18/11/2021
Pera Efac😍
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජයට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන විද්‍යාර්ථයින් බිහිකරන තවත් එක් පීඨයක් ලෙස ඉංජිනේරු පීඨය හැදින්විය හැක. සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉංජිනේරු යන දෙපාර්තමේන්තු 3 කින් පමණක් සමන්විත ව 1950 ජූලි 1 වන දින කොළඹ දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංජිනේරු පීඨය 1964 දී කොළඹ සිට පේරාදෙණියට ස්ථාන මාරුවීම සිදුවිය. පේරාදෙණිය හන්දියේ සිට කිලෝමීටර් 1.3 ක් ගම්පොල දෙසට යන ප්‍රධාන මාර්ගයේ පැමිණි විට හෙක්ටයාර 6 ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨය ඔබට දැකගත හැකිය.
Chemical and Process engineering
Civil engineering
Computer engineering
Electrical and Electronic engineering
Manufacturing and Industrial engineering
Mechanical engineering
Engineering mathematics
Engineering management
යන දෙපාර්තමේන්තුව අටකින් සමන්විත පීඨය තුළ Engineering Library, Laboratories, Drawing offices, Engineering Workshops, Computer Centre, English Language Teaching Unit (ELTU), Research and Development Unit ආදී ස්ථානවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත. දැනුම,කුසලතා ආකල්ප වලින් පරිපූර්ණ වෘත්තීය ඉංජිනේරුවන් බිහිකිරීම අරමුණු කරගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් ජාතිකව හා ජාත්‍යන්තරව පිළිගත් Bachelor of the Science of Engineering (BSc Eng.) සිව් අවුරුදු පූර්ණකාලීන උපාධිය පිරිනමනු ලැබේ. උපාධි පාඨමාලාවේ විෂය අන්තර්ගතය සකස් කර ඇත්තේ Technical courses සහ Non-Technical courses මගින් විෂය පිළිබඳ මනා දැනුමකුත් laboratory, design experience, project work, field work සහ industrial training වෘත්තිය පිළිබඳ මනා පුහුණුවක් සහ අවබෝධයක් ලබාගත හැකි වන පරිදිය. ශාස්ත්‍රිය අගය (credits) 102 ක් සම්පූර්ණ කිරීම මඟින් BSc Engineering උපාධිය ලබා ගත හැකි අතර credits 114 ක් සම්පූර්ණ කිරීම මගින් BSc Engineering degree with class honours ගෞරව උපාධි ලබා ගත හැකිය.
වාර්ෂිකව අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 420 ක් පමණ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබයි. එලෙස ඇතුලත් වෙන උපාධි අපේක්ෂකයන්ට English Language Teaching Unit හරහා පුහුණු ගුරුවරුන් විසින් ඉංග්‍රීසි පාඨමාලාවක් පවත්වන අතර ඒ කාලය තුල සිසුන්ගේ Soft skills වර්ධනය සඳහා දේශන සහ ක්‍රියාකාරකම් පවත්වනු ලබයි. පසුව එක් වර්ෂයක් සමාසික දෙකක් ලෙස මුළු පාඨමාලා කාලය හා සමාසික 08 ක් යටතේ අධ්‍යයනය කටයුතු සිදුකල යුතුය. පළමු වසර තුළ credits 36 ක් වන විෂයන් 12 කින් යුතු විෂය නිර්දේශය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ. පළවන හා දෙවන සමාසිකය තුල පවත්වන Mid සහ End විභාගවලින් පළමු වර්ෂය අවසානයේ ලබාගන්නා මුළු GPA අගය සහ තමන්ගේ කැමැත්ත මත පදනම්ව ඉදිරි වසර තුන සඳහා අධ්‍යයනය කිරීමට විශේෂීකරණ පාඨමාලාවට (Specialization Program) යොමුවිය හැකිය.
මෙලෙස පළමු වසර නිමාකරන උපාධි අපේක්ෂකයන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විශේෂීකරණ ක්ෂේත්‍ර 06 ක් (Field Specialization) හඳුන්වාදී තිබේ. එලෙස ක්ෂේත්‍රයක් තෝරා ගැනීමෙන් පසු ඊට අදාළ දෙපාර්තමේන්තුව යටතේ ඉදිරි වසර තුනක අධ්‍යයන කලයුතු නිමා කළ යුතුය.
විශේෂීකරණ ක්ෂේත්‍ර (Feild Specialization)
o රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු - Chemical and Process Engineering
o සිවිල් ඉංජිනේරු - Civil Engineering
o පරිගණක ඉංජිනේරු - Computer Engineering
o විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු - Electrical and Electronic Engineering
o නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු - Manufacturing and Industrial Engineering
o යාන්ත්‍රික ඉංජිනේරු - Mechanical Engineering
1) Department of Chemical and Process Engineering- රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව
රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා වසරකට සිසුන් 25 ක් පමණ තෝරාගනු ලැබේ. රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු උපාධිධාරීන්ට කුඩා හා මහා පරිමාණ භෞතික, රසායනික සහ ජෛව සැකසුම් කම්හල් වල ආරක්ෂිත,තිරසාර සහ ආර්ථික සැලසුම් වෙනස් කිරීම ,ක්‍රියාත්මක කිරීම , පාලනය කිරීම සහ ඵලදායි කළමනාකරණය සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ඇත.
එලෙස මෙම ක්ෂේත්රය තෝරාගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට සිදුවන විෂය පථයන් වන්නේ,
• Sustainable process industry
• Energy technology
• Environmental pollution control
• Refrigeration and air conditioning
• Combustion and emission technology
• Nuclear reaction technology
• Nanotechnology
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු වරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Petroleum refineries
• Chemical manufacturing
• Pharmaceutical industry
• Food processing industry
• Biotechnology industry
• Quality control & management authorities
• Industrial pollution control & composite
තවද දෙපාර්තමේන්තුව විසින් රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර වල PGDip., MSc, MSc Eng. , MPhil සහ PhD උසස් උපාධි සඳහා පර්යේෂණ, අධීක්ෂණය සහ පාරිසරික දූෂණ පාලන ඉංජිනේරු (EPC Eng.) පිළිබඳ විශේෂිත පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ.
2) Department of Civil Engineering - සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වසර 65 ක ඉතිහාසයක් තිබෙන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සදහා වසරකට සිසුන් 150 ක් පමණ තෝරාගනු ලැබේ. සිවිල් ඉංජිනේරු උපාධිධාරීන්ට මාර්ග,පාලම්,වේළි, ගොඩනැගිලි,පොදු උපයෝගීතා ස්ථාන,ජල සම්පාදන, මලාපවහන,වාරිමාර්ග,ජලාපවහන හා දූෂණ පාලන යෝජනා ක්‍රම,ආපදාකළමනාකරණ යෝජනා ක්‍රම ආදිය සැලසුම් කිරීම,ඉදිකිරීම හා කළමනාකරණය කිරීම පිළිබඳ දැනුම හා අවබෝධය ඇත.
එලෙස සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Structural engineering
• Highway and transportation engineering
• Environmental engineering
• Hydrological and irrigation engineering
• Geotechnical engineering
විෂයමාලාවේ කොටසක් වන ක්ෂේත්‍ර චාරිකා, සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලැබේ. ඒ වගේම සිවිල් ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගික අංශ පිළිබඳ දැනුම laboratory,field classes,design classes,multi disciplinary සහ field camp හරහා ලබා දෙනු ලැබේ.
මෙලෙස සිවිල් ඉංජිනේරුවරයෙක් ලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට වෘත්තීය වශයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Structural designing
• Building construction
• Road and highway Engineering
• Irrigation engineering
• Geotechnical engineering
• Wastewater management
• Disaster management
තවද, වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවන සිවිල් ඉන්ජිනේරු උපාධිධාරීන්ට Structural Engineering, Environmental and Water engineering, Geotechnical Engineering යන ක්ෂේත්‍ර වල පශ්චාත් උපාධි මට්ටමේ අධ්‍යාපනය ලබාදීම සඳහා අර්ධ කාලීන පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ.
3) Department of Computer Engineering - පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
1985 දී ආරම්භ කරන ලද පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව පීඨයේ ප්‍රමුඛතම දෙපාර්තමේන්තු අතරින් එකකි. පරිගණක ඉංජිනේරු උපාධිය පරිගණක විද්‍යාවේ සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේ අද්විතීය එකතුවක් ලෙස හැඳින්විය හැකිය. වසරකට සිසුන් 60 ක් පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තම උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබයි. පරිගණක ඉංජිනේරු උපාධිධාරීන්ට නවීන පරිගණක පාලිත මෘදුකාංග සහ දෘඩාංග සංරචක සැලසුම් කිරීම,සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමේ හැකියාව ඇත.මෙම ක්ෂේත්‍රය තෝරා ගන්නා සිසුන්ගෙන් 70% කට වඩා උපාධියට පෙර රැකියා සඳහා දීමනා ලැබෙන අතර 100% උපාධියෙන් පසු රැකියාව හිමිවේ.
එලෙස පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Software development
• Embedded systems (Hardware)
• Web application
• Networking
• Database management
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Software engineering
• Database administration
• Cyber security
• Data scientist
• Computer hardware engineer
• Computer network architect
• Web designer
• Computer animation developer
වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවන පරිගණක ඉංජිනේරු උපාධිධාරීන්ට M.Phil සහ PhD යන උසස් උපාධි පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පහසුකම් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ.
4) Department of Electrical and Electronic -විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව
පීඨයේ තවත් එක් වැදගත් දෙපාර්තමේන්තුවක් වන විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා වසරකට සිසුන් 100 ක් සුදුසුකම් සපුරනු ලැබේ. මෙම ක්ෂේත්රය තෝරාගන්නා උපාධිධාරීන්ට ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය ඇතුළුව විද්‍යුතයේ සියලු ආකාර සහ ප්‍රායෝගික යෙදීම් සම්බන්ධ දැනුම හා අවබෝධය ඇත. තවද මෙම ක්ෂේත්රය ඔස්සේ විශේෂීකරණය වන උපාධි අපේක්ෂකයන්හට පහත සඳහන් උපවිෂයන් හතරක් යටතේ තවදුරටත් විශේෂීකරණය වීමේ හැකියාව ඇත.
• Communication and information engineering
• Power,Energy systems and High voltage engineering
• Electronics and instrumentation Engineering
• Control, robotic and Automation engineering
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට විදුලි ඉංජිනේරු වරයෙකු ලෙස හෝ විද්‍යුත් ඉංජිනේරුවරයෙක් ලෙස තම වෘත්තීය කටයුතු සිදු කළ හැකිය.මෙලෙස වෘත්තීය කටයුතු සිදු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස,
• Principal electrical engineer
• Electrical distribution designer
• Aerospace electrical engineer
• Electrical project engineer
• Electrical control engineer
විද්‍යුත් ඉංජිනේරුවරයෙකු ලෙස,
• Acoustic consultant
• Aerospace engineer
• Broadcast engineer
• CAD Technician
• Control instrumentation engineer
• Design engineer
• Electrical engineer
• Electronics engineer
තවද, වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කැමැති උපාධිධාරීන් සඳහා ශාස්ත්‍රපති උපාධි මට්ටම දක්වා උපාධි වැඩසටහන් දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලැබේ. තවද, දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ පර්යේෂණ සංවර්ධනය මගින් සිසුන්ට විදුලි හා විද්‍යුත් ඉංජිනේරු විද්‍යාවේ බහුවිධ ක්ෂේත්‍ර වල ඔවුන්ගේ ව්‍යාපෘති සහ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාවන් සකසා දී ඇත.
5) Department of Manufacturing and Industrial Engineering - නිෂ්පාදන සහ කර්මාන්ත ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වසරකට උපාධි අපේක්ෂකයන් 40 ක් පමණ නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තම උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලබයි.මෙම උපාධිධාරීන්ට සාමාන්‍යයෙන් උපකරණ සහ යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම සංවර්ධනය කිරීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ඇත.
එලෙස නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Additive manufacturing
• Design,Assembly and Automation of machines
• Industrial Automation/Robotics/ PLC solutions
• Product Innovation and Prototyping
• Manufacturing process improvements
• Industrial engineering
• Manufacturing systems modeling and simulation
• Plan Layout design
• Materials selection and processing
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට නිෂ්පාදන සහ කාර්මික ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Manufacturing Engineer
• Product Engineer
• Quality assurance inspector
• Industrial mechanic
• Industrial electrician
• Manufacturing production supervisor
• Supply chain analysts
ඉංජිනේරු පීඨයේ workshops මෙම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර ඇත. Engineering workshops වල ලෝහ වැඩ (metal working) සදහා විවිධ සාම්ප්‍රදායික යන්ත්‍ර මෙවලම් මෙන්ම ලීවැඩ සඳහා wood workshop ඇත.
එමෙන්ම නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ.
6) Department of Mechanical Engineering- යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව
වර්තමාන ගෝලීය කර්මාන්තයේ හදවත වන යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉලෙක්ට්‍රොනික,පරිගණක සහ යාන්ත්‍රික උපාංග සමඟ වඩ වඩාත් ඒකාබද්ධ වෙමින් පවතී. වසරකට සිසුන් 40ක් පමණ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සඳහා තෝරා ගනු ලබයි. දියුණුව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ උපාංග සංවර්ධනය සඳහා අවශ්‍ය පුළුල් දැනුම සහ පුහුණුව ලබාදීමට යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව කටයුතු කරනුලැබේ. යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරීන්ට රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය,යන්ත්‍ර නිර්මාණය සහ තාප තරල වැනි විශේෂිත ශ්‍රේෂ්ඨ වල භෞතික සංසිද්දී අවබෝධ කරගැනීමට සහ භාවිතා කිරීමට අවශ්‍ය පුළුල් දැනුම ඇත.
එලෙස යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය තෝරා ගන්නා උපාධි අපේක්ෂකයන්ට අධ්‍යයනය කිරීමට ඇති විෂය පථයන් වන්නේ,
• Automobile
• Thermal and Vibration analysis
• Robotic systems and Automation
• Solar energy & ocean wave energy
• Combustion control and wind power
• Computational fluid dynamics, Hydraulic systems
• Refrigeration, Air-conditioning and Ventilation control
• Mechatronics
විෂය මාලාව මෙන්ම ඊට අවශ්‍ය ප්‍රායෝගික දැනුම විද්‍යාගාර හරහා ලබාදෙන අතර industrial training මගෙන් වෘත්තිය පුහුණුව ලබා දෙනු ලැබේ.
මෙලෙස උපාධිය සම්පූර්ණ කරන ඔබට යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිමය ලෙස කටයුතු කළ හැකි ක්ෂේත්‍ර වන්නේ,
• Automobile engineers
• Aviation and marine engineers
• Medical engineer
• Robotics and Industrial Automation
• Construction engineer
• Agricultural Engineer
• Manufacturing Engineer
තවද දෙපාර්තමේන්තු විසින් පූර්ණ කාලීන MPhil සහ PhD උපාධි වැඩසටහන් පිරිනමනු ලැබේ. ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අර්ධකාලීන MSc වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
මේ ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් පිරිනමන ලබන සිව් අවුරුදු උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් රජයේ හෝ පෞද්ගලික අංශයේ තෝරාගත් ක්ෂේත්‍රය අනුව වෘත්තීය තෝරා ගැනීමට හෝ වැඩිදුර අධ්‍යාපනය කටයුතු සඳහා යොමුවීමට ඔබට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.