12/10/2025
Sandun Herath
See it, hear it, do it, say it, learn it
Did i say Do IT? Physics is Everywhere!
12/10/2025
02/08/2025
මෙය කියවා බැලිය යුතු ලිපියකි.
සුද්දා රට ඇර ගිහින් නැහැ.
එයාලට රිද්දවපු හැමෝගෙන්ම පලි ගන්නවා. ඒක එහෙම වෙන බවට එයාලගෙ මෙහේ ඉන්න ඒජන්තයින් වග බලා ගන්නවා. මේ ඒ වගේ කතන්දර වලින් එකක්.
"වීදිය පැලැල්ලේ බණ්ඩාර"
නොහොත් හගුරන්කෙත ඩිංගිරාළ ❤️
නොතකා හරින ලද ගල් පතුරක් සෙවනේ සදා නිදන මිනිසා.
රටේ ස්වෛරී භාවය වැනසූ යුරෝපීයන් අතිශය ගෞරව සම්ප්රයුක්තව අලංකාර සොහොන් කොත් වල
සුව සේ සතපවා, තමා උපන් දේශය වෙනුවන් යුරෝපීයන් අතින් කුරිරු ලෙස ඝාතනය වූ
ජන සම්මතයෙන් තේරී පත් වූ අභිෂේකප්රාප්ත වීදියපැලැල්ලේ බණ්ඩාර නම් වූ
ඩිංගිරාළ රජු
මිහිදන් වූ තැන සොහොන් කොත් බැඳීම තබා වසර 172ක් ගත වී යන මේ වන තෙක් කිසිදු "රජයකට" රජු ගේ සුසානය හඳුනා ගැනීම ට සලකුණක් හෝ තැබීමට නොහැකි වීම කණගාටුවකි.
ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් විසිනි. සලකුණක්වත් හඳුනාගන්නට නැතිව වීර සිංහලයන්ව ඉතිහාස පොතෙන් මකා දමා ඇත. ඔවුන්ව සිනහවට ලක් කර ඇත. ඒ සිය උපන්බිමේදීම තමුන්ගේම සිංහලයන් විසින් වීම නින්දා සහගතය.
1848 නිදහස් සටනේ දී හිරු නොබසින අධිරාජ්‍ය භීතියට පත් කළ ඌව, දුම්බර, හඟුරන්කෙත, හේවාහැට, කොත්මලේ, මාතලේ,කුරුණෑගල, පුත්තලම ආදී ප්‍රදේශ වල කිරුළු පළන් අභිෂේක ලත් සත්කෝරලේ රජු බව සිංහලුන් දනිත් නම්...
සැමදා කුරුණෑගල - ත්‍රිකුණාමලය මාවතේ යන්නේ එන්නේ ලක් මවගේ නිදහස වෙනුවෙන් දිවි දුන්, ආදී සිංහලයන් දනින් වැටී නැමදූ සිංහලේ අවසන් බලාපොරොත්තුව වීදිය පැලැල්ලේ බණ්ඩාර හෙවත් හඟුරන්කෙත ඩිංගිරාළ රජු ගේ සිරුර මතින් බව දනිත් නම්......
ඉතිහාස පොතෙන් අතුගා දැමූ නිදහස් සටනේ සැබෑවීරයා
සිංහලේ රාජාභිෂේකය ලැබූ අවසන් රජු වීදිය පැලැල්ලේ බණ්ඩාර (හඟුරන්කෙත ඩිංගිරාළ) රජු ට නිසි ගෞරවය පුද කිරීමේ සටන 2020.02.04 අද දින ආරම්භ කරන බව සනිටුහන් කරමි... ඉතිහාසයට ආදරේ සැවොම එක් වෙයන්....
(මේ සටනට කුමක් වූවාදැයි නොදනිමි)
1832 රේන්ද පනත ආරම්භ කරමින් ගුරුදෙණිය, කන්දහන්දිය, හඟුරන්කෙත විවෘත වු තැබෑරුම් වලට එරෙහිව පළමු වෙඩි මුරය තැබූ හඟුරන්කෙත මාදංවල උපන් ඩිංගිරාළ විරුවා 1840 දී ගෙන ආ මුඩු බිම් පනත හා 1848 ගෙන ආ බදු ක්‍රමය ට විරුද්ධව 1848 දී මහතලා හටන නමින් හැඳින්වෙන දෙවන නිදහස් සටනට මුලපිරීය.
