Trust the Timing

Trust the Timing

Share

Daily reminders for patience, growth, and inner peace.

27/12/2025

සමහර opportunities අපි ළඟට එන්නේ ප්‍රශ්න විදිහට.
ඉතින් ඔයාගේ ප්‍රශ්න දිහාත් ටිකක් පරිස්සමට බලන්න…😇

27/12/2025

පොහොසත් කෙනෙක් වෙන්න හදිස්සි වෙන්න එපා. ඒත් විනය පවත්වාගෙන යන කෙනෙක් වෙන්න හදිස්සි වෙන්න.
මොකද, මුදල් ගලාගෙන එන්නේ foundation එක ශක්තිමත් වුනාම. 🥰


25/12/2025

"අතීතය අතහරින්න පුළුවන් මොහොතේම,
හිතට සාමයත් හෙට ගැන විශ්වාසයත් උපදිනවා."

විශ්වාස නැත්තම් ආයෙමත් කියවලා බලන්න.. 🥰

ඔයාට සුබම සුබ නත්තලක් වේවා! ✨

#සුබනත්තලක්

19/12/2025

ඔයත් නිතරම ඔයාව පෙලන බයකින් හෝ ආතතියකින් පීඩා විඳිනවද? එහෙම නම්, මම මේ කියන්න යන දේ ඔයාට ගොඩක් වැදගත් වෙයි.
මුලින්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාට දැනෙන ඒ බය, ආතතිය, හිතේ බර — ඒ කිසිම දෙයක් ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒවා දිගු කාලයක් පුරාවට සිද්ධ වුණු අමිහිරි අත්දැකීම්, මුහුණ දුන්න මානසික පීඩාවන්, අසාර්ථක වීම් හෝ ඕනෑම ආකාරයක දිගු කාලීන ආතතියක් නිසා ඔයාගේ මොළය ඉගෙන ගත්ත පුරුදු රටාවක්.

මේ ගැන මම සරලව විස්තර කරන්නම්. ඔයාලා දන්නවා ඇති අපේ මොළයේ amygdala කියලා කොටසක් තියෙනවා. මේ කොටස හරියට මොළයේ "ආරක්ෂක පද්ධතිය" වගේ එකක්. එයා අවදානමක් තියෙනවද, බයක් තියෙනවද කියලා ඉක්මනින් හඳුනාගෙන, අපිව රැකගන්න ක්‍රියා කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් ප්‍රශ්නය තමයි, දිගින් දිගටම ආතතියට මුහුණ දුන්නාම, මේ amygdala කියන කොටස අධික ලෙස ක්‍රියා කරන්න පුරුදු වීම.
එතකොට මොකද වෙන්නේ දන්නවද, පොඩි ප්‍රශ්නයක් පවා අපිට ලොකු දෙයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය කතා බස්, සාමාන්‍ය තීරණ ගැනීම්, එදිනෙදා මුහුණ දෙන සාමාන්‍ය අභියෝග වගේ දේවල් අපේ මොළය "අවධානමක්" විදිහට ගන්න පටන් ගන්නවා. ඒ නිසා හිතේ බර ගතිය, බලාපොරොත්තු විරහිත බව, කම්පන සහගත බව, හදිසි බය වගේ දේවල් ඉබේම එන්න පටන් ගන්නවා.
ඉතින් මේක ඔයාගේ දුර්වලතාවයක් නෙවෙයි — මොකද මේක මොළයේ ස්වයංක්‍රීය ප්‍රතිචාරයක්.

කොහොම වුනත් Neuroscience වල විස්තර කරන්නේ, මේ තත්වය ස්ථිර දෙයක් නම් නෙවෙයි කියලා. මොකද අපේ මොළයට තියෙනවා neuroplasticity කියලා ලොකු හැකියාවක්. ඒ කියන්නේ අත්දැකීම් අනුව, පුහුණුව අනුව, මොළයට වෙනස් වෙන්න පුළුවන් හැකියාව. ඉතින් කලින් ඉගෙන ගත්ත බය රටාවන් වගේම, නැවත සන්සුන් වෙන්නත් අපේ මොළයට නැවත ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ තරම් ලේසී නැති වුනත්, උත්සහ කලොත් අමාරු වෙන්නෙත් නැහැ.

ඔයාට බය හිතෙන වෙලාවට, ඒ බය “මම” කියලා හඳුනාගන්න එක නතර කරලා, මේක "මොළය විසින් ලබා දෙන ප්‍රතිචාරයක්" කියලා දැකගන්න පුළුවන් වුණාම, ඒකේ බලය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා.
දිගින් දිගටම මේක පුහුණු කරද්දි, මොළය ඉගෙන ගන්නවා — හැම සිද්ධියක්ම හදිසි අවදානමක් නෙවෙයි කියලා. ඒත් එක්කම, බය හෝ පීඩනය ඉක්මනින් ඉහළ යන පුරුද්ද බාල වෙන්න පටන් ගන්නවා.
ඒ නිසා අද ඔයා ආතතියකින් හෝ බයකින් ඉන්නවා නම්, ඒක “මගේ ස්වභාවය” කියලා හිතලා අත්හැරලා දාන්න එපා. ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක්. නිසි කාලයත්, අවබෝධයත්, ක්‍රමවත් පුහුණුවත් එක්ක, ඔයාගේ මොළයත් ඔයාට සහය වෙන්න ඉගෙන ගන්නවා.

මේ නිවැරදි ලෙස මනස පුහුණු කිරීම හරිම පහසුවෙන් කරගන්න පුලුවන් ඉතාමත් සාර්ථක ක්‍රමයක් තමයි භාවනා කිරීම.
Neuroscience අධ්‍යයන අනුව, භාවනාව amygdala හි ක්‍රියාකාරිත්වය අඩු කරනවා. ඒ සමඟම, තීරණ ගන්න, හැඟීම් පාලනය කරන්න උදව් කරන මොළයේ ඉදිරි කොටස් (prefrontal cortex) ශක්තිමත් කරනවා.
ඉතින් තමාගේ සිතුවිලි වල හෝ Feelings වල Negative බවක් ඔයාට දැනෙනවා නම් සතිමත් බව පුහුණු කිරීම සහ භාවනාව කියන්නේ ඉක්මනටම එතනින් ගැලවෙන්න පුලුවන් මැජික් එකක්.

කලබල වුන හිතක්වත්, නිතර බය වෙන හිතක්වත් කියන්නේ — සදාකාලික දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් පුංචි පියවරවල් තියන්න ඔයා අද ඉඳන්ම පටන් ගත්තොත්, සුබවාදී වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා, වගේම ඔයාගේ මුලු ජීවිතේම ලස්සන වෙන්න ගනීවි.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo