනි. ඔබම අහිමි නොකරන්න, නමුත් ප්රමාණ අඩු කරන්න. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මත පදනම් වූ ආහාර වැඩිපුර භාවිතා කරන්න.

🔴හතරවන ඉඟිය

හැකිතාක් දුරට, අත්‍යවශ්‍ය නම් මිස මෝටර් රථය භාවිතා නොකරන්න... ඔබට අවශ්‍ය දේ ( සිල්ලර බඩු, යමෙකු බැලීමට...) හෝ ඕනෑම ඉලක්කයක් සඳහා ඔබේ පාදවලට ළඟා වීමට උත්සාහ කරන්න. සෝපානය, එස්කැලේටරය භාවිතා කිරීමට වඩා පඩිපෙළ නගින්න

🔴පස්වන ඉඟිය

තරහව අතහරින්න...
කනස්සල්ල ඇති වන දේවල් නොසලකා හැරීමට උත්සාහ කරන්න ...

බාධාකාරී අවස්ථාවන්ට ඔබ සම්බන්ධ නොවන්න ... ඒවා සියල්ලම සෞඛ්යය හීන කර ආත්මයේ තේජස නැති කරයි. ඔබට පහසු යැයි හැඟෙන ළදරුවෙකු තෝරන්න. ධනාත්මක අය සමඟ කතා කරන්න සහ සවන් දෙන්න

🔴හයවන ඉඟිය

කියන පරිදි..ඔබේ මුදල් හිරු එළියේ තබා.. සෙවණේ හිඳගන්න.. තමන් සහ ඔබ අවට සිටින අය සීමා නොකරන්න... මුදල් උපයා ගත්තේ ජීවත් වීමට මිස ඒ වෙනුවෙන් ජීවත් වීමට නොවේ.

🔴හත්වන ඉඟිය

ඔබ කිසිවකු ගැන හෝ ඔබට අත් කරගත නොහැකි වූ දෙයක් ගැන අනුකම්පා නොකරන්න,
ඔබට අයිති කර ගැනීමට නොහැකි වූ කිසිවක් නැත.එය නොසලකා හරින්න, එය අමතක කරන්න;

🔴අටවන ඉඟිය

නිහතමානීකම.. එතකොට නිහතමානීකම.. මුදලට, කීර්තියට, බලයට, බලපෑමට... ඒ හැමදෙයක්ම උඩඟුකම, අහංකාරකම නිසා දූෂිත වූ දේවල්. නිහතමානිකම මිනිසුන් ඔබට ආදරයෙන් සමීප කරයි.

🔴නවවැනි ඉඟිය

ඔබේ හිසකෙස් අළු පැහැයට හැරේ නම්, මෙයින් අදහස් කරන්නේ ජීවිතයේ අවසානය නොවේ. වඩා හොඳ ජීවිතයක් ආරම්භ වී ඇති බවට එය සාක්ෂියකි. ශුභවාදී වන්න, මතක තබා ගනිමින් ජීවත් වන්න, සංචාරය කරන්න, විනෝද වන්න. මතකයන් ඇති කරන්න!

ඔබ එය බෙදා ගන්නා විට එය යමෙකුට ප්‍රයෝජනවත් විය හැක

🟥 මගේ වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය ඉඟි

🔹ඔබ කෙතරම් කාර්යබහුල වුවත් නිරෝගීව
සිටීමට මේ සියල්ල නිරීක්ෂණය කරන්න:

🔹තේ වල කිරි අඩුවෙන් බොන්න. ඒ වෙනුවට
ලෙමන් හෝ දෙහි යුෂ එකතු කරන්න.

🔹දිවා කාලයේදී වැඩිපුර ජලය පානය කරන්න;
නමුත් රාත්‍රී කාලය අඩුවෙන් බොන්න.

🔹දිවා කාලයේදී කෝපි කෝප්ප 2 කට වඩා
බොන්න එපා, සම්පූර්ණයෙන්ම නතර කිරීමද
සුදුසුය.

🔹තෙල් සහිත ආහාර අඩුවෙන් අනුභව කරන්න.

🔹නිදා ගැනීමට හොඳම කාලය රාත්‍රී 10 සිට
උදෑසන 6 දක්වා වේ.

🔹සවස් වරුවේ, සවස 5 හෝ 6 න් පසු ටිකක් හෝ
කිසිවක් කන්න.

🔹සීතල වතුරෙන් නොව උණුසුම් ජලයෙන්
බෙහෙත් නොගන්න, නින්දට පැය භාගයකට
පෙර ඔබේ ඖෂධ ගන්න. කිසිවිටෙක ඖෂධ
පානය කර වහාම වැතිරෙන්න එපා

🔹ඔබ තව දුරටත් වයසට යන විට, සිසිල් ජලය
පානය කිරීම නවත්වන්න, නමුත් කාමර
උෂ්ණත්වයේ දී ජලය පමණක් පානය කරන්න

🔹දිනකට අවම වශයෙන් පැය 8 ක්වත් නිදා
ගැනීමට උත්සාහ කරන්න.

🔹දහවල් සිට සවස 3 දක්වා පැය එකහමාරක්
නිදා ගැනීම, ආතතිය දුරු කිරීමට සහ තරුණ
හා පහසුවෙන් වයසට නොයෑමට.

🔹ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය එක
තීරුවක් පමණක් ඉතිරි වූ පසු, තවදුරටත්
ඇමතුම් ලබා නොගන්න, මන්ද භයානක
විකිරණ සහ තරංග සම්පූර්ණයෙන්ම
ආරෝපණය වූ බැටරියකට වඩා කිහිප
ගුණයකින් වැඩි ය.

🔹ඇමතුම් වලට පිළිතුරු දීමට ඔබේ වම් කන
භාවිතා කරන්න, දකුණු කන ඔබේ මොළයට
කෙලින්ම හානි කරයි. ඇමතුම්වලට පිළිතුරු
දීමට ඉයර්ෆෝන් භාවිතා කිරීම වඩා හොඳය.

🔴ඔබට හැකි සෑම විටම පරීක්ෂා කිරීමට කරුණු දෙකක්:
(1) ඔබේ රුධිර පීඩනය
(2) ඔබේ රුධිර සීනි.
~~~~~~~~~~~~~~~

🔴ඔබේ ආහාර අවම වශයෙන් අඩු කළ යුතු කරුණු හයක්:
(1) ලුණු
(2) සීනි
(3) කල් තබා ගන්නා ලද මස් සහ ආහාර
(4) විශේෂයෙන් බැදපු රතු මස්
(5) කිරි නිෂ්පාදන
(6) පිෂ්ඨමය නිෂ්පාදන
~~~~~~~~~~~~~~~

🔴ඔබේ ආහාරවල වැඩි කළ යුතු කරුණු හතරක්:
(1) හරිතයන්/එළවළු
(2) බෝංචි
(3) පළතුරු
(4) ඇට වර්ග
~~~~~~~~~~~~~~~

🔴ඔබ අමතක කළ යුතු කරුණු තුනක්:
(1) ඔබේ වයස
(2) ඔබේ අතීතය
(3) ඔබේ කනස්සල්ල / දුක්ගැනවිලි
~~~~~~~~~~~~~~~

🔴ඔබ කෙතරම් දුර්වල වුවත් ශක්තිමත් වුවත් ඔබට තිබිය යුතු කරුණු හතරක්:
(1) ඔබට සැබවින්ම ආදරය කරන මිතුරන්
(2) සැලකිලිමත් පවුල
(3) ධනාත්මක සිතුවිලි
(4) උණුසුම් නිවසක්.
~~~~~~~~~~~~~~~

🔴නිරෝගීව සිටීමට ඔබ කළ යුතු කරුණු හයක්:
(1) ගායනය
(2) නැටුම්
(3) නිරාහාරව සිටීම
(4) සිනහව/සිනාසෙයි
(5) ට්‍රෙක්/ව්‍යායාම
(6) ඔබේ බර අඩු කරන්න.
~~~~~~~~~~~~~~~

🔴ඔබ කළ යුතු නැති දේවල් හයක්:

(1) ඔබ කෑමට බඩගිනි වන තුරු බලා නොසිටින්න
(2) ඔබට බීමට පිපාසය ඇති වන තෙක් බලා නොසිටින්න
(3) ඔබ නිදා ගැනීමට නිදිමත වන තෙක් බලා නොසිටින්න
(4) ඔබට විවේක ගැනීමට වෙහෙස දැනෙන තෙක් බලා නොසිටින්න
(5) වෛද්‍ය පරීක්ෂණ සඳහා යාමට ඔබ අසනීප වන තෙක් බලා නොසිටින්න, එසේ නොමැතිනම් ඔබට ජීවිතයේ පසුතැවිලි වනු ඇත.
(6) ඔබ ඔබේ දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමට පෙර ඔබට ගැටලුවක් ඇති වන තෙක් බලා නොසිටින්න.
~~~~~~~~~~~~~~~
🔴මෙම සෞඛ්‍ය උපදෙස් කියවීමෙන් පසු ඔබ කළ යුතු එක් දෙයක්:
(1) මෙය ඔබගේ ආදරණීයයන් සහ මිතුරන් වෙත යොමු කරන්න, ඔබ එසේ කරන විට, දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි.
=================
ඔබේ සාමාන්‍ය ව්‍යාපාරය කරගෙන යන අතරතුර, ඔබ කෙතරම් යෝග්‍ය දැයි දැන ගැනීමට අපගේ ශරීරය නිතරම පරීක්ෂා කර බැලීමට මතක තබා ගනිමු. සෞඛ්ය ධනය වේ.

වෛද්‍ය යෝග්‍යතා

අධි රුධිර පීඩනය
----------
120/80 -- සාමාන්ය
130/85 --සාමාන්‍ය (පාලනය)
140/90 -- ඉහළ
150/95 -- V.High
----------------------------

ස්පන්දනය
----------
විනාඩියකට 72 (සම්මත)
60 --- 80 ප.ව. (සාමාන්‍ය)
40 -- 180 p.m.(අසාමාන්‍ය)
----------------------------

උෂ්ණත්වය
-------------------
98.4 F (සාමාන්‍ය)
99.0 F ඉහල (උණ)

කරුණාකර ඔබගේ නෑදෑ හිතමිතුරන්ට මෙම තොරතුරු බෙදා හදා උදව් කරන්න....

හෘදයාබාධ---
උණුසුම් ජලය පානය:

මෙය ඉතා හොඳ ලිපියකි. ඔබේ ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය ගැන පමණක් නොව, හෘදයාබාධ ගැන. චීන සහ ජපන් ජාතිකයින් ඔවුන්ගේ ආහාර සමඟ උණුසුම් තේ පානය කරයි, සීතල වතුර නොවේ, සමහර විට අපි ආහාර ගන්නා අතරතුර ඔවුන්ගේ බීම පුරුද්දට හුරු වීමට කාලයයි. සීතල වතුර බොන්න කැමති අය සඳහා, මෙම ලිපිය ඔබට අදාළ වේ. ආහාර වේලකදී සිසිල් බීම/ජලය පානය කිරීම ඉතාම හානිකරයි. මක්නිසාද යත්, ඔබ විසින් පරිභෝජනය කරන ලද තෙල් සහිත ද්‍රව්‍ය සිසිල් ජලය මගින් ඝන කරනු ඇත. එය ආහාර දිරවීම මන්දගාමී කරනු ඇත. මෙම 'මඩ' අම්ලය සමඟ ප්‍රතික්‍රියා කළ පසු, එය බිඳී ගොස් ඝන ආහාරවලට වඩා වේගයෙන් අන්ත්‍රය මගින් අවශෝෂණය වේ. එය අන්ත්රය පෙලගැසෙනු ඇත. ඉතා ඉක්මනින්, මෙය මේදය බවට පත් වී පිළිකා ඇති කරයි. ආහාර ගැනීමෙන් පසු උණුසුම් සුප් හෝ උණුසුම් ජලය පානය කිරීම වඩාත් සුදුසුය.

ප්‍රංශ ෆ්‍රයිස් සහ බර්ගර් හෘද සෞඛ්‍යයේ ලොකුම සතුරා වේ. ඊට පසු කෝක් එකක් වැඩි බලයක් ලබා දෙයි
මෙම යක්ෂයා.
ඔබේ හදවත සහ සෞඛ්‍යය සඳහා ඒවායින් වළකින්න.

හෘදයාබාධ හෝ ආඝාත වළක්වා ගැනීම සඳහා රාත්‍රියේදී රුධිරය කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා ඔබ නින්දට යාමට සූදානම් වන විට උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.