මෙහිදී පෑලියගොඩ ඩේවිඩ් නම් වූ ගොන්ගාලේගොඩ බණ්ඩා, මොරටුවේ ප්රැන්සිස්කු ප්‍රනාන්දු නම් වූ පුරන් අප්පු ඩිංගිරාළ සමඟ එක් වූ අතර 1848.07.30 වන දින දඹුල්ල විහාරයේදී ශ්‍රී ලංකාද්වීපයේ අභිනව රජු ලෙස ගොන්ගාලේගොඩ බණ්ඩා ද යුව රජු ලෙස හා සත්කෝරලේ රජු මෙන්ම දුම්බර ඈපා ලෙස ඩිංගිරාළ පත් කොට පුරන් අප්පු මහ ඇමති ලෙස පත් කරන ලදි.
ගොන්ගාලේගොඩ බණ්ඩා රජු මාතලේ හරහා කටුගස්තොට ටද ඩිංගිරාළ රජු කුරුණෑගල හරහා කටුගස්තොට ටද පැමිණීමට කතිකා කරගත් අතර ඩිංගිරාළ රජු කුරුණෑගල නගරය අධිරාජ්‍යවාදීන් ගෙන් මුදාගත් අතර 1848.08.02 දින බම්බා විහාරයේ ලැගුම් ගන්නා ලදී. නැවත සංවිධානය වූ ඩිංගිරාළ ඇතුළු පිරිස ලුනුකඩ නම්වූ වර්තමානයේ කුරුණෑගල වැල්ලව ලුනුකඩවැල්ල විහාරයට පැමිණ ලැගුම් ගත් අතර 1848.08.03 දින නිකුත් කළ අධිරාජ්‍යවාදී නියෝගයකට අනුව 1948.08.04 දින දොරටියාවේ රටේ රාළ විසින් ලබා දුන් ඔත්තුවකට අත්අඩංගුවට පත් විය.
අග රැජින ගේ නීත්‍යානුකූල ආණ්ඩුව බිඳ දැමීමේ අදහසින් රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස 1848 අගෝස්තු මස 02 හා 04 වැනිදා අතර කාලය තුළ දී කුමන්ත්රණයේ යෙදීම, වෙනත් රාජද්‍රෝහී බලවේග සමග එක් වී මහ රැජින ගේ ආණ්ඩුවේ සාධාරණ පාලනය කඩා දමා ආණ්ඩු බලය අල්ලා ගැනීමට තැත් කිරීමේ චෝදනාව යටතේ යුෂ්මතා ට එරෙහිව දඬුවම් නොකිරීමේ හේතුවක් වෙතොත් කීමට දැන් කාලය එලඹ තිබේ (1848.08.05)...යි චෝදනාවෙන් කියවිණි. කිසිදු පැකිලීමකින් සැලකිලිමත් වෙනසකින් තොරව " චෝදනාව පිළිබඳ කීමට දෙයක් මට නැහැ" යි සෘජුව ඩිංගිරාළ පිලිතුරු දෙන ලදි.
උතුම් ඉංග්‍රීසි ආණ්ඩුවේ අග රැජින ගේ සාධාරණ පාලනයට ද්‍රෝහී ව කැරලි ගැසීමේත්, කුමන්ත්‍රණ කිරීමේත් මූලිකව කටයුතු කල යුෂ්මතා තව මොහොතකින් මෙහිදී වෙඩි තබා මැරිය යුතු යැයි අපි තීරණය කළෙමු. රාජ ද්‍රෝහියෙකුට ලැබිය යුතු නියම දඬුවම කුමක් දැයි අනෙකුත් යටත් වැසියන්ට දැන ගැනීමේ අවස්ථාවක් ලබා දීම පිණිස යුෂ්මතා ගේ මළ සිරුර මේ කුරුණෑගල නගරයට ඇතුළු වන නැගෙනහිර කඩවතේ ප්‍රසිද්ධ ස්ථානයක ගසක දින හතක් ගත වන තුරු එල්ලා තැබීමට අපි නියෝග කරමු
අත්සන් කලේ - යුද්ධාධිකරණ කමිටුවේ සභාපති ජේ.එම්. මැක්ඩොනල්ඩ්
යනුවෙන් මෙරට ජූරි සභාවකින් තොරව මරණීය දණ්ඩනය නියම කළ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් තීන්දු පත කියවා අවසාන වූ වහාම පෙලට සිට ගත් හමුදා භටයන් සිවුදෙනෙක් වෙත ලැබුණු නියෝගයකට අනුව ඔවුන් ගේ ගිනි අවි ඇතුගල කන්ද දෙදරවමින් එකවර දැල්වීමෙන් උපනුපන් සමස්ත ලාංකික ජනයාගේ නිදහස වෙනුවෙන් හිරු නොබසින අධිරාජ්‍ය ට එරෙහිව පෙරට පැමිණි අභිමානවත් ශ්‍රේෂ්ඨ නායකයානන් ගේ අවසානය ක්‍රි.ව. 1848.08.05 වන සෙනසුරාදා දින හිරු අවරට ගිය සැඳෑ සමයේ හතරවන පැයෙහි කුරුණෑගල ත්‍රිකුණාමලය වීදියේ සැතපුම්
1 1/4ක් පමණ දුරින් පිහිටි මුත්තෙට්ටුගල පිහිටි නුග ගසක් අසල දී සිදු වීමත් සමඟ සිංහලේ දෙවන නිදහස් අරගලය නිහඬ විය.
සටනට උර දුන් කුඩාපොල හිමි, පල්ලේකුඹුරේ බස්නායක, බූටාවත්තේ විදානේ ආදීන් අධිරාජ්‍යවාදී වෙඩි උණ්ඩයට ගොදුරු වූ අතර 1848.08.08 දින මහනුවර දී පුරන් අප්පු විරුවා ද වෙඩි උණ්ඩයට ගොදුරු විය. 1848.12.28 දින දිනිස් අප්පු මහනුවර දී සිරගත කල අතර අධිරාජ්‍යවාදීන්ට හිස නැමු ගොන්ගාලේගොඩ බණ්ඩා රජු 1849.01.01 දින මලක්කාවට පිටුවහල් කරන ලදි.
1848.08.05 දින ඩිංගිරාළ රජු ගේ දේපල ඉඩකඩම් රාජසන්තක කරන ලද අතර ඩිංගිරාළ රජු මරුමුවට පත් කළ ස්ථානය අද වීර පුරන් අප්පු මාවත ලෙස නම් කර තිබීම හාස්‍යජනක ය. එමෙන්ම ඩිංගිරාළ මරුමුවට පත් කළ ගැට්ටුවාන මහා විද්‍යාලයට අයත් භූමියක වූ වට අඩි30ක් පමණ වූ නුග ගස 1987-1988 වර්ෂ වලදි කපා දමන ලදි.එම වර්ෂ වලදී මාර්ගයට යට වූ සොහොන් (මීටර් 500 ක් දුරින්) වලෙහි වූ හඳුනාගත නොහැකි සිංහල අකුරු දෙකක සටහන් දක්නට ඇති සිහිවටන පලකය හඳුනාගත්තද
එමෙන්ම මෑත කාලයේ ප්‍රාදේශවාසීන් හා මෙහෙ කල කම්කරුවන් කැති පිහියා උලා අවියේ මුවහත උපකරණ ගැනීම ද කර ඇති එම සොහොන් පලකය මෑතකදී කුණු කාණුවේ දමා තිබියදී දේශහිතෛෂී ජනයාගේ දැනුවත් කිරීම නිසා එය වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය තුල තැම්පත් කරන ලද අතර එය විශේෂයෙන්වෙන් කර ගැනීම සඳහා සලකුණක් හෝ නොමැත.
එදා 1848 නිදහස් සටනේ දී ස්වකීය කීර්තිය පතුරවා මුත්තෙට්ටුගල සුසානයේ සදා නිද්‍රෝපගතව බිම්බරක් සිංහලයන් සිය සිරුර මතින් පැන යනු එනු සතුටින් ඉවසා සිටින හඟුරන්කෙත ඩිංගිරාළ රජු ට නැවත කිරුළු පැලැන්දීම අප සැමගේ යුතුකමකි, වගකීමකි....
( විස්තර හා ඡායාරූප දිවයින පුවත්පත හා බුවනෙක බණ්ඩාර මහතාගේ මුහුණු පොත ඇසුරෙනි )
(අද වන විට මේ ලිපියෙහි ඇති දිග වාක්‍ය කියවා තේරුම් ගන්නට අපේ සිංහලයින් බොහෝ දෙනෙකුට හැකියාවක් නැත. ඔවුන්ට මෙවනි ලිපියල වැදගත් කමකුත් නැත. ඒ බව සුද්දා තවමත් මේ රට හැර නොගිහින් ඇති බවට සාධකයකි.
අපේ මී හරක්ට සිංහලත් බෑ, ඉංගිරිසිත් බෑ. හොඳම උදාහරනය උත්තරීතර පාර්ලිමේන්තුව)
කතෘ නම සඳහන්ව නොතිබුණි.
_____________________
,
උපුටා ගැනීමක්
03/07/2025
ඇත්තක් ❤️❤️❤️❤️
සතියට සැරයක් අලුත් අප්ඩේට් එකක් ගහගත්තේ නැත්තන් නින්ද යන්නේ නෑ 😂
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
No. 08, Jayawaradana Mawatha
Colombo
00200