24/05/2016
දයාබර අසෝකියනි,
ගංවතුරෙන් විපතට පත් අප පාසලේ සහෝදර සිසුන්ට පහත සදහන් ද්‍රව්‍ය අවශ්‍යව තිබේ.
උසස් පෙළ / ද්විතික අංශයේ සිසුන් සදහා,
දිග සුදු කලිසම් (ඉන ප්‍රමාණය: 29/30)
නිල් කලිසම්
සුදු කමිස
සුදු බැනියම්
යට ඇඳුම්
සපත්තු සදහා වව්චර් (Gift Vouchers)
සුදු මේස්
කුඩා තුවා / ලේන්සු
අභ්‍යාස පොත් 10 / පෑන් 6
පැන්සල් / මකන
ප්‍රාථමික අංශයේ සිසුන් සදහා,
සුදු කමිස
නිල් කොට කලිසම්
පාට ඇඳුම්
සුදු මේස්
සපත්තු සදහා වව්චර් (Gift Vouchers)
පැන්සල් / මකන / කටර් / පාට පැන්සල්
පොත් (කොටු රූල් / තනි රූල් )
වතුර බොන බෝතල්
කෑම පෙට්ටි
සෙරෙප්පු කුට්ටම්
අප පාසලේ සිසුන් 300 කට අධික ප්‍රමාණයක් අවතැන්ව ඇති බැවින් ඉහත සදහන් දෑ තමන්ට හැකි පමණ ගෙනවිත් ඉදරි දින 2ක ඇතුලත පාසලේ සහන ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන 2කින් එකකට ගෙනැවිත් බාර දෙන්න.
ඔබගේ නොමද සහයෝගය අප පාසලේ අසරණ සිසුන් වෙත ලබා දී පාසැල වෙනුවෙන් ඔබගේ යුතුකම ඉටු කරන්න