Thashika Dilmin

Thashika Dilmin

Share

Advanced Level Chemistry

Photos from Thashika Dilmin's post 06/01/2026

🟠ජනවාරි මාසයේ සියලුම පන්ති වලට අදාළ සැලැස්ම🟠

වැඩි විස්තර සඳහා පහත අංක වෙත WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
💬 070 111 8185 - WhatsApp
💬 078 567 2734 - WhatsApp
💬 071 660 7725 - Monarch Education

Chemistry | තෂික දිල්මින්

01/01/2026

ලෝකය වෙනස් කළ අහඹු සොයාගැනීම 💀

විද්‍යා ඉතිහාසයේ සිදුවූ අහඹු සිදුවීම් අතරින් මිනිස් වර්ගයාගේ ඉරණම වැඩියෙන්ම වෙනස් කළ සිදුවීමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අද අපි කතා කරන්නේ නොපෙනෙන දේ දකින්නට ලෝකයට ඇසක් ලබාදුන් විල්හෙල්ම් රොන්ජන් (Wilhelm Röntgen) සහ X-ray සොයාගැනීමේ කතාවයි.

1895 වර්ෂයේ ජර්මනියේ වුර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයක් තුළ විල්හෙල්ම් රොන්ජන් පර්යේෂණයක් කරමින් හිටියා. ඔහු අධ්‍යයනය කරමින් සිටියේ කැතෝඩ කිරණ ගැනයි. පිටතට ආලෝකය නොයන ලෙස ඔහු තමන්ගේ විද්‍යුත් විසර්ජන නලය කළු පාට ඝන කාඩ්බෝඩ් එකකින් සම්පූර්ණයෙන්ම වහලා තිබුණේ.

නමුත් ඔහු පුදුම කරවන දෙයක් දැක්කා! නලය ක්‍රියාත්මක කරනවාත් එක්කම, ඒ අසල මේසය මත තිබුණු බේරියම් ප්ලැටිනෝසයනයිඩ් (Barium platinocyanide) ආලේප කළ තිරයක් අද්භූත ලෙස කොළ පාටින් බැබළෙන්න ගත්තා. නලය වහලයි තිබුණේ, එහෙනම් මේ එළිය ආවේ කොහෙන්ද?
රොන්ජන් තේරුම් ගත්තා මේක සාමාන්‍ය ආලෝකය නෙවෙයි කියලා. මොකද සාමාන්‍ය ආලෝකයට කළු කාඩ්බෝඩ් එකක් පසාරු කරගෙන යන්න බෑ. ඔහු විවිධ දේවල් මේ නලය සහ තිරය අතරට දාලා බැලුවා.

පොතක් තිබ්බම කිරණ ඒක හරහා ගියා.
ලී ලෑල්ලක් තිබ්බම ඒක හරහාත් ගියා.
හැබැයි ඊයම් සහ ලෝහ වර්ග හරහා මේ කිරණ ගමන් කළේ නෑ.

මේ කිරණ වර්ගය මොකක්ද කියලා විද්‍යාව එතෙක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ගණිතයේදී නොදන්නා පදය හඳුන්වන්න ගන්න "X" අකුර පාවිච්චි කරලා රොන්ජන් මේකට "X-කිරණ" (X-rays) කියලා නම තිබ්බා.

මේ පර්යේෂණයේ උච්චතම අවස්ථාව සනිටුහන් වුණේ රොන්ජන් තමන්ගේ බිරිඳ වන බර්තාගේ අත මේ කිරණ හරහා යවා ඡායාරූප තහඩුවකට ලබාගත් අවස්ථාවේදීයි. ඡායාරූපය දැකපු ගමන් බර්තා බය වුණා. ඇය දැක්කේ ඇගේ ඇඟිලිවල ඇටසැකිල්ල සහ ඇය පැළඳ සිටි මුද්ද විතරයි. "මම මගේ මරණය ඇස් දෙකෙන්ම දැක්කා" කියලා ඇය කෑගැසුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මොකද එතෙක් කල් ඇටසැකිල්ලක් දකින්න ලැබුණේ කෙනෙක් මැරුණට පස්සේ විතරයි!

තමන් සොයාගත් මේ අසහාය සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ගන්න රොන්ජන් ප්‍රතික්ෂේප කළා. ඔහුට ඕන වුණේ මුළු ලෝකයටම මේ තාක්ෂණය නොමිලේ පාවිච්චි කරලා රෝගීන්ගේ ජීවිත බේරාගන්න ඉඩ දෙන්නයි. ඒ උතුම් මෙහෙවර සහ විද්‍යාත්මක සොයාගැනීම වෙනුවෙන් 1901 වසරේදී ලෝකයේ පළමු භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විල්හෙල්ම් රොන්ජන්ට පිරිනැමුවා.

අද අපි රෝහලකට ගිහින් X-ray එකක් ගන්න හැම වාරයක් පාසාම, එදා ඒ අඳුරු කාමරයේදී රොන්ජන් දැල්වූ ඒ එළිය අපේ ජීවිත ආරක්ෂා කරනවා. විද්‍යාව කියන්නේ හුදු සමීකරණ නෙවෙයි, එය කුතුහලය සහ නිරීක්ෂණය මත ගොඩනැගුණු අපූරු ගවේෂණයක් කියන එක සනාථ කරන්න හොඳම උදාහරණයක් තමයි අපි මේ කතා කළ X-ray සොයාගැනීම.

Chemistry | තෂික දිල්මින්

31/12/2025

සුබ නව වසරක් | 2026

Photos from Thashika Dilmin's post 16/12/2025

2026 Chemistry Revision+Paper
නව පන්ති ආරම්භය

📅 දෙසැම්බර් 17 බදාදා (හෙට)
⏰ පෙ.ව.9.00 - ප.ව.3.00
📍Monarch Education - දෙල්ගොඩ

විෂය කරුණු (Theory) සහ ප්‍රශ්න පත්‍ර (Papers) විවරණය තුළින් රසායන විද්‍යාව විෂය පථය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙන විශේෂ පුනරීක්ෂණ පන්තියක් (Revision + Paper Class) වන අතර,
❄️පැහැදිලි සිද්ධාන්ත,
❄️තර්කානුකූල ගැටළු විසඳීම්,
❄️විභාග ඉලක්කගත පුහුණුව සමඟින්,
ඔබේ ප්‍රතිඵලය තහවුරු කරන විශේෂ වැඩපිළිවෙලකි.

වැඩි විස්තර සඳහා පහත අංක වෙත WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
💬 070 111 8185 - WhatsApp
💬 078 567 2734 - WhatsApp
💬 071 660 7725 - Monarch Education

Chemistry | තෂික දිල්මින්

Instagram: instagram.com/thashikadilmin?igsh=cXM5NmJudG93M2ow&utm_source=qr

14/12/2025

2026 Chemistry Revision + Paper
නව පන්ති ආරම්භය

📅 දෙසැම්බර් 17 (බදාදා)
⏰ පෙ.ව.9.00 - ප.ව.3.00
📍Monarch Education - දෙල්ගොඩ

විෂය කරුණු (Theory) සහ ප්‍රශ්න පත්‍ර (Papers) විවරණය තුළින් රසායන විද්‍යාව විෂය පථය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙන විශේෂ පුනරීක්ෂණ පන්තියක් (Revision + Paper Class) වන අතර,
❄️පැහැදිලි සිද්ධාන්ත,
❄️තර්කානුකූල ගැටළු විසඳීම්,
❄️විභාග ඉලක්කගත පුහුණුව සමඟින්,
ඔබේ ප්‍රතිඵලය තහවුරු කරන විශේෂ වැඩපිළිවෙලකි.

වැඩි විස්තර සඳහා පහත අංක වෙත “26R Chemistry” ලෙස WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
💬 070 111 8185 - WhatsApp
💬 078 567 2734 - WhatsApp
💬 071 660 7725 - Monarch Education

Chemistry | තෂික දිල්මින්

Photos from Thashika Dilmin's post 13/12/2025

“තව හොයන්න දෙයක් නෑ...”

19 වන සියවස අවසන් වන විට ලෝකයේ ප්‍රබලතම විද්‍යාඥයින් විශ්වාස කළේ නිව්ටන්ගේ නියමයන් සහ මැක්ස්වෙල්ගේ විද්‍යුත් චුම්භක වාදය මගින් විශ්වයේ සියලුම දේ පැහැදිලි කර අවසන් බවයි. නමුත් සොබාදහම විසින් විද්‍යාඥයින්ට උභතෝකෝටික ප්‍රශ්නයක් ඉතුරු කරලා තිබුණා. ඒ තමයි “කෘෂ්ණ වස්තු විකිරණය” (Black-body Radiation).

රත්වූ වස්තුවකින් නිකුත් වන ආලෝකය (විකිරණය) ගැන පැහැදිලි කරන්න ගියාම සාම්ප්‍රදායික භෞතික විද්‍යාව (Classical Physics) සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. එහි නියමයන්ට අනුව ගණනය කිරීම් කළාම ලැබුණේ, වස්තුවක් රත් වෙන්න රත් වෙන්න එයින් නිකුත් වන ශක්තිය “අනන්තය” (Infinite) දක්වා වැඩි විය යුතු බවයි. නමුත් ඇත්ත ලෝකයේ එහෙම වෙන්නේ නෑ කියලා ඕනම කෙනෙක්ට පේනවා.

1900 වර්ෂයේදී ජර්මානු ජාතික මැක්ස් ප්ලාන්ක් (Max Planck) මේ ගැටලුව විසඳන්න අමුතුම උපකල්පනයක් කළා. ඇත්තම කිව්වොත් ඔහු පවා මුලින් මේ අදහසට කැමති වුණේ නෑ.

එතෙක් කල් හැමෝම හිතුවේ ශක්තිය (Energy) කියන්නේ අඛණ්ඩව ගලාගෙන යන දෙයක් (Continuous Wave) කියලා. හරියට වතුර කරාමයකින් වතුර ගලාගෙන යනවා වගේ.

නමුත් ප්ලාන්ක් කිව්වා, “නෑ! ශක්තිය ගමන් කරන්නේ අඛණ්ඩව නෙවෙයි. එය ගමන් කරන්නේ කුඩා කුඩා පැකට් විදිහට.” ඔහු මේ ශක්ති පැකට්ටුවට නමක් තිබ්බා - “ක්වොන්ටා” (Quanta).

ඒ වගේම ඔහු ලෝක ප්‍රකට E = hv සමීකරණය ගොඩනැගුවා. (මෙහි ‘h’ යනු ප්ලාන්ක් නියතය වන අතර ‘v’ යනු සංඛ්‍යාතයයි).

සම්භාව්‍ය විද්‍යාව හිතුවේ අපිට කඩේකින් සීනි ගන්න ගියාම ඕනෑම ප්‍රමාණයක් (ග්‍රෑම් 1.0001 ක් වුණත්) ගන්න පුළුවන් කියලා.

නමුත් ප්ලාන්ක් කිව්වේ “නෑ, සොබාදහම සීනි විකුණන්නේ පැකට් විදිහට විතරයි. එක්කෝ පැකට් 1යි, නැත්නම් 2යි. පැකට් එකහමාරක් ගන්න බෑ.” කියන විප්ලවීය අදහස.

ප්ලාන්ක්ගේ මේ ක්වොන්ටම් උපකල්පනය එදා විද්‍යාව උඩු යටිකුරු කළා. පසුකාලීනව ඇල්බට් අයින්ස්ටයින් ආලෝකය කියන්නෙත් ෆෝටෝන (Photons) කියන අංශු වලින් හැදුනු දෙයක් කියලා ඔප්පු කරන්න පාවිච්චි කළේත් මේ ප්ලාන්ක්ගේ මතයයි. ඒ වගේම නීල්ස් බෝර් පරමාණුවේ ව්‍යුහය පැහැදිලි කළේත් මේ මත පදනම් වෙලා.

අද අපි පාවිච්චි කරන පරිගණකය, ජංගම දුරකථනය, MRI ස්කෑනර් යන්ත්‍රයේ සිට න්‍යෂ්ටික බලාගාරය දක්වා සියලුම තාක්ෂණයන්ගේ ප්‍රධාන කොටස්කාරයෙක් වෙන්නේ මැක්ස් ප්ලාන්ක්.

මැක්ස් ප්ලාන්ක් වරක් කිව්වා, “විද්‍යාව කියන්නේ සොබාදහමේ අභිරහස් විසඳන්න යන ගමනක් මිසක්, අවසාන ගමනාන්තයක් නෙවෙයි” කියලා.

Chemistry| Thashika Dilmin

11/12/2025

2026 Chemistry Revision + Paper
නව පන්ති ආරම්භය…❄️

📅 දෙසැම්බර් 17 (බදාදා)
⏰ පෙ.ව.9.00 - ප.ව.3.00
📍Monarch Education - දෙල්ගොඩ

📚 එදින ආවරණය කෙරෙන ඒකක
1. ව්‍යුහය හා බන්ධන (Structure and Bonding)
2. රසායනික ගණනය (Chemical Calculations)

විෂය කරුණු (Theory) සහ ප්‍රශ්න පත්‍ර (Papers) විවරණය තුළින් රසායන විද්‍යාව විෂය පථය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙන විශේෂ පුනරීක්ෂණ පන්තියක් (Revision + Paper Class) වන අතර,
❄️පැහැදිලි සිද්ධාන්ත,
❄️තර්කානුකූල ගැටළු විසඳීම්,
❄️විභාග ඉලක්කගත පුහුණුව සමඟින්,
ඔබේ ප්‍රතිඵලය තහවුරු කරන විශේෂ වැඩපිළිවෙලකි.

වැඩි විස්තර සඳහා පහත අංක වෙත “26R Chemistry” ලෙස WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
💬 070 111 8185 - WhatsApp
💬 078 567 2734 - WhatsApp
💬 071 660 7725 - Monarch Education

Chemistry | තෂික දිල්මින්

28/11/2025

Stay safe. Stay informed. ❤️

23/11/2025

2026 Revision ආරම්භය
දෙසැම්බර් මුල් සතියේ සිට

❄ වැරදුණු තැන් හදාගෙන, නිවැරදි මඟ පෙන්වීමත් එක්ක මඟහැරුණු සිහිනය යථාර්ථයක් කරගැනීමට ශීත ඍතුවේ දී අපි මුණ ගැහෙමු.

🟢 වැඩි විස්තර සඳහා පහත සමූහයට එක් වන්න.
https://chat.whatsapp.com/D2QAZfm2BQxLHQXrEwDEuW

Chemistry | Thashika Dilmin

18/11/2025

🔴පරමාණුවේ "අතුරුදහන් වූ" ස්කන්ධය සොයාගිය ගමන

1930 දශකය ඇරඹෙන විට විද්‍යා ලොව තුළ ලොකු ප්‍රෙහෙළිකාවක් තිබුණි. ඒ වන විට ප්‍රෝටෝන (Protons) සහ ඉලෙක්ට්‍රෝන (Electrons) සොයාගෙන තිබුණත්, පරමාණුවේ මුළු ස්කන්ධය ගණනය කිරීමේදී ගණිතය ⁣නිවැරදි වූයේ නැත. උදාහරණයක් ලෙස හීලියම් (Helium) පරමාණුවක ප්‍රෝටෝන ඇත්තේ 2ක් වුවද, එහි ස්කන්ධය ප්‍රෝටෝන 4ක ස්කන්ධයට සමාන විය. එසේනම් ඉතිරි ස්කන්ධයට වගකියන, ඇසට නොපෙනෙන අංශුව කුමක්ද? 🤔

1932 දී බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් චැඩ්වික් (James Chadwick) මෙම අභිරහස විසඳීමට පෙරමුණ ගත්තේය. ඔහු සිදු කළේ ඓතිහාසික පරීක්ෂණයකි.

1️⃣ ඔහු ස්වභාවික විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන පොලෝනියම් (Polonium) මගින් නිකුත් කරන අධිවේගී ඇල්ෆා අංශු ධාරාවක් ලබා ගත්තේය.
2️⃣ එම ඇල්ෆා අංශු ධාරාව සැහැල්ලු ලෝහයක් වන බෙරලියම් (Beryllium) තහඩුවක් වෙත එල්ල කළේය.

එවිට සිදුවූයේ පුදුම සහගත දෙයකි! බෙරලියම් ලෝහයෙන් අධික ශක්තියක් ඇති අදෘශ්‍යමාන කිරණ විශේෂයක් නිකුත් විය. මුලදී විද්‍යාඥයින් සිතුවේ මෙය ගැමා කිරණ (Gamma rays) බවයි. පසුව චැඩ්වික් විසින් ගණිතමය වශයෙන් තහවුරු කළේ මෙය ශක්තියක් නොව, ප්‍රෝටෝනයක ස්කන්ධයට ආසන්න ස්කන්ධයක් ඇති නමුත් විද්‍යුත් ආරෝපණයක් (Charge) නොමැති අංශු විශේෂයක් බවයි. ආරෝපණයක් රහිත නිසා (Neutral) මෙම අංශුවට "නියුට්‍රෝනය" ලෙස නම් තබන ලදී. මෙම සොයාගැනීම රසායන විද්‍යාවේ (Chemistry) සහ න්‍යෂ්ටික විද්‍යාවේ (Nuclear Science) දැවැන්ත පිම්මක් විය. පරමාණුවේ න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකට බැඳී පවතින බව තහවුරු වූයේ එතැන් පටන්ය.

🎓 දැනුමට යමක්:
මෙම සොයාගැනීම වෙනුවෙන් 1935 දී ජේම්ස් චැඩ්වික් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

Chemistry | Thashika Dilmin

16/11/2025

2027 Advanced Level
Chemistry | Theory
Unit 03
රසායනික ගණනය

♥ නිවාඩු කාලය තුළ සෑම සඳුදා ම
🕘 ප.ව.5.00-8.00
📌 MONARCH - දෙල්ගොඩ

🔅 සියලු දෙනාටම නිදහස් ප්‍රවේශය
🔅 මුල් පාඩම් ආවරණය වී නොමැති සිසුන්ට ද සම්බන්ධ විය හැකිය.

🟢 Official Group:
https://chat.whatsapp.com/HTNJQMtrM6GL3CPyOMyXMb

☎ More Information
💬 070 111 8185 - Call
💬 078 567 2734 - WhatsApp
📞 071 660 7725 - MONARCH

Chemistry | Thashika Dilmin

13/11/2025

2027 Advanced Level
Chemistry | Theory

Unit 02
ව්‍යුහය සහ බන්ධන

♥ නිවාඩු කාලය තුළ සෑම සිකුරාදා ම
🕘 පෙ.ව.9.00-3.00
📌 MONARCH - දෙල්ගොඩ

🔅 මුල් පාඩම් ආවරණය වී නොමැති සිසුන්ට ද මෙදින අප සමඟ සම්බන්ධ විය හැකිය.

🟢 Official Group:
https://chat.whatsapp.com/HTNJQMtrM6GL3CPyOMyXMb

☎ More Information
💬 070 111 8185 - Call
💬 078 567 2734 - WhatsApp
📞 071 660 7725 - MONARCH

Chemistry | Thashika Dilmin

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo