08/08/2026
අද අගෝස්තු 8 වැනිදා ලෝක පූස් දිනයයි....🔖📑🤩😽😻😺👨🦰
ඔබේ නිවසේ සුරතලයට ඇති කරන පූසා පිටුපස අප බොහෝදෙනෙක් නොදන්නා කතා රාශියක් ඇත....😲😼
වර්තමානයේ ලොව වෙසෙන දරුණුතම විලෝපිකයන් වන සිංහයන්, ව්‍යාඝ්‍රයන්, ජගුවර්, චීටා වැනි සතුන්ද අයත් වන Felidae කුලයට අයිති අපගේ සුරතලුන් වන බළලුන් මීට වසර මිලියන 10ත් 12ත් අතර කාලයේදී අප්‍රිකා මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශවල පරිණාමිකව සම්භවය විය..😹😹
බළලුන්ගේ ජීව විද්‍යාව...........................😾💀🤖
බළලුන් යනු පූර්ණ මාංශ භක්ෂක ආහාර රටාවක් අනුගමනය කළ සතුන් විශේෂයකි...🍗🍖😻😻
ඔවුන්ගේ දෘෂ්‍ය සංවේදනය ඉතා ඉහළ වන අතර රාත්‍රී කාලයේදී මිනිසුන්ගේ පෙනීම මෙන් 6 ගුණයක පෙනීමක් ඇත..
එම නිසා බොහෝවිට බළලුන් ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේය..
දහවල් කාලයේ නිදාගැනීම හෝ අලසව විවේකීව ගත කිරීම සිදු කරයි...😺😺
මොවුන්ගේ ගන්ධ සංවේදනයද ඉතා ඉහළය..
බළලුන්ගේ උරස් අස්ථිවල නම්‍යශීලීතාවය ඉතා ඉහළ බැවින් ඉතා කුඩා පටු විවරයන් හරහා සිය ශරීරය හකුලාගෙන ගමන් කිරීමට හැකියාව ඇත...🐈🐈
ඔවුන්ගේ කණ අභ්‍යන්තරයේ ජීව විද්‍යාත්මක ගයිරස්කෝපයක් පිහිටා ඇත..
එම නිසා බළලෙකු උඩුබැලි අතට ඉහළට වීසි කළත් දෙපා බිමට යොමුවන පරිදි ශරීරය හරවාගෙන පොළවට පතිත වීමට හැකියාව ඇත...🐈🐱
ඔවුන්ගේ සතර පාද වල පතුලේ කම්පන අවශෝෂණය කළ හැකි කොට්ට වැනි ව්‍යුහ පිහිටා ඇති අතර එම නිසා ඉහළ උසක සිට බිමට පතිත වීමේදී පාද වලට හානි වන්නේ නැත...🔕🔕
බළලුන්ගේ කන් වල අස්ථි රාශියක් පිහිටා ඇති බැවින් හිස් කබල නොසෙල්වා කන් පෙති අංශක 180ක් දක්වා හැරවීමට හැකියාව ඇත..🪗
එය රාත්‍රී දඩයම් කරුවෙක්ට ගොදුරට නොදැනී ගොදුර වෙත ලංවීමටත් අවට පරිසරයේ ශබ්ද වලට උපක්‍රමශීලීව සවන්දීමටත් හැකි මහඟු අනුවර්තනයකි...
බළලුන්ගේ ඇති සුවීශේෂීම හැකියාව වන්නේ ගස් නැගීමට ඇති හැකියාවයි..🐈🐈🌲🌳
බිළාල පවුලේ අනෙකුත් සතුන් මෙන් නොව බළලුන් ගස් නැගීමට ඉතා ශූරයෝය...🌳🌴
මිනිසාගේ පැරණිම මිතුරා පූසාද බල්ලාද???.............🐕🦺🐕🦺🐈🐈..............
බොහෝ සත්ව සහ පුරා විද්‍යාඥ්‍යන්ගේ පිළිගැනීම වනුයේ මිනිසාගේ පැරණිම මිතුරා බල්ලා වන බවයි..
නමුත් ඊට ප්‍රතිවිරුද්ධ මත දරන පිරිසක්ද සිටින අතර ඔවුන් පවසන්නේ මිනිසාගේ පැරණිම මිතුරා පූසා වීමට වැඩි ඉඩක් පවතින බවයි...😻😻
ඊට ප්‍රබල හේතු කීපයක්ම පවතී..
මිනිසුන් සහ බල්ලන් එකට සිටි බවට හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව බල්ලන් මිනිසුන් සමඟ මිතුරු වී ඇත්තේ මෙයට වසර 15,000කට පමණ පෙරය....බළලුන් සහ මිනිසුන් එකට වාසය කළ බවට සාක්ෂි ඇත්තේ මෙයට වසර 9500කට පමණ පෙරය...😽👨🦰
නමුත් වසර 20,000 කට වැඩි කාලයක පටන් බළලුන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව කාලය ගත කළ බවට පිළිගත හැකිවන්නේ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව නිතරම මීයන් වැනි සතුන් ගැවසීම නිසාය...😽🐈😼
තවද මිනිස් වාසස්ථාන ආශ්‍රිතව පැවති ආරක්ෂාව නිසා බළලුන් පැටව් බිහි කිරීමට මිනිසුන් සමීපයට පැමිණි බවද පිළිගත හැක..⚔️⛓️
තවද බල්ලා යනු වෘක පවුලට අයත් තරමක් දරුණු සත්වයෙකි..නමුත් පූසන් යනු බල්ලන්ට වඩා කුඩා ,ඉතා සුරතල් ස්වරූපයක් තිබූ සතුන් කොට්ඨාශයක් වූ බැවින් අපගේ ආදිකාලීන මුතුන්මිත්තන් බළලුන් සුරතලයට හදා වඩා ගන්නට ඇත..🐈🐱
නමුත් මිනිසුන් බළලුන් හදා වඩා ගන්නට වූ ප්‍රබලතම හේතුව වන්නේ අප දඩයම් යුගයෙන් කෘෂි යුගයට පිවිසීමේදී ධාන්‍ය ගබඩා කිරීමට පැවති ලොකුම අභියෝගය වූ මීයන් දඩයම් කිරීමට පූසන්ගේ පැවති හැකියාවයි....🐁🐀🐭🐀☠️☠️
වර්තමානයේද අප එම හැකියාවෙන් ප්‍රයෝජන ගන්නා බවට එක් උදාහරණයක් වන්නේ ලොව දියුණුම රටක් වන සිංගප්පූරුවේ ඩිස්නිලන්තය හා Universal Studio පරිශ්‍රය දිනපතා රාත්‍රී කාලයේ වසා දැමූ පසු මීයන් ගහණය පාලනය කිරීම සඳහා බළලුන් 200ක් පමණ එම පරිශ්‍රයට නිදහස් කර හරින බව පැවසේ...
බළලා ගැන නොයෙක් සංස්කෘතික හා ආගමික මත.....🕉️✡️🕎☪️☯️☸️......
ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරවල බල්ලන්ට නොමැති ගෞරවයක් හා උසස් ස්ථානයක් පූසන්ට ඇත...🐈⬛🐈
අපේ සමාජයේද බොහෝවිට බල්ලෙක් වාහනයකට හසුවී මරණයට පත්වුවහොත් එය එතරම් ගණනකට නොගන්නා පුද්ගලයින් පූසෙකු වාහනයකට හසුවී මළොත් වාහනය විකිණීමට පවා පෙළඹේ....☠️🐈
තවද අපේ පැරණි ගම් වල කළු බළලුන් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියක් පැවති අතර ඔවුන් බිළාල දේවතාවාගේ අවතාරයක් ලෙසද පිළිගැනීමක් ඇත...🐈⬛🐈⬛🐈⬛🐱🙏🙏
ඉස්ලාම් සංස්කෘතිය තුළ බල්ලා අපිරිසිදු සතෙකු ලෙස සැලකුවත් පූසා ඉතා පිරිසිදු සතෙකු ලෙස සලකයි..
තවද නබිනායක මුහම්මද් තුමා බළලුන්ට ඉතා ආදරය කළ බවද පැවසේ...☪️☪️🐱💕🩷
කෙසේ නමුත් බළලුන්ට ලොකුම ගෞරවය ලබාදී ඇත්තේ පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයයි...
ඊජිප්තු රජවරුන්ගේ මමී සමඟ බළලුන්ගේ මමීද හමුවී ඇති අතර ඊජිප්තු ජාතිකයන් බළලුන් දේවත්වයෙන් පුද කර ඇත..💚💖🙏🐈
කුමන තත්වයක් යටතේදීවත් බළලෙකු මරාදැමීම පුරාණ ඊජිප්තුවේ තහනම් වූ අතර බළලෙකු මරාදැමූ පුද්ගලයන්ට නියමිත දඬුවම වූයේ මරණීය දණ්ඩනයයි....⚔️☠️☠️
නොපෙනෙන සතුරන්ගෙන් අපව ආරක්ෂාකරන්නා.....⚔️🐈🏹.......
පුරාණ සෙල්ටික් ශිෂ්ටාචාරයේ පැවති පිළිගැනීමක් වන්නේ "බල්ලා යනු ඇසට පෙනෙන සතුරන්ගෙන් (සොරුන් වැනි) අපව ආරක්ෂා කරන්නා බවත්, ඇසට නොපෙනෙන සතුරන්ගෙන් අපව ආරක්ෂා කරන්නේ පූසන් බවත් ය". 🐈⚔️☠️
මිනිසුන්ට අගතියක් කරන යකුන්, භූතයින්, අවතාර වැනි අමනුෂ්‍ය බලවේග පළවා හැරීමට හා විකර්ෂනය කිරීමට බළලුන්ට හැකි බවට විශ්වාසයක් ලොව බොහෝ රටවල හා සමාජවල පවතී....💀💀💀
බළලුන්ගෙන් අපට වන බලපෑම....🐈🙂....
බොහෝ අය බළලුන්ගේ වඩාත්ම ප්‍රිය කරන ලක්ෂණය වන්නේ ඔවුන්ගේ පුරු පුරු හඬයි..මෙම ශබ්දයේ සංක්‍යාතය 50Hz සහ 150 Hz වන අතර එම ශබ්දය මඟින් අපගේ මානසික ආතතිය බොහෝදුරට සමනය කළ හැකි බවට දැන් දැන් බොහෝදුරට වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වී ඇත..
තවද සුරතල් පූසෙකු ඇතිකිරීම මඟින් හදවත් රෝග සහ අධි රුධිර පීඩනය වැනි රෝග සෑදීමේ සම්භාවිතාවයද බොහෝ දුරට අඩු වේ..🩷😻😻