13/04/2022
මොකක්ද මේ මෙන්ටොලොජි?
ඔබ දන්නවාද?
සමාජ ජාල (Social Media) යන්න අපේ පෘථිවි තලයට උපමා කලහොත් නිතැතින්ම එහි මහා සාගරය වන්නේ මුහුණු පොතයි (Facebook). Oberlo නිල වෙබ් අඩවියට අනුව නම් 2021 වසරේ ලොව පුරා සමාජ ජාලා පරීශීලකයන්ගෙන් 59% ක් ම භාවිතා කොට ඇත්තේ මුහුණු පොත යි. ඒ වගේම 2021 වසරේලොව පුරා සාමන්‍ය වශයෙන් පරිශීලකයන් බිලියන 2.8 (කෝටි 280) පමණ පිරිසක් මාසිකව මුහුණු පොත භාවිතා කොට ඇති අතර දෛනික මුහුණු පොතේ පරිශීලකයන් ප්‍රමාණය බිලියන.1.84 (කෝටි 184) පමණ අගයක් ගනී. මෙය ඔබේත් මගේත් පොදු සයිබර් නිවහනයි!
නිවැරදි සංඛ්‍යා දත්ත සොයා ගැනීම දුෂ්කර වුවත් පවතින දත්ත අනුව ලොව පුරා කුඩා ව්‍යාපාර මිලියන 200කට (කෝටි 20) අධික සංඛ්‍යාවක් මුහුණු පොතේ නිල පිටු (Facebook Official Pages) පවත්වා ගෙන යයි. මුහුණු පොතේ පිටු පවත්වාගෙන යන්නේ කුඩා ව්‍යාපාර පමණ ද? මහා පරිමාණ සමාගම්, සමාජ ක්‍රියාකාරීන්, ආගමික සංවිධාන, රාජ්‍ය ආයතන, දේශපාලන පක්ෂ...... මුහුණු පොතට ඔවුන් දක්වන ප්‍රවේණිගත උරුමය ද එලෙසම පවතී. එසේනම්, කොපමණ පිටු ප්‍රමාණයක් මුහුණු පොතේ ඇත් ද?ආසන්න වශයෙන් බිලියනයක් පමණ...
එම බිලියනක් පමණ වන මුහුණු පොත් පිටු ක්ශීරපථයේ ලඟදී සොයා ගැණුනු ඉතා කුඩා ග්‍රහලොවකි මෙන්ටොලොජි ය... ඔව් ඒ ඔබ මෙම සටහන කියවන පිටුව...
මෙම මෙන්ටොලොජිය තුළ ප්‍රවර්ධනය වන භාණ්ඩා හෝ සේවා නොමැත, පුම්බා උඩ අරින හිස් චරිත ද අපට නොමැත, කිසිදු ආගමික අන්තවාදයක් නොමැත, දේශපාලනයක් ද නොමැත, දෛනික උණුසුම් පුවත් බෙදාහරිමින් ලබාගන්නා රීච් ද නොමැත, එහෙනම් මෙන්ටොලොජි කුමටද?
1990 න් පසුව ලෝකෙට උපන් පරම්පරාව නව දැනුමින් සන්නද්ධ කරමින් සහ ගෝලීය ප්‍රවණතා පිළිඹඳ අරුත්බර අනුවර්තනයක් ලබා දීම වෙනුවෙන් මෙන්ටොලොජිය බැඳී සිටියි. ඇත්තෙන්ම මෙන්ටොලොජියට අරමුණු මට්ටම් දෙකක් ඇත. ඔබ දැක්කේ පළමු මට්ටම පමණි. දෙවන මට්ටම? එනම් මෙන්ටොලොජියේ පළමු අරමුණ පිහිටුවා ගත්තේ ඇයි ද යන්නයි. ඔබට නව දැනුමක් ලබා දෙන්නේත්, ප්‍රවණතා අනුවර්තනය කරන්නේත් ඔබේ දූපත් මානසිකත්වය දියාරු කොට ඒ වෙනුවට ගෝලීය මානසිකත්වයක් ආරෝපණය කිරීමයි.
අප දූපතෙන් ලෝකයට බුද්ධිමය සංක්‍රමණයකට ප්‍රවේශ වීම සඳහා මුල් පියවර තබමු. ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම බැඳෙන සයිබර් තිඹිරිගෙය මෙන්ටොලොජිය වනු ඇත.
දැනුම තුළින් සාර්ථකත්වය කරා....
11/10/2020
05/08/2020