හෘද රෝග විශේෂඥයෙක් පවසන්නේ මෙම පණිවිඩය කියවන සෑම කෙනෙකුම එය පුද්ගලයන් 10 දෙනෙකුට යවන්නේ නම්, අපි අවම වශයෙන් එක් ජීවිතයක්වත් බේරා ගන්නා බව ඔබට සහතික විය හැකිය.

එබැවින්, කරුණාකර සැබෑ මිතුරෙකු වී ඔබ සැලකිලිමත් වන පුද්ගලයින්ට මෙම ලිපිය යවන්න.

උපුටා ලැනීම අන්තර්ජාලයෙන්...

24/06/2025

අපි හැමෝම පොඩි කාලේ ඉඳන් කියවන්න පුරුදු වුණා. "අ" අකුරේ ඉඳන් ලොකු පොත් පත් වෙනකම්. ඒත් කවදාවත් හිතුවද අපි කියවන කොට අපේ මොළය ඇතුළේ මොන වගේ පුදුමාකාර දේවල් සිද්ධ වෙනවද කියලා?

"කියවීම" කියන්නේ නිකන්ම අකුරු ටිකක් දැකලා තේරුම් ගැනීමක් නෙවෙයි, ඒක අපේ මොළය කරන හරිම සංකීර්ණ සහ පුදුම හිතෙන ගමනක්. මෑතකදී ජර්මනියේ Max Planck ආයතනයේ ස්නායු විද්‍යාඥයෝ පිරිසක් පුදුමාකාර පර්යේෂණයක් කළා. ඔවුන් කියවීම ගැන කරපු පරණ පර්යේෂණ 163ක දත්ත අරගෙන, ඒ කියන්නේ 3000කට අධික පිරිසකගේ මොළයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරලා, කියවීමේ හැම අදියරකදීම මොළය ක්‍රියාකරන විදිහ සිතියම් ගත කළා. මේකෙන් හෙළි වුණේ අපි කියවන දේ අනුව මොළය පුදුමාකාර විදිහට හැඩගැහෙනවා කියන එකයි.

ඔවුන් හොයාගත්ත දෙයක් තමයි, කියවීමේ ක්‍රියාකාරිත්වයෙන් වැඩි හරියක් සිද්ධ වෙන්නේ අපේ වම් මොළයේ අර්ධගෝලයේ (left hemisphere) කියන එක. හැබැයි, අපි කියවන දේවල සංකීර්ණත්වය අනුව මේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා.

තනි අකුරක් කියවද්දී මොළයේ පොඩි දෘශ්‍ය ප්‍රදේශයක් (visual area) ක්‍රියාත්මක වෙනවා. ඒක හරියට පොඩි ස්විචයක් දල්වනවා වගේ. වචන කියවද්දී මොළයේ විශාල ජාලයන් (larger networks) ක්‍රියාත්මක වෙනවා. ඒකට මොළයේ ඉදිරිපස (frontal) සහ පාර්ශ්වික (parietal) ප්‍රදේශත් එකතු වෙනවා. වාක්‍ය කියවන වෙලාවේදී සිද්ධි ගලපන, ව්‍යාකරණ හඳුනගන්නා සහ අර්ථය තේරුම් ගන්නා ප්‍රදේශ ක්‍රියාත්මක වෙනවා. හරියට මොළය පුංචි රහස් පරීක්ෂක කතාවක් විසඳනවා වගේ.

ඊළඟට දිගු පාඨ කියවද්දී වැඩ කරන මතකය (working memory) පාලනය කරන මධ්‍යස්ථානත් මේකට එකතු වෙනවා. ඒ කියන්නේ මොළය කියවන දේ සංකීර්ණ වෙන තරමට, ඒකට අවශ්‍ය පරිදි හැඩගැහෙනවා කියන එකයි. ඒක එකම ක්‍රියාවලියක් විතරක් වැඩි කරනවා වෙනුවට, අලුත් ක්‍රියාවලීන් එකතු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ පර්යේෂණය තවත් පුදුමාකාර දේවල් කිහිපයක්ම එළි කළා.

අපි සද්දෙට පොතක් කියවන කොට මොළයේ ශ්‍රවණ (auditory) සහ කථන (speech motor) ප්‍රදේශත් ක්‍රියාත්මක වෙනවා. ඒත් නිහඬව කියවනකොට මොළය වැඩියෙන් යොමු වෙන්නේ විධායක ජාලයන්ට (executive networks). මේවා අපිට "අභ්‍යන්තර කථනය" හදාගන්න සහ ඇත්තටම කතා කරන එක නවත්තන්න උදව් වෙනවා. ඒ කියන්නේ නිහඬව කියවීම කියන්නේ නිකන්ම නිහඬව ඉන්න එක නෙවෙයි, ඒක හරිම ක්‍රියාකාරී මානසික උත්සාහයක්!

දන්න වචන vs නොදන්න වචන

"අම්මා" වගේ දන්න වචන කියවන කොට මොළයේ මතකය සහ අර්ථය ගලපන ප්‍රදේශ ක්‍රියාත්මක වෙනවා. ඒත් "බිම්බක" වගේ අර්ථයක් නැති, අපි අහලවත් නැති වචන කියවන කොට මොළය ක්‍රියාත්මක කරන්නේ ඒ අකුරු ටික ශබ්ද කරන්න උදව් වෙන ප්‍රදේශ. මේකෙන් තහවුරු වෙනවා, අපේ මොළය කියවීම සඳහා මාර්ග දෙකක් (two routes) පාවිච්චි කරනවා කියන එක. ඒක හරියට GPS එකක ඉක්මන් නුපුරුදු පාරයි, හුරු පුරුදු පාරයි තියෙනවා වගේ.

සාමාන්‍යයෙන් මස්තිෂ්කිකාව (Cerebellum) කියන්නේ චලනයන් පාලනය කරන මොළයේ කොටසක්. ඒත් මේ පර්යේෂණයෙන් හෙළි වුණා, කියවනකොටත්, විශේෂයෙන්ම දකුණු පැත්තේ මස්තිෂ්කිකාව හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා කියලා. නිහඬව කියවන කොට සහ වචන හඳුනාගන්න කොට වම් පැත්තේ මස්තිෂ්කිකාවත් ක්‍රියාකාරී වෙනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ, භාෂාව සම්බන්ධව මේ කොටසට අපි කලින් හිතුවට වඩා ලොකු කාර්යභාරයක් තියෙනවා කියන එක. මේ සියල්ලෙන් අපිට තේරෙන්නේ කියවීම කියන්නේ කොච්චර සංකීර්ණ ක්‍රියාවලියක්ද කියන එකයි.

"අපිට මොළයේ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම වැදගත් ඇයි?"

මේ පර්යේෂකයෝ කියනවා, සාමාන්‍යයෙන් පර්යේෂණ වලට පාවිච්චි කරන "මේ වචනය ඇත්තද නැත්තද" වගේ කියවීමේ කාර්යයන් වලින් ඇත්තටම ස්වභාවික කියවීමේදී මොළය ක්‍රියාකරන විදිහ සම්පූර්ණයෙන් මැනගන්න බැහැ කියලා. මේ වෙනස්කම් තේරුම් ගැනීමෙන් අපිට ඩිස්ලෙක්සියාව (dyslexia) වගේ කියවීමේ අපහසුතා තේරුම් ගන්නත්, ඒවට උදව් කරන්නත් පුළුවන්. ලංකාවේ අපි අතරෙත් කියවීමේ අපහසුතා තියෙන ළමයි සහ වැඩිහිටියෝ ඉන්නවා. ඔවුන්ට කියවීම කියන්නේ හරිම අභියෝගයක්. මේ වගේ පර්යේෂණ වලින් ලැබෙන දැනුම අපිට පුළුවන් ඔවුන්ට නිවැරදිව උදව් කරන්න, ඔවුන්ගේ මොළය කියවීමේදී මුහුණ දෙන අභියෝග තේරුම් ගන්න.

මම ඕනීම පර්යේෂණක් ගැන හදාරද්දී ඒක කරපු අය ගැනත් පොඩ්ඩක් හොයල බලනවා! ඉතින් Max Planck ආයතනය ගැන තොරතුරු ටිකක් තමයි,දැන් මේ කියන්න යන්නේ...

මේ ලිපියේ සඳහන් Max Planck ආයතනය, ඇත්ත වශයෙන්ම Max Planck Society for the Advancement of Science (Max-Planck-Gesellschaft zur Förderung der Wissenschaften) ලෙස හැඳින්වෙනවා. මේක ජර්මනියේ පිහිටි ඉතාමත් කීර්තිමත්, ලාභ නොලබන, රාජ්‍ය නොවන පර්යේෂණ සංවිධානයක්. විද්‍යාවේ දියුණුව වෙනුවෙන් මූලික පර්යේෂණ සිදුකිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ.

මේ ආයතනය 1911 වසරේදී "කයිසර් විල්හෙල්ම් සංගමය" (Kaiser Wilhelm Society) නමින් ආරම්භ වුණා. 1948 දී, ප්‍රකට න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකු වූ මැක්ස් ප්ලාන්ක් (Max Planck) මහතාට ගෞරවයක් වශයෙන් මෙය "Max Planck Society" ලෙස නම් කළා. මැක්ස් ප්ලාන්ක් මහතා නූතන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ (Quantum Mechanics) පියා ලෙස සැලකෙන අතර, 1918 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තා!

මේ සංවිධානයට ජර්මනියේ ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩු මගින් මූල්‍ය ආධාර ලැබෙනවා. 2024 ජනවාරි මාසය වන විට, Max Planck Society එකට අයත් ආයතන සහ පර්යේෂණ පහසුකම් 84ක් පමණ තිබෙනවා. මේවායින් බොහොමයක් ජර්මනියේ පිහිටා තිබුණත්, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ද ආයතන කිහිපයක් තිබෙනවා. 2023 වසර වන විට මේ ආයතනයේ 24,000කට අධික පිරිසක් සේවය කරනවා. ඔවුන් අතර පර්යේෂකයන්, ආචාර්ය උපාධිධාරීන්, ශිෂ්‍ය සහායකයින්, සහ visiting scientists ලා ඇතුළත්.

'Max Planck Society' ලෝකයේ සාර්ථකම සහ කීර්තිමත්ම පර්යේෂණ ආයතන අතරින් එකක් ලෙස සැලකෙනවා. මේ දක්වා ඔවුන්ගේ විද්‍යාඥයන් අතරින් නොබෙල් ත්‍යාගලාභීන් 30කට අධික සංඛ්‍යාවක් බිහි වී තිබෙනවා...

ඔවුන්ගේ පර්යේෂණ, ලෝකයට බලපාන වැදගත් සොයාගැනීම් රාශියක් සිදුකර තිබෙනවා. නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, නව තාක්ෂණ ක්‍රම, දේශපාලන, ව්‍යාපාර සහ සමාජයට අදාළ හදිසි ප්‍රශ්න වලට උපදෙස් දීම වැනි ක්ෂේත්‍ර ගණනාවකට ඔවුන් විශාල දායකත්වයක් ලබාදෙනවා! මේ විස්තර වලින් ඔබට 'Max Planck' ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා.

ඉතින් ඔයත් කියවන කෙනෙක්ද?

මේ ලිපිය කියවන ඔබ, අවුරුදු ගාණක් තිස්සේ පොත් පත්, පත්තර, සඟරා කියවන කෙනෙක් වෙන්න ඇති! දන්නවද ෆේස්බුක් එකේ මේ ලිපිය කියවද්දීත් ඔබේ මොළය මේ පුදුමාකාර ක්‍රියාවලීන් සියල්ලම සිදු කරනවා... අපි කියවන හැම වචනයක්ම, හැම වාක්‍යයක්ම අපේ මොළය අලුතෙන් හැඩගස්වනවා. ඒක අපේ දැනුම වැඩි කරනවා විතරක් නෙවෙයි, අපේ හිතන පතන විදිහත් වෙනස් කරනවා. ඔව්, අපි කියවද්දි අපේ මොළය පුදුමාකාර විදිහට හැඩගැහෙනවා. ඒක එකම මාර්ගයක යනවා වෙනුවට, විවිධ මාර්ග ඔස්සේ ගිහින් අපිට අලුත් දේවල් උගන්වනවා. ඒ නිසා, ඊළඟ වතාවේ ඔබ පොතක් අතට ගන්න කොට, මේ පුදුමාකාර ක්‍රියාවලිය ගැන මතක් කරන්න. ඔබේ මොළය ඇතුළේ වෙන මේ මැජික් එක ගැන ටිකක් හිතන්න! මොළයට හොඳම ව්‍යායාමය තමයි 'කියවීම'!

බැලුවම "කියවීම මිනිසා සම්පුර්ණ කරයි" කියන්නේ නිකම් නෙවෙයි නේද ?

I hope you found this article helpful and inspiring. Follow me ▶️Sagara Diyagama◀️ for more.

සාගර දියගම ©️ 2025
──────── •✧✧• ───────

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo