Sinhala Classes For Exams

Sinhala Classes For Exams

Share

Knowledge For All

30/05/2024

පිටපිට දින දෙකක් තුළ අත්විඳීමට ලැබුණු ජුගුප්සාජනක ජනක සිදුවීම. මෙවන් කාලකන්නි අදම රටක සේවය කරන්නට සිදුවීමත් අවාසනාවන්ත තත්ත්වයකි

මා අද දින පානදුර නගරයේදී මා සේවය නිම වී මතුගම කොළඹ බස් රථයට ගොඩ වී නිවසට යාම සඳහායි. බසයට ගොඩවන අවස්ථාවේදී මේ පුද්ගලයා මාගේ ජංගම දුරකථනය සොරා ගැනීමට උත්සාහ කරන ලද අතර මා එම අවස්ථාවේදී කලිසම් සාක්කුවට මෙම නපුංසක හොර දෙටුවා අත දමන අවස්ථාවේදීම අල්ලා ගැනීමට සමත් වූ නමුත් මා හට එම අවස්ථාවේදී උදව් කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවූයේ බස් රථයේ සිටියේ "පොන්න" පිරිසක් බැවිනි.මෙම පුද්ගලයා සමග තවත් පුද්ගලයකු මෙම අවස්ථාව සංවිධානාත්මකව හොරකමේ යෙදෙන අයුරු මට නිරීක්ෂණය වූයේ බස් රථය වෙත ගොඩවීමට ප්‍රථමයෙන් තවත් පුද්ගලයෙක් බස් රථයට අන් සැමට පෙර ගොඩ වී දේශනයෙන් නැවත ආපසු බිමට බැසීමට උත්සාහ කරන අතර එවිට එම ස්ථානයේ තදබදයක් නිර්මාණය කර ඊට පිටු පසින් මොහු පැමිණ සාක්කුවට අත දමන අවස්ථාවේදීම ජංගම දුරකථනය සොයා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ මාගේ විමසිලිමත්භාවය හේතුවෙනි. මා සෑම විටම මාගේ ආරක්ෂාව ගැන විමසිල්ලෙන් සිටි බැවින් මෙම හොරාගෙන් බේරීමට හැකි විය. පානදුර ප්‍රදේශයේදී පාසල් ළමුන්ද ඉලක්ක කර ගනිමින් පාසල ඇරෙන වෙලාවේදීම හොරකමේ නිරතව සිටි මෙම පුද්ගලයා ඔබ අඳුරනවානම් දැන්ම පොලිසිය වෙත දැනුම් දෙන්න.

"බයාදු නිවට පොන්නයන්සේ හැසිරුණු බස් රථයේ කොන්දොස්තරයාත් බස් රථයේ සිටි මගීනුත් ඉතා ලජ්ජාශීලී විය යුතුය. හොරෙකු දැක දැක අන්ධයින් සේ සිටීම පිළිබඳව"

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